Watch Trailer

Police Academy (1984) with sinhala subtitles | නියම ඇකඩමිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අවුරුද්දකට පස්සෙ ආයෙත් මම ඔයාල අතරට ආව අලුත් සිනමාපට මාලාවක් එක්ක. මේ වතාවෙ ගෙනාවෙ ප්‍රහසනයක්. මමත් මේක හොයාගත්තෙ සෑහෙන කාලයක් නෙට් එක කාල් ගාල. ඒ කාලෙ කොල්ලෙක් තමා මට මේ චිත්‍රපට ගැන කිව්වෙ. (ජෙෆ්රි අන්කල්ට ගොඩක් තෑන්ක්ස්.) එදා ඉදල මම මේක හෙව්ව. හම්බවුණා 10 GB පිටපතක්. එතනිනුත් අවුරුද්ද්…

Police Academy (1984)

ඔන්න තවත් අවුරුද්දකට පස්සෙ ආයෙත් මම ඔයාල අතරට ආව අලුත් සිනමාපට මාලාවක් එක්ක. මේ වතාවෙ ගෙනාවෙ ප්‍රහසනයක්. මමත් මේක හොයාගත්තෙ සෑහෙන කාලයක් නෙට් එක කාල් ගාල. ඒ කාලෙ කොල්ලෙක් තමා මට මේ චිත්‍රපට ගැන කිව්වෙ. (ජෙෆ්රි අන්කල්ට ගොඩක් තෑන්ක්ස්.) එදා ඉදල මම මේක හෙව්ව. හම්බවුණා 10 GB පිටපතක්. එතනිනුත් අවුරුද්ද්කට පස්සෙ ඔන්න තියෙනව අඩු මෙමරියක පිටපතක් ඇවිල්ල.

ඩර්ටි හැරී එකතුවෙන් පස්සෙ තවත් සිනමා සිත්තම් එකතුවක් ලැබුණ. පළමු සිනමා පටය 1984 වසරේ තිරගත විණි. එතැන් පටන් 1994 දක්වා සිනමා පට 7 ක් නිෂ්පාදනය වෙනව. ඒ තමා පොලිස් ඇකඩමි නමින් තිරගත වන ප්‍රහසන චිත්‍රපට මාලාව. මේ චිත්‍රපට මාලාව මා ලබාගන්නා විට ඉතා විශාල මතක ධාරිතාවකින් යුතු විය. තවද අන්තර්ජාලය තුළ තිබුණේද එම පිටපත පමණි. නමුත් දැන් අඩු ධාරිතාවයකින් යුත් ටොරන්ට් පිටපතක් ජාලය සංචරණය වේ.

පොලිස් අභ්‍යාස විද්‍යාලයක් හා එහි නවක සිසුන් පිරිසක් වටා ගෙතී යන මෙහි කතා සාරාංශයි මෙසේයි. පොලිසියේ ඇති ඇබෑර්තු පිරවීමට නව සාමාජිකයන් බඳවා ගැනීමේදී තිබූ සුදුසුකම් ඉවත් කර ඕනාම අයෙකුට පොලිසියට සම්බන්ධ වීමට අවස්ථාවක් දීමට නගරාධිපතිතුමිය තීරණය කරයි. පොලිසියට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටි බොහෝ දෙනා මෙය අවස්ථාවක් කර ගනී. විවිධ හැකියාවන් මෙන්ම නොහැකියාවන් වලින්ද පිරුණු මොවුන් අතර,

මැහෝනි- කිහිපවරක් සුලු අපරාධවලට සිරගත වූ තරුණයෙකි. අවසන් වර තම සේවා දායකයාගේ මෝටර් රථයට හානි කිරීම නිසා පොලිසියට බාරදෙනු ලැබේ. පසුව මෙම මුරණ්ඩු තරුණයා පොලිස් ස්ථානාධිපතිතුමා විසින් පොලිස් පාසලට සම්බන්ධ කරවයි.

ජෝන්ස්-පොලිසියේදී මැහෝනිට හමුවන් තවත් තරුණයෙක්. විවිධ හඬ අනුකරණය කළහැකි ඔහුද අත් අඩංගුවට පත් වූවෙකි. මැහෝනි මිතුරා ලෙස ඔහුව රැගෙන යයි.

හයිටවර්- මල් වවන්නකු ලෙස තම රැකියාවෙන් සතුටු නොවන මොහුද පොලිසියට එකතුවෙ. ප්‍රමාණයෙන් ඉතා විශාල යෝධ පුද්ගලයෙකි.

හූක්- සිහින් හඬක් සහිත තරුණියක්.

මේ අතර ඡායාරූප ශිල්පියෙක්, ජීවිතයේ වෙනසක් සොයන ධනවත් යුවතියක්. යුදකාමීත්වය සිත දරාගත් තරුණයෙක්, ප්‍රේම කුරුල්ලෙක් හා නොසැලකිලිමත් ස්වාමිපුරුෂයෙක් ද ඇත.

ආයතනයේ ප්‍රධානියා ලසාර්ඩ් වන අතර ඔහුගේ නිලයට ඇස ගසා සිටින දෙවනියා මොවුන්ගේ පුහුණුකරුය. ඔහු මේ නුසුදුස්සන්ට අකමැති අතර උත්සහය වන්නේ මොවුන් පාසලෙන් ඉවත් කිරීමයි. නමුත් අනුන්ට කැපු තමන්ම වැටේ යන්න සනාථ කරමින් ඔහුගේ උගුල් වලට ඔහුම ඇදවැටේ. තම ප්‍රධානියා ආරක්ෂාකර ගතහොත් පමණක් තම පොලිස් සිහිනය සැබෑවන බව වටහා ගන්නා සිසු පිරිස හැමවිටම ඔහුගේ සහයට පැමිණේ. විවිධ හැකියාවන්ගෙන් යුත් නවක සිසු කණ්ඩායම නිසා ලසාර්ඩ්ගේ නිලය රැකගැනීමට හැකිවේ. විවිධ හදි හූනියම් වල ගොඩැලි මතින් ත්ම ඉලක්කය වෙත යන මැහෝනි ඇතුළු කණ්ඩායමේ වැඩ කිඩ ඔබත් නරඹන්න.

මෙය සඳහා අදහස්, උදහස්, ගල් මුල් මෙන්ම මල් ද බලාපොරොත්තු වෙමි.

Police Academy (1984) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය YIFY පිටපත සඳහා අදාළ වේ.

5,910 downloadsDownload 201608232150baiscopelk.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

5,910 downloadsDownload Subtitles35 KB

18 comments

  1. රයන් ද සිල්වා

    සුපිරි සහෝ මම දැක්කා yts සයිට් එකේ මේ සෙට් එකම දාලා තියනවා
    ගෝඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    මේ ෆිල්ම් සෙට් එකටම සබ් ඕන මචෝ....
    ෴෴ජය වේවා෴෴

  2. praneeth madu

    ela mcn keep going

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    බුදු සරණයි.. !

  4. SUGATH DAMMIKA

    අනික් ඒවටත් සබ දියන් මචො..නියම ‍ෆිල්ම් සෙට් එකක්.. YTS අනික් සෙට් එකම තියනව..

  5. Lahiru Dineth

    මචෝ පට්ට film එක.. කොහොමහරි series එකේ ඉතිරි film ටිකටත් sub එක දෙන්න.

  6. Dulanga

    Thanks

  7. Asitha

    elama thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සජිත් Sαjιτh

    [color=#2137FF]තෑන්ක්ස් බ්‍රෝ [/color]

  10. thilina

    anik films walatath sub denna, thank you

  11. චතුෂ තුෂර කුමාර

    YIFY සයිට් එකේ ඔක්කෝම ෆිල්ම් ටික තියෙනවා.
    පොඩි කාලේ VHS පටි ගෙනත් බලද්දි මේ අතරින් එකක් දෙකක් බලලා තියෙනවා. පලවෙනි එක බැලුවා අනිත්වටත් හැකි ඉක්මනින් සබ් දෙන්න බලන්න... මේ කතා ටික මරු...

  12. thilina

    YIFY move 1ta sub1 kalin yanne ai bn, poddak balala hadahanko. anik film tikath dhenna.

  13. geeganagamage

    බොහොම ස්තුතියි

  14. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  15. THISANGA

    yify ekt sub ek set unn
    eunatu bluwa
    mahansiyta thnx!

  16. තිලංක

    මේකෙ සබ් ෆයිල් එක ක්‍රෑශ් වෙලා පුලුවන් නම් හදල දෙන්න

    1. Ravindu Heshan - Admin

      Dan wada Saho

    2. Anonymous

      film eka gatte kohedan bro