ආයුබෝවන් යාලුවනේ. 2019 පෙබරවාරි මස 07 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Comedy, Drama ගණයට අයත් පැය 1.59ක් පුරා දිවෙන ෆිලුමක් ඔන්න ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මගේ 38 වෙනි උපසිරැසි නිර්මාණය විදියට. ප්‍රධාන චරිත විදියට Adith Arun, Karunakaran, Santhosh Prathap යන අය තමයි මෙයට දායකත්වය දක්වන්නේ. 1990…

ආයුබෝවන් යාලුවනේ. 2019 පෙබරවාරි මස 07 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Comedy, Drama ගණයට අයත් පැය 1.59ක් පුරා දිවෙන ෆිලුමක් ඔන්න ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මගේ 38 වෙනි උපසිරැසි නිර්මාණය විදියට. ප්‍රධාන චරිත විදියට Adith Arun, Karunakaran, Santhosh Prathap යන අය තමයි මෙයට දායකත්වය දක්වන්නේ.
1990 දි තිරුනෙල්වෙලිදි ස්ත්‍රික්කයේ, පාලයම්කෝටෙයිවල ණය දෙන පවුලක ඉදලා කසාදයට අකමැතී කියලා චෙන්නෙයි වලට දුම්රියේ ආව කොල්ලෙක් තමයි රුද්‍රමූර්තී කියන්නෙ. ඒ අවුරුද්දෙම රාජස්ථාන්වල ඉදලා රුපියල් 10001 /=ක් මුදල් රැගෙන විශාල මූල්‍යකරුවෙකු වීමට චෙන්නෙයි වලට පැමිණි කොල්ලෙක් තමයි බාබු ජේන්. එකම ඉලක්කයක් තියෙන අය කාලයා විසින් කොහේ සිටියත් එකට එකතු කරනවා ඒක ඉලක්කය හොද හෝ නරක දෙයක් වුවත් කාලය දන්නෙ නැතුව වුණත්. ඒ වගේ කාලයක එකට එක්සත් වුණ අය තමයි බාබු ජේන් සහ රුද්‍රමූර්ති කියන්නෙ. එහෙම එකට එකතු වුණ කොල්ලෝ චෙන්නායි හි විශාල මූල්‍යකරුවෙකු වන මොටිලාල් සෙත් සමඟ එකතු වෙලා සල්ලි එකතු කිරීමේ කොල්ලන් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. අවුරුදු 5කට විතර පස්සේ ජීවිතයේ ඊළග පියවරට යන්න ඕනෙ කියල හැම කෙනෙක්ම හිතනවා වගේ මේ දෙන්නත් ආශා කරන්න පටන් ගත්තා. කෙලින්ම මෝටිලාල් සේත් ළගට ගිහිල්ලා එයාලට තනියම මුල්‍ය සමාගමක් කරන්න උදව් කරන්න කියල ඉල්ලපුවාම මෝටිලාල් ඒකට අකමැතිවෙලා දෙන්නවම රස්සාවෙන් දොට්ට දානවා. ප්‍රතිකේෂ්ප වෙලා එළියට එන දෙන්නා හරියටම සැලසුම් කරලා මෝටිලාල් සේත් එයාගෙ කාර්යයේම තියල මරලා දානවා. ඉතින් ඔන්න ඔහොම 1999 දී , ව්‍යාපාරය කියල දුන්න ගුරුවරයව ඝාතනය කරලා දෙන්නම තනි තනියම චෙන්නෙයිවල ගාම්බීර විදියටම මුල්‍ය සමාගම් පටන් ගන්නවා. ඕක තමයි කතාවේ මූලාරම්භය වන්නේ.
නැපෝලියන්,රුද්‍රමූර්ති නොහොත් උත්තරන්ගෙ දකුණු අත වගේ එයා ළගින්ම ඉදන් වැඩ කරන ඔහුගේ ප්‍රධාන ගෝලයා. ණය එකතු කරන ඒවා, ණය දෙන්නෙ නැතිනම් ගහන, මරන, දේපල උදුරගන්න හැම වැඩක්ම කරන්නෙ නැපෝලියන්. පූවරසන්, අයියා අතුරුදහන්වෙලා අවුරුදු 2ක් තිස්සේ හොයමින් ගෙදර තාත්තගෙන් බැණුම් අහමින් පොලිසි ගානේ රස්තියාදු වෙන කෙනෙක්. නැපෝලියන් එයාගෙ පෙම්වන්තියත් අතාරිනවා උත්තරන්ට තියෙන ලැදියාව නිසා. පස්සෙ දවසක උත්තරන්ගෙන් ණය ගත්ත කෙනෙක්ගෙ පුතෙක් අර්ගෙන ඇවිත් ණය ගෙව්වේ නෑ කියල එයාට ගහල දේපල ඔක්කොම ලියාගන්නවා හිරිදයම් කියල කෙනෙක්ගෙන්. හිරිදයම්ට කරගන්න දෙයක් නැතුව උත්තරන් ළග වැඩ කරන්න පටන් ගන්නවා.ඔය අතරේ දවසක් ණය ගත්ත කෙනෙක් මගුල් ගෙදර දවසෙම උත්තරන්ගෙ අය ගිහිල්ලා රණ්ඩු කරල ගහලා සල්ලි අරගෙන එන්න උත්සාහ කරනවා. මෙතැනට නැපෝලියන් එන්න පරක්කු වෙනවා. ඇවිත් බලනකොට එයාගෙ පෙම්වතියගෙ තාත්තාට තමයි කට්ටිය ගහන්නෙ. මේකට තරහ ගිහින් නැපෝලියන්, උත්තරන්ගෙ අයට ගහනවා. මේ සිද්දිය නිසා උත්තරන් එයාගෙම තරහ කාරයෙක් දම්මල නැපෝලියන්ට ගස්සනවා. මේ හේතුවෙන් ඒ කියන්නෙ කෙල්ලගෙ පැත්ත අරන් උත්තරන්ට විරුද්ධ වුණා කියල නැපෝලියන්ව ඈත් කරනවා. නමුත් නැපෝලියන්ට උත්තරන් ගැන තරහක් නෑ.. ඔය අතරේ උඩින් හොද හිත තියාගෙන උත්තරන්ව මරන්න කීප දෙනෙක් තැත් කරනවා.ඉතින් මොන මොන ආරවුල්ද වෙන්නෙ කියල,කාව කාවද මරන්නෙ
පූවරසන්ගෙ අයියට මොකද වුණේ කියල කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරමින් ආයෙත් ෆිලුමකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
3,002 downloadsDownload Podhu-Nalan-Karudhi-2019.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
12 comments
ranga11112
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brooo sub ekata..
Cool_maths
Ela bn..Thnx
Lalantha Madhushan
උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….
D.Chamara
bohoma sthuthi
KAVINDU DARSHANA111425
THANKS MACHO! BEST OF LUCK! BUDU SARANAI!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා...
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ධනංජය සහෝදර ඉදිරියටත් ජය....!!
Pradeepmadusanka913
Thanks saho elama gd luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි ධනංජය සහො