“A capella”. මෙන්න මේක තනි වචනයක්. අකපෙල්ලා කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. හැබැයි මේකේ තේරුම තමයි වාද්‍ය භාණ්ඩ උපයෝගයෙන් තොරව ගීත ගායනා කිරීම. ඒ කියන්නේ තනිකරම කටින් පිට කරන විවිධ මට්ටමේ ශබ්ධ උපයෝගී කරගෙන තමයි ගායනා කරන සිංදුවට වාදනයන් උත්පාදනය කරගන්නේ. හැබැයි මේක බලාගෙන ඉන්න තරම් ලේසි කර්තව්‍යක්…

“A capella”. මෙන්න මේක තනි වචනයක්. අකපෙල්ලා කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. හැබැයි මේකේ තේරුම තමයි වාද්‍ය භාණ්ඩ උපයෝගයෙන් තොරව ගීත ගායනා කිරීම. ඒ කියන්නේ තනිකරම කටින් පිට කරන විවිධ මට්ටමේ ශබ්ධ උපයෝගී කරගෙන තමයි ගායනා කරන සිංදුවට වාදනයන් උත්පාදනය කරගන්නේ. හැබැයි මේක බලාගෙන ඉන්න තරම් ලේසි කර්තව්‍යක් නෙමෙයි. කණ්ඩායමක් එකට එකතු වෙලා බොහෝම මහන්සියෙන් කරන වැඩක් තමයි මේක. ඒ වගේම ඒ කණ්ඩායම හැම වෙලාවකම අනිත් සියලුම අයගේ ස්වර වාදන ග්‍රහණය කරගන්නා ගමන්ම තමයි තමුන්ගේ ගායන කොටස නියමිත අවස්ථාවේ, නියමිත මාත්‍රාවට, නියමිත වෙලාවට, නියමිත පරිදි ගායනය කරන්න වෙනවා. ඔන්න ඔය සංතෑසියට තමයි අපි අකපෙල්ලා කියලා කියන්නේ.
කලින් කියපු අකපෙල්ලා කියන රංගන විශේෂය වටා ගෙතුනු කතාවක් විදියට 2012 වසරේදී Pitch Perfect කියලා චිත්‍රපටයක් නිකුත් වුනා. දැන් ඒ චිත්‍රපටයේ නම Pitch Perfect 1 නමින් වෙනස් වෙලා. මොකද කිව්වොත් ඒ කතාවේ දෙවැනි කොටස නිකුත් උනා මේ විදියට. ඒකට උපසිරැසි දෙන්න තමයි මගේ මේ සූදානම.
2012 නිකුත් වුනු කතාවේදී බාර්ඩ්න් විශ්ව විද්‍යාලයේ අකපෙල්ලා කණ්ඩායමකට චිත්‍රපටයේ කතා නායිකාව වුනු බෙකා මිචෙල් ඇතුලත් වෙනවා. මෙයාගේ හීනය තමයි අනාගතේ හොඳ සංගීත නිශ්පාදිකාවක් වෙන එක. ඒත් එයාට විශ්ව විද්‍යාලයට වගේම විශ්වවිද්‍යාලයේ කණ්ඩායමකටත් ඇතුලත් වෙන්න සිද්ධ වෙනවා. මේක වෙන්නේ ඇයගේ තාත්තගේ බලපෑම පිට. බාර්ඩ්න් බෙලා කණ්ඩායමේ නායිකාව තමයි ඕබ්රි. මෙයා ක්ලොයී කියන එයාගේ යාලුවාගේ සහයෝගීත්වයෙන් මීලඟ බාර්ඩ්න් බෙලා වරියන් තෝරාගත්තට පස්සේ තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. බෙකා සහ කණ්ඩායමේ එකිනෙකා අතර ගැටලු සිද්ධ වෙනවා. මේ සිද්ධි අතරින් තමයි මේ කතාව ගලාගෙන ගියේ. සියලුදෙනාගේම ගැටලු නිරාකරණය කරගත්තාට පස්සේ බෙකාට ඉඩ ලැබෙනවා බෙලා වරියන්ගේ කණ්ඩායම නවීන ආරයේ කණ්ඩායමක් බවට පත් කරන්න. ඒ වෙනසත් සමග මෙයාලට තරඟ ශූරතාව දිනාගන්න ලැබෙනවා.
