Watch Trailer

Thiruchitrambalam (2022) Sinhala Subtitles | මිතුරියද? පෙම්වතියද? [සිංහල උපසිරසි]

මේ වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තිරගතවන ධනුෂ්ගේ කලකට පස්සෙ තිරයට නිකුත් වුණ චිත්‍රපටය තිරුචිට්‍රම්බලම් තමයි මේ විදිහට අරගෙන ආවේ. මුලින්ම කතාව පැත්තට හැරුණොත්… අපේ කතාවේ වීරයා පළම්. කණිෂ්ඨ පළම්. පළම් ජීවත් වෙන්නෙ එයාගේ තාත්තා වගේම සීයා ජ්‍යෙෂ්ඨ පළම් එක්ක. පළම් එයාගේ තාත්තා එක්ක අවුරුදු ගාණ…

මේ වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් තිරගතවන ධනුෂ්ගේ කලකට පස්සෙ තිරයට නිකුත් වුණ චිත්‍රපටය තිරුචිට්‍රම්බලම් තමයි මේ විදිහට අරගෙන ආවේ. මුලින්ම කතාව පැත්තට හැරුණොත්…

අපේ කතාවේ වීරයා පළම්. කණිෂ්ඨ පළම්. පළම් ජීවත් වෙන්නෙ එයාගේ තාත්තා වගේම සීයා ජ්‍යෙෂ්ඨ පළම් එක්ක. පළම් එයාගේ තාත්තා එක්ක අවුරුදු ගාණක ඉඳන්ම කතා කරන්නෙ නැහැ. එයා එයාගේ තාත්තට ඒ තරම් වෛර කලා. පළම් කියන විදිහට පළම්ගෙ අධ්‍යාපනයත් තාත්තා නිසා නතර කරන්න වෙලා තියෙනවා. ඉතින් සීයා තමයි දෙන්නා අතරෙ සංවාදවලට මැදිහත් වෙලා එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ. අධ්‍යාපන කටයුතු වලින් ඈත් වුණ නිසා පළම් බෙදාහැරීම් සේවාවක රැකියාවක් කරනවා. පළම්ට හිටියා පුංචි කාලේ ඉඳන්ම එකට හැදුණ යාළුවෙක්. පුංචි කාලේ කියන්නෙ, පළම්ගෙ පුංචිම කාලේ ඉඳන්ම හොඳම යාළුවා තමයි ශෝභනා. දෙන්නාම එකි නෙකා ගැන හොඳට දන්නවා. පළම්ට ප්‍රශ්නයක්, කරදරයක් වුණ වෙලාවට ශෝභනා එයාගේ ලඟින් ඉන්නවා. ඒ විදිහටම පළම් ශෝභනා ගැනත් හොයලා බලනවා. ඉතින් කිව්වා වගේම පළම්ගෙ රස්සාව හොටෙල්වලින් කෑම, බීම අරගෙන ගෙදරටම ගිහින් බෙදාහැරලා දෙන එක. වෙනදා වගේම බෙදාහැරීම් කරගෙන යද්දි දවසකදි පළම්ගෙ ඉස්කෝලෙ කාලේ ක්‍රෂ් එක අනූෂාව හම්බවෙනවා. පළම්ගෙ හිතේ තවමත් අනූෂගෙ ගැන නම් ආදරය තිබුණා. කොහොමින් හරි අනූෂා පළම්ගෙ නම්බරය ඉල්ලගන්නවා. පළම්ට ආදරේ ගැන නම් අත්දැකීම් නැහැනේ. එයා හොඳම යාළුවා ශෝභනාගෙන් අනූෂාව කැමති කරවගන්න උපදෙස් ඉල්ලනවා. ශෝභනාත් පුළුවන් විදියට පළම්‍ට උදවු කලා. ඒත් දවසක් ශෝභනාටත් නොකියාම පළම් අනූෂාව හම්බවෙන්න ගිහින් තිබුණා. ඒකට නම් ශෝභනාට කේන්ති ගියා. ආදරේ හරහට ආව ගමන් යාළුවව අමතක කලාවත්ද? කමක් නැහැ කියලා අනූෂාට පළම් ගැන ආදරයක් ඇතිකරන්න පුළුවන් දෙයක් ගැන ශෝභනා පළම්ට කියනවා. පළම්, ශෝභනා කිව්ව විදිහටම ලැහැස්ති වෙලා ගිහින් අනූෂා ගැන පළම්ගෙ හිතේ තියෙන කැමැත්ත කියනවා. ඒත් වෙන්නෙ නම් හිතුවෙ නැති දෙයක්. ස්පොයිල් කරගන්නෙ නතුව පළම්ගේ ජීවිත කතව රසවිඳින්න.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිත්‍රන් ආර් ජව්හර්. එයා මේ ධනුෂ් එක්ක කරන හතරවෙනි චිත්‍රපටිය. මීට කලින් Yaaradi Nee Mohini (2008), Kutty (2010), Uthamaputhiran (2010) යන චිත්‍රපටි තුන කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටි තුනම තෙළිඟු චිත්‍රපට තුනක රීමේක් චිත්‍රපට.

