හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන…

හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන විශ්වාසයෙන් තමා බාගත කරන්නේ දෙපාරක් හිතන්නේ නැතුව. මම වුනත් එහෙමයි. බයිස්කෝප් අඩවියෙන් සබ් දෙනකල්ම බලාගෙන ඉන්න සහෝදරයෝ පිරිසක් ඉන්නවා.ඉතින් සබ් එක වෙන අඩවියක දුන්නත් නැතත් අපි යමක් කරන්න බාර ගත්ත නම් ඒක පුළුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරලා දෙන එක යුතුකමක් කියලයි මම හිතන්නේ. මම මේක කිව්වේ මම දැක්ක කමෙන්ඩ් කීපයක් නිසා.
මම අපේ උපසිරසි දාන්න බාර අරන් ඉන්න අපේ සහෝදරයින්ට පොඩි දෙයක් කිව්වොත් අමනාප වෙන එකක් නෑයි කියලා හිතෙනවා.ඒක තමයි අළුත් චිත්‍රපටි වලට උපසිරසි දාන්න බාර ගත්තාම ඒක ටිකක් ඉක්මනට දෙන්න බලන්න.මොකද හැම බයිස්කෝප් සහෝදරයෙක්ම ලිස්ට් එක බලලා සබ් බාර අරන් තියන ඒවා වෙනුවෙන් බලාගෙන ඉන්න නිසා. මමත් එහෙම බලාගෙන ඉන්නවා.:)
හොඳයි චිත්‍රපටිය ගැන කියනව නම් 2011 අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ. Rupert Wyatt ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ ඇගයීම් 7.8 වගේ ඉහළ සංඛ්‍යාවක් දිනාගෙන තියනවා. James Franco, Andy Serkis සහ Freida Pinto ඇතුළු නළු නිළියෝ පිරිසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් විල් කියන්නේ ජෛව රසායන විද්‍යාඥයෙක්.එයා වැඩ කරන්නේ නව ඖෂද නිපදවන පරීක්ෂනාගාරයක.ඉතින් මේ විද්‍යාඥයා මානව ඇල්ෂයිමර් කියන අමතක වීමේ රෝගයකට බේතක් හොයා ගන්න චිම්පන්සි යොදාගෙන පරීක්ෂන කරනවා.ඒත් ඒ පරීක්ෂනයට බදුන් වන චිම්පන්සි ධේනුව ගැබිනියක් බව මේ විද්‍යාඥයා දන්නේ නෑ.කළහාකාරී හැසිරීම නිසා මේ චිම්පන්සි ධේනුව පරීක්ෂනාගාරයේ ආරක්ෂක නිළධාරීන් විසින් මරා දමනවා. ඉතින් ඒ වනවිටත් ඉපදිලා ඉන්න මේ චිම්පන්සි ධේනුවගේ පැටියා අර ජෛව රසායන විද්‍යාඥයා විසින් හදා ගන්නවා.ඒ පැටියගේ නම තමයි සීසර්.ඉතින් මේ සීසර් මානව බුද්ධි වර්ධන ලක්ෂන පෙන්වන්නේ ඇයි?එයා විද්‍යාඥයා එක්ක ඉතාම සමීප සබදතාවයක් දක්වන්නේ ඇයි?මේ වානරයා නගරයක් ආක්‍රමණය කරන්න තරම් බුද්ධිමතෙක්ද?මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
ඉතින් මම ඔයාලා වෙනුවෙන් කැප කරපු කාළය වෙනුවෙන් ඔයාලගේ කාළයෙන් විනාඩියක් දෙකක් කැප කරලා ඔයාලගේ කමෙන්ට් එක දාගෙන යන්න අමතක කරන්න එපා.ඒ කමෙන්ට් එක තමයි තවත් චිත්‍රපටියකට උපසිරසි දාන්න මට ශක්තියක් වෙන්නේ.
එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් නැවත හමු වෙමු.
ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Subtitles by
අමිල මනනදේව
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
189 comments
Djwathila
Djwathila
තෑන්ක්ස් මචං මම මෙච්චර දවස් නොබල හිටියෙ
ඔයා සබ් දානව කියපු නිසාKD
මීට කලින් බලල තියන්නව. හොඳ ෆිල්ම් එකක්.
