Watch Trailer

The Motorcycle Diaries (2004) with Sinhala Subtitles | මිනිසුන් වෙතින් ජීවය ලද අසාමාන්‍ය මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයේ විප්ලවයන් කීයක්නම් සිදුවෙලා ඇත්ද? රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, චීන විප්ලවය, ක්‍යූබානු විප්ලවය. ඔය වැනි විප්ලවයන් මහා තොගයක් සිදු වෙලා තියෙනවා. මේ හැම විප්ලවයකටම පාදක වුණේ පාලක පන්තිය රජ සැප විඳිමින්; සිය අනුගාමික තක්කඩීන්ටත්, බලපුළුවන්කාර සගයින්ටත් අනුග්‍රහ දක්වමින්, වැඩකරන මිනිසුන් ප…

මේ ලෝකයේ විප්ලවයන් කීයක්නම් සිදුවෙලා ඇත්ද? රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, චීන විප්ලවය, ක්‍යූබානු විප්ලවය. ඔය වැනි විප්ලවයන් මහා තොගයක් සිදු වෙලා තියෙනවා. මේ හැම විප්ලවයකටම පාදක වුණේ පාලක පන්තිය රජ සැප විඳිමින්; සිය අනුගාමික තක්කඩීන්ටත්, බලපුළුවන්කාර සගයින්ටත් අනුග්‍රහ දක්වමින්, වැඩකරන මිනිසුන් පීඩිතයන් බවට පත් කිරීමයි. එනම් කම්කරුවන්, ගොවීන්, සුළු මිනිසුන් මර්දනයට ලක් කරමින්, ඔවුනගේ ශ්‍රම සම්පත සූරාකමින්, ඔවුන් පීඩාවට පත්කිරීමයි. කෙමෙන් කෙමෙන් ඔවුන් සංවිධාන ගතවුණා, අනතුරුව වැඩවර්ජන, උද්ඝෝෂණ, පෙළපාළි, විරෝධතා සිදුකරමින් තම ඉල්ලීම් දිනා ගැනීමට වැර දැරුවා. එයිනුත් පළක් නොවූ තැන ආයුධ සහිතව කෙරෙන අරගලයක් තුළින් තමන් මෙතෙක් කලක් ඉල්ලිම් ඔස්සේ සාමකාමීව දිනා ගන්නට තැත් කළ අයිතීන් සහ සාධාරණය දිනාගැනීමට ඔවුන් පෙළඹුණා. මේ සියළු නැගිටීම්, අවදිවීම් සහ පෙළඹවීම් හැමෙකක්ම මතුවුණේ, සිදුවුණේ ඔවුන් වෙතින්ම ආරම්භව විකශනය වූ ක්‍රමානුකූල ගමන් මගක කූඨප්‍රාප්තිය වශයෙන්. තමනට ඉතා සුවදායී සුඛිත ජීවිතයක් ගත කරන්නට ඉඩ-කඩ තිබියදී ඒ සියල්ල කැප-කරමින් ස්ව-කැමැත්තෙන් මේ අරගලයන්ටත් විප්ලවයන්ටත් දායකවූ අයත් නොසිටියාම නොවෙයි.

නමුත් සිය දිවියම පීඩිතයන් වෙනුවෙන් කැපකරමින්, දුක්ඛිතයන් වෙනුවෙන් තම පණ පිදූ විරුවන් සිටින්නේ අතලොස්සක් පමණයි. ඒ දෑතින් ගැණිය හැකි තරම් වූ සුළු පිරිස අතුරින් පෙරමුණ ‍රැ‍ඳෙන නමක් තමා “චේ ගුවේරා”. චේ තමන්ට ගත කළ හැකිව තිබූ සුව-පහසු දිවිය පමණක් නොවෙයි, තම ප්‍රාණයත් මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් පූජා කළා. ඔහුගේ පරම අපේක්ෂාව වුණේ ‘ඇති හැකි එකා නැති බැරි එකා තලමින් සැප විඳින’ මේ අසාධාරණ සමාජ ක්‍රමය උඩු-යටිකුරු කර සියල්ලන්ටම සම තැන් හිමි වන සමාජයක් නිර්මාණය කරලීම. ඒ සඳහා ඔහුට මෙතරම්නම් උද්යෝගයක්, උද්වේගයක්, පෙළඹවීමක් ලැබුණේ කොහොමද?

චේ ගුවේරාට වයස 24ට ආසන්න වෙමින් පවතිද්දී ඔහු සිටියේ තම වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපනය හදාරමින්. සංචාරයට ඔහු තුළ වූ ආශාව නිසාම එක් මිතුරෙකු සමග ඇමරිකාව පුරා කෙරෙන ගමනකට ඔහු එළඹෙන්නේ මේ අතරේදීයි. එහිදී ඔහු ඇමරිකානු මහද්වීපය පුරා පිහිටි රටවල් බොහොමයක සංචාරය කරන්නේ තම මව් රට වූ ආජන්ටිනාවෙන් ගමන ආරම්භ කරමින්. මේ යන ගමනේදී ඔහු විවිධ අත්දැකීම් රාශියක් ලබනවා. අසාධාරණයන්ට ලක් වූ අහිංසකයන් ‍රැසක් හමුවෙනවා. ඒ ඔස්සේ මනුසත්කමින් උපන් හදකකියවන වේදනාව ඔහුව මෙහෙයවන්නේ විප්ලවීය අදහස් කරායි.

ඔහු තම සංචාරයේ අත්දැකීම් “The Motorcycle Diaries” නමින් පොතකට නැගුවා. පසුකාලීනව (2004 වසරේදී) මෙය සිනමාසිත්තමකට නැගුණා. මේ සිංහල උපසි‍රැසි සමගින් ඔබ වෙත ගෙන එන්නේ ඒ සිනමාපටයයි. චේ ගුවේරා නම් ශ්‍රේෂ්ඨ චරිතයේ; විප්ලවීය නායකත්වයට පෙර අවධිය; එනම් ඒ නායකත්වය සඳහා ඔහු සූදානම් කෙරුණ, ඊට අවශ්‍ය පන්නරය ලබාපු අවධිය මේ කතාව තුළ දිගහැරෙනවා. මේ කතාව සංයමයෙන් යුතුව නරඹා ඉන් අනතුරුව: ඔබ මෙහි අවසානයේ නගන ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස ඉල්ලීමක් කිරීමට කැමතියි.

එලෙසින්ම මා මේ ගැන මෙසේ කියන්නම් “මා නැරඹූ සිනමාපට අතුරෙන් ආරම්භයේදී හාස්‍යයත් අවසානයේදී කම්පනයකුත්, වේදනාවකුත්, ප්‍රශ්නාර්ථයකුත් මා සිත තුළ ජනිත කරවන්නට සමත් වූ එකම සිනමා පටය මෙය පමණයි!”. අවසාන වශයෙන් මෙහි අඩංගුවෙන එක්තරා දර්ශනයක් (මා මේ වනවිට මෙය දස වරකට වැඩි වාර ගණනක් නරඹා තිබුණමුත්) මගේ දෑස් තෙත් වන්නේ නොමැතිව බලන්නට මට නොහැකිවුණා. චේ-ගේ මහා මානවගුණය විදහා දක්වන්නට ඒ දර්ශනය පමණක් වුවත් ප්‍රමාණවත්.
මේ මහා මානව හිතවාදියාගේ ශ්‍රේෂ්ඨ ජීවිතයෙන් බිඳක් විඳගනිමින් ඔහු පැතූ ලොව ගොඩනංවන්නටත් එක්වන්නැයි මා ආයාචනය කරනවා.

චේ…ඔබට සදා ජය!!!