චිත්‍රපටයට අනීගේ සංගීතයෙන් ලැබෙන්නෙ විශාල දායකත්වයක්. චිත්‍රපටියක් රසවිඳින්න ඕනේ මොන වගේ සංගීතයක්ද? ඒ හැම ආසාවක්ම සංසිඳෙන විදිහට අනිරුද් වෙනස්ම තලයක ඉඳන් සංගීතය සපයලා තියෙනවා. Vikram, Beast, Don, Kaathuvaakula Rendu Kaadhal විදිහට 2022 වසරේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ලැයිස්තුවේ බහුතර නියෝජනය අනිරුද්ගේ සංගීතයටයි හිමි වෙන්නේ. S&A සංයෝගය තමයි මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ඒත් ඊටත් කලින් D&A සංයෝගය ප්‍රේක්ෂකයින් පවා ආදරයෙන් වැළඳගත්ත දෙයක්. ධනුෂ් ගායනා කරපු අනුරුද් සංගීතය සැපයුව “Why This Kolaveri” ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත් වුණා දන්නවා ඇති. 2011 දි ධනුෂ් සහ අනිරුද් එකතුවෙලා(අනිරුද්ගේ පලවෙනි වෘත්තාන්ත චිත්‍රපටය) කරන පලවෙනි චිත්‍රපටය වුණ 3 (2012) චිත්‍රපටයේ තමයි මේ සින්දුව එන්නේ. අනිරුද් අද ඉන්න තැන ඉන්නෙ ධනුෂ් නිසාත්, ඒ ගැන අනිරුද් ධනූෂ්ට කෘතවේදී බවත් අනිරුද් නිතරම කියන දෙයක්.

 

DnA

V.I.P. (2014) චිත්‍රපටයේද සංගීතය සැපයුවේ අනිරුද් විසින්. 2015දි ‘තංග මගන්‘ චිත්‍රපටයෙන් පස්සෙ අනිරුද් ධනුෂ් සහයෝගය ආයේමත් දකින්න ලැබෙන්නෙ අවුරුදු 7කට ආසන්න කාලයකට පසුවයි. චිත්‍රපටයේ එන “Thai Kelavi” Lyric වීඩියෝව යූටියුබ් නැරඹුම්වාර මිලියන 24ක් පමණ නරඹා තිබෙනවා. “Megam Karukutha” Lyric වීඩියෝව නැරඹුම් වාර මිලියන 40කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙනවා. මෙහි එන හාස්‍ය මුසු ගීතයක් වන “Thenmozhi” ගීතය ගායනා කරන්නේ සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන සන්තෝෂ් නාරායන්. ධනුෂ්ගෙ ජගමේ තන්ධිරම් (2019) වගේම Vada Chennai (2018) චිත්‍රපට වලට සංගීතය සපයා තිබෙනවා. එක් ගීතයක් හැර(“Life of Pazham”) අනෙත් සියලුම ගීත රචනා කර ඇත්තේ ධනුෂ් විසින්.

