Watch Trailer

Pirates of the Caribbean: On Stranger Tides (2011) with Sinhala Subtitles | තාරුණ්‍යයේ උල්පත වෙතට… [සිංහල උපසිරැසි සමඟ]

1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 🙁 2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට ඒක කරගන්න බැරිවෙලා නේ. මම පටන් ගද්දිත් පරක්කු වෙලා නිසා ඉතින් ගොඩක් පරක්කු වුනා 3) කොපිය ආපු ගමන්ම සබ් ඉක්මනට දෙන අයත් ඉන්නවනෙ. ඇයි ඔයාලට බැරි? ප්‍රධානම දේ වෙලාව හා වැදගත්ම දේ ඉතින් සමහරුන් වගේ අප…

1) අපෝ මේක දැන්ද දෙන්නෙ? ඔව්නේ සෑහෙන්න පරක්කු වුනා. 🙁

2) ඇයි වේලාසන නොදුන්නෙ? සබ් දාන්න බාරගත්තු සහෝ ට ඒක කරගන්න බැරිවෙලා නේ. මම පටන් ගද්දිත් පරක්කු වෙලා නිසා ඉතින් ගොඩක් පරක්කු වුනා

3) කොපිය ආපු ගමන්ම සබ් ඉක්මනට දෙන අයත් ඉන්නවනෙ. ඇයි ඔයාලට බැරි? ප්‍රධානම දේ වෙලාව හා වැදගත්ම දේ ඉතින් සමහරුන් වගේ අපි බාග වැඩ නොකිරීම.

4) බාග වැඩ කිව්වෙ? ඉක්මනට දෙන්න ඕනා නිසා ඔහේ ටිකක් කොටලා දෙන එක. සමහර ඒවල කතා කරන අදහස නෙවෙයි සබ් එකෙ තියෙන්නෙ. වෙන බයිලයක්. අදහස විකෘති කරලා දෙනවට වඩා හරි අදහස එක්ක කාලය ටිකක් අරගෙන දෙන එක හොඳ නැද්ද?

5) ඇයි වෙන සයිට් වල දීලා තියෙන ඒවටම සබ් දෙන්නෙ? සබ් බාරගත්තහම ලිස්ට් එකට දැම්මට බාරගන්න අයගෙන් ඒවා සම්පූර්ණ කරලා අපිට දෙන ඒවා තමා අපි ඔයාලට දෙන්නෙ. බාර ගන්න අයත් කාර්යබහුල නිසා දවසින් දෙකින් ඉවර කරලා දෙන්න අමාරුයි. ඉතින් ඒ අතර වෙන සයිට් එකක දුන්නා කියලා බාගයක් දාපු එක නවත්වන්න කියන එක හරි නැහැ නේද? සමහර ඒවා බයිස්කෝප් එකේ ඉස්සර වෙයි. සමහර ඒව අනික්වල ඉස්සර වෙයි. ඒ සයිට් වල අයත් අපේ ලිස්ට් එකේ සබ් බාර ගෙන තියෙනවා කියලා ඒවා ඒ සයිට් වල ඒක නොදී ඉඳිද? අනික මේක බයිස්කෝප් සිංහලෙන්. නෙට් එකේ තියෙන වෙන සයිට් එකක් සබ් දීපු පලියට අපි මේ සයිට් එකේ ඒ ෆිල්ම් එක් ගැන නොකිය ඉන්න බැහැ නේද?

6) සබ් පේනකොට අකුරු ලොකු/පොඩි වෙලා පේන අයත් ඉන්නවා. ඒ අයට උදව්වක් දෙන්න බැරිද? අපෝ පුලුවනි. බයිස්කෝප් උපසිරැසි උදව් පිටුවට අමතරව මගෙ උපසිරැසි වඩා හොඳින් බැලීම සඳහා ගැලපෙන උදව් පිටුවක් මෙතන තියෙනවා. ගිහින් බලන්න. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

98,859 downloadsDownload Pirates.Of_.The_.Caribbean.On_.Stranger.Tides2011.Sinhala.Sub_-1.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

98,859 downloadsDownload Subtitles87 KB

178 comments

  1. ns

    දැන් මාසෙකට විතර කලින් දුන්නනම් වටිනව...

  2. Djwathila

    Thanks Royle

  3. M.D.A Pradeep (අමිල මනනදේව)

    ස්තුතියි සහෝ මේක මම සබ් නැතුව බැලුවා.ඒත් ඔයාගේ සබ් එක නිසා ආයෙමත් බලනවා.
    ජය වේවා රොයිලි සහෝ

  4. kte

    නියමයි මචෝ ගොඩක් ස්තුතියි ...

  5. kte

    ගොඩක් මහන්සිවෙලා පිළිවෙලකට sub දෙන එක ගොඩක් වටිනවා මචෝ...
    මේ ප්‍රශ්න වලට උත්තර දෙන එකට වැඩ ඔයාල මහසිවෙලා මෙකරන වැඩේ ගොඩක් වටිනවා
    දිගටම කරගෙන යන්..බොහොම ස්තුතියි

  6. ලිට්ල් ජෝන්

    රොයිලි සහෝ බොහොම ස්තුතියි

  7. Saranga

    මේක බයිස්කෝප් 1න් දෙනකම් හිටියේ.අද නම බලන්න පුළුවන්.රොයිලිගේ සබ් ගැන අහන්න දෙයක් නෑනේ.ඒකමයි මෙච්චර දවසක් හිටියෙත්.ගොඩක් ස්තුතියි සහෝ....
    ජය වේවා...

  8. M.D.A Pradeep (අමිල මනනදේව)

    රොයිලි සහෝ ඔයා ලිපියේ කියලා තියන බාගෙට වැඩ කරන ලිස්ට් එකේ මගේ නමත් තියනවද??? :(

  9. හේමාල්

    kalinma bewa.sub dalama balannam.Thank you brother !!

  10. chamath

    ptatta saho onna math mka bann dmma mxa wadak

  11. laka007

    චික් මම ඊයෙනේ බෑලුවේ.....
    අවුලක් නෑහෑ නොබලපු උන් ඈති...
    thnX

  12. chamila

    baluwa but thanks

  13. hemantha samarakoon

    ෂා .. නියමයි රොයිලි මලේ ...
    මම මේකට හරි කැමතියි....
    මොනව වුනත් සබ් දාන එක අපි නම් අගය කරනව හැමදාම.

  14. දනුක බෙන්තරවිතාන

    රොයිලි සහෝ මේක නම් නියම වැඩක් , හැබැයි මේක දෙන්න පරක්කු උන එක ගැන ඔයාට මොකුත් කියන්න බෑ. මොකද ඕක මුලින්ම බාරගත්ත අය තමන්ට පුලුවන් වැඩක් කරන අය වෙන්න ඕනේ :P

  15. MihiCherub

    නිකන් දෙන අස්පයගේ කටේ දත් ගනින්නෙ නැතුව මේක බාගන්න. කලින් දුන්නත් පරක්කු වෙලා දුන්නත් නිකන්නෙ දෙන්නෙ. එහෙව් එකේ ඇයි බොලන්ලා කෑගහන්නේ...

  16. පිස්සු පුසා

    ස්තුති සහො මහන්සිය හා කැපකිරිම් වෙනුවෙන්..

  17. chathura sam

    නියමයි රොයිලි සහෝදරයා,,එකේ බලන්න නියම film එක,,,ගොඩාක් ස්තුතියි.

  18. Madushanka Gamage

    මේක මන් බැලුවා...සබ් බා ගන්නවා මගෙන් ෆිල්ම් අරන් යන අහල පහල ඇච්චො බැච්චො ටිකට...:P :P :D තැන්ක්ස් ප්‍රනාන්දු සහෝ.... :) :) @M.D.A Pradeep (අමිල මනනදේව) පිස්සුද අමිලයෝ උඹේ සබ් එල මචෝ... :)

  19. waruni

    මේක බැලුවා!! රොයිලි සහෝදරයා නිසා ආයෙත් බලනවා (දන්නවනේ ඉතින් රොයිලි සහෝගේ සබ ගැන)

  20. shiwantha

    thanx machan :D

  21. me

    Thanks

  22. indika

    godak asa film akak

  23. cc

    oyage sub pattay. danma me film 1 baagena balanna ona . thnkz macho

  24. Isuru

    kalin baluwane aith balanna try kranna one habai pirates of the caribben film set 1ke charter ma flm 1ka meka thama mama hitana widihata.....

  25. KD

    බොහොම ස්තුතියි..දැන්ම බානව.;

  26. hs

    man nam thama baluwe na. thnx .

  27. ගයාන්

    මේකට සබ් දැම්ම එක වරදක් කියන්නේ නෑ හරි නම් මෙකත් මේවා තමා ලඟදීම දෙන්න තියෙන්නේ ලිස්ට් එකේ පිලිවෙලට එන්න ඕන නේද?The Motorcycle Diaries (2004)
    Wrong Turn 4 (2011)එක කවද්ද දෙන්නේ මේවා දැන් කොච්චර කල් ඉදන් සබ් ලැබිලත් ලිස්ට් එකේ නේද?මෙහෙම උනාම වෙන සයිට් කලින් දාන එකේ පුදුමයක් නෑ නේ

  28. කේ. යූ. ජී. උදාර

    පහුගිය දවස් ටිකේදි මතුවුණු කාරණා කීපයකට මේ විදිහට හරි පිළිතුරු දුන්න එක හොඳයි. සිංහල සබ්වලටත් බොහොම ස්තූතියි රොයිලි.

  29. ලිට්ල් ජෝන්

    මෙතැනදී "අමිල මනදේව "ගැනත් වචනයක් කියන්න ඔන පට්ට ‍ෆිල්ම් නම් අමිල තමා. බයිස්කොප් එකට පට් පට් ගාලා සබ් දෙන්නේ වර්තමානයේ අමිල ඔබයි.ජයවේවා.

  30. ඉසුරු

    ෂික්..! තියන තදියමට මම මේක බැලුවනේ, කොහොම උනත් අයෙත් මේක බැලුවයි කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ... :D
    pirates of the caribbean 1, 2, 3, තරම් ගතියක් නැතත් මම වගේ "Johnny Depp" ගේ රසිකයන්ට නම් අල්ලල යයි.

    මම මේ ෆිල්ම් එකේ කැමතිම scene එක තමයි දියකිඳුරියෝ සෙට් එකක් කියන "my jolly sailor bold" කියන සින්දුව ;)
    net එකේ කොච්චර හෙව්වත් මට මේකෙ full quality version එකක් නම් හොයාගන්න බැරි උනා. කව්රු හරි යාළුවෙකුට හම්බඋනොත් link එක මේකේ කමෙන්ට් එකක් විදිහට දානවනම් ලොකු දෙයක් :) කැමතිනම් මට mail කරත් කමක්නෑ
    [email protected]

  31. සිංහල උපසිරසි රසිකයෙක්

    මෙතන වෙන සයිට් වල උපසිරසි අඩු තක්සේරුවකට දාලා කතා කරලා තියෙන නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ.

    එක බටහිර චිත්‍රපටයක් සඳහා හින්දි හෝ දමිල උපසිරසියක් හෙවුවොත් එකට අදාළ උපසිරසි බර ගානක් ....... විශේෂයෙන් ටිකක් ජනප්‍රිය චිත්‍රපටයක් නම් අපිට එකිනෙකට වෙනස් පුද්ගලයින් එකම භාෂාවකින් කරපු උපසිරසි ෆයිල්

    20ක් 30ක් හම්බෙනවා. ඒ එම භාෂා පාවිච්චි කරන පුද්ගලයින් ගණන වැඩි නිසා.

    නමුත් මිට අවුරුදු තුනකට හතරකට ඉස්සෙල්ල, අපිට කැමති චිත්‍රපටයකට අදාළ සිංහල උපසිරසියක් සොයාගන්න තිබුනේ නෑ. නමුත් නොමිලේ පවත්වාගෙන යන බයිස්කෝප් අඩවියෙන් තමයි මේ සිංහල උපසිරසි වැඩේ පටන් ගත්තේ.

