Watch Trailer

Explosion (2017) AKA Yin bao zhe (2017) Sinhala Subtitles | ගල් අඟුරු පතලේ කුමන්ත්‍රණය…. [සිංහල උපසිරැසි සමඟ]

තවත් චීන ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න තමයි මේ සුදානම. නමුත් මෙතෙක් මම අරගෙන ආව චීන ක්‍රියාදාම චිත්‍රපට දෙක වගේ නෙමෙයි මේක ටිකක් පුද්ගලික කතාවක්. තනි පුද්ගලයෙක් බලවතුන් හමුවේ අසරණ වෙන හැටි, ඒ පීඩනය නිසාවෙන්ම ඔහු දන්නා දෙයින් පළිගන්න එහෙමත් නැත්නම් තමුන්ගේ සහ තමුන් ආදරය කරන කෙනාගේ ජීවිතය බේ…

තවත් චීන ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න තමයි මේ සුදානම. නමුත් මෙතෙක් මම අරගෙන ආව චීන ක්‍රියාදාම චිත්‍රපට දෙක වගේ නෙමෙයි මේක ටිකක් පුද්ගලික කතාවක්. තනි පුද්ගලයෙක් බලවතුන් හමුවේ අසරණ වෙන හැටි, ඒ පීඩනය නිසාවෙන්ම ඔහු දන්නා දෙයින් පළිගන්න එහෙමත් නැත්නම් තමුන්ගේ සහ තමුන් ආදරය කරන කෙනාගේ ජීවිතය බේරා ගන්න දරන වෑයමක් ගැන කියවෙන කතාවක් මේක…

පැය 1 යි විනාඩි 46 ක් පුරා දිවයන, Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ නිර්මාණය ලබාගෙන ඇති IMDB අගය වෙන්නේ 5.6 ක්. Zheng Chang ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහුගේ සහ Meng Li ගේ පිටපතක් ඇසුරෙන් නිමවූවක්. Yihong Duan (Extraordinary Mission (2017)), Nan Yu (The Expendables 2 (2012), Wolf Warrior 2 (2017)), Jingchun Wang සහ Taishen Cheng, Chong Chen වගේ පිරිසක් තමයි මෙහි චරිත නිරුපනය සඳහා එක්කාසු වෙන්නේ.

ෂැවාඕ සුඩොන් නම් වන අපේ කතා නායකයා ගල් අඟුරු පතලක පිපිරුම් කාර්මිකයෙක්. ඔහුගේ ප්‍රධාන කාර්ය වෙන්නෙ පතල තුල පාලනය කරන ලද පිපිරීම් ඇති කිරීම. ඔහු මේ වැඩේට බොහොම දක්ෂකයෙක් කොටින්ම දෙවැනි පරපුරේ කාර්මික ශිල්පියෙක් කිව්වොත් මම නිවැරදි. කොහොම නමුත් එක අවාසනාවන්ත දවසක මෙහෙම සුදානම් කල පිපිරීමක් එක්ක ඔහුගේ ජීවිතය සහ අනාගතය කියන දෙකම පුපුරා යන්නේ නිමේෂයකින්… සිහිය ලබන ඔහුට දැනගන්නට ලැබෙන්නේ පිපිරීම හිතූ ලෙස පාලනය නොවුන බවත් ඒ නිසාවෙන් පතල තුල සිටි ඔහුගේ මිතුරන් සිව්දෙනෙක් මැරුතුරුලට ගිය බවත්… බොහොම වික්ෂිප්ත වුන සුඩොන් පියවි ලෝකයට එන මොහොත වෙනකොට පතලේ හිමිකරු ඔහු එක්ක බොහොම තරහෙන්… සුඩොන්ට විධාන ලැබෙනවා පොලිසිය වෙත නොයන ලෙස… මෙහෙම ගෙදර එන සුඩොන්ට මේ පිපිරීම බොහොම ප්‍රශ්නයක් වසර 20 ක් තුල ඔහුට කිසිදා වැරදී නැහැ ඉතින් වැරැද්ද බාර ගන්න සූදානම් නැති ඔහු මේ ගැන හොයාබලන්න ගැනීමත් එක්ක තමයි කරදර තවත් වැඩි වෙන්නේ….

