Watch Trailer

Poikkal Kuthirai (2022) AKA Poikkal Kudhirai Sinhala Subtitles | බොරු කකුල් අශ්වයා ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, මේ දවස් ටිකේ සබ් ගොඩක් අරගෙන ආවා, ඔන්න තවත් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. ඩාන්ස් මාස්ටර් කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්, ඒ තමයි Indhu (1994),Kaadhalan (1994) චිත්‍රපටවලින් සිනමා ජීවිතය ආරම්භ කරන ලද Kaadhalan (1994) චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර මතක සටහන් අදටත් ඉතිරි කරපු…

ආයුබෝවන් යාළුවනේ, මේ දවස් ටිකේ සබ් ගොඩක් අරගෙන ආවා, ඔන්න තවත් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. ඩාන්ස් මාස්ටර් කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්, ඒ තමයි Indhu (1994),Kaadhalan (1994) චිත්‍රපටවලින් සිනමා ජීවිතය ආරම්භ කරන ලද Kaadhalan (1994) චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර මතක සටහන් අදටත් ඉතිරි කරපු අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නැටුම් අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක්, ගායකයෙක් විදියට සිනමා ලොව තම නම රැන්දු Prabhu Deva. 2022 අගෝස්තු මස 05 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama වර්ගීකරණය යටතේ IMDb අගය 6.9ක් අරගෙන තියෙන පැය 2ක් පුරා දිවෙන ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවේ.Prabhu Deva ට අමතරව Prakash Raj, Varalaxmi Sarathkumar, Raiza Wilson, Jagan, Shaam යන ජනප්‍රිය නළු නිළියන් කීප දෙනෙක්ම සහභාගි වෙනවා. ඇත්තටම කිව්වොත් තාත්ත කෙනෙක් ආදරේ දුවට, දුවෙක් ආදරේ තාත්තට කිව්වට ඒ ආදරේ වෙනුවෙන් තාත්ත කෙනෙක් කකුලකුත් නැතිව කොච්චර කැප කිරීමක්, ආදරයක් සෙනෙහසක් තියෙනවද කියන්න ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි.

කදිරවන් කියන්නෙ එක කකුලක් අහිමිවෙලා බිරිදවත් නැතුව තමන්ගෙ දුවව හදා වඩා ගන්න වෙහෙසෙන තාත්ත කෙනෙක්. තම්න්ගෙ දුවට විතරක් නෙමෙයි තාත්ත කෙනෙක් විදියට හැම ළමයෙක්ටම ආදරේ දක්වපු කෙනෙක්. දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකේ ගෙදර එනකොට ළමයෙක්ට වෙන අපයෝජනයක් දැකලා ඒ ළමයගෙ අම්මගෙ ඇස් ඇරෙන්නම ඒ තක්කඩින්ට හොදටම නෙළනවා. ඔහොම කල් ගතවෙනකොට එයාලට පරිත්‍යාග වශයෙන් මුදලක් ලැබෙනවා. ඒක කදිරවන්ගෙ දුවගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න කදිරවන් තීරණය කරනවා. නමුත් එයාගෙ මුරණ්ඩු දගකාර දුව මගිල් තමන්ගෙ තාත්තට යූටියුබ් එකේ දැකපු බොරු කකුලකට රුකුලක් විදියට හදපු කකුලක් හයි කරන්න ඕනෙ කියල මුරණ්ඩු වෙනවා. දුවගෙ ඉල්ලීම් අනුව කදිරවන් තමන්ගෙ කකුලට සරිලන ආකාරයේ කකුලක් සෑදීමට කටයුතු කරනවා. ඒත් හදිස්සියේම මගිල්ට හදවතේ ප්‍රශ්නයක් ඇතිවෙලා රෝහල්ගත කරනවා. සැත්කමක් කරන්න ඕන කියල වෛද්‍යවරු ඒකට ලක්ෂ 20ක් වියදම් වෙනව කියල කදිරවන්ට කියනව. අනේ අසරණ කදිරවන් ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. කොහොමහරි සල්ලි හොයාගන්නම් කියල සැත්කමට එකඟ වෙනවා. සල්ලි හොයාගන්න විදියක් නැතුව ගොඩ දෙක්ගෙන් ඉල්ලුවත් කිසිම කෙනෙක්ගෙන් උපකාරයක් සිද්දවෙන්නෙ නෑ. කරන්නම් දෙයක් නැති තැන හිරේ ඉන්න එයාගෙ තාත්තව බලන්න ගිහින් සල්ලි ඉල්ලනවා. නමුත් එයාගෙ තාත්ත ගාවත් සල්ලි නෑ කියල කියපුවාම කදිරවන් තවත් අසරණ වෙනව. සල්ලි නැතිවුණත් මගිල්ව බේරගන්න බෑ කිව්වෙ නෑනෙ තව උපක්‍රමයක් තියෙනව කියල කදිරවන්ගෙ තාත්තා කිව්වට පස්සේ, යන්න හැරුණ කදිරවන්… ම්.ම්.ම්… කදිරවන්ගේ හැරවුම් ලක්ෂය මෙතනද ? එහෙනම් ආයෙත් ළගදිම මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි !

චිත්‍රපටයවෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කීපයක් පහතින්

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,531 downloadsDownload Poikkal-Kuthirai-2022-AKA-Poikkal-Kudhirai.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

9,531 downloadsDownload Subtitles47 KB

21 comments

  1. Sanjeewa2010

    Pattaaaaaaaaaaa

  2. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා! ;-)

  3. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට

  4. Pasindu Madumal

    සබට තුති වේවා අයියේ ❤️

  5. Anonymous

    Parabu deva ගේ ලගදී ආපු ෆිල්ම් ටිකනම් පට්ටම චොරයි,ඒ නිසා ෆිලුම ගන්නවද නැද්ද කියලා බැලුවේ,කොහොමවුනත් සබට තැන්ක්ස් මචෝ,දිගටම වැඩේ කරන් යමු

    1. oshanda

      meka hodai

  6. Naveen

    උපසිරසියට තුති

  7. Kushan

    Sub akta thanks

  8. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  9. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

    1. oshanda

      ස්තූතියි සහෝ

  10. Idunil Weerasinghe

    Thanks brother

  11. Udaya Fdo

    Thank you

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  15. Samith

    Thanks brother

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. dulan

    ස්තුතියි !

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P