    රොයිලි තමයි එහි පුරෝගාමියා. ඊට අමතරව වාසල, රොකියා වගේ අයත් ඔය මුල් පිරිසේ පුරෝගාමියෝ විදියට හිටියා. එතනින් පස්සේ මේ උපසිරසි දැමිල්ල තරඟයක බවට පත වුනා. එක එක සයිට් එක එක නම් වලින් ආවා. ඇවිල්ල

    සිංහල උපසිරසියක් දීලා මාසයක් නැත්නම් දෙකක් තියලා දැන් ඒ සයිට් වල ඩොමේන් එකක් වත් හොයාගන්න නෑ.

    නමුත් අද තත්වය වෙනස් හුඟක් සයිට් හුඟක් අගයකරන්න ඕනේ විදියට සිංහල උපසිරසි කරමින් හොඳ සේවයක් ලබා දෙනවා. මම මෙතන සේවයක් කියල කියුවේ මම දැනුවත්ව මේ හැම වෙබ් අඩවියක්ම උපසිටසි ලබා දෙන්නේ නොමිලේ. ඒක ඇත්තටම අගයකල යුතු දෙයක්. දැන් අපිටත් අර හින්දි හෝ දමිල උපසිරසියක් හොයනකොට උපසිරසි ෆයිල් දහයක පහලවක් හොයා ගන්න පුළුවන් වගේ... අපිටත් සමහර චිත්‍රපට සඳහා සිංහල උපසිරසි ෆයිල් දෙකක් තුනක් විවිද පුද්ගලයින් විසින් කරපුව හොයා ගන්න පුළුවන්. ඒ නිසා එකම භාෂාවක් වෙනුවෙන් අපි එකා එකා කපා ගන්න ඕනේ නෑ/ මෙතන තරඟයකුත් නෑ.

    අනිත් කාරණය තමය වෙනත් සයිට් වල උපසිරසි වල තියනවයි කියන අඩුපාඩු සහ බාගෙට උපසිරසි දාල තියෙනවයි කියන ඒක. එයට මම එකඟ නැහැ. උදාහරණයක්‌ විදියට මම වෙනත් වෙබ් අඩවියකින් පෙරේදා Conan the Barbarian (2011) සහ Rise of the Planet of the Apes (2011) යන චිත්‍රපට වලට අදාල සිංහල උපසිරසි සමඟ බැලුවා. ඇත්තටම එම උපසිරසි ඉතා හොඳ මට්ටමක තියෙනවා. අඩුපාඩු කියන ඒක හැම පුද්ගලයෙක් තුලම තියෙනවා. මොකද මේවා පරිවර්ථනය කරන්නේ භාෂා උපදිධාරි වරුන් විසින් නෙමෙයි නේ.

    අවසාන වතාවට කියන්න ඕනේ' .... සිංහල උපසිරසියක කරනවා කියන්නේ කාලය වැයවෙන දෙයක් සහ කැපවීමක් අවශ්‍ය වන දෙයක්. එය මොන සයිට් එකේද තියෙන්නේ කියන ඒක නෙමෙයි ප්‍රශ්නේ....... මොන සයිට් වල තිබුනත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු හරිගස්සලා දීලා තව දිරිගන්විමකුයි ඔවුන්ට අවශ්‍ය. එය අපේ මවු භාෂාව ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තබාගැනීමට උපකාරී වෙනවා.
    -ස්තුතියි

    1. රොයිලි

      බොහොමත්ම ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට.

      @සිංහල උපසිරැසි රසිකයෙක්,

      සහෝ මෙහෙමයි. ඔයා මේ ලිපිය විතරක් අරගෙන කතා කරලා වැඩක් නැහැ. මම ඔහොම කිව්වෙ පහුගිය දවස් වල බයිස්කෝප් අඩවියේ දැකපු කමෙන්ට් වලටත් අදාලවයි.