පතලේ හිමිකරු මැරවරයෙක් මෙතන ඇත්තම කතාව වෙන්නේ ඔහුගෙන් පතල ලබා ගැනීමට තවත් පතල් හිමිකරුවෙක් සිදුකල කූට ක්‍රියාවක් නිසාවෙන් තමයි ඉහත සඳහන් වුන පිපිරිම සිද්ධ වෙන්නේ, නමුත් මේ හොයා ගැනීම් කිසිවක් සුඩොන්ට සහනයක් නම් වෙන්නේ නැහැ ඒ මේ සියලුම වැරදි ඔහු පිට පැටවෙන බවෙන්… ඉතින් පොලිසිය ඔහු පස්සේ එනවා විතරක් නෙමෙයි මැරවරයන් ඔහුගේ ජීවිතය අවසාන කරන්නට ඔහුව හොයනවා… ඔහුගේ පෙම්වතිය පවා අනතුරේ… ඉතින් මේ සියල්ලෙන්ම බේරෙන්න, තමුට යුක්තිය ඉටුකර ගන්න සුඩොන් නම් පිපිරුම් තාක්ෂණ ශිල්පියා වෙර දරන හැටි තමයි ඔබට මේ සිනමා පටය නැරඹුවොත් දැකගන්නට හැකි වෙන්නේ…

විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙහි පිටපතක් මට සොයා දෙන්නට වෙහෙසුන ඉමේෂ මලයවත්, ඉතින් ඔබට ස්තුතියි මලේ. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

31 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank uuu samera broo sub ekata.. jaya wewa..

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  3. brilliant-auto

    niyamai

  4. geeganagamage

    බොහොම ස්තුතියි

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Hemantha De Silva

    Thanks සමීර...
    හොඳ එකක් හොයලා..! සබ් කරලා...!!
    Thanks බයිස්......

  7. jagath chathuranga

    thans saho

    1. jagath chathuranga

      thanks

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. ranga11112

    Thanks sahooo....

  10. Udara Damith Dissanayaka

    .......................බොහොම ස්තූතියි......................

  11. ranga1984

    Patta ..thanks yalu.. digatama sub denna sakthiya labenna oni..

  12. gihan perera

    එළ කිරි සුපිරි කිරි..මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  13. subodha

    Thanks

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Bandaramudiyansi

    ganool එකේ තියෙනව හොද WEB එකක්. ගන්න ඔනේ තැන්ක්ස්

    1. Bandaramudiyansi

      ටිකක් කෑලෙ වගේ, සත්තු ඉන්න බයානක මුවි නැතිද???? ගම්බද ප්‍රදේශවල...එවගේ හොර් ත්‍රිලර් වගේ ෆිල්ම් තියේනම් ටිකක් දෙන්නකො මල්ලි... එවගේ ෆිල්ම් නම් බලන්නත් අසයි ❤

  16. madusharulz

    Me filumata Seeds tiyena site ekak oneeee

  17. Malik_nadeeshan

    Thanks saho sub ekta...

  18. hdpradeep

    Sub Ekata Thanks Bro. Jaya Wewa!!!

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. kodagoda

    tnx sahoo supiriyakne

  22. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxxx

  23. Nandana_kumara

    Tu brother

  24. AsithaDilruwan

    Ela saho thanks

  25. Sherlock holmes

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    දිගටම සබ් දෙමු
    ජය වේවා :-)

  26. Sanju11111

    Elmaaa

  27. savani samaana

    ස්තූතියි බ්‍රෝ සබ් එක දුන්නට
    ඔයාට මේවගේ film ගොඩකට sub හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    ජයවේවා

  28. Rukshan37

    Ela ela

  29. Imesh

    Aiye Movie Ekak Thiyenwa......Mekata Sinhala Subtitle Ekak Dennakooo.....................Plz

    "Shanghai Fortress 2019" (China Movie Ekak Aiye)