ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම…

ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම අපි කාලය හරහා සම්බන්ධ වෙන කතා දැක්වෙන ඕනෑ තරම් ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඇති මං දන්න විදිහට මේක තමයි කාලය හරහා සම්බන්ධතා පැවැත්වීම ගැන කියවෙන පළමු තෙලුගු චිත්‍රපටය.
2021 මාර්තු 05 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර පිටපත සිදු කර තිබෙන්නේ Hari Prasad Jakka විසින්. Arjun Kalyan, Ananya Nagalla සහ Spandna Palli ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වනවා. පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න කැමති නැති කට්ටිය ඉතුරු ටික කියවන්නේ නැතුව සබ් එකත් බාගෙන කමෙන්ටුවකුත් දාගෙන යන්නලා. මෙම චිත්‍රපටය පුරා දිවෙන්නේ අමුතු දුරකථන ඇමතුමක් එහෙමත් නැත්නම් කාලය හරහා ලැබෙන දුරකථන ඇමතුමක් හා ඒ වටා ගෙතෙන කතාවක් ගැන. ටිකක් විතර කිවුවොත් චින්නු කියන්නේ අපේ කතා නායකයා. මෙයාට ආසාව තියෙන්නේ මාධ්‍යවේදියෙක් වෙන්න. අනාථ දරුවෙක් විදිහට හැදෙන මේ චින්නුට මාධ්‍යවේදියෙක් වෙන්න උත්සහ කරනකොට වුන ඇබැද්දියක් නිසා කුලීයට හිටිය ගෙදරින් යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම යන්නේ අවුරුදු ගානක් පරණ ගෙදරකට. ඉතින් මේ ගදරට ගිය අලුත මේ ගෙදර තියෙන පරණ දුරකථනයට ගෑණු ළමයෙක්ගෙන් කෝල් එකක් එනවා. වැරදි නම්බර් එකක් කියලා තිබ්බත් මොකද ඒ ෆෝන් එකෙන් ගන්න හැම කෝල් එකක්ම එන්නේ මේ චින්නු ඉන්න ගෙදර තියන ෆෝන් එකට. ඉතින් චින්නුට අමුත්තක් දැනුනත් දවසක් දෙකක් කතා කර කර ඉන්නකොට ගෙදර අයිතිකාරයා ඇවිත් අහනවා මෙයාට පිස්සුද කියලා. මොකද ඒ දුරකථනය විසන්ධි කරලා අවුරුදු 25කටත් වඩා වන නිසා.
ඒ කෝල් කරපු ගෑණු ළමයා කවුද? මේ දුරකථනයේ ඇති විශේෂත්වය මොකක්ද? තව විසඳගන්න ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ කුතුහලය පිරුණු කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්න්න ගමන් මේ චිත්‍රපටය ගැන ඔත්තුව දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියනවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/HDRip පිටපත් සඳහා අදාළ වේ.
17,062 downloadsDownload Play-Back-2021.zip56 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
- #2021
- #Ananya Nagalla
- #Arjun Kalyan
- #Dinesh Tej
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spandna Palli
- #Sub
- #Subs
- #උපසිරැසි
- #ශසිත් සඳරුවන් (සඳේ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
51 comments
Anonymous
Heshan
අඩේහ් පට්ට බන්
ඔය වගේ වැඩි සද්ද බද්ද නැති,ලොකු නලුවෝ නැති සුපිරි කන්නඩ,තෙලිගු thriller,action,mystery ටයිප් එකේ ඒවා තව තියනෝ බන්
ඒවත් පුලුවන් නම් හොයලා සබ් දීපන්
එල එලAnonymous
Ai malayalam
Kushan
Sub akta thanks
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Anonymous
තැන්කු තැන්කු
chandana
ela
Anonymous
Thankz bro
තාරක නුවන් දිල්හාර
සුපිරි ෆිල්ම් එක. බැලුව පහුගිය දවසක කවුරුවත් සබ් කරලා නොතිබ්බ නිසා.
සබ් දුන්න එකට ස්තුතියි බලන අයට බලන්න.
වෙනස්ම චිත්‍රපටියක්.
බලන්න කියල හැමෝටම රෙකමන්ඩ් කරනවා.
ස්තුතියි උපසිරැසියට..
ජය...!!!මයිකි
බොහොම ස්තුතියි සබ් එකට
Prabodha20
Godak sthuthi
Anonymous
Thanks bn
Pasindu Madumal
කාලය හරහා යන එකක්?
අප්පා නොබල කොහොමද!!! ✌
සබට තුති සදේ අයියා..! ❤ramesh
paharak wage
ela ela broNeo
Thanks brother
Keep it upDeshan
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!Therush
Thnkz mchn
Redrux
Thanks bro
ඉසුරු
බොහොම ස්තුතියි සහෝ
Anonymous
Patta pata pata
Thathsarani Nimsara
Thank you
indika75
thanks..
Orton
THnkz
Teron
Thankz brother. Good job. Keep going
Supun Kaushalya
Thanks saho
Shaggy
Thank you very much brthr
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bandara
Thanks "Sade"
Anonymous
Thanks bokka❤️
V.P
Thankz mchn sub ekta
Anonymous
Maru film eka bn
Bohoma sthuthiyi sub aktaAnonymous
ස්තුතියි බ්‍රෝ
Mahesh
Thanks brother
Thwa aluth tikak demuSudha Bro
ශසිත් සඳරුවන් සොහොයුරාට සහ baiscopelk වෙබ් අඩවිය මෙහෙයවන සියලුම දෙනාට මාගේ ස්තුතිය...
Movies බලන Set එකට කියන්නේ..,
බලපු කට්ටිය Film හොඳද කියලා ඔයාලගේ අදහස්, පොඩ්ඩක් ආයේ මේ පැත්තේ ඇවිල්ල Reply එකක් දාලා යන්න අමතක කරන්න එපා.මගේ අදහස,
මම මේක බැලුව "Frequency (2000)" Movie එකට පොඩ්ඩක් සමාන එකක් කියන්න පුළුවන්,
හැබැයි කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙන්න ලස්සනට කතාව වෙනස් විදිහට ලියල තියනවා.
අලුතින් බලන අයට කියන්නේ ලස්සන Movie එකක් " 10න් 7.5ක් දෙන්න පුළුවන් >> මගේ මනාපේ "
බලලා ඔයාලගේ අදහසුත් දාන්න.Anonymous
මටනම් සෙට් උනේම නෑ බන්... අනේමන්දා
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
isuru srinath sjs
හැමෝම කියනවා බං හොදයි කියලා.. දැනුයි මේ බලන්න හදන්නෙ..ඒකයි අමතක නොකර Comment එකකුත් දාලම යන්න ආවේ..
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට.. ජය!!Lakshan
පට්ටම පට්ට මචං
Asanka Rajapakshe
ෆිල්ම් එක පට්ට දෙපාරක් හිතන්නෙපා ඩවුන්ලෝඩ් කරලා බලන්න
Thank for subහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
තෑතෑන්ක්ස් (සදේ) සුපිරි දිගටම සබ් කරලා දාන්න මරු ❤
Maleesha
එලම බ්‍රෝ සබ් එකට තෑන්ක්ස් ❤
Venura Kithpura
THANX BOKKA SUB EKATA SUB NM ITHIN BISCOPE THAMA
Pahasara
Thankz brother...
Nipun
Thank you.
Ruchira
Supiryk mekm mn hithuwe ne mata nm supiri mek thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Thusitha
බොහෝම ස්තුති සහොදරයා....ජයම වෙවා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank u