Watch Trailer

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]

කොහොමද ලමායි, ඔන්න හම්බුන විවේකයෙන් ඉක්මනටම තවත් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ මම කැමතිම චිත්‍රපට කාණ්ඩයක් වෙන Horror ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේක අපිට හුරුපුරුදු ඉංග්‍රිසි භාෂාවට අයත් එකක් නෙමෙයි තායිලන්තයේ නිෂ්පාදනය කරපු තායි බසින් නිකුත් උන ෆිලුමක්. ඔයාලා දන්නවත් ඇති තායිලන්ත චිත්‍රප…

කොහොමද ලමායි, ඔන්න හම්බුන විවේකයෙන් ඉක්මනටම තවත් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ මම කැමතිම චිත්‍රපට කාණ්ඩයක් වෙන Horror ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේක අපිට හුරුපුරුදු ඉංග්‍රිසි භාෂාවට අයත් එකක් නෙමෙයි තායිලන්තයේ නිෂ්පාදනය කරපු තායි බසින් නිකුත් උන ෆිලුමක්. ඔයාලා දන්නවත් ඇති තායිලන්ත චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. තායි නිර්මාණ බලලා නැති අයට Pee Mak (2013), Shutter (2004), Coming Soon (2008), The Unborn Child (2011) වගේ ෆිල්ම් බලන්න කියලා නිර්දේශ කරනවා. අද මම ගෙනාපු Cracked (2022) චිත්‍රපටය IMDb 5.1ක අගයක් ලබගන්න සමත් උන Horror/Thriller යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක්. Surapong Ploensang නම් නිර්මාණකරුවෙක් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මෙහි රංගනයෙන් Chayanit Chansangavej රූජා ලෙසත්, Nutthatcha Padovan රේචල් ලෙසත්, Sahajak Boonthanakit විචායි ලෙසත් Nichkhun ටිම් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

රූජා කියන්නේ තමන්ගේ උපන් රට වෙන තායිලන්තයෙන් ඈත් වෙලා ඇමරිකානු ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ඇමරිකාවේ වාසය කරන කාන්තාවක්. මේ වෙද්දි එයාගේ සැමියා මියගිහින් එයාගේ පුංචි දුව රේචල් එක්ක තමයි මෙයා ජීවත් වෙන්නේ. රේචල්ට දුර්ලභ අක්ෂි රෝගයක් තියෙනවා ඒක නිසා එයාට හැමදෙයක්ම පේන්නේ බොඳ වෙලා. ඒක සනීප කරන්න සැත්කමක් කරන්න ඕන වගේම ඒකට ලොකු මුදලකුත් වැය වෙනවා. දවසක් රූජාව හොයාගෙන එයාගේ තාත්තගේ යාළුවෙක් තායිලන්තයෙ ඉඳන් එනවා. එයා එන්නේ රූජාගේ තාත්තා මැරුන බව දැනුම් දෙන්න සහ තවත් වැඩකට රූජාගේ උදව් ඉල්ලගන්න. රූජාගේ තාත්තා පාකොර්න් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතිං ඔහුගේ මිය යෑමත් එක්ක එයා කලින් ඇඳපු චිත්‍ර දෙකකට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා වගේම චිත්‍ර දෙක ලොකු මිළකට ගන්න ගැනුම්කරුවෙකුත් ඉදිරිපත් වෙලා. ඒත් චිත්‍ර දෙක විකුණන්නනම් ඒකට රූජාගේ අවසරය ඕන. දුවගේ සැත්කමට මුදල් ඕන නිසත් අකැමැත්තෙන් උනත් රූජා ආපහු තායිලන්තය ඇවිත් ඉක්මනට මේ චිත්‍ර විකුණලා දාන්න කැමති වෙනවා. ආපහු තායිලන්තයට එන රූජාට තමන්ගේ පියාගේ මරණය ගැන සැකයකුත් තවත් අද්භූත සිදුවීම් කිහිපයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ හැමදේටම අර චිත්‍ර දෙකේ සම්බන්ධයක් තියෙනවා කියලත් ඇයට තේරෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන මීට වඩා මුකුත් කියන්නේ නෑ. රුජාගේ තාත්තට ඇත්තටම මොකද උනේ ? ඒ චිත්‍ර දෙකේ තියෙන්නේ මොකක්ද ? රුජට මූහුණ දෙන්න වෙන අද්භූත සිදුවීම් ගැන දැනගන්නනම් ඔයාලට මේක බලන්න වෙනවා. ඒ වගේම චිත්‍රපටය අවසානයේ අමතර දර්ශනයක් තියෙනවා ඒකත් බලන්න කියලා මතක් කරන්න ඕන. එහෙනම් මම ගිහින් එන්නම් මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත්, නිතර ප්‍රතිචාර දක්වන සහෝදර සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,111 downloadsDownload Cracked-2022.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

3,111 downloadsDownload Subtitles21 KB

19 comments

  1. Anonymous

    Thai horror nm aniwa balnwa
    Thanks saho

  2. Chamod

    Nice

  3. Kushan

    Sub akta thanks

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  5. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    යුරාන් මල්ලිගේ උපසිරැසියක් නම් ආයේ කතා දෙකක් නෑ අනිවා බැලීමක් තමයි

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  7. Bimsara Yashan(ඔලිව)

    කතාවනම් සුපිරී වගේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. Anonymous

    Tanx bn sub ekata

  9. Ravindu Perera

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    Hansan Rising Dragon Movie එකට Sub දෙන්න පුලුවන් ද

  10. Rajitha

    සබ් එකට තැන්ක්ස් සහෝ
    Korean horror ටිකකුත් දෙමු
    ඒවත් පට්ට,හොලිවුඩ් කැලේ

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Naveen

    උපසිරසියට තුති

  13. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Neo

    Thanks brother
    Keep it up

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  17. Malith samarawickrama

    Thanks saho sub ekata.

  18. Dewadithya

    Thanks for Sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.