Watch Trailer

Broken Horses (2015) with Sinhala Subtitles | අසුන් නොව සොහොයුරන් වෙමු. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්. කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවග…

Broken Horses (2015)

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්.

කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවගේම අයියලා ඉන්න මල්ලිලට. චිත්‍රපටිය පුරාම යන්නෙ බඩී කියලා අයියා කෙනෙකුයි ජැකී කියලා මල්ලි කෙනෙකුයි ඒ දෙන්නගේ ජීවිත සතුරන් ඉස්සරහා ගැටගහගන්න හැටි. ජැකීගෙයි බඩීගෙයි අම්මයි තාත්තායි නැතුව ඒ දෙන්නා තනියම තමයි හැදෙන්නෙ. බඩීට තමන්ගෙ තාත්තාගෙ මරණෙ එයාගෙ ඇස් ඉස්සරම සිද්ධ වෙනවා බලන්න වෙනවා. බඩීගෙ තාත්තා පොලිස් නිළධාරියෙක්. තාත්තගෙ මරණෙ පලිය ගන්න බඩීව පොලඹවනවා ජූලියස් කියලා තවත් පොලිස් නිළධාරියෙක්. පස්සෙ බඩී ජූලියස් යටතේ වැඩ කරනවා. ඒ අතරෙ ජැකී නිව් යෝර්ක් වල ජීවත් වෙනවා එයාගෙ ගෑණු ලමයත් එක්ක. ඔහොම ජීවත් වෙනකොට බඩී ජැකීට කෝල් කරලා කියනවා ජැකීගෙ විවාහ තෑග්ග ගන්න බඩී ඉන්න ගමට එන්න කියලා. ඉතින් ජැකී අකමැත්තෙන්ම එනවා. ඒ ආපුවහම තමයි කතාව පටන් ගන්නෙ. මෙතනින් එහාට කියන්නෙ නෑ මම. බලන්නකො කවුරුත්.

මේ චිත්‍රපටියෙ IMDb අගය 5.7ක් තමයි අරන් තියන්නෙ. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නෙ Fright Night(2011) Like Crazy (2011) කියන චිත්‍රපටිවල ප්‍රධාන චරිත රඟපාපු Anton Yelchin. ඒවගේම Chris Marquette,Vincent D’Onofrio කියන නළු නිළියන්. රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක් මේක. ඒ වගේම සහෝදර සෙනෙහස කියන එක උපරිමේටම චිත්‍රපටි පුරාවටම ඉස්මතු කරලා තියනවා. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මම කරපු පහු ගිය උපසිරැසි ගැන්වීම් වලදි අදහස් දක්වපු සහෝදර සහෝදරියෝ කාටත්. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් තමන්ගෙ මහන්සිය කාලය වැය කරලා කිසිම මුදලක් බලාපොරොත්තු නොවී ඔයාලට උපසිරැසි ගේන අපේ සහෝදර සහෝදරියො කවුරුත් මම අගේ කරනවා. මොකද මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න මේ කරන වැඩේ ගොඩක් ලොකු දෙයක්. ඒ නිසා ඔයාලා කවුරුත් හැකි පමණින් අදහස් දක්වලා අපේ අඩුපාඩු එහෙමත් කියලා අපිට සහයෝගය දෙන්න. තවත් උපසිරැසියක් අරගෙන එන්නම් ඉක්මනටම.කාටත් බුදු සරණයි! ජය!

Broken Horses (2015) on IMDb

 

 

356 MB WEBRip කොපිය මෙතනින් බාගන්න

EFACCBA407EC0C14DBA77CD3B9E26CFB83E6603A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

767 downloadsDownload Broken-Horses-2015.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/KavindaSithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

767 downloadsDownload Subtitles67 KB

13 comments

  1. Kulanjana Maduranga

    patta filuamak wge...elazzz...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kavi

    sub ekata godak sthuthi sahoo..trailer eke link eka varadi vage sahooo poddak balanna....god bless !!

  3. pramuk

    thanx bro

  4. srimal

    එල බන් සබ් එකට තෑන්ක්ස් වේවා දිගටම සබ් දෙමු ඈ

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Sajith Anthony

    ගොඩාක් ස්තුති සබ් එකට.
    ජයවේවා...!!!

  8. Sanjaya

    සබ්ට ගොඩාක් ස්තුති.
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  9. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු සහෝ! ජය වේවා!

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  11. Jack

    නියමයි සහෝ.
    හොද ෆිලුමක් වගේ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. Sahan

    Ela ela.thnx for sub

  13. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.