ඔන්න කෙටි විදියෙන් වුනත් මෙන්න මේ කතාව ඒ වසර තුල ජනප්‍රිය සංගීතමය චිත්‍රපටයක් බවට පත් වෙනවා. මේ හේතුවෙන්ම තමයි 2012 වසරේදීම මේ චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයක් රූගත කරන බව තීරණය කරපු බව දැනගන්න ලැබුනේ. බටහිර සංගීතයට කැමති ගොඩක් අය මේ චිත්‍රපටය එනකං පුන පුනා බලාසිටියේ කියලා කියන්න පුළුවන්.
මෙන්න මේකයි මේ චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. කතාව ආරම්භ වෙන්නේ පලමු චිත්‍රපටයේ අවසාන තරඟයෙන් පසුව වසර 3කට පස්සේ කාල පරාසයක් සමග. ඒ වන විට බාර්ඩ්න් බෙලා වරියන් කියන්නේ රට පුරාවටම වගේ ජනප්‍රිය වුනු, තෙවතාවත් පිට පිට අන්තර් විශ්ව විද්‍යාලීය ශූරතාව දිනපු කණ්ඩායමක්. මේක නිසා කෙනඩි සෙන්ටර් රඟහලේදී මෙයාලට ජනාධිපතිගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කරපු උත්සවයක ප්‍රධාන සංදර්ශණය රඟදක්වන්න ලැබුණා. මේක ලොකු අවස්ථාවක් නිසාම මෙයාලා මේක නියම විදියට රඟ දක්වනවා. මෙතැනදී ලෝකේ හැම රටකම වගේ ජනමාධ්‍ය ඉදිරියේ තමයි මේ සංදර්ශණය පැවැත්වෙන්නේ. මෙතනදී පොඩි කියන්න බැරි වුනත් පොඩි විදියේ අනතුරක් සිද්ධ වෙනවා. 🙂 🙂 😉 මේක නිසා ඇමරිකාවේ ජනාධිපතිට පවා හෙන නව නිංගිරාවක් තමයි වෙන්නේ. මේ නිසාවෙන් බාර්ඩ්න් විශ්ව විද්‍යාලයෙන් බාර්ඩ්න් බෙලා කියන කණ්ඩායම තහනම් කරනවා. මේ නිසා මෙයාලට අන්තර් පාඨශාලීය තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව නැතිවෙනවා. නමුත් මෙයාලා මෙතනදී මේකෙන් ගොඩ එන්න විදියක් හොයා ගන්නවා. මේක ලොකු අභියෝගයක්. ඒ තමයි අකපෙල්ලා ලෝක ශූරතාවයේදී ඇමරිකාව විසින් කවදාවත් දිනපු නැති අකපෙල්ලා ලෝක ශූරතාවය, එයාලා විසින් දිනා ගන්නවා කියන එක. ඒ විදියට කරන්න පුළුවන් වුනොත් ඒ තහනම ඉවත් වෙන බවට අකපෙල්ලා සම්මේලනය සහ විද්‍යාලයේ පීඨාධිපති එකඟ වෙනවා. මේක නිසා බාර්ඩ්න් බෙලා වරියන්ගේ කණ්ඩායමට හැම දෙයක්ම බේර ගන්න නම් ලෝක කුසලානය දිනන්නම වෙනවා.
මේ ලෝක කුසලානය දිනා ගැනීමේ ගමන අතරමගදී මොනවද වෙන්නේ. මොන වගේ බාධාවන් මෙයාලට මුණ ගැහේවිද? ඒවා දින්නට පුළුවන් වේවිද බැරි වේවිද කියන ප්‍රශ්ණ එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. මේ කතාවෙන්ම තමයි Jessie J විසින් ගායනා කරන Flashlight කියන සිංදුවත් එලිදැක්වුනේ. මේ චිත්‍රපටය නිසාම තමයි මේ වනවිට ඒ සිංදුව බිල්බෝර්ඩ් දර්ශකයේ ඉහල ස්ථානයකට ආවේ. :).