      එක බටහිර චිත්‍රපටයක් සඳහා හින්දි හෝ දමිල උපසිරසියක් හෙවුවොත් එකට අදාළ උපසිරසි බර ගානක් ……. විශේෂයෙන් ටිකක් ජනප්‍රිය චිත්‍රපටයක් නම් අපිට එකිනෙකට වෙනස් පුද්ගලයින් එකම භාෂාවකින් කරපු උපසිරසි ෆයිල් 20ක් 30ක් හම්බෙනවා. ඒ එම භාෂා පාවිච්චි කරන පුද්ගලයින් ගණන වැඩි නිසා.

      ඇත්ත. ඕකම තමා වෙන විදියකට මටත් කියන්න ඕනා වුනේ. පහුගිය දවස් වල කට්ටිය කියනවා වෙන සයිට් වල දීපු සබ් මේකෙ දෙන්න එපාලු. මම කියන්නෙ සබ් හදන්න බාරගත්තෙ කලින් නම් බාගෙට හදාගෙන යද්දි වෙන අඩවියක ඒක දුන්නනම් අපිට කියන්න බැහැනෙ දැන් නවත්වන්න කියලා. සබ් දාන කෙනාගෙ විවේක කාලය අනුව තමා ඒක අවසානය දකින්න ලැබෙන්නෙ. අපෝ අපි ඕක බාගෙන බැලුවනෙ අපරාදෙනෙ කියලා කියනකොට සබ් දාන කෙනාට මොනාද හිතෙන්නෙ?

      ඒ නිසා එකම භාෂාවක් වෙනුවෙන් අපි එකා එකා කපා ගන්න ඕනේ නෑ/ මෙතන තරඟයකුත් නෑ.

      ඇත්ත කිසිම තරඟයක් ඇති වෙන්න ඕනත් නෑ. වෙනත් අඩවියක, ෆිල්ම් එකකට සබ් එකක් දුන්න පලියට අපේ එකේ ඒ ෆිල්ම් එකට සබ් එකක් නොදී ඉන්නේ නෑ.(වෙනත් අඩවියක දුන්න සබ් එකම නම් අපි දෙන්නේ නෑ). මොකද අපි බයිස්කෝප් සිංහලෙන් අඩවිය කරගෙන යන්නෙ අනික් අයට තරඟයක් දෙන්නවත් ඒ දිහා බලාගෙනවත් නෙවෙයි. අපි අපේ ගමන යනවා. ඒත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි එකම IP එකෙන් වෙන වෙන නම් වලින් ඇවිල්ලා ඒ සයිට් ස්පෑම් කරන්න ගන්න එකට මම විරුද්ධයි. මොකද අපි එහෙම ඒ සයිට් වල නොකරන නිසා.

      අනිත් කාරණය තමය වෙනත් සයිට් වල උපසිරසි වල තියනවයි කියන අඩුපාඩු සහ බාගෙට උපසිරසි දාල තියෙනවයි කියන ඒක. එයට මම එකඟ නැහැ

      මම කොහෙවත් කියලා නෑ බයිස්කෝප් එකෙන් දෙන සබ් විතරයි උසස් අනික්වා ඔක්කොම බාග වැඩ කියලා. ඔක්කොම නෙවෙයි නමුත් වැඩිහරියක් එහෙමයි කියලා මම බය නැතිව කියනවා. බයිස්කෝප් එකේ සබ් වලත් අඩුපාඩු නැත්තෙම නෑ කියලා මම කියන්නෙත් නෑ. ඒත් මගේ පෞද්ගලික අදහස වෙන්නෙ අනික් අයට කලින් දෙන්න ඕනා නිසා සමහර කොටස් අඩුවෙන් හා වැරදි විදියට අනුවර්තනය කරනවට වඩා හොඳ රසවින්දනයක් සඳහා උපසිරැසියට සාධාරණයක් ඉෂ්ඨ වෙන ආකාරයෙන් වැඩේ හරියට වෙන්න ඕනා කියන එකයි.