ධනුෂ්ගෙ මාරන් (2022) ආවාද ගියාද දන්නෙ නැතිවම අතුරුදහන් වුණා. කොරෝනා අස්සෙ තිරගත වුණ Pattas (2020) චිත්‍රපටයෙන් පස්සෙ ධනුෂ්ගෙ චිත්‍රපටයක් තිරගත වෙන්නෙ Karnan (2021) චිත්‍රපටය. කර්ණන් සාර්ථක ආදායම් ලබමින් තිරගත වුනත් නීරෝධායන නීති තද වීමත් එක්ක ආයෙමත් සිනමා ශාලා වැහෙනවා. ප්‍රේක්ෂකයින් ගොඩක් කල් බලාගෙන හිටියා ධනුෂ්ගෙ චිත්‍රපටයක් සිනමා ශාලාවල තිරගත වෙනකල්. සන් පික්චර්ස් නිෂ්පාදනයෙන් මේ චිත්‍රපටය කෙලින්ම සිනමා ශාලාවලදී තිරගත වෙනවා. ඒ වෙනකල් බලාගෙන හිටිය ප්‍රේක්ෂකයින්ට මේ වතාවෙ නම් බලාපොරොත්තු කඩවීමක් වුණේ නැහැ. විවේචකයන්ගෙන් වගේම ප්‍රේක්ෂකයින්ගේද හිත් දිනා ගැනීමට තිරුචිට්‍රම්බලම් සමත් වෙනවා.

තිරුචිට්‍රම්බලම් චිත්‍රපටයේ තිරු සහ ශෝභනා ප්‍රේක්ෂක ආදරයට පත් වූ අයුරු.

නිත්‍යා මෙනන් මෙහි ශෝභනා ලෙසින් රඟපානවා. නිත්‍යාට ශෝභනාගේ චරිතයත් එක්කම තව තවත් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට හැකි වෙනවා. 16 Vayathinile, Sivappu Rojakal, Kizhake Pogum Rail ආදි චිත්‍රපට තැනූ අධ්‍යක්ෂක භාරතිරාජා මෙහි ජ්‍යෙෂ්ඨ පළම් විදිහට හමුවනවා. කොහොම හරි බාරතිරාජා අධ්‍යක්ෂණයෙන් රංගනයට යොමු වුණා. චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් විදිහට ඔහුගේ රංගනය ආකර්ෂණීයයි. ප්‍රකාෂ් රාජ්ගෙ රංගනය ගැන කියනව නම් දෙබස් නැතිවම ඇස්වලට කඳුළු එක් කරන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. බොහෝ වෙලාවට ප්‍රකාෂ් රාජ්ව මෑතක නිකුත් වුණ චිත්‍රපට කිහිපයක දකින්න ලැබෙන්න ඇති. කොහොම වුණත් පුරුදු චරිතයෙන් පිට මෙහි ප්‍රකාෂ් රාජ්ගේ චරිතයේ වෙනස් ආකාරයක් ගන්නවා.


මේ චිත්‍රපටිය නිකුත් වූ දිනයේ ආදායම ඉ. රු. කෝටි 9ක්. මේ වනවිට බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 100 ඉක්මවූ බවට සිනමා ට්‍රැකර්ස්, පුවත්පත් විසින් පළ කරනවා. තමිල්නාඩුවේ පමණක් ආදායම ඉ.රු. කෝටි 82ක් පමණ ලබා තිබෙන බවත් කියනවා. ඒත් සන් පික්චර්ස් බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා හෙළි කිරීමෙන් වළකිනවා. කලින් නිකුත් වුණ හැම චිත්‍රපටයකම නිළ බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා ප්‍රසිද්ධ කරනු ලැබුවේ නැහැ. කොහොමින් හරි Tier 2 නළුවන් වුණ සූරියා, කාර්ති, ධනුෂ්, ශිවකාර්තිකෙයන් යන අයට මේ අවුරුද්ද සාර්ථක එකක් වෙලා තියෙනවා.

