කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් බලද්දි පිහි…
කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් බලද්දි පිහිටට හිටියෙ බයිස්කෝප් සිංහලෙන් තමයි. ඒක ඉතිං හැමෝටම එහෙමනෙ. උපසිරසියක් කරන්න ආසාවක් තිබ්බත් කොහොමහරි උසස් පෙළ ඉවර වුණ ගමන්ම එක එක දේවල් නිසා ගමන් බිමන්, ෆිල්ම්, පංති වගේ දේවල් නිසා ඒකට අත ගහන්න බැරි වුණා. මම හිතන්නෙ ගොඩක් උපසිරැසි නිර්මාණය කරන අපේ සහෝදර සහෝදරියන්ට තිබ්බ ගැටළුවක් තමයි ඕක. පස්සෙ මැයි මාසෙ දවසක තමයි මුලිනම මම උපසිරැසියක් බාරගත්තෙ. රොයිලි අයිය මුලින්ම මේල් එකට රීප්ලයි කරා. කොහොම හරි අඩුපාඩු ගොඩක් එක්ක පළවෙනි උපසිරැසිය නිර්මාණය කළා. මැයි 29 තමයි ඒක බයිස්කෝප් අඩවියේ ඵල කළේ. වෙනදට නිකංම ෆිල්ම් එක බලනව. ආරම්භ වුණ උපසිරැසි නිර්මාණය මම දිගින් දිගටම නොනවත්වා කරගෙන ගියා. හැබැයි උපසිරැසි කරද්දී සමහරවිට ලිපියට මොනවහරි දාන්න වුණාම, එහෙම නැත්තම් උපසිරසියේම තියන සමහර වාක්‍ය ගැන හොයන්න ගියාම සෑහෙන දිග විස්තර කියවන්න වුණ වෙලාවල් තිබ්බ. ඒවගෙනුත් ලැබුණ දැනුම නම් ගොඩක් ලොකුයි. එහෙම කරගෙන යන්න හැකි වෙන්න ප්‍රධානම හේතුව මට විවේක කාලය වැඩියෙන් තිබ්බ.
අනිත් දේ තමයි මට මේ වෙනකං ලැබුණු සහයෝග. ඇත්තටම ගොඩක් අය ඉන්නව මේ වෙනකං මට උදවු වුණ. මුලින්ම කියන්න ඕනෙ කාව හරි අමතක වුණොත් සමාවෙන්න වෙන්න කියල. කාටත් කලින් මට උපසිරැසි කරන්න අවස්ථාවක් දුන්න බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්වරු සෙට් එකට මුලින්ම ස්තූති වන්ත වෙනව. මේ වෙනකං රොයිලි අයිය, හසන්ත අයිය, සමීර අයිය, යශෝධ අයියා මේල් වලින් ෆිල්ම් වෙන් කරල දුන්න. ඒ අයට ගොඩක් ස්තූති වන්ත වෙන අතරෙ සමීර අයිය තමයි හැමදාම කථා කරල මට ෆිල්ම් ගොඩ ගැහුවෙ. බුකියට අවොත් අනිවා සමීර අයියගෙන් මැසේජ් එකක් නම් තියනවම තමයි. “මලේ මේ ෆිල්ම් එක කොහොමද බලන්න.” ඔන්න ඔහොම. සමහර දවසට ෆිල්ම් දෙක තුන මේල් කරන්න කියනව කරල එවන්න. මෙච්චර ඉක්මනට මෙතනට එන්න මං හිතන්නෙ ලොකුම හේතුවක් තමයි ඒක. ඒ නිසා සමීර අයියට ගොඩක්ම ස්තූති වන්ත වෙනව මේ වෙනකං මට සහයෝගයට. ඒවගේම තව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ කිහිප දෙනෙක් ඉන්නව. ඒ තමයි ජීව විද්‍යාව කරන යාළුවො සෙට් එක. සමහර උපසිරැසි වලදි ජීව විද්‍යාව වචන අනං මනං සෙට් වුණාම හරියන සිංහල වචනයක් හොයාගන්න නෙට් එක පුරා හෙව්වත් අන්තිමට ඉතිං අහන්න වෙන්නෙ ඒ අයගෙන් කෙනෙක්ගෙන් තමයි. ඒ කට්ටියගෙම නම් කියන්න බැරි නිසා ඒ ඔක්කොටම ස්තූති වන්ත වෙනව දුන්න සහයෝගයට. මෙහෙම උපසිරැසි නිර්මාණයට සහය වෙන අතරෙ අදහස් සහ චෝදනා වලින් මම දුන්න උපසිරැසි වලට කොමෙන්ට් කරල සහයෝගය දීල මාව දිරිමත් කරපු අපේ බයිස්කෝප් අඩවියට යන එන හැමෝටම ස්තූති වන්ත වෙනව. එහෙනම් කලින් කිව්ව වගේ අමතක වුණ කෙනෙක් ඉන්නව නම් සමාවෙන්න.