කේ. යූ. ජී. උදාර
සිංහල සබ්වලට තෑන්ක්ස් මචෝ. 390mb කොපියක් දුන්න එකත් ලොකු දෙයක්.
අබා
නියමයි මචෝ...කොච්චර වෙන site තිබුනත් baiscope තමයි best.....ජයවෙවා අමිල...ස්තුතියි ඔයාට....
රමේෂ් නානයක්කාර
චිත්‍රපටිය සිංහල එක්ක නැරඹුවා..ඔබේ මහන්සිය වෙනත් චිත්‍රපටයකට යෙදුවා නම්........කමක් නෑ කැමැත්තනේ
Nimal
thanks bro.....
DEGA
390 MB copya nam patta...baiscope site eken film ekak banna 2parak hithanna ona na kauru monawa kiuwath apitanam number 1 baiscope thama....! Wena site 1000k awath sinhala sub dena api(mama) hamadama baiscope site eka ekka innawa...!
Chanaka
මමත් බල බල හිටියේ කවදා මේක හම්බුවෙයිද කියලයි, ස්තුතියි මචං
විකියා
මේක මම බලපු මැක්සා බයිස්කෝප් එකක්. කට්ටියම බලන්න…අනිවා….
බොහොමත්ම ඉස්තූතියි සහෝ….:)
~ජයෙන් ජය~!
sanju
thanx brother
hs
ela
Madushanka Gamage
thankuu wewa machooo...sinhala kotanna kammaliy ada.. :D :P
mohan
thanks,,,,,,,,,,,
mohan
thanks,,,,,,,,,,
Praneeth
ආසාවෙන් හිටියේ මේක බලන්න, අලුත් චිත්‍රපටි වලට ඉක්මනට සිංහල සබ් දාලා දුන්නට ගොඩක් ස්තුතියි!
Anonymous
මම මේක බලන්නේ නැතුව හිටියේ subtitels දානකම් ...අද බලන්න පුළුවන්...tnx bro....
mark
මම මේක බලන්නේ නැතුව හිටියේ subtitels දානකම් …අද බලන්න පුළුවන්…tnx bro
ලිට්ල් ජෝන්
අමි..ස්තුතියි ඔයාට ජයවෙවා!!!!
sura
sub walata thanks machan
AL1717
Ela Ela Amila Aiyaa onna Sinhala Sub Mamath Gannawa
Film Eka Kalin Dl KaraThanks Wewaa
Jaya WEWaaa
Sha
Ela ela sahodaraya meka denakan tama balagena hitiyae ;)
Thankzzzzzzzzz film 1ta n Sinhala sub 1ta :)
balala ewara wela comment 1k dannam. onna danawa down wenna :)
Jayawewaaaaaaaaaaaaaaaaa :D
Djwathila
මම දැක්ක ඕකට සිංහල සබ්දාල වීඩියෝ සෙන්ටර්වල තියෙනව වැස්සකටවත් ස්කෝලෙ ගිය එවුන් නෙමේ ඒවට සබ් දාන්නෙ...
ඒවගෙ තියෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ සබ් තමා...
සිංහල සබ්නම් ඉතිං බයිස්කෝප් තමා.
Praසන්ன
ජයවේවා...
Saranga
අද නම් මේක බලන්න පුලුවන්.වෙන මොන සයිට් තිබුනත් අපි බයිස්කෝප් 1න් දෙන සබ් 1 ගන්න බලන් ඉන්න අය.අමිල සහෝට ගොඩක් පිං මේ කරන වැඩෙට..
ආහ්.. ඔයා Tin Tin ෆිල්ම් 1 බාර ගත්තු 1 නම් නියමයි සහෝ.ගොඩක් ස්තූතියි...cc
elakiriiiiiiiiiiiiii mama baaaaaaanawaooooooooo
ගිශාන්
කියලා වැඩක් නෑ.බයිස්කෝප් සිංහලෙන් නම් එලම තමා.
lah
maika patta film1a mama nam kalinma baagena baluwa.... thanks
madushka d
patta movie eka...