ප.ලි.-

මේ කතාවට සිංහල යොදද්දී මා අරමුණු කළ කාරණා කිහිපයක් තිබෙනවා:

  • මෙය සැබෑ චරිතයක් ගැන කියැවෙන කතාවක් වීම නිසා ඊට නිසි සාධාරණයක් ඉ‍ටු කිරීමට විශේෂ වෙහෙසක් දරන්න සිදුවුණා.
  • අසැබි වදන් භාවිතය ඉතා ඉහළ නිසා අසැබි බවින් අවම වදන් යොදාගන්නට සිදුවුණා. (එහිදී සහය පළ කළ සගයින්ට තුති)
  • බස එලෙස හසුරුවමින් නිසි අදහස මතු කිරීමටත් සිදුවුණා.
  • මෙවන් චරිත කතාවන්, අද අප රට තුළ ප්‍රමුඛ මාතෘකාවන් බවට පත්ව ඇති නායකත්ව සංවර්ධනය, ජාතික නායකත්වය වැනි තත්ත්වයන්හිදී ඉතා සියුම් ලෙස භාවිතයට ගත හැකි බව මා විශ්වාස කරනවා. මෙවන් චරිතවලින් තම තමන්ගේ ජීවිතයට වටනා යමක් එක් කර ගැනීමට දැයේ මතු පරපුරට හැකියාවක් හෝ ඉඩක් හෝ පෙළඹවීමක්, මේ රටේ වත්මන් මාධ්‍ය සංස්කෘතිය තුළ දක්නට ලැබෙන්නේ නෑ. එමනිසා ඔවුනගේ පෞරුෂ සංවර්ධනයේදී වැදගත් විය හැකි මෙවන් චරිත වටා ගෙතුණු කතා ‍රැගත් සිනමාවන් මෙලෙස සිංහලත් සමග මට හැකි අයුරින් ලබා දීමට මා තීරණය කළා.

ඒ නිසා ඔබෙන් මෙවන් ඉල්ලීමක් කිරීමට මා කැමතියි;

එනම් ඔබ මෙය නැරඹීමට පෙර අදහස් දක්වනවාට වඩා, මෙය සිංහල සමග නැරඹීමෙන් පසුව ඔබේ අදහස් දක්වන්නේ නම් මා මා වඩාත් කැමති වන බවයි ඒ. මක් නිසාද යත් ඔබ මෙය නරඹන විට මෙහි යම් අඩුවක්-පාඩුවක්, වැ‍රැද්දක්-පැ‍රැද්දක් දු‍ටුවොත් ඒ සම්බන්ධයෙන් මා දැනුවත් කිරීමට හැකිවන්නේ එවිට පමණක් නිසා. ඔබේ ඒ අදහස්-උදහස්, එරවුම්-ගෙරවුම් සියල්ල මා බලාපොරොත්තුවෙනවා…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

91 comments

  1. Djwathila

    හේ මම 1

  2. saman kalubovila

    heyyy mama 2nd.... :) ela.ela.. onna math banna demma.. thankx... jaya....!!

  3. dilan

    thanks

  4. ලිට්ල් ජෝන්

    ස්තුතියි උදා බලලා කොමෙන්‍ටුවක් දාන්නම්

  5. iud

    ela ela thanks

  6. Bunny

    පුදුම ලස්සන චිත්‍රපටියක්.. මං ගොඩක් කලින් මේක බලලා තිබ්බා..
    ආයෙ උපැසිරැසිත් එක්කත් බලන්ටොන :D

  7. Nirush D

    Ela Machan... Thanks Lt..

  8. chamila

    thanks

  9. විකියා

    පට්ට බයිස්කෝප් එකක් නේ...බොහොමත්ම තුති සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් දෙන එක ගෑන

    ජයෙන් ජය!

  10. කේ. යූ. ජී. උදාර

    මේක දෙනකම් කාලයක් තිස්සේ බලාගෙනයි හිටියේ.
    සබ්වලට බොහොම ස්තූතියි උදා....
    ෆිල්ම් එක බලල ඉවරවෙලත් කමෙන්ට් එකක් දාන්නම්.