මට කරන්න ලැබුණ උපසිරැසි අතරෙ 50 වැනි නිර්මාණයට එනකං වැඩිපුරම ලැබුණේ චිත්‍රපටි උපසිරැසි. HUMANS, TUT සම්පූර්ණ කථාංග සියල්ලම සහ රවිඳු සහෝගෙ TYRANT කථා මාලාවේ උපසිරැසි කිහිපයකුත් ගත්තම රූපවාහිනී කථාංග 15ක් සහ ඉතුරු 35ම චිත්‍රපටි ගොඩට තමයි වැටෙන්නෙ. ඉතිං ඔහොම ඇවිල්ල 50ට මොකක්ද කරන්නෙ කියල කල්පනා කරද්දී සාමාන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් තිබ්බෙ නෑ. සමීර අයිය ගොඩක් මහන්සි වුණා හොඳ චිත්‍රපටියක් අරං දෙන්න.මේක ආව කියල සමීර අයිය කිව්වෙ. HD කොපිය ආවටත් පස්සෙ දවස් ගාණක් බලං ඉන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ආවෙ ඊයෙ. අපේ LCD මල්ලි සමීර අයියයි දෙන්නම සබ් එක ආව කියල මතක් කළා. ඒකත් එච්චර සාර්ථක සබ් එකක් නොවුණත් තවත් පරක්කු කරන්න බැරි නිසා ඊයෙ උදේ වැඩ පටන් අරං දැන් තමයි ඉවර කරගන්න ලැබුණේ. එහෙනම් මේ උපසිරැසිය වෙනකං හැමෝම ලබා දුන්න සහයෝගයට ස්තූති වන්ත වෙනව.

මේ ෆිල්ම් එක ජූලි 24 වැනිදා ඇමරිකාවේදී මුලින්ම තිරගත වුණා. මේ ගැන කිව්වොත් චිත්‍රපටි චරිත වගේම සාමාන්‍ය ජීවිතේ සැබෑ චරිත පවා හුඟක් අරං තියනව. ඒ අතර Serena Willams, Martha Stewart වගේ අයත් ඉන්නව. මීට අමතරව ප්‍රධාන චරිත කිහිපයක් තියනව Adam Sandler(බ්‍රෙනර්), Kevin James(කූපර්, ජනාධිපති), Michelle Monaghan(වයලට් වෑන් පැටන්), Peter Dinklage(එඩී), Josh Gad(ලුඩ්ලෝ). ඒ අතරෙ මේ වෙද්දි IMDB අගය 5.6 ක් අරං තියන SONY සමාගමේ Action, Comedy, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ මුල ඉඳන් අග වෙනකං කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. මම දැන් චිත්‍රපටි කථාව ගැන කියන්නම්.
