Watch Trailer

Polladhavan (2007) Sinhala Subtitles | නිහතමානි මිනිසෙකුගේ ජීවිත කථාව [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරසියට Uthama Puthiran (2010) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා. ඉතින් මේකට සබ් එකක්නම් කිසිම භාෂාවකින් තිබුනෙ නෑ.ටයිම් ලයින් හදල තමයි කරේ.ටික දවසක් ගියා මොකද මං කරන ජොබ් එකත් එක්ක (ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ) රාජකාරි කරන ගමන් ලැබෙන පොඩි වෙලාවෙන් තමයි වැ…

මගේ තුන්වෙනි උපසිරසියට Uthama Puthiran (2010) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා. ඉතින් මේකට සබ් එකක්නම් කිසිම භාෂාවකින් තිබුනෙ නෑ.ටයිම් ලයින් හදල තමයි කරේ.ටික දවසක් ගියා මොකද මං කරන ජොබ් එකත් එක්ක (ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ) රාජකාරි කරන ගමන් ලැබෙන පොඩි වෙලාවෙන් තමයි වැඩේ කරන්නේ. (මේ දවස් වල පාඨමාලාවක ඉන්නෙත්) ඉතින් මගේ හතරවැනි උපසිරසියත් ධනුෂ්ගෙම එකක් තමයි මේ විදහට අරගෙන ආවේ. 2007.11.08 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකට IMDB 7.5/10 තියෙනවා.ඉතින් මේ ෆීල්ම් එක ගැනනම් හැමෝම දන්නව ඇති මොකද මේකෙන් තමයි “ප්‍රවේගය” සිංහල චිත්‍රපටිය හැදුවෙත්.

මේකෙ ධනුෂ් ( ප්‍රභූ) සාමාන්‍ය පවුලක යාළුවොත් එක්ක විනෝදෙන් ජීවත් වෙන කෙනෙක්.(සතිෂ් – සන්තානම්, කුමාර් – කරුණා) තමයි හොදම යාළුවො දෙන්නා. ඉතින් ධනුෂ්ට බයික් එකක් ගන්න එක තමයි එයාගේ හීනේ. රස්සාවක් හොයාගන්නෙත් නැතුව යාළුවො එක්ක රවුම් ගහන එක තමයි වැඩේ.බයික් එකට ආශාව වගේම එයාගේ අනිත් ආශාව තමයි හේමාව යාළුකරගන්න එක.දවසක් යාළුවොත් එක්ක බීලා ගෙදර ඇවිත් ප්‍රභූ තාත්තත් එක්ක වාද කර ගන්නවා.එයාට මොනවත් දීල නෑ කියලා කිව්වම තාත්තා එයාට සල්ලි දීලා රස්සාවක් හොයා ගන්න කියනවා.ඒකෙන් එයා බයික් එකක් ගන්නවා.ඉතින් ගෙදර අයට ඒකට හොදටම තරහා යනවා.ඉතින් බයික් එක නිසා එයාගෙ ආදරෙත්, රස්සාවකුත් හොයා ගෙන සතුටෙන් ඉන්නවා.

දවසක් හේමාව එක්කන් ගෙදරට ගිහින් දාන්න යද්දි එයාගේ බයික් එක මැරයො උස්සනවා සෙල්වම් කියන්නේ ඒ පළාතෙම ඉන්න චණ්ඩියා.එයාගෙ මල්ලි තමයි(රවී) බයික් එක උස්සන්නෙ.බයික් එක හොරකම් කරන්නේ මත්කුඩු ජාවාරම් කරන්න.ප්‍රභු හේමව ගෙදරට දාලා එද්දී බයික් එක උස්සල කියලා දැන ගන්නවා.එතන ඉදන් තමයි ප්‍රභූටත් එයාගෙ ගෙදර අයටත් හැමෝටමත් එකපිට එක කරදර එන්නේ.මේක නිසා ප්‍රභූට කිසිම සිහියක් නෑ බයික් එක හොයා ගන්නකම්.හැම තැනම බයික් එක හොයනවා.ඒත් ඒක හම්බ වෙන්නෙ නෑ.මේක නිසා රවී එක්කත් වාද වෙනවා.රවීට ගැහුව කියලා සෙල්වම් දැනගත්තම ප්‍රභූට තවත් කරද වෙනවා.ඒ අස්සෙ හේමගේ ගෙදරිනුත් එයාලගේ සම්බන්දෙ ගැන දැනගෙන.ප්‍රභූගෙන් පළි ගන්න රවී ගෙදර අයවටත් කරදර කරනවා.ඉතින් අන්තිමට ප්‍රභූට බයික් එකත් වගේම ජොබ් එකත් නැති වෙනවා.ප්‍රභූට බයික් එක හම්බ වෙලා කලින් හිටිය වගේ ඉන්න ලැබෙයිද?රවී ප්‍රභූට මොනව කරයිද එහෙනම් ෆීල්ම් එක අරන්ම බලන්න.එහෙනම් ඊළග උපසිරසියෙන් හමුවෙනකන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

6,076 downloadsDownload Polladhavan-2007.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,076 downloadsDownload Subtitles38 KB

20 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. ප්‍රවේගය බලපු දවසේ ඉදන් මේක බලන්න හොය හොය හිටියේ..ඒත් ඉතිං උපසිරසයක් නැති නිසා බැලුවේ නෑ. දැන් බලන්න පුලුවන්.. රාජකාරී කටයුතු අතරේ කරන කැපවීමට බොහොම ස්තූති..!

  2. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    පරණ films වල අඩුව පුරවන්න දිගටම sub දෙමු.

    ඔබට ජයවේවා ......

  3. gihan perera

    Good job bro....පුවෙිගය film එකේ දෙමළ එක හොය හොය හිටියේ මචෝ....දිගටම උපසිරැසි දෙන්න බලන්න...දෙවි පිහිටයි....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. VimukthiGunasekara

    Venghai,Mayakkam Enna me films walatat sub eka denna

  6. ඩොක් අයියා

    “උදය සමන් කුමාර” සොහොයුරාට ස්තූතිය

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Tash Kohomange

    ප්‍රවේගය

  9. Tash Kohomange

    ප්‍රවේගය copy

  10. @abey

    නියමයි සහෝ..දිගටම කරගෙන යමු!
    ජය වේවා!!!!!

  11. chanakap

    Thank you Bro

  12. Ratnapura

    Thank you very much ...

  13. SanjulaJeter

    Thanks

  14. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර, ඔබගේ වෙහෙසින් තැනූ මෙම උපසිරසියට මීගේ ස්තුතිය!

  15. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර, ඔබගේ වෙහෙසින් තැනූ මෙම උපසිරසියට මාගේ ස්තුතිය!

  16. Dewadithya

    Thanks!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Yushan Malith

    Thank you saho. idiriyatama yan. jaya niyathai. and respect abt ur job.

  19. Denuthu

    Thanks..

  20. C.R.Jayalath

    Thanks saho. Thwth dhanushge film walata sub genna

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.