මගේ ලැයිස්තුවේ ෆිල්ම්ස් වලට මම සබ් කරන්න බාර ගනිද්දී මම යෙදෙන සීමාව තව ටිකක් පුළුල් කරල ඔන්න මම ගෙනාව සුපිරි හොල්මන් කතාවක්. මේ කථාව ගැන මුකූත්ම විස්තරයක් කරන්න බෑ. මොකද මම හොදටම නිදිමතෙන් ඉන්නේ. මේ ලිපිය ලියන දැන් වෙලාව උදෑසන 1 පසුවී මිනිත්තු 7යි. නෑ ඔන්න 8 උණා. මේ වෙලාවට තමා මම හොල්මන් ෆිල්ම් වලට…

මගේ ලැයිස්තුවේ ෆිල්ම්ස් වලට මම සබ් කරන්න බාර ගනිද්දී මම යෙදෙන සීමාව තව ටිකක් පුළුල් කරල ඔන්න මම ගෙනාව සුපිරි හොල්මන් කතාවක්. මේ කථාව ගැන මුකූත්ම විස්තරයක් කරන්න බෑ. මොකද මම හොදටම නිදිමතෙන් ඉන්නේ. මේ ලිපිය ලියන දැන් වෙලාව උදෑසන 1 පසුවී මිනිත්තු 7යි. නෑ ඔන්න 8 උණා. මේ වෙලාවට තමා මම හොල්මන් ෆිල්ම් වලට අත තියන්නේ. මේක නං මම ගොඩාක් දවසක් පෙරුම් පුර පුරා ඉදල ගත්ත ෆිල්ම් එකක්. බයිස්කොප් සිංහල කණ්ඩායමේ අයියලාට ගොඩාක් ස්තූතියි. මේක මං වෙනුවෙනං රැකං තිබ්බට. මේ අවුරුද්දේ මම කරන පලවෙනි සබ මේක. තියෙන වැඩ කන්ද අස්සේ සබ් කරන්නත් අමාරුයි. ඒත් මම ඒ ගැන නොහිතා ඉක්මනටම මේක කරල දැම්මා.
මේ කථාව මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එක පවුලක් ගෙයක් හොයමින් යනවා. ඒ පවුලේ තාත්තා , අම්මා, දුව, පුතා, දුව විදිහටයි වයස් පිළිවෙලට ඉන්නේ. ලොකුම අක්කා ටිකක් තරුණයි. එයාල ආර්ථික තත්වයෙන් තරමක් පිරිහිලා ඉන්නේ. ඒත් මේ තාත්තා දරුවන්ගේ වගේම බිරිදගෙත් ඕනා එපාකම් සපුරනවා. ඔන්න ඉතිං මෙයාලට ගෙයක් හමුවෙනවා. ඒ ගෙදර කට්ටියගේම හිතට ඇල්ලුවත් ටික දවසකින් ඒ ගෙදර අමුත්තක් තියෙන වග මුලින්ම මේ ගෙදර එකම පිරිමි දරුවා ග්‍රිෆින්ට තේරුම් යනවා. එයා ඒක ගෙදර අයට කියන්න හැදවත් ගෙදර අය ඒක අහන්නෙ නෑ. දවසක් මෙයා දකිනවා මෙයාගේ නංගී මැඩිසන් ටීවී එක ලග කා එක්කදෝ කථා කරනවා. ඒත් කවුරුවත් එතන නෑ. ඒත් මෙයා ටීවී එකේ අත්දෙක තියාගෙනයි ඉන්නේ. එකපාරටම තවත් අත් ගොඩාක් ටීවී එකෙන් මතුවෙනවා. ග්‍රිෆින් පටාස් ගාලා ටීවී එකේ ප්ලග් එක ගලවනවා. ඒත් ටීවී එක ඔෆ් වෙන්නේ නෑ. සාලේ තියෙන ලයිට් එකපාරට නිවි නිවි දැල්වී කැරකෙන්න ගන්නවා.
ඔන්න මෙච්චරයි මම කියන්නේ. ඉතිරි ටික බලලම මොකද වෙන්නෙ කියල දැනගන්න. කාලෙකිං බලපු හොද ෆිල්ම් එකක්. යක්කු ටික නං ආසාවෙ බෑ හරි හැඩයි. එහෙනං මම ගිහිං එන්නං.