1982 දි NASA ආයතනය මඟින් යානයක් තියත් කරනව අභ්‍යවකාශයට. ඒ යානයේ අන්තර්ගත වෙන්නෙ පෘථිවියේ චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් එක්ක ප්‍රධාන වශයෙන් ගේම් සම්බන්ධ විස්තර. ඉතිං මේ යානය එක් ග්‍රහලෝකෙකට ළඟා වෙනව. එයාල ඒක දකින්නෙ පෘථිවි වැසියන් විසින් එයාලට කරපු තර්ජනයක් විදිහට. ඒ නිසා එයාල පෘථිවි වැසියන්ව ආක්‍රමණය කරන්න අර යානයේ තිබ්බ විස්තර වලට අනුව ගේම් වල හිටපු චරිත සැබෑ ජීවීන් ලෙස නිර්මාණය කරල පෘථිවියට එවනව. මේ අතරෙ මේ පුංචි පුංචි ක්‍රීඩා වල ලෝක ශූරයො වගේම දක්ෂයන් සෙට් එකක් තමයි බ්‍රෙනර්, එඩී, ලුඩ්ලෝ, කූපර් කියන්නෙ. මේ හතර දෙනාගෙන් බ්‍රෙනර් සහ එඩී දෙන්නම ඩොංකි කොංග් ගේම් එකේ ලෝක ශූරයො වෙනව. එකම ගේම් එකේ ලෝක ශූරයො දෙන්නෙක් ඉන්න බෑ. ඉන්න පුළුවන් එක්කෙනයි. ඇයි දෙන්නෙක්? හැබෑම වීරය කවුද? ඒවගේම මුලදී බලං යද්දි පොඩි කාලෙ ඉන්න ළමයි ලොකු වුණාම ජීවිතේ මොන මොන තැන් වල ඉදිද කියන්න බෑ. එහෙම කෙනෙක් තමයි කූපර්. ඇයි මම එහෙම කියන්නෙ? උඩ හරියෙදි මගෙ අතින් ඇයි කියල කිය වුණා හැබැයි. කොහොම හරි කට්ටිය ගොඩක් දේවල් වුණාට පස්සෙ ගේම් වලට බහිනව. පෘථිවියට ලැබෙන්නෙ lives 3යි. පොඩි කාලෙ ඒ ගේම් ගහපු අය නම් දන්නවනෙ lives ගැන. දිනන ග්‍රහලෝකයට අනිත් ග්‍රහලෝකෙ අයිති වෙනවා. පෘථිවියට දිනන්න පුළුවන් වෙයිද කියල මුල ඉඳන් අන්තිමට යනකං බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මේ අතරෙ වයලට් සහ බ්‍රෙනර් අතරෙ ආදර කතාවකුත් ගලාගෙන යනව. විනෝදෙන් බලන්න පුළුවන් ඉවරවෙනකන්.
කථාව ගැන කියද්දි මේකෙ තැන් කිහිපයකදි ඔයාලට මුණ ගැහෙනව ඇත්තටම පැක් මෑන් නිර්මාතෘ Toru Iwatani මහත්මයාව. හැබැයි චිත්‍රපටියෙ මෙයා වෙනුවට රඟපාන්නෙ Denis Akiyama. ඒ වුණත් ඇත්තම Toru Iwatani මහතා මේ ෆිල්ම් එකේ ආකේඩ් අලුත්වැඩියා කරන කෙනෙක් ලෙස පෙනී ඉන්නව. මෙයා සැබෑ චරිතය රඟ නොපාන්න හේතුව තමයි ඉංග්‍රීසි කථා කරන්න බැරි වීම. ඒ වගේම මේ කතාවෙ එක් එක් ගේම් වලට ලබාගෙන තියන ඉහලම ලකුණු පදනම් වෙලා තියෙන්නෙ සැබෑවටම ලබාගෙන තියන ලකුණු මත. පැක් මෑන් සඳහා ඉහලම ලකුණ 3,333,360ක් මුලින්ම ලබාගෙන තියෙන්නෙ Billy Mitchell විසින්, Centipede වලට 16,389,548ක් සැබෑ වාර්තාවට වඩා ලකුණක් වැඩි. ඒක ලබාගෙන තියෙන්නෙ Jim Schneider විසින්. ඊළඟට Donkey Kong සැබෑ වාර්තාවට වඩා ලකුණු සීයක් වැඩියෙන් 1,068,100ක් චිත්‍රපටියෙ පෙන්වන්නෙ. ඒක ලබාගෙන තියෙන්නෙ Hank Chien. මේ වගේ තව දේවල් නම් තියනව. එහෙනම් දැනට ඇතිනෙ.
මෙතනින් මගෙ ලිපිය අවසන් කරන්නම්. මේ වෙනකං මට සහය දුන්න හැමෝටම නැවත වරක් ස්තූති වන්ත වෙනව. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය!!
811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3AC74694D246FAEDA2E58CF190BDA48899458C481.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
D5A14DD9675E85750E60051FC86F0AB402E9443F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
16,251 downloadsDownload Pixels-2015-BR-UPDATE.zip233 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
80 comments
nish
ඉසු ඩිපි (Isu DP)
හැම එකටම Comment කරන්න බැරි උනත් 50ට එකක් නොදාම බෑ. පල්ලෙහායින් දානන බැරි හින්දා ඔන්න උඩින්නම එල්ලුවා. ඇත්තටම සබ් එක නියමේට කරන කෙනෙක් ඔයා. කිසිම අඩු පාඩුවක් නෑ.
එහෙම කරලා 50ක් ගැහුවා කියන්නේ එලම තමා. එහෙනම් තව කතාමාලා වලින් තව Film ඉස්සරට හම්බ වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඅසිත
එල මල්ලි.
ජය වේවා!!!
බොහොම පින්.
ඉදිරියටම යමු..
aruna
patta all the best
තිසල්
සුපිරි මචන් උබ නම් ඉක්මනට 50 ගැහුව නෙහ් එකෙන්ම සුපිරි උබෙ අනාගතෙට සුබ පැතුම් මචන් 100ත් ගහමු එල
madusanka jayasooriya
50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා. 100 ත් ගහමු. ජය වේවා
Kosala Deshan
Tnx......
සමන් ප්‍රසාද් [පූසා]
අප්පා...
අපේ අචින්ත කොලුවත් 50 ගැහුවා එහෙනම්...
එල එල කොල්ලෝ...
එහෙනම් ඔය ගැම්මෙන්ම 100ථ් ගහමු...
Br ආවම බානවා...
ජය වේවා...!!!Asel Ishan
cogrtz
නිර්මාණි
50 වෙනි නිර්මාණයට සුභම සුභ පැතුම්. තව තවත් උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 50 වගේම 100ත් ඉක්මනට අරන් එන්න ලැබේවා. හෙ හේ. උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.
එල්.සී.දමැල්
මට අද වගෙ මතකයි ඔයාගෙ පළමු උපසිරස. ඔයා උපසිරස දුන්න දෙවෙනි දවසෙම තමයි මම දැනගත්තෙ ඔයාගෙ වේගය ගැන. ගොඩක් සතුටු වෙනවා වගේම සුභ පතනවා මේ තරම් ඉක්මනට මේ ගමන ඇවිත් 50වන කඩඉමට ආව එක ගැන.
100ත් වේගෙන්ම දෙන්න කාලය, විවේකය ලැබේවා කියල පතනවා.
එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු...
ජය...විමා
පනස්වැන්නට උණුසුම් සුභපැතුම් අචින්ත.
සයිට් එකේ ඉන්න වේගවත්ම උපසිරසිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් ඔයා
ඔයාව අහුවෙලා තියෙන්න කෙනත් කාලක් ඒ වගේ දැන් ඔහොම හිටියට :P
එහෙමනම් ඉතිං අපිට සියවැන්න, එකසිය පනස්වැන්න, දෙසියවැන්න+++ ආදී අවශයෙන් සුභපැතුම් එක්කාසු කරන්න ඉක්මනට ඉක්මනටම ඉතුරු සබ් ටිකත් අරන් එන්න ලැබේවා
කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා
ජයෙන් ජයම වේවා අචින්ත මලේ :DKulanjana Maduranga
patta....ehenm ape ACHINTHA saho 50k gahuwa ne.........sahota mgen unusum suba pathum.....me wge idiriyatath sub nirmana karye yedenn awasi shakthiya, dairya nowaduwa labewa......ikmanata 100th demu...e wgema sahoge jewithaye siyalu balaporoththu itu wewa.....obata jayen jaya.......
Kulanjana Maduranga
welldone......ehenm ape ACHINTHA saho 50k gahuwa ne.........sahota mgen unusum suba pathum.....me wge idiriyatath sub nirmana karye yedenn awasi shakthiya, dairya nowaduwa labewa......ikmanata 100th demu...e wgema sahoge jewithaye siyalu balaporoththu itu wewa.....obata jayen jaya..
Kulanjana Maduranga
patta....ehenm ape ACHINTHA saho 50k gahuwa ne.........sahota mgen unusum suba pathum.....me wge idiriyatath sub nirmana karye yedenn awasi shakthiya, dairya nowaduwa labewa......ikmanata 100th demu...e wgema sahoge jewithaye siyalu balaporoththu itu wewa.....obata jayen jaya..
srimal
ඒ මචන් එල ඈ ඔහොම දිගටම සබ් දෙමු ආ
50 වෙනි සබ් එකට සුබ පැතුම්
එල එලvim
vacation 2015 ekatath sub denna...thanks for sub bro :D
sanka
thanks for sub
ishara
Thanks sahoo sub ekata..
patta movie ekaතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
තිසර නියෝ
50 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා සහෝ...
ඉක්මනටම 100 සබත් ලබාදෙන්න හැකිවේවා
Isuru
Supiri service ekak.
Thanks kollo.“චූටී මල්ලි”
OMG!
50ක් කලාද මචෝ
හිතාගන්නත් බෑ
ෆ්ලෑෂ් වගෙ නිකන් :P
සුභපතන ගමන්ම ඉක්මන්ටම 100ත් දෙමු කියලා ඉල්ලනවා
පට්ට
සබට තුති
ඔබට ජය..........Ravindu T Thenabadu
අම්මට සිරි. මූ ඉක්මනටම 50 ගහලනෙ. එල එල. මාවත් මතක් වෙලා තියෙන්නෙ. :-D. මේකත් බෑමක් තමා. Data ලැබුණ වෙලාවක අනිව බාමි. තැන්කූ කිව්වා.
A Mune Munasinghe
ඔයාගේ 50 වෙනි උපසිරැසි කරනයට ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝ .. ඔයාට දැනුමත් -අපට සතුටත් ලබා දෙමින් තව තවත් වේගයෙන් 100 කරා ම ලගා වෙන්න්..තෙරුවන් සරණයි.''
Chamara Sampath
50 උපසිරැසි නිර්මාණයට උනුසුම් සුබ පැතුම් අචින්ත සහො..
මමත් දැක්කා ඔයාගේ වේගවත් උපසිරැසිකරණය. සිරාවටම නියමයි ඈ......
මේ වගේ ඉදිරි කඩයිම් වලින් දකින්න ලැබේවා කීලා ප්‍රාර්ථනා කරනවා. දිගටම සබ් දෙමු. ජයෙන් ජය....!!!මධුකප්‍රිය පෙරේරා
ඉතාමත් ඉක්මනින් 50වෙනි උපසිරැසිය වෙත ලගාවීම
ගැන ඔබට හදවතින්ම සුබපතනවා සහෝ.
වේගයෙන් උපසිරසි කලත් ඒවගේ අඩුවක් නැතුව
කිරීමේ හැකියාවක් සහෝට තිබුනා.ඉතින් ඔබට ඉක්මනින්ම
වාගේ 100වෙනි කඩඉම වෙත ලගාවීමට අවශ්‍ය කාලය හා ශක්තිය
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.උපසිරසියට ස්තුතියි.ඔබට ජය!Nalin
50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා
sajeevi
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ........
danushka dinuwan
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.................
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!hasitha kahawita
Wow
hasitha kahawita
නියමයි මචො එල...
ජය වේවා..!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ සබ් එකට!
ඒවගේම 50වෙනි උපසිරැසියට සුභ පතනවා!
මං හිතුවා උබ සබ් දුන්න විදියට 50දැන්ම ගහයි කියලා! මේ ගැම්මෙන්ම 100ත් ගහමු!
කිව්වත් වගේ ඉක්මනට සබ් කරාට සබ් එකේනම් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ!
ජයවේවා එහෙනම්!!!!!!!Darshana Sampath
50 වෙනි උපසිරසට සුපැතුම්..
Darshana Sampath
සබ් එකට ස්තුතියි
Lahiru Ruwanga
50 weni subata suba pathanewa...digatama wade karamu
Sajith Anthony
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්
ගොඩාක් ස්තුති සබ් එකට.
ජයවේවා...!!!Sanjaya
!!! 50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !!!
සබ්ට ගොඩාක් ස්තුති.
ජයවේවා……
බුදු සරණයි.. !!!නලින් පෙරේරා
සුභ පැතුම් අචින්ත සහෝ. තව තවත් දිගටම නිර්මාණකරණයේ යෙදෙන්න කාලය ලැබේවා. 50ක් ආවා වගේ 100ටත් ඉක්මනින්ම යමු! ජය වේවා!
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
මමත් හිතුවා ඔයා සබ් දීපූ ස්පීඩ් එකට, අනිවා 50 බර ඉක්මනින් ගහයි කියලා
වැඩේ කලා එහෙනම්
මාත් පුළු පුළුවන් විදිහට ඔයාගේ සබ් වලට කමෙන්ට් කලා, බැරි උනු ඒවාට සමාවෙන්න
50 උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ.
මේ ස්පීඩ් එක ඔහොමම තියාගෙන 100ටත් යමු.
දෙසැම්බර් වෙද්දී එතකොට සීයටත් යන්න ලැබේවීඅද දීපූ 50 වෙනි සබ් එකටත් ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා!!!!!!!Nisala udara
Kauruhari wada karana torent link ekak dannako
Jack
50 වෙනි සබ් එකට සුබ පැතුම් මචන්.....
ඉක්මනින්ම 100 ත් ගහමු.
ෆිලුම අනිවා බලන එකක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.ප්‍රණීත් චින්තක
උපසිරැසිය බොහෝම ස්තුතියි. එනකං මග බලාගෙන හිටපු ෆිල්ම් එකක්. ඒ වගේම 50 වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් එකතු කරනවා. මේ විදියට තවත් ඉදිරියට 100, 150, 200, 250... කඩයිම් පසුකරන්න හැකියාව කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මේ විදියටම ඉක්මනින්ම තවත් ඉක්මනට ඉහත කඩයිම් පසුකරන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
ඉක්මනින්ම මීලඟ උපසිරැසියෙන් හමුවෙමු... ආයු -බෝ -වේවා !!!හසන්ත
50 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි!!! ඉක්මනින්ම 100 වෙනි කඩ ඉමට ලඟා වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා !! ජය !
තාරක නුවන් දිල්හාර
හදවතින්ම සුභ පැතුම් සහෝ..
මම නම් වැඩිය ඉංග්‍රීසි ෆිලුම් බලන්නේ නෑ
ඒ නිසා ඔයාගේ ඒවයි මගේ කමෙන්ට් එහෙම නැතුව ඇති
සමාවෙන්න ඕන ඉතින් ඒකට
Any way 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා
ඊලඟ කඩයිමටත් ඉක්මනට යන්න ලැබේවා..
ජයෙන් ජයRavindu Adithya
ඉතින් සහෝ කියන්න කිසිම දෙයක් නෑ ජයවේවා කියනවා ඇරෙන්න.එහෙනම්
අපෙන් උනුසුම් සුබ පැතුම්.
ජයවේවා. -)Ranula Prashan
50ට සුබ පැතුම් සහෝදරයා.. දිගටම මේක කරගෙන යන්න ශක්තිය,ධෛර්යය,අවස්ථාව ලැබේවා කියල එක හිතින්ම ප්‍රර්ථනා කරනවා..
Nicol Vishan
pata machan. 50ta suba pathanawa... digatama sub karanna.. film ekath supiri wage.. aniva balanawa.. trailer eka dakkama aniva balanna hithenawa bluray enna kalinma..
Nicol Vishan
50ට සුබ පතනවා. දිගටම සබ් දෙන්න...
ෆිල්ම් එකත් සුපිරි වගේ.. trailer එක දැක්කම BR එනකන් ඉන්න බැ වගේ.. එක නිසා HD එකම බලනවා....
තැන්ක්ස්...isuru madushan
machan meka download krnna hoda link ekak dennako, ara Chinese akuru film eke yannae nathi ekak
Hasantha Malinga
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සහෝ...
ඔය වගේම ඉක්මනටම 100ත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
ජය :DSandun Isuru Niraj
අම්මට හුඩු මේක එනකන් ඇඟිලි ගැන ගැන හිටියේ.. 50 ට සුබ පැතුම් සහෝ! ජය වේවා
Aditha Praween
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභපතනවා සහෝ !
ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය කාලය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එනකම් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
බොහොම ස්තුතියි උපසිරසියටත් .
:D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai saho........ Humans nm beluwa eekath niyamai.... maykath aniwa balanawa ... Jaya wewa....!!!