      හොඳම උදාහරණය තමයි දැන් මේ ෆිල්ම් එකේ සබ් එක වෙන සයිට් එකක දුන්නා කිව්වනේ... නමුත් ඊ‍යේ අපි සබ් එක දීලා අද මේ වෙනකොටත් සබ් එක 500කට ආසන්න ප්‍රමාණයක් බාගෙන තියනවා.. ටොරන්ට් එකත් එහෙමයි... ඉතින් ඒකෙන් ගම්‍ය වෙන්නේ හැමෝම බලලා නෑ කියන එක නේද?

      සිංහල උපසිරසියක් කරනවා කියන්නේ කාලය වැයවෙන දෙයක් සහ කැපවීමක් අවශ්‍ය වන දෙයක්. එය මොන සයිට් එකේද තියෙන්නේ කියන ඒක නෙමෙයි ප්‍රශ්නේ……. මොන සයිට් වල තිබුනත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු හරිගස්සලා දීලා තව දිරිගන්විමකුයි ඔවුන්ට අවශ්‍ය. එය අපේ මවු භාෂාව ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තබාගැනීමට උපකාරී වෙනවා.

      ස්පෑම් කිරීම දිරිගැන්වීමට කිසිම සහයෝගයක් දක්වන්නෙ නෑ නේද සහෝ.

  32. Praසන්ன

    තෑන්ක්ස්.

  33. dinnu

    sub denakam balan hitiye.jayawewa.

  34. isankadilshan

    බොහොම ස්තුතියි..දැන්ම බානව.;

  35. theekshana

    ච චා කලින් බැලුවනේ. ඒ උනාට රොයිලි අයියගෙ සබ් දැක්කම නොබලත් බෑ.අනිවා ඩෙෆා ආයෙත් මම මේක බලන්වා.ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ අපි වෙනුවෙන් කාලෙ කැප කරන එකට තැන්කූ.............තැන්කූ..........

  36. N.Warnajith

    Well doen. Thanks for Sinlaha Sub. Keep it going

  37. අබා

    ආයෙත් බලනවා රොයිලි සහෝ ගෙ සබ් එක්ක...නොබලා කොහොමෙයි රොයිලිගෙ සබ්...බොහෝම ස්තුතියි...

  38. praveen

    ela ela

  39. navo

    tnx tnx bro!

  40. Chanuka

    Thx Bro..!!

  41. රාම් රාජ්

    කොහේවත් යන්නේ නෑ.මේකෙන් සබ් දෙනකන් බලන්නෙත් නෑ.රොයිලියාට ජයවේවා.

  42. sanju

    @සිංහල උපසිරසි රසිකයෙක්

    ඔව් මම ඔය කියන දෙයට එකගයි

  43. susantha

    thnx..... :cool:

  44. Oneshot

    වෙච්ච මහන්සිය අපි ඇත්තටම අගය කරනවා. ඒත් එකම ෆිල්ම් එකට දෙපාරක් සබ් දාන එක නිකන් කාලය නාස්ති කිරීමක්. මේ වෙනකොට ගොඩක් අය මේක සිංහල සබ් එක්ක බලලා ඉවරයි. එහෙම එකේ සිංහල සබ් නැති ෆිල්ම් එකකට ඔය මහන්සි වෙච්ච වෙලාවේ සබ් දැම්මනම් ඊට වඩා වටිනවා.

  45. Suneth

    Thanx friend.

  46. Vidura Imesh

    thankz saho!!!

  47. Prasad

    Onna down wenna damma. Balala kiyannam kohomada kiyala :)

  48. ගයාන්

    @ සිංහල උපසිරසි රසිකයෙක්
    උබේ කතාව නම් සහතික ඇත්ත මචෝ

  49. Air Bender

    ela ela,,,,,kamak nee ban,,,,apahu balanwaa,,,,,sinhala sub dunna eka gena godak agaya karanwa,,,,Thaaaankzzzzzzzz :)

  50. M.D.A Pradeep (අමිල මනනදේව)

    කථාවනම් සහතික ඇත්ත රොයිලි සහෝ.

Load more comments