Niranjan
Maru maru onna mamath banawa
Thanks a lot......mudiya
නියමයි නියමයි.මං මේක බාන්ඩත් හදල සිංහල එක්ක බලන්ඩ හිටියා.වෙඩි වගේ සිංහල සබ් දෙනවට අමිල මනනදේව සහෝට පිං ලැබෙන්ඩ ඕනි.390 කොපිය දුන්න 1ට තව පිං වැඩි වෙන්ඩ ඕනි.බොහෝ...............ම ස්තූතියි!!!
Suneth
Ela machan, thanks a lot.
salinda
අපිට ඉතින් බා ගන්න වෙන්නෙ සබ් file එක විතරයි.මොකද අපි Dialog අයනෙ.සබ් files download කරගෙන.හොද copy යක් හම්බෙනකල් බලන් ඉන්නවා....කවද හරි හම්බෙයි නෙ...කොහොම උනත් අමිල සහෝදරයාට ස්තූතිය.and number 1 biscopelk..ටත්...
Anonymous
thank
Anonymous
එල එල
Nishantha
ස්තූතියි යාළුවා. විශේෂයෙන්ම සිංහල සබ් වලට.
ashen malinda
මමත් ආසම නලුවෙක් තමා james Franco කියන්නෙ, ඒ වගෙම මොහු New York University එකෙ ලෙක්චර් කෙනෙක්. අව්, 33ක් උනාට නියම පොරක්, 127 hours ෆිල්ම් එකෙ රංගනයට බොහොම කැප වෙලා තියෙනවා,
අමිල සහො ඉක්මනට සබ් දෙන නිසා ඉල්ලන්නෙ, ලියනාඩො ඩිකැප්‍රියො ගෙ අලුත්ම ෆිල්ම් එක j edgar එකට සබ් දාන්න පුලුවන්ද?
FBI එකෙ නිර්මාතෘ තමයි, j edgar Hoover කියන්නෙ , ඔහුගෙ ජිවිත කතාව ගැන තමා තියෙන්නෙ. මෙහි අධයක්ශනයත් සුපිරි ඩයල් එකක්, Clint Eastwood,රත්නේ
සිංහල සබ් දමන දෑත්වලට දෙවි පිහිටයි!!!!!!!!!!!
shiwantha
thanx machan.
meka enakan balagena hitiye :Dhalapaya
Thanks machoo, elama film 1k Maxxxxxxxxxa :)
Sampath & Ishi from uk
this film is super one.watch every one.maxxxxa
Theeka
jaya wewa... ela kiri wadak machann
සහන් කුමාර
අමිල අයියේ,සිංහල සබ් වලට බොහොම ස්තුතියි.කව්රුත් බාර ගන්න කලින් ඔයා Tin Tin(2011) Film එක බාර ගන්න.එකේ හොද BrRip එකකට සබ් දාලා දෙන්න.Size එක ටිකක් වැඩි උනත් කමක් නෑ (කොහොමත් ඔයා size එක අඩු film එකකුත් දෙනවනේ).තව තවත් සබ් හදන්න සුබ පතනවා. :-D
සිංහල උපසිරැසි සමඟ]
සහන් කුමාර
මගේ comment එකේ යටින් "සිංහල උපසිරැසි සමඟ]" කියලා වැටිලා.SORRY! හොදේ...
chamila
meka sub akka baluwa.... but thanks....
praveen
කියලා වැඩක් නෑ.සිංහල සබ් වලට ස්තූතියි යාළුවා.
Anonymous
ජය වේවා!!!
NARMI
THANK YOU SOOOOOOOOOOOOO MUCH
M.D.A Pradeep (අමිල මනනදේව)
@ හැම සහෝදරයෙක්ටම
ගොඩාක් ස්තුතියි ඔයාලගේ කමෙන්ඩ් වලට.ලගදීම එන්න තියනවා.ඒකත් බලන්නM.D.A Pradeep (අමිල මනනදේව)
එන්න තියෙන්නේ Wrong Turn 4
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හේ හේ මම 1