විරුමන්ගෙන් පස්සෙ ආයෙමත් ඉක්මනින්ම වගේ තිරුචිට්‍රම්බලම් එක්ක ඔයාලව හමුවෙන්නේ. මේ චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවේ තරමක් කාර්යබහුලවෙලා ඉන්න වෙලාවක. මේ උපසිරැසිය ඔයාලට දෙන්න කෙනෙක් නැති වෙන්න තිබුණ අවස්තාවක තමයි මම මේ චිත්‍රපටිය බාර ගත්තෙ. ඉතින් ටයිම් ලයින් ගහන වැඩේ පහසු කරගන්න උදවු කරපු බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ රවිඳු හෙෂාන් අයියවත් මතක් කරනවා. අදහස් දක්වන හැමෝටම, බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි! ඔයාලගෙ අදහස් උදහස් අනිවාර්යයෙන්ම අපිට වටිනවා.

බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / Proper HD පිටපත සඳහා අදාළ වේ.

55,598 downloadsDownload Thiruchitrambalam-Proper-HDRip-Update.zip136 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

55,598 downloadsDownload Subtitles136 KB

50 comments

  1. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaa

  2. vk sindurage

    brother my dear bootham movie eke sub eka dennako

  3. මයුර

    තෑන්ක්ස් මචෝ..
    දෙනකම් තමා හිටියේ.

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  5. Anonymous

    Thanks for sub

  6. Neo

    Thanks brother
    Keep it up

  7. Kushan

    Sub akta thanks

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Pasindu Madumal

    සබට තුති ලොක්කා ❤️

    1. Naveen Mbr

      ස්තූතියි ලොක්කා.

  10. Anonymous

    Patta

  11. Samith

    Thanks brother

  12. Naveen

    උපසිරසියට තුති

  13. Chaminda

    Thank you bro❤️❤️❤️❤️

  14. Chanaka

    Bohoma sthuthi kollo...sub ekata...

  15. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Jevan

    Thanks brother

  18. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  19. Anonymous

    සබට තැන්ක්ස් මචෝ

  20. Idunil Weerasinghe

    Thanks brother

  21. Naveen Mbr

    අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි! <3 ;-)

  22. Lakmal

    අලුත් ෆිල්ම් ඉක්මනින්ම සබ් ගේනවට පිං අයිති වෙනවා බයිස්කෝප් ටීම් එකටම
    ඉදිරියටත් සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

  23. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  25. Sheron

    Thanks brother for sub ..keep going ..

  26. Malith samarawickrama

    Thnks saho sub ekata.

  27. Anonymous

    එලකිරි සුපිරිකිරි

  28. Rajitha

    සබ් එකට තැන්ක්ස් සහෝ

  29. විමා

    නියම ෆිල්ම් එකක්.
    සබ් එකට බොහොම ස්තුතුයි මචං !

    1. Naveen Mbr

      ස්තූතියි අශාන් අයියේ!

  30. නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

  31. මිනුල

    දනුෂ්ගේ හොදම ෆිල්ම් එක මට නම්
    සබ් එකත් ලෙසටම තිබුනා
    බොහොම ස්තුතියි සහෝ

  32. Naveen Mbr

    හැමෝටම ස්තූතියි!

  33. Anonymous

    සුපිරියි ඈහ්හ්

  34. dulan

    ස්තුතියි !

  35. Vishwa sasanka

    Thank you

  36. Eranda

    Thanks brother

  37. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ

  38. Anonymous

    thank you

  39. kavinda gamage

    බොහොම ස්තුතියි

  40. මයුර

    මරු ඈ කතා කරලා වැඩක් නෑ. හිත පිරෙන්න පිලුමක් බැලුවා කාලෙකින්.
    මහ ලොකු දේකුත් නෑ ඒත් මේ ඕනවටත් වැඩි.
    මේ වගේ ෆිලුමක් බලන්න ඕන මේ වගේ සබ් එකකින් විතරයි.
    ඒ තරමට නීට්. තෑන්ක්ස් මචෝ.. <3

    1. Naveen Mbr

      බොහොම ස්තූතියි මයුර අයියේ!

  41. Pasan mihdiu

    Godak thanks

  42. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  43. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Anonymous

    Aaja nachale හින්දි ෆිල්ම් එකේ සිංහල සබ්ස් ගන්න නැහැනෙ...

  46. nilanka

    thanks