  11. නිෂූ

    එළකිරි ! මම හරිම ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් !
    ගොඩක්ම ස්තුතියි,
    ජයවේවා ! ඔහොම යන් ඔහොම යන්!

  12. M.D.A Pradeep (අමිල මනනදේව)

    උදා සහෝ ඔයා දුන්නොත් එළම කිරි ෆිල්ම් එකක් තමයි.මම බලලත් කමෙන්ඩ් එකක් දාන්නම්කෝ.
    ස්තුතියි සහෝ...

  13. මාරයා...

    අනිවා බැළුවට පස්සෙත් කමෙන්ට් එකක් දාන්නම්...දැනට ස්තූතියි කියන්නම්...

  14. FFFFFF

    wadak na .. hoda ekak danndo....

  15. Madushanka Gamage

    තැන්ක්ස් මචන්.... :) :)

  16. කංසා මල්ලි

    The Motorcycle Diaries මාත් දහ දොළොස් වතාවක් නැරඹුවා..එත් තවම එපා වෙලා නෑ..
    මේ කතාවේ තියෙන්නේ චේ ගේ ආරම්භය..
    එත් අවසානය කොහොම වෙයිද..? විප්ලවය මොන වගේ වෙන්න ඇතිද..? කෑවේ බිව්වේ මොනවද..? විප්ලවය අතර මැද හම්බුන අය කව්ද..? චේ ගේ අවසානය කොහොම වෙන්න ඇතිද..?
    මේ මන දුන්න ටොරන්ට් එක තමයි එකට උත්තර දෙන්නේ..
    මේ ටොරන්ට් එකේ Part 1 , Part 2 කියලා දෙකක් තියෙනවා ඒ දෙකම බාගන්න...

    මේ චේගේ විප්ලවයේ සම්පුර්නම කතාව..

    මේක පුළුවන් හැමෝම ඩව්න්ලෝඩ් කරලා බලන්න...
    මේක බැලුවම හිතෙයි එක මිනිහෙක්ට ලෝකයක් වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න පුලුවන්ද කියලා...

    එකදිගටම මේ කතා දෙකම රස විඳින්න පුලුවන්නම් අවසානයේ ඔබේ දෑසත් කඳුලින් තෙත් වෙනවා අනිවාර්යෙන්ම...

  17. dn

    thxxx machan sub aka niyamata tiyenawa roczzz

  18. theekshana

    බලල ඉවරවෙලා ආයෙ මේ පැත්තෙ එන්නම්.ස්තුතියි උදා යාලුවා ඔයාගෙ කාලය කැපකරපු එකට

  19. Akalanka Yapa

    සබ්වලට බොහොම ස්තූතියි උදා….
    ජයෙන් ජය!
    ස්තූතියි

  20. Nuwan

    Banna damma

  21. Kesara

    මම ඉතාමත් ගරුකරන පුද්ගලයෙක් "චේ". බොහොම ස්තූතියි සහෝ. උප සිරැසි යෙදීමට ඔබ කළ අසීමිත කැපකිරීමට ඔබට මගේ ආචාරය !

  22. kapa....

    nice work macho.....

  23. නීල නේත්‍ර

    බොහොම ස්තූතියි...මම මේක බලලනම් නැහැ බලලම අදහස් දක්වන්නම්...

  24. Alaya

    Pattaa machann..thanks a lot ..Heil Che\m/

  25. DAMER

    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි සහෝ… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  26. අබා

    නියමයි උදා..බලලා අනිවාර්යෙන්ම අදහස් කියන්නම්..මන් ගොඩාක් ආස ජීවිත කතාවක් cHe..මෙහෙම චිත්තරපටයක් තියනවා කියලා කලින් දැනන් හිටියේ නෑ..මේ වගේ හොද චිත්තරපට වලට උපසිරසි දිගටම දෙන්න කියලා ඉල්ලනවා...දැන් තියන සමහර චිත්තරපට වලට වඩා ගොඩාක් වටිනවා මේවා..ජයවේවා෴෴ස්තුතියි උදා නැවත වරක්෴෴෴...