760 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
71F64BB432F3D17C3EF8D644C849E270E20840F61.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
988C8A2D20E34EDBE38990D6F66573B6B7C7D6FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,373 downloadsDownload Poltergeist.2015-BR-UPDATE.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
57 comments
රවිඳු තේනබදු
දීප්ත තුෂාර
;-)
chandana
මේ ෆිල්ම් එක ගැන විස්තරයක් රැජින පත්තරෙත් තිබුනා ඒකෙත් කියල තිබුනෙ සුපිරි හොල්මන් කතාවක් කියල තමයි හිතුවෙ නෑ මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා ඔයාට බොහෝම ස්තූතියි මේ ෆිල්ම් එකට උපසිරැසි කලාට...
දීප්ත තුෂාර
ෆිල්ම් එක ගොඩාක් හොදයි. ඒකනෙ මම කට්ට කාලම මේක ඉල්ල ගත්තේ. :-) +18 නැති නිසා තවත් හොදයි.
මුළු පවුලටම බැලුව හැකි.
praneeth maduranga
elazz bro
sandun
Thanx machan,
thawath film ekak thiyenawa mewagema,me awrudde relese wunu,American Poltergeist 2015
https://kat.cr/american-poltergeist-2015-brrip-xvid-ac3-evo…Puluwannam mekatath sub denna,meke brrip ekak awilla thibunath,IMDB eka Mark wela na.
tiron
thankzzzzzzzzzzzzzzzzzzz
නලින්
ස්තුතියි දීප්ත සහෝ..
මේක සැවෝයි එකේ බලන්න ඉන්නේ. මේවගේ එකක් එහෙමම බලන්න ඕනේ. එත් මේ ලෙඩ අස්සේ කොහෙද වෙලාවක්.
බ්ලුරේ කොපියක් එනකල්ම ඉන්නවා ඔඃ!
ජය වේවා!
දීප්ත තුෂාර
මම සබ් හදන්න බා ගත්ත කොපිය කැමරා කොපියක් නං නෙව් සහෝ. මේකත් සුපිරි කොපියක්. 720p කොලිටිය තියෙන හොද කොපියක්. බ්ලූරේ එකකින්ම බලනවනං එකක් එනකං හිටියත් කමක් නෑ. කැමති නං මේක බලන්නත් පුළුවන්. මම සබ් එකක් හදන්නේ ෆිල්ම් එක සුපිරියටම බලන්න පුළුවන් කොපියක් ආවොත් විතරයි. එහෙම කොපියක් නැති උණොත් හොදම නිර්මාණයකට ඇරෙන්න වෙන එකකට කරන්නේ නෑ. මේ චිත්‍රපටිය රෑ වෙලාවකට බලනවනං තමා වැඩිය හොද. :-)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!සදිතු දිසානායක
ස්තූතියි
deleepa
මචං පුලුවන් නම් out of the dark(2014) ෙහාල්මන් චිත්‍රපිටයත් සබ් කරලා ෙදන්න
දීප්ත තුෂාර
බලමු සහෝ. මම මේ අවුරුද්දේ නිර්මාණ දෙකකට වඩා බාර ගන්නෑ කියලා හිතං ඉන්නේ. මේ දවස්වල විභාග ගොඩයි. තව එක ඩිස්නි ඇනිමේෂන් ෆිල්ම් එකක් අරං තියෙනවා. ඒකට සබ් ආවම ඒක කරලා දීල නිදහස් වෙන්න බැලුවේ. ෆිල්ම් එක හොදයි නං මම කරන්න උත්සහ කරන්නම් (50%). :-)
uda
දීප්ත!
මේක රීමේක් එකක් බව දන්නවා ඇති කියලා හිතනවා. මේකේ ඔරිජිනල් එක ආවේ 82 විතර වෙන්න ඇති. ඒක ඩිරෙක්ට් කරලා තියෙන්නේ "ස්ටීවන් ස්පීල්බර්ග්" කියන සුපිරි නිර්මාණකරුවා තිරරචනයෙන් දායක වුණ ඒක මේකට වඩා සුපිරි.
