Watch Trailer

Journey’s End (2017) Sinhala Subtitle | යුද්දයක් කියන්නේ හැම පැත්තකින්ම වෙන විනාශයක්. [සිංහල උපසිරැසි සමඟ]

මං දන්නවා සැහෙන දෙනෙක් කැමතියි ලෝක යුද්දය ඇසුරින් නිමවුන කතා බලන්න. හැබැයි හැම වෙලේම වගේ අපිට දකින්න ලැබෙන්නේ දෙවැනි ලෝක යුද්ධය ඇසුරින් නිමවුණ සිනමාපට හෝ කතා. හේතුව තමා පළමු ලෝක යුද්දයට ඇමරිකාව වැඩිය සෘජුව සම්බන්ධ නොවීම සහ හොලිවුඩ් කියන්නේ ඉතිං බහුතරයම ඇමරිකාව වීම. පළමු ලෝක යුද්දයේදී මිත‍්‍ර පිලේ ර…

මං දන්නවා සැහෙන දෙනෙක් කැමතියි ලෝක යුද්දය ඇසුරින් නිමවුන කතා බලන්න. හැබැයි හැම වෙලේම වගේ අපිට දකින්න ලැබෙන්නේ දෙවැනි ලෝක යුද්ධය ඇසුරින් නිමවුණ සිනමාපට හෝ කතා. හේතුව තමා පළමු ලෝක යුද්දයට ඇමරිකාව වැඩිය සෘජුව සම්බන්ධ නොවීම සහ හොලිවුඩ් කියන්නේ ඉතිං බහුතරයම ඇමරිකාව වීම. පළමු ලෝක යුද්දයේදී 

  • මිත‍්‍ර පිලේ රටවල්- මහා බ්‍රිතාන්‍ය, ප‍්‍රංශය, රුසියාව සහ ඇමෙරිකාව
  • මධ්‍යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට‍්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව

විදියට තමයි බෙදිලා හිටියේ. ඇමරිකාව පළමු ලෝක යුද්දයේදී කලේ ගජරාමෙට තමන්ගේ අවි ආයුධ ටික විකුනපු එක. ජපනා පර්ල් වරායට බෝම්බ දානකම් දෙවැනි ලෝක යුද්දෙදීත් ඇමරිකාව සම්බන්ධ උනේ නෑ සෘජුවම. පළමු ලෝක යුද්දයට ආසන්නම හේතුව උනේ ඒ වෙනකොටත් ගිනියම්ව තිබ්බ ඔස්ට්‍රියාව සහ සර්බියාව අතර තත්වය. සර්බියාවේ බ්ලැක් හෑන්ඩ් කියන ත්‍රස්තවාදී කණ්ඩායම ඔස්ට්‍රියාවේ Archduke Franz Ferdinand ව ඝාතනය කිරීම.  ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ඒත් එක්කම ඕස්ට‍්‍රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප‍්‍රංශයත් මුලින්ම ඉදිරියට ආව. ජර්මන් හමුදා බෙල්ජියම අල්ලගෙන එන අතර වාරයේ 1912 දී ප‍්‍රංශය හා බ‍්‍රිතාන්‍යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ‍්‍රිතාන්‍යයට. ඒ අනුව 1914 අගෝස්තු 04 වන දින මහා බ්‍රිතාන්‍ය ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්වෙනවා. අගෝස්තු 12 වන දින මහා බ්‍රිතාන්‍ය, ඔස්ට‍්‍රියාව හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරනව. මෙසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුද්ධයට සම්බන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව පුරාම පැතිරිලා යනව. ඒකට හේතුව වෙන්නේ ඒ වෙනකොට බ්‍රිතාන්‍ය ලෝකයේ සෑහෙන ප්‍රදේශයන් තමන්ගේ යටත් විජිත බවට පත්කරගෙන තිබීම.

ඉතිං යුද්ධය අවසාන හරිය එනකොට මිත්‍ර පාර්ශවය විදියට, ප්‍රංශය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, රුසියාව (1917 වනතුරු), සර්බියාව, මොන්ටිනිග්‍රෝ, බෙල්ජියම, ජපානය, ඉතාලිය (1915–18), පෘතුගාලය (1916–18), රුමේනියාව (1916–18), එක්සත් ජනපදය (1917–18), ග්‍රීසිය (1917–18) තායිලන්තය (1917–18). මධ්‍යම බලවතුන් විදිහට  ජර්මානු අධිරාජ්‍යය, ඔස්ට්‍රියා-හන්ගේරිය, ඔටෝමාන් අධිරාජ්‍යය, බල්ගේරියාව (1915–18) ග්‍රීසිය ආදී වශයෙන් එකතු වෙලා හිටියා. ජපන් නාවික හමුදා  ජර්මනියට අයිතිවෙලා තිබ්බ චීනයේ කියෝතෝ ප්‍රාන්තයත්  ශැන්ටුන් අර්ධ-ද්වීපයත් අල්ලගත්තා. යුධ උපකරණ විතරක් නෙමේ ආහාර සැපයීමත් ජර්මානුවන් විසින්  බ්‍රිතාන්‍යයට අවහිර කළා. බ්‍රිතාන්‍යයට අවශ්‍ය ද‍්‍රව්‍ය ගෙන එන මිත‍්‍ර පාක්ෂික නැව්වලට අනතුරු අගවන්නේ නැතුව පහර දුන්නා බ්‍රිතාන්‍ය වරායෙන් පිටත්වන නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප‍්‍රහාර වලට ගොදුරු වුණා.

බ්‍රිතාන්‍ය යුද්දෙට ආවත් ජර්මනිය බෙල්ජියම යටත් කරගෙන ප්‍රංශයට ඇතුල් වෙනවා. ඉතිං අද මේ කතාව පාදක වෙන්නේ ප්‍රංශයේ යුධ අගල්වල ඉන්න බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් පිරිසක් වටා. බ්‍රිතාන්‍ය හමුදාවන් සහ ප්‍රංශ හමුදාවන් ජර්මනිය ඉදිරියට ඒම වළක්වාලමින් යුධ අගල් කපාගෙන සෑහෙන කාලයක් තිස්සෙ අල්ලන්ගෙන ඉන්නව එක ප්‍රදේශයක්. 1918 මාර්තු 21 වැනි බ්‍රහස්පතින්දා ජර්මානු හමුදාවන් ඒ යුධ අගල් විනාශ කරමින් Spring Offensive කියල දිගුකාලින යුධ මෙහෙයුමක් දියක් කරනවා. ඒ මෙහෙයුම 1918 මාර්තු 21 වැනිදා ඉඳලා ජුලි 18 වැනිදා වෙනකම් සිදුකරනවා. ඉතිං මේ කතාවට පාදක වෙන්නේ ඒ යුධ අගල්වල ඉන්න බ්‍රිතාන්‍ය හමුදාවෙ C කණ්ඩායම ගැන. හැබැයි මේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්නේ තවත් එක යුධ සටනක් බලාපොරොත්තුවෙන් නම් ඔබ කනගාටු වෙයි. නමුත් ඔබට හැකිනම් කොයි වෙලාවේ ජර්මානු හමුදාවන් සීමාව පැනලා ඇවිල්ලා අඩු සැපයුම් මත රැඳී සිටින තමන්ගේ හමුදා කණ්ඩායමට පහර දෙයිද කියල හිතන් ඉන්න කැප්ටන් කෙනෙක්ගේ මනසින්, ඒ යුධ සෙබළුන්ගේ ඇහෙන මේක දිහා බලාගෙන ඉන්න. ඔබ කිසි ලෙසකින්වත් කලකිරෙන්නේ නැහැ කියල මම සහතික වෙනවා. මේක ඇවිල්ල යුද්ධය උත්ප්‍රාසයට නගන කතාවක් නෙමේ යුධ පිටියේ යුධ සෙබලාගේ මානසිකත්වය පෙන්වන, නිරපරාදේ ජිවිත අහිමි වීම පෙන්වන, යුද්ධය කියන්නේ විනාශයක්ම පමණයි කියල පෙන්වන කතාවක්. පහල තියෙන සිතියම කම්පියුටර් එකේ නම් සේව් කරගෙන සූම් කරලා බලන්න වෙයි. දින වකවානු සමගැ කීවෙනි ප්‍රහාරයද කියල සඳහන් කරලා තියෙනව මේකේ.

ජර්මානුවන්ගේ “වසන්ත ආක්‍රමණය” සිදුවූ අයුරු සහ දින වකවානු.

ඉතිං මේ සටනින් මාසයකට පස්සේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා නැවත ඒ කොටස අල්ලගත්ත විතරක් නෙමේ නොවැම්බර් මාසය වෙනකොට පළමු ලෝක යුද්දයේ නිඅමවත් සනිටුහන් කළා. ඉතිං IMDB 6.9ක් රැගත් මේ සෙබළුන්ගේ කතාවේදී ඔවුන්ගේ ජිවිත පුජාවේ වටිනාකමක් තිබ්බද කියල තීරණය කරන එක ඔයාලට බාරයි. මේ ෆිල්ම් එක ඉස්සුවේ සමීර කරුණාරත්නගෙන් එහෙනම් තවත් සත්‍ය කතාවකින් ඊළඟට මුණගැහෙමු. 😀

ඇහැට ඇහැක් ගන්න එක අවසන් වෙන්නේ
මුළු ලෝකෙම අන්ධ වෙලා
~ මහත්මා ගාන්ධි ~

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR  පිටපත් සඳහා ලබා දි ඇත.

4,390 downloadsDownload Journeys.End_.2017.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,390 downloadsDownload Subtitles39 KB

33 comments

  1. Bandaramudiyansi

    මුල්ම සබ්ෆයිල් එක මමයි ඩව්න්ලොර්ඩ් කරේ ඉන්න.. තැන්ක්ස් ❤ ❤

    1. Bandaramudiyansi

      Mkvcage වැටි ටොරෙන්ට් අඩවි වල මෙ මුවි එක දැක්ක .. සබ්ටයි දෙයිකියල හිතුව

  2. jstar

    brilliant work bro thanks a lot more

  3. losaka

    ලිපිය නමි සුපිරියට තියනවා සහෝ ජය වෙිවා !!!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  6. geeganagamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .

  7. gihan perera

    Good job bro..Well done...keep continue it....god bless you...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  11. SanjulaJeter

    Thanks

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. harshahjk

    බොහෝම ස්තූතියි වීමා. මම නිතර ච්ත්‍රපටි බලන කෙනෙක් නොවෙයි. නමුත් යුද්දයට සම්බන්ද තේමා වලින් එන චිත්‍රපට බලනවා. ඒ අතරින් ලෝක යුද්ද දෙක ගැන කියවෙන ඒවා විශේෂයෙන් බලනවා. විස්තරය කියවූ පසු මේක අත අරින්නම බැරි වර්ගයේ එකක් එනිසා ඔන්න ගත්තා. නැවතත් ස්තූතීයි ජයවේවා

  14. Sasitha Asaranga

    film eka kese wethath article eka nam niyamai. thanks

  15. nadeerads

    Thanks bro

  16. JackJill

    great letter and thanks fr sub!!!

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. namaljayathunga

    lipiya supiriyi. thnks

  21. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. AsithaDilruwan

    Ela saho thanks

  23. Dewadithya

    Thanks for Sub

  24. tharidu sagara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  25. Hiran Senanayaka

    මරු සහෝ... මං මේ කතාවට කැමතියි, ලියපු ලිපියත් හොඳයි, තව තවත් සබ් කරන්න..... ජයෙන් ජය මචෝ....

  26. Virajperera

    tnx bro digatama karamu

  27. jagath55

    Thanks

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  29. Nishanfernando

    Thanx bro

  30. Hiranhiru

    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    දිගටම සබ් දෙන්න. එතකම් Film බලනවා අපිත්..
    තෙරුවන් සරණයි...!

  31. Waruna Kamalawansha

    ලෝක යුද්ධ සත්‍ය කතා චිත්‍රපටි මගේ ප්‍රියතම ඒවාය. බොහෝම ස්තූතියි මෙවන් වටිනා චිත්‍රපටි සිංහලෙන් අපි වෙත ගෙන එනවාට

  32. ශසිත් සඳරුවන්

    සබට තුති විමෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.