  27. praveen

    ela ela. good work bro!!

  28. පතෝලයා

    එල සමග කිරි.

  29. chathurabuddi

    thankx saho. Balalath comment ekak dentam

  30. ashen malinda

    අනිවා බලනවමයි!!!1

  31. පිස්සු පුසා

    දැන් මෙක බානවා... මටහ්ක් උනොත් බලලත් අදහසක් දෙන්නම් සහෝ.. බොහොම ස්තුති සබ් වලට
    …

  32. Tharanga Darshana Ekanayaka

    එළ....
    චිත්‍රපටය බලලා වැඩි විස්තර කියන්නම්..............

  33. ravi

    ela machan,parana sub weda na ,poddak balanna

  34. Nishantha

    thanx'
    ඩවුන්ලෝඩ් වෙනව. බලලම අදහස් ලියන්නම්

  35. ishara

    thanks macchan

  36. Air Bender

    ela ela machan,,,,downloading,,,,,Thaankzz 4 da sinhala sub,,,,,, :)

  37. N.Warnajith

    Nice and meaningful film thanks for Sub.Keep it going ....!!!!!

  38. hare :-)

    උදා මේක සිරා වැඩක්. මොකද මේ විධියෙ එකක් සිංහලට හරවන එක ලේසි නෑ. නමුත් ‍මේ වගේ චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි එක්ක බලන්න ලැබීම වාසනාවක්. ඒ අවස්ථාව දුන්නට මුලින්ම ස්තූතියි.

    මේ චිත්‍රපටිය කාලෙකට කලින් බැලුවා. චේ කියන මනුස්සයගෙ දැවැන්ත ප්‍රතිරූපය මේකෙන් සෑහෙන්න සාමාන්‍ය වෙලා ගියා කිව්වොත් හරි. මොකද අපි එයා ගැන මවාගෙන ඉන්න ප්‍රතිරූපයට වඩා මේකෙන් පෙන්වන චරිතය පොළොවෙ ජීවත්වෙනවා. ඒක එහෙම වුණේ චේ ගුවේරා චරිතය පූජනීය වෙලා තිබීමත් එක්ක. නමුත් එතනට යන්න කලින් මිනිස්සුන්ව එයාට දැණුන විධිය මේ චිත්‍රපටියෙන් නියමට පෙන්නනවා.

    මේක බයිස්කෝප් එකෙන් කට්ටියත් එක්කම බෙදාගත්තට ආයෙමත් ස්තූතියි...

  39. ruwa

    saho obata bohoma pin..... mama balaagenama hitpu deyak meka.. obage adahas walata mama garu karanawa...

  40. navo

    Downloading.........I'll comment back once I watched the movie.tnx brother for the movie and subtitles.g8 work!!!!!!

  41. viraj

    බොහෝම වැදගත් වැඩක් සහෝ,

    චිත්‍රපටය බලලාම ආයෙත් කතා කරන්නම්

  42. ප්‍රියන්ත

    සිංහල උපසිරැසි යෙදීමට වන මහන්සියට බොහෝම ස්තුතියි.ජයශී‍්‍ර

  43. රාම් රාජ්

    .

  44. Nimesh

    Thanks machan.......for giving this movie and sinhala subs :)

  45. dEgA

    පට්ට සහෝ බොහෝම ස්තුතියි....

  46. UDx

    බොලේ...! මෙහෙම එකක් තියනවා කියල මම දැනගෙන හිටියේ නෑනේ :D

    thankx සහෝ, මේක අපිත් එක්ක බෙදා ගත්තට,
    සබ් එක්කම දුන්නට :)

  47. me

    Thanks

  48. Ameera..

    Thanks saho me wage film danawata...
    Balala ivara wela ayeth comment karannam.....

  49. gyn

    thanksssssssssss u...........
    hemadamatha me wage hoda film walata sub 1 hadanna...........
    thanks again...

  50. rajitha

    ෆිල්ම් එක මගේ බොක්කටම වැදුනා....
    thanks machan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.