එනිසා අපේ රසිකයන්ටත් මේ දෙක වෙන වෙනම බලලා රසවිඳින්න ඉඩ ලැබෙන්න ඒකත් සිංහලෙන් දෙනවා නම් බොහොම අගය කරනවා...Poltergeist (1982) - http://www.imdb.com/title/tt0084516/
දීප්ත තුෂාර
මම දන්නව සහෝ. ඒක ෆිල්ම් සීරියස් එකක්. ෆිල්ම් 3ක් තියෙනවා. මම නැතත් වෙන කවුරු හරි ඒ ටික දෙයි. මම ඒක තෝර නොගත්තෙ ඒක හොද නැති නිසා නෙවෙයි ප්‍රයෝග අතිනුත් හොදයි. ඒ කථාවෙත් මේ කථාවෙත් හරය එකයි. නමුත් ප්‍රයෝගවල වෙනස්කම් තියෙනව. ඒත් මේක පවුලෙ හැම සාමාජිකයෙක් වෙතටම තනි තනි අවධානයක් යෙදවෙනවා. ඒකෙ එහෙම වෙනව අඩුයි. සාපේක්ෂව මේ රීමේක් එක අපේ කාලෙට ගැලපෙනව මම හිතන්නේ. ඔයත් මා එක්ක එකග වෙයි. පරණ ෆිල්ම් එකේ කෙනෙක් කණ්නාඩියක් ඉස්සරහට ගිහිං තමාගෙම මූණ පතුරු ගහල කෑලි කෑලි සිංක් එකට දාන එක රීමේක් එකෙදී කරල තියෙන වෙනස හොදට පේනව. කාලොචිත වෙනස්කම් කථාව ප්‍රාණවත් කරනවා. මේ කථාව රීමේක් කරල තියෙන්නෙ අළුත් අය පරණ ප්‍රයෝග සහිත ෆිල්ම්ස් බලන එක අඩු නිසා. හරය අරගෙන කථාව වෙනස් කරල තියෙන්නේ. මම හැමෝටමට කියනවා කැමතිනං ඒ ෆිල්ම් 3ත් බලල රස විදින්න කියලා. නමුත් ඒ කථා මේ කථාවට සම්බන්ධ නෑ. මේක රීමේක් එකක් නිසා. ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි සහෝ. :-)
slsindu.net
Godak Aya Comment Danne, mokada Ban tamil telugu moviesma denne kiyala. eth english awama download karanneth ne wedi aya. tamil movie awama bena bena hari download karanawa. mara wedak eka. apinam english balanne nene. man indian movie witharai. sub eka demmata sthuthiy. amaruwen karapu wedene. mewatath asa aya innawane. ela. jayawewa machan.
nimmi
tamil serma film eka wagvene melo rahak ne seragema inne comedy arunama tamil wala ganna deyak ne minissu hrima kamathi tamange haturanta godak riddanna tamil film wala tiyenne okai love kathwakui ekathu karalane dustayata merenakan gahanawaa netnam kellata merenna adarei.nikanama bolada kata ape minissu godak asa ewtane.vividatwayak wenasak hoyana aya tamil teligu indi balanawa adui honda ekak dekak tibunot witharai balanne lokuwata pumbapu belum bola wage thamai oya hindi tamil 99% ma
දීප්ත තුෂාර
:-) (y)
sam
Yeah.. That's right
A N D
Thanx for the Subඅසිත
සහතික ඇත්ත.අපේ කට්ටිය පණ නහගෙන බලන්නේ tamil නේ.අඩු ගන්නේ කින් කි දෙනාද Monkey Kingdom (2015) අත බලන්න ඇත්තේ.
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මාත් ගත්තා.
සමීර
thank you bro..
අදිත ප්‍රවීන්
පරණ චිත්‍රපටයේ කතාවට ටිකක් සමානයි වගේ .
බොහොම ස්තුතියි සහෝ සබට .
තව එකක් ඉක්ම්නට දෙමුසදිතු දිසානායක
හැබැයි පරණ එකට වඩා හොදයි.
Sanjaya
man Asama me wage film.... Bohoma Pin sahota...
dinesh
thanks brother...........
dhanushka
thanks bro
achi
නියමයි සහෝ.. ස්තුති.
සදිතු දිසානායක
ස්තූතියි
Hasitha Madushan
සබට තුති සහෝ...!!
Kulanjana Maduranga
niayamai…thanks DHEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
kavi
sub daana wechcha mahansiyata godak sthuthi...jaya wewa...thushara ....
Rasidu
Niyamayi. Supiri film ekak wage. Sub ekata Thanx.
daminda
thanx br rip eka awama balanawa
insidious 3 eke subut dapan machoSajith Anthony
ස්තුතියි දීප්ත සහෝ..
බොහොම ස්තුතියි සබට .
ජය වේවා!“චූටී මල්ලි”
tnx
raji
patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa oonaa gaththa math
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
pattai machan.
Thank you sub ekatawije
yify website එකේ ඇයි මේක තාම නැත්තේ? Yify copy එකද quality වැඩි, නැත්නම් මේ copy එකද?
දිප්ත තුසාර
මේක 720p පැහැදිලි කොපියක්. කැමරා කොපියක් නෙවෙයි. yify කොපියක් වගේම තමා . හාඩ් සබ් මොකුත් නැ
wije
movie එක හොඳයි, හැබැයි conjuring, haunting in Connecticut,insidious , Annabelle වගේ ඒවා ලඟින් තියන්නවත් බෑ
දීප්ත තