මගෙ ආච්චි නිතරෝම කියනවා මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල. අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි. පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්… ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා. අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා. ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්. ඔයා…

මගෙ ආච්චි නිතරෝම කියනවා
මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල.
අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි.
පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට
මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්…
ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා.
අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා.
ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්.
ඔයා ආදරේ කරන හැම දෙයක්ම මතකයෙ තියාගන්න.
ඒ මතකයන් හදවතෙ තියාගන්න.
ආච්චි ලාහෝර් දාල ගිහින් අවුරුදු 70ක් වෙනවා.
ඒත් පුංචි පුංචි දේවල්වලින් ඒ පාරවල්,
අසල්වැසියො, එයාගෙ ගෙදර එහෙම මතක් වෙනවා.
පාකිස්තානයයි ඉන්දියාව වෙන් කරනකොට,
එයාගෙ ආත්මයෙන් කොටසක් එහෙ දාලයි ආවෙ.
එයයි සීයයි එකතු වෙලා හදපු ගෙදර.
ඒ ගෙදර බිත්ති පිරිල තියෙන්නෙ ඒ මතකයන්ගෙන්.
සමහරවිට බිත්ති වල පාට එහෙම නැතුව ඇති.
ඒත් මතකයන්ගෙ පාට එහෙමම ඇති කියල එයා හිතුවා.
එයාට ඕනෙ වුනේ මැරෙන්න කලින් ආපහු ඒ ගෙදරට යන්න.
ඒත් ඒක කරන්න බැරි වැඩක් වුනා.
මොකද එයා කරපු වැඩක් නිසාම,
එයා පාකිස්තානෙට බ්ලැක්ලිස්ට් කෙනෙක් වුනා.
දැන් ඉතින් මොකද කරන්නෙ?
ආච්චිට එහෙ යන්නත් බැරි නම්,
ගෙදර ඉන්දියාවට ගේන එක තමයි කරන්න තියෙන්නෙ.
ඉතින්, අපි යන්න හදන්නෙ ඒ ගෙදර
පාකිස්තානයෙ ලාහෝරයෙ ඉඳන්
ඉන්දියාවෙ අම්රිත්සර් වලට අරන් එන්න.
උදව් කරන්න කැමති ඈයො ඉන්නවනම්,
ෆිල්ම් එකත් ඩවුන්ලෝඩ් කරගෙන එමුකො බලන්න.
මැයි මාසෙ 18වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුනු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. කොමඩි – ඩ්‍රාමා කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ කාශ්වී නායිර්. රංගනයෙන් සර්දාර් ලෙසින් නීනා ගුප්තා, අම්රීක් සිං ලෙසින් අර්ජුන් කපූර්, ඔහුගේ පෙම්වතිය රාධා ලෙසින් රාකුල් ප්‍රීත් සිං සහ ආරාධිත රංගනයෙන් තරුන සර්දාර් ලෙසින් ආදිති රාඕ හා සර්දාර්ගේ සැමියා ලෙසින්, ජෝන් ඒබ්‍රහම් දායක වෙනවා. අර්ජුන් ගෙ කලින් ෆිල්ම් වල වගේම මේකෙත් එච්චර සාර්ථක රංගනයක් නම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වුනත් බොහොම හැඟීම්බර ආදර කතාවක් මෙහි අඩංගු වෙල තියෙනවා. ප්‍රධාන චරිතය වුනත් අර්ජුන්ගෙ චරිතයට වැඩිය නීනා ගුප්තාගේ චරිතය හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම ජෝන් ඒබ්‍රහම් සහ ආදිති රාඕ ගෙ චරිතත් මේ චිත්‍රපටියට ලස්සනක් එක් කරනවා.
මුල් බාගය ටිකක් කම්මැලි වුනත්, අන්තිම බාගයෙදි නගරාධිපතිත් එක්ක කරන සටන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙනවා. මේ චිත්‍රපටියට ගොඩක් අයහපත් ප්‍රතිචාර තමයි ලැබුනෙ. ඒත් හැමෝටම බලන්න පුලුවන් සංවේදී කතාවක් අඩංගු වෙන අතරම අවසානයේදි ඇසට කඳුලක් නංවන්නට සමත් වෙනවා. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. බාරගෙන දවස් කීපයක් ගියත් ඉවර කරගන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන්කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම මුන ගැසෙමු.
මේක හෝම් කමින් එකක් නෙවෙයි, හෝම් ඊස් කමින් එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,627 downloadsDownload SKG-2021.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
Pasindu Madumal
Anonymous
Thanks sis
ramesh
thanks for sub
keep goingAnonymous
ෆිලුමනං ටිකක් අව්ල්.සබ් එකට ස්තුතියි අක්කේ
Alfa
ratings නං අන්තිමයි
Anonymous
IMDB- 4.1
Rotten tomatoes-22%
google- 65%
google- 3.5Anonymous
Arjun innwnm balala wdak na
BLA©K TIGE®
අර්ජුන් කපූර්ගේ ෆිල්ම් පට්ටනේ සහෝ! මේක අවුල්ද? කොහොමවුනත් කමක් නෑ සබ් එකට ගොඩාක් ස්තූතියි!
Anonymous
Gunday හැර 3ක් කියපන් එහෙනම්
BLA©K TIGE®
• Panipat
• Namaste England
• 2 States
• Mubarakan
අර්ජුන් කපූර්ගේ ඔය ෆිල්ම් හතර පට්ට සහෝ.Anonymous
උඹ නමස්තේ ඉංග්ලන්ඩ් එකට පට්ට කියනවා නම් ඉතුරු ටික හිතාගත්තහැකි
indika75
thanks..
Supun Kaushalya
Thanks sub ekata
මයිකි
තැන්ක්යු ෆිල්ම් එකට සබ් දුන්නට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!DILmin
Thanks subtitles walata.. puluwan nam 'Hello Charlie' hindi film ekatath sub denna
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි.
1990 - 2010 කාලේ හින්දි ෆිල්ම් ඕනේ.
Pramukmili
Thanx sis............
Anonymous
Thank you
Isuru buddika
In the house 2012 sinhala subtitles eka dennako..mekanm supiri
yohan
rating walin wedak ne.....thanks.......sub dunnata...
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට....
Anonymous
great
mindika
Thanks !!!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sardar udham sinhala dennko
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dasun
Sardar udham film eke sub dennko
Chathura Lakshan
Love today 2022 ටැමිල් මූවී එකේ සින්හල සබ් දාල දෙන්නකෝimdb 8.8 google 98% තියෙනවා එච්චර සුපිරි ෆිල්ම් එකේ සින්හල සබ් නෑනේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති අක්කේ..!✌
රේට් අඩු වුණාට, අතාරින්න්ද කියන්නේ, පිස්සු තමයි ❤