අඩවියට කොච්චර කතා වලට උපසිරැසි දුන්නත් අද තමයි පලවෙනි වතාවට චිත්‍රපටියකට කියලා උපසිරැසියක් දෙන්නේ. හැමෝම කතාව බලලා එහෙම හොඳයිද කියලා කියන්න. ඉඩක් තිබුනොත් අලුත් චිත්‍රපටයකින් හෝ අලුත් රූපවාහිනී කතා මාලාවකින් හමුවෙමු. මේ විදියට කතාවේ මගේ හිත ගියපු Flashlight කියන සිංදුවත් සටහන් කරගෙනම මම අදට සමුගන්නවා.
“Flashlight”
When tomorrow comes
I’ll be on my own
Feeling frightened of
The things that I don’t know
When tomorrow comes
Tomorrow comes
Tomorrow comes
And though the road is long
I look up to the sky
And in the dark I found lost hope that I won’t fly
And I sing along, I sing along, and I sing along
I got all I need when I got you and I
I look around me, and see a sweet life
I’m stuck in the dark but you’re my flashlight
You’re getting me, getting me through the night
Kick start my heart when you shine it in my eyes
Can’t lie, it’s a sweet life
Stuck in the dark but you’re my flashlight
You’re getting me, getting me through the night
‘Cause you’re my flash light (flash light)
You’re my flash light (flash light), you’re my flash light
Ooh
I see the shadows long beneath the mountain top
I’m not afraid when the rain won’t stop
‘Cause you light the way
You light the way,
You light the way
I got all I need when I got you and I
I look around me, and see a sweet life
I’m stuck in the dark but you’re my flashlight
You’re getting me, getting me through the night
Kick start my heart when you shine it in my eyes
Can’t lie, it’s a sweet life
Stuck in the dark but you’re my flashlight
You’re getting me, getting me through the night
(Light light light you’re my flash light)
Light light you’re my flash light
Light light light light light, oh
(Light light light you’re my flash light)
You’re my flash, oh
I got all I need when I got you and I
I look around me, and see a sweet life
I’m stuck in the dark but you’re my flashlight
You’re getting me, getting me through the night
Kick start my heart when you shine it in my eyes
Can’t lie, it’s a sweet life
Stuck in the dark but you’re my flashlight
(You’re my flashlight)
You’re getting me, getting me through the night
‘Cause you’re my flash light
‘Cause you’re my flash light
You’re my flash light
Ooh ooh
Ooh ooh
Ooh ooh ooh ooh ooh
Ooh oh oh
You’re my flash light
Light light
You’re my flash light
Light light ye-yeah
You’re my flash light
ආයු -බෝ -වේවා !!! ☀
530 MB (720p WEB X265 HEVC) කොපිය මෙතනින් බාගන්න
C8C626A950AF2C34D20D9915AF4A9C3D109E1FE1850 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න
D840528E42E85CAE37A56AE60AC9F9AAF7FAB35D1.4 GB (HD) කොපිය මෙතනින් බාගන්න
953AB0891B968490E7CD0DD0288FD05CE4704496 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,290 downloadsDownload Pitch.Perfect.2.2015-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
50 comments
ජිනා
ඉසු ඩිපි (Isu DP)
මෙන්න වැඩක් ! මෙන්ටලිස්ට් මලයා ෆිල්ම් එකක් ගෙනල්ලා. එකත් හොදයි හැබැයි ඉතින් TV Series වැඩේ අත අරිනවා එහෙම නෙමෙයි ඈ. :-P
ඔන්න පලවෙනි එකයි මෙකයි දෙකම බෑවෙන්න දානවා. කතාවක් පටන් ගන්නකොට දෙන ලිපිය වගෙම මේකේ ලිපියත් මරු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
අනුරාධ
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :DAnushka
මේ මොකද මේ? Tv category එකේ Film එක දාල.
සබට බොහොම තුති සහෝ...එල්.සි. දමැල්
මොනවා අපේ ප්‍රණීත් සහෝ චිත්‍රපටයක් දීලා...
කතෘ සහෝගෙ පුරුද්දටද කොහේද චිත්‍රපටියත් ටී වී කැටගරියට දාලා :D
නියමයි නියමයි...
දිගටම චිත්‍රපටවලින් දකින්න ලැබෙයිනම් සතුටුයි... (ඒ කියලා කථාංග වැඩේ නවත්තනවා හෙම නෙමෙයි)
උපසිරසට ස්තූතියි සහෝ...
ජය...shave
menna film ...............thanks
ashan
ela thnx
NaDeeRa
මෙන්න අපේ ප්‍රනීත් කොල්ලා ෆිලුම්ක් දීලා ඒක තමා මේ දවස් ටිකේම වැස්සේ.
මොනවා උනත් එළම එකක් දීලා තියෙනවා
ජය වේවා තව තව වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා
මේ නිකිටා ඉතුරු ටික දෙන්නේ කවදද කොල්ලෝNaDeeRa
මෙන්න අපේ ප්‍රනීත් කොල්ලා ෆිලුම්ක් දීලා
ඒක තමා මේ දවස් ටිකේම වැස්සේ....
මොනවා උනත් එළම එකක් දීලා තියෙනවා...
ජය වේවා තව තව වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා...
මේ නිකිටා ඉතුරු ටික දෙන්නේ කවදද කොල්ලෝ...Kulanjana Maduranga
ela ahhhhh....dn film walatath sub dennpatan aragen ne...ohoma ymu mcn...me 1st filuma nm baluwa.mekath balann ona...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.Wish you a great future.
Rasidu
Niyamayi. Nikita niwadu kale film ekakin awith. Sub ekata Thanx.
oshan
A kapella . Well done. Oyage sub hari niwaradi. Jaya
amila
patta baiscope akkne machhhhhh.............
Elderman
Thnkz mento
achi
ස්තුති සහෝ.
thisal
උපසිරසට ස්තූතියි සහෝ… BR awma blmu update oni
thisal
උපසිරසට ස්තූතියි සහෝ… BR awma blmu update oni,,,,,,,,,,,,,,,,,,,,
චාමික දිල්හාර (දිලා)
නියමයි ප්‍රණීත් කොලුවෝ....................
දිගටම මේ වගේ සබ් දෙමු හොදේ................
එල....එල........එල..........එල......එල........එල..........නලින්
ස්තුතියි ප්‍රණීත් සහෝ...
ෆිලුමකටත් වග කිව්වා එහෙනම්. එලස්ස් මචං.
ජය වේවා!~
යශෝධ
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ උපසිරැසියට. අනිවා බැලිල්ලක් තමයි. ලිපියත් බලන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට වලටත් උපසිරැසි කරන්න පටන් ගත්ත එක නම් ඇත්තටම අගය කරනවා. එහෙනම් කතා මාලා වගේම තවත් චිත්‍රපට උපසිරැසි එක්ක හමුවෙමු. ජයම වේවා...! එලස්ස්ස්...
akalanka
avengers seson 2 denna
Maduka
ELAMAAAA....
Keshan Wasala
ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ බලන් හිටපු කතාවක් :D Br එනකම් ඉන්නවා එහෙනං :)
“චූටී මල්ලි”
elz tnxxxxxxxxxxxxxxxxxxxxx
තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ ......
indika
බොහොම ස්තුතියි
රවිඳු නිපුන්
Niyamay machan!
Thanks sub ekata!හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි ප්‍රණීත් සහෝ උපසිරැසියට...
ලිපියත් නියමයි..
ජය :DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
Nelson
Good Work Friend, Thanks!
sachi
Thnx aiye
sajula
thank you very much...
JE
thank u sahoo.
http://kat.cr/mr-robot-s01e01-hdtv-x264-proper-lol-ettv-t10… [Mr Robot] puluwannam meekatath sub denna patan ganna. jaya weewa !!!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපටිවලටත් අත ගහපු එකටත් සුබ පැතුම්. ජය෴෴ :P :P
Del
Thanks bro film eke lankawe kodiyath tiyenne
sanjeewa
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයchacha
530 mb eka waeda karan nane mama download kara...e file eka run wen nane mona player ekakin wath please help me..
chacha
530 mb eka waeda karan nane mama download kara...e file eka run wen nane mona player ekakin wath please help me..sadhdhenam enawa rupa na...
pramuk
thanx bro
yasish
720p
achintha
අනේ සහෝ spy(2015) එකට සබ් දාන්නකෝ...ඒක මොකෝ පරක්කු
අසිත
බොහොම පින් සහෝ.
ජය වේවා!!Iraj Asela
Thanks
ISHAN
thamks
TharakaWAS
Thanks for sub. Pitch Perfect 3 is also Release.can you give the sub for That?
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
sampath n perera
බොහොම ස්තුතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්ක්යූ....... මම 1 ද,,,,, හම්මෙ එල