Watch Trailer

Police Story AKA Ging Chaat Goo Si (1985) Sinhala Subtitles | පොලිස් නිලධාරි ජැකි චැන් සහ මත්කුඩු අධිපතියා අතර ගැ‍ටුම [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! හුඟ දවසකින් තමයි ඔන්න මම මේ උපසි‍රැසියක් අරන් ආවේ. මේ ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ චිත්‍රපටි 3ක් මම කරන්න අරන් ඉල්ලන් දැන් හුඟ දවසක් වෙනවා. මම උපසි‍රැසියක් බාර ගත්තොත් ඉක්මනටම ඒක කරලා දෙනවා. මේක දෙන්න මට හුඟක් කල් ගියේ මම යම් අසනීප තත්වයකින් තමයි පහුගිය මාසය ගත කරේ, ඉ…

හොඳයි, සුභ දවසක් ! හුඟ දවසකින් තමයි ඔන්න මම මේ උපසි‍රැසියක් අරන් ආවේ. මේ ජැකි චැන්ගේ Police Story චිත්‍රපට මාලාවේ චිත්‍රපටි 3ක් මම කරන්න අරන් ඉල්ලන් දැන් හුඟ දවසක් වෙනවා. මම උපසි‍රැසියක් බාර ගත්තොත් ඉක්මනටම ඒක කරලා දෙනවා. මේක දෙන්න මට හුඟක් කල් ගියේ මම යම් අසනීප තත්වයකින් තමයි පහුගිය මාසය ගත කරේ, ඉන් පස්සේ ඒ අතරතුරම මගේ පරිගණකයේ යම් දෝෂයකුත් හට ගත්තා. ඉතින් මේ කාරණා නිසා පහුගිය මුළු මාසයම මගේ එදිනෙදා වැඩකටයුතු සියල්ලක්ම ඇණ හිටලා තමයි තිබුනේ.

ජැකි චැන්ගේ චිත්‍රපටියකට මම උපසි‍රැසි යොදපු ප්‍රථම අවස්ථාව තමයි මේක. මගේ පොඩි දවස් වල ඉඳන්ම කැමතිම නළුවා තමයි ජැකි චැන්. මෙයාට මම විශේෂයෙන්ම කැමති මෙයාගේ ක්‍රියාදාම වලට වඩා විහිළු වැඩ වලටයි. මෙයාගේ සටන් ක්‍රියාදාම දර්ශන ඇස් පිල්ලමක්වත් නොගහා බලාන් ඉන්න තරම් ආස හිතෙනවා. ඉස්සර ඉතින් මෙයාගේ චිත්‍රපටියක් TV එකේ යනවයි කිව්වම නොවරදවාම වෙලාවට ඒක බලනවා. ලෝකයේ වගේම අපේ ලංකාවෙත් බාල මහළු හැම දෙනාම ජැකීට ආදරෙයි. මිනිහගේ චිත්‍රපටියක් කිව්වොත් සමහරුන්ට නිකන් පිස්සු වගේ. මේ චිත්‍රපටිය රූගත කරන දර්ශන කිහිපයකුත් අන්තිමට ඔයාලට බලාගන්න පුළුවන්. සියලුම සටන් දර්ශන, ගොඩනැඟිලි වලින් ජැකි චැන් පනින දර්ශන සේරම ගන්නේ ඇත්තටමයි. විශේෂයෙන්ම මේ ජැකි චැන්ගේ චිත්‍රපටි හදන්නේ විසාල මහන්සියක් දරලයි.

ඒ වගේම විශේෂයෙන්ම මම යමක් මතක් කරන්න කැමතියි, පහුගිය මාසේ 21 පාස්කු ඉරිදා මුළු ලෝකයම කම්පා කරමින් අපේ රටේ එල්ල වුන මරාගෙන මැරෙන ත්‍රස්ථවාදී බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත්වුන සියලුම දෙනාව මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි !

මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $254ක්. බොහොම විශාල ආදායමක් නේද උපයලා තියන්නේ. හොඳයි, එහෙනම් මේ ‍ෆිල්ම් ඒකේ කතාව ගැන මම ඔයාලට කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්.

චැන් කාකූයි හොංකොං පොලිසියේ සේවය කරන හැඩිදැඩි තරුණ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. හැබැයි මෙයා සාමාන්‍ය නිලධාරියෙක් වුනාට මෙයාගේ වැඩ නම් සාමාන්‍ය නෑ. අති දක්ෂ සුපිරි පොලිස් නිලධාරියෙක් තමයි මේ චැන් කාකූයි කියන්නේ. මෙයාට පවරන්නේ මොන වැඩේද… යන්න මොන මෙහෙයුමටද… ඒක සාර්ථකව තමන්ගේ හැකියාවෙන්, මහන්සියෙන්, කැපවීමෙන් සාර්ථකව අවසානයේ ඉ‍ටු කරනවා. (හැබැයි ඉතින් අවට වටපිටාව එහෙම මුළුමනින්ම විනාසයි) ඉතින් මෙයා කොච්චර වැඩ හොඳට සාර්ථකව කරලා නරක හාදයන්ව නිතීය ‍රැහනට කො‍ටු කෙරුවත් මෙයාගේ පොලිස්සියේ ලොක්කගෙන් නම් නිතරම බැනුම් තමයි මේ චැන් කාකූයිට අහන්න ලැබෙන්නේ. ඒකට හේතුව තමයි අර මම සදහන් කරපු වටපිටාවට, ජනතාවට, සමාජයේ අවට දේ වලට වෙන හානිය නිසා පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයට නිතර මේ කාකූයිගේ වැඩ වලට වන්දි ගෙවන්න වීම නිසයි. මෙයාට හුරුබුහුටි කරදරකාර ගැනු ළමයෙකුත් ඉන්නවා, හැබැයි මිනිහා වැඩිය කෙල්ලව ගාණකට ගන්නේ නෑ, ඒත් කෙල්ල එහෙම නෑ. කෙල්ල මිනිහට පණ ඇරලා. චැන් කාකූයිගේ මේ පොලිස් වැඩ හින්දා මිනිහට හුඟක් වෙලාව ලැබෙනවා අඩුයි තමන්ගේ පෙම්වතියත් එක්ක කාලය ගත කරන්න. මේ නිසා කෙල්ල නිතරම කාකූයි එක්ක රණ්ඩු අල්ලනවා. කාකූයි පිළිබඳ කාකූයිගේ පෙම්වතියට ඇති වෙන යම් වරදවා වටහා ගැනීමක් නිසා හුඟක් අපූරු සිදුවීමකුත් මේ චිත්‍රපටියේ ඇති වෙනවා. ඒ වගේම නිලධාරි කාකූයි චැන් උසාවියක් ඇතුලේ අපහසුතාවයට පත්වෙන බොහොම අපූරු නඩු වාරයකුත් බලාකියා ගන්න පුළුවන්.

දවසක් කාකූයි, පොලිස් නිලධාරි කණ්ඩායමකුයි දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනවා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අධිපතියෙක් නිතීයේ ‍රැහැනට කො‍ටු කරගන්න. මේ මෙහෙයුමේදි සියලුම දෙනා තමන්ගේ වැඩකටයුතු සාර්ථකව ඉ‍ටු කරන නමුත්, ජාවාරම්කරු චැන් කාකූයිගේ සුපිරි ක්‍රියාදාම මාලාවකින් අනතුරුව කො‍ටු ගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව කාකූයි සහ මත්ද්‍රව්‍ය අධිපතියා අතර දරනු ගැ‍ටුම්කාරී තත්වයක් ඇතිවෙනු ලබනවා.

මේ චිත්‍රපටියේ තියන ජැකි චැන්ගේ සුපිරි ක්‍රියාදම මොනවද? මත්කුඩු අධිපතියව චැන් කාකුයි අල්ලගත්තේ කොහොමද? මිනිහගේ මේ කෙල්ල කවුද? මිනිහයි කෙල්ලයි අතර ඇතිවෙන ඒ අපූරු සිදුවීම් මොනවද? මොකක්ද ඒ කාකුයිගේ පෙම්වතියට ඇතිවෙන කාකූයි පිළිබඳ වරදවා වටහා ගැනීම? කාකූයි සහ මත්ද්‍රව්‍ය අධිපතියා අතර ඇතිවෙන මේ ගැ‍ටුම මොකක්ද? මොකක්ද ඒ උසාවියක් ඇතුලේ වෙන්නේ? මේ සේරටම උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න.

Police Story මීළඟ චිත්‍රපටයෙන් නැවත හමුවෙමු !

ප. ලි.

● මෙම චිත්‍රපටය සදහා සිංහල උපසි‍රැසි සකස් කොට තිබෙන්නේ මෙම චිත්‍රපටියේ නියමානුකූල පිටපත වන දකුණු චීන භාෂාව අඩංගු පිටපතේ ඉංග්‍රීසි උපසි‍රැසියට සරිලන අයුරිනි.

● ඉංග්‍රීසි හඬකවන ලද පිටපතකට මෙම උපසි‍රැසි නිසි ආකාරව ක්‍රියා කිරීම හෝ යොදා ඇති වචන නොගැලපීම සිදුවිය හැක. එම නිස හඬනොකවන ලද නියමානුකූල ශබ්ද පිටපත සහිත තිබෙන චිත්‍රපටයේ පිටපතම ලබාගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Remastered Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,956 downloadsDownload Police.Story_.1985.Baiscopelk.com_.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

3,956 downloadsDownload Subtitles41 KB

20 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ

  3. Sanjeewani-madushani

    Marry me now korean tv series eke sinhala subtitle denna puluwanda

  4. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    ජයවේවා ....

  5. හසිත මධුෂාන්

    ජැකී චෑන්ගෙ එකක් නං නොබලා කෝමද...?
    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Chamindalakruwan

    Tnz bro sub ekata
    Film ekanam download karala godak kal yts ekwn
    At sub nathi nisa baluwe na
    Adanam balanawa.
    Jeckie Chan ge tawath movi tiyenawa dan yts dala
    Ewatath sub denawanam godak satutui bro.
    My Lucky start 1985
    Gorgeous 1999
    City Hunter 1993
    The Accidental 2001...
    Oya dipu film okkoma patta movi tika
    Sab nathi nisa terenawa adui
    Puluwannam sub denna..
    Jayawewa baiscope ekata

  7. jagath55

    Thanks

  8. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata.....
    Jaya wewa.!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. Eranda Malith 2.0

    Thankyou

  11. LuckyDhananjaya

    Superb... Jackie ge sub nokarapu film godak thiyenawa... e watath sub denna kiyala illanawa...thanks for the sub.

  12. wasantha senadheera

    thanks....mekata sub eka danakal balan hitiye....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!

  15. Amalka Himeshan

    Thanks sub ekata

  16. veyran

    Thank you so much for the sub!!!!!!!!!!!!!!

  17. Dewadithya

    Thanks for Sub!

  18. sasanka

    thanks for the sub

  19. Bimbisha Adithya

    Thank you !
    Good Luck !

  20. Samida

    හඬ කවලා නැති ඔරිජිනල් ෆිල්ම් එකකට දැම්මා. විනාඩි දෙකක් විතර පහුවෙලා උපසිරසි යන්නෙ