Watch Trailer

The Wandering Earth (2019) AKA Liu lang di qiu Sinhala Subtitles | අලුත් නිවහනක් කරා – මිනිසාට කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමග]

මුලදි…කවුරුත් මේ ව්‍යසනයන් ගනන් ගත්තෙ නැහැ. ඇතිවෙන ලැව්ගින්නක්, තවත් එක ලැව්ගින්නක් වශයෙන්… අතිවෙන නියඟයක්, තවත් එක් නියඟයක් වශයෙන්… වඳවී යාමක්, තවත් එක් වර්ගයක වඳ වී යාමක් වශයෙන්… මේ අකාරයෙන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ… ඉර සීඝ්‍රයෙන් පරිහාණියට පත්වෙමින් ප්‍රසාරණය වෙනව… මේ වගේ සීග්‍රතාවයකදි, තව අවුරුද…

මුලදි…කවුරුත් මේ ව්‍යසනයන් ගනන් ගත්තෙ නැහැ.
ඇතිවෙන ලැව්ගින්නක්, තවත් එක ලැව්ගින්නක් වශයෙන්…
අතිවෙන නියඟයක්, තවත් එක් නියඟයක් වශයෙන්…
වඳවී යාමක්, තවත් එක් වර්ගයක වඳ වී යාමක් වශයෙන්…
මේ අකාරයෙන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ…
ඉර සීඝ්‍රයෙන් පරිහාණියට පත්වෙමින් ප්‍රසාරණය වෙනව…
මේ වගේ සීග්‍රතාවයකදි, තව අවුරුදු 100කින් සූර්යා පෘතුවිය ගිල දමාවි…
තව අවුරුදු 300කින්, සෞරග්‍රහ මණ්ඩලයක් නොපවතීවි…

Drama/Sci-Fi ගනයට අයත් වන 2019 පෙබරවාරි 5(චීනයේ නව වසර උදාවූ දිනය)වෙනිද නිකුත් වුන චීන සිනමා සිත්තමකට තමයි අද මම සබ් අරගෙන ආවෙ. මිනිත්තු 125ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමට මේ වනවිට ඡන්ද 11895+ක් වැනි ඉහල ප්‍රමාණයකින් 6.5ක් වැනි IMDb අගයක් ලැබිල තියනව. Locus සහ Hugo සම්මානලාභී චීන රචකයෙක් වන Liu Cixin විසින් රචනා කරන ලද The Wandering Earth නම් කෘතිය ඇසුරින් නිර්මානය වුනු මෙම චිත්‍රපටය මෑත කාලීනව සීඝ්‍ර දියුණුවක් හා ප්‍රසිද්ධියක් ලැබූ ආයතනයක් වන Netflix ආයතනය විසින් ලෝකය පුරා බෙදා හැරීම සිදු වුනා. චීන සිනමා ආදායම් වාර්තා අතරින් ඉතා සාර්ථකත්වයට පත් මෙම සිනමාව චීනය තුල පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 693+ක අදායමක් ලබා ගත් අතර ලෝක ව්‍යාප්ත අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 700+ක් වශයෙන් සටහන් වුනා. ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වියදමින් නිපදවුනු මෙම සිත්තම එම වියදම මෙන් 14ගුනයක අදායමක් උපයා ගැනීමට සම්ත් වීම විශේෂත්වයක්. මෙය චීනයේ සාර්ථක චිත්‍රපට ලයිස්තුවේ චිත්‍රපට අතර දෙවන දෙවන ස්තානයටත්, 2019 වර්ෂ්යේ ලෝකව්‍යාප්ත සාර්ථක චිත්‍රපට ලයිස්තුවේ චිත්‍රපට අතර තුන්වන ස්ථානයටත්, ඉංග්‍රීසි නොවන සාර්ථක චිත්‍රපට ලයිස්තුවේ චිත්‍රපට අතර දෙවන ස්ථානයටත් පත් වන්නට සමත් වුනා. සාර්ථක Sci-Fi චිත්‍රපට ලයිස්තුවේ පලමු චිත්‍රපට 20 වැජඹෙන්නට හැකි වීමත් මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ.

අර උස ගොඩනැගිලි දිහා බලන්න,
කාලෙක, ඒව පිරෙන්න මිනිස්සු හිටිය.
එතකොට, කවුරුත් ඉර ගැන වදවුනේ නැහැ.
හැමෝම වද වුනේ, සල්ලි කියන දේ ගැන.
සීයට එතකොට සල්ලි ගොඩක් හොයන්න බැරිවුනා,
ඒත් මම හැමදාම සතුටින් හිටිය.
විශේෂයෙන්ම මම ගෙදර එනකොට,
මට ඔයාගෙ ආච්චි කෑම සුවද විඳින්න පුලුවන් වුනා.

පෘථිවිය පුරා පැතිරී ඇති පෘථිවි එනිජින්


පෘථිවිය තවත් තැනක්ට ගෙන යාමේ ක්‍රියාවලිය.

ලෝකය පුරා ව්‍යසන ඇති වීමත් ඒවා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ලෝකයේ සියලු රටවල් ව්‍යසන වලක්ව ගන්න එකට එක් වී කටයුතු කරන්න පටන් ගන්නව. එක් ජාතියක්, ආගමක් වශයෙන් නොබෙදී ලෝකයක් වශයෙන් කටයුතු කිරීමට බලධාරීන් ගන්න එක් පියවරක් තමයි එක්සත් පෘථිවි පාලකයින් නමින් අලුතින් රගයක් එනම් ලෝක පාලන ක්‍රමයක් හදුන්වා දීම. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමයි the wandering earth project එහෙමත් නැත්තම් පෘථිවිය වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් කරා රැගෙන යාමේ ව්‍යාපෘතිය. ඒ සඳහා අවශ්‍ය වන පෘථිවි එන්ජින් 10 000ක් හදන්න ලෝක පාලකයන් කටයුතු කරනව. ඒ වගේම පෘථිවිය භ්‍රමණය වීම වලක්වන්න ඇඹරුම් එන්ජින් සමකාසන්නව ඉදි වෙනව. සූර්යයාගේ ගුරුත්වාකර්ශනයෙන් එනම් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහනයෙන් මිදෙන්න පෘථිවියට බ්‍රහස්පතිගෙ ගුරුත්ව බලය පාවිච්චි කරන්න වෙනව කියල ලෝක පාලකයින් තීරණය කරනව. ඒ වගේම තමයි මිනිස් වර්ගයාගේ ජීවත් වීමේ පහසුව තකා පෘථිවි එන්ජින් වලට යටින් භූගත නගර ඇති කරන්නත් කටයුතු කරනව.

ලියු පෙයිචියැන්ග්, එයාගෙ පුතා ලිව් චී, ලිව් චීගේ සීය හන් ශියැන්ග්. එයාලගෙ පවුලට තවත් සාමාජිකයෙක් එකතු වෙනව. හන් ශියැන්ග් අනාත දරුවෙක්ව බේර ගෙන එයාව දරුවෙක් වගේ හදා ගන්නව. ලියු පෙයිචියැන්ග්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරි කරන්න යන්න වෙනව. අවුරුදු 17කට පස්සෙ පෘථිවිය බ්‍රහස්පතිට ලඟාවෙලා. සියලුම මිනිසුන් ජීවත් වෙන්නෙ භූගත නගර වල. ලිව් චී සහ එයාගෙ සීය හදාගන්න ගන්න දරුව හන් දොවුදුවා වටපිටාව බලන්න හොරෙන්ම එලියට එනව. ඔය අතරෙ බ්‍රහස්පතිගෙ ගුරුත්ව බලය නිසා පෘථිවිය බ්‍රහස්පති ග්‍රහයා දිහාවට ඇදෙන්න පටන් ගන්නව. ඒකෙ බලපෑමක් විදිහට පෘථිවියෙ වායුගෝලය බ්‍රහස්පති විසින් ඇදල ගන්නව. ඔය අස්සෙ භූමිකම්පා එහෙමත් ඇති වෙනව. ඉතින් බ්‍රහස්පතිගෙ ගුරුත්ව බලයෙන් බේරෙන්න මිනිස් වර්ගයා දරන උත්සහය තමයි චිත්‍රපටය පුරාවට දිවෙන්නෙ. වැඩිය විස්තර නොකර අවසන් කරන්නම්, මොකද මේක දෙන්න දැනටත් ගොඩක් පරක්කු නිසා. තවත් මේ වගේ උපසිරැසියකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

17,928 downloadsDownload The.Wandering.Earth_.2019-update.zip114 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

17,928 downloadsDownload Subtitles114 KB

54 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    Good Job මචං.. ජය වේවා..!

  2. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata...
    Jaya wewa.!

  3. Gathsara Umesh

    දෙනකල් ඉඩිය

  4. Gathsara Umesh

    දෙනකල් ඉදියේ..
    බොහෝම ස්තුතියි අයියේ..❤️

  5. Isira janith

    Thanks

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. dush135

    ela

  9. Prabhasoft

    thank you... brooo......

  10. Rvmendis85

    Thank you bro...

  11. Sanjeewa2010

    Thnxxxxxxxx

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Nandana_kumara

    Tu

  14. Nandana_kumara

    Tu brother

  15. Tharakamadhumal

    Thanks brother

  16. C.R.Jayalath

    තෑන්ක්ස් චානක අයියේ

  17. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  18. indika75

    thanks..

  19. Stranger

    thanks

  20. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.. ජය වේවා...!!!♥♥

  21. Naveendra_rox

    Thanks

  22. Uvindu Dilshan

    Sub ekata thankx bro

  23. 1997lakmallakmal

    sub ekata thanx.jaya wewa!!!!!!!

  24. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා...

  25. sathyajith

    Thanks for the sub

  26. හෂාන්

    බොහොම ස්තූතියි උපසිරැසියට...!!!!

  27. Thilina Jayarathna

    MARU OII MEKA

  28. Tharaka

    THANKS.............

  29. kaveendregayan

    ස්තූතියි සහෝ...ආදරෙයි..

  30. Bruce___Wayne

    English උනා නම් බලන්න දෙපාරක් හිතන්නෑනෙ
    By the way ස්තුති උපසිරැසියට

  31. Lahiru Sachintha

    Thanks...

  32. තරිදු ප්‍රබෝධ

    තැන්ක්ස් මචෝ

  33. Ravindu Rukshan

    tx

  34. nihalpujitha

    සුපිරි thanks

  35. lasithalanka

    thanks bro

  36. aks

    Thanks...

  37. Udaya Saman

    Wenasakatha එක්ක korean ekk .upasirasiyata bohoma thuthi.

  38. MAALnath

    Thanks ......................good luck .......................

  39. podda

    thanks

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Navee

    thank u.

  42. vishwanathmadhushanka

    Elaa thanks

  43. Thilankadissanayake

    thanks

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

    1. Solitha054

      Thanks

  45. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  46. thariduke12

    thanks bro !

  47. kasunsethsiri

    Thanks

  48. Rukmann@

    Hanks bro for your sub.good luck

  49. yasithrashan

    thanx bro good luck

  50. sanjeewakbg

    thanks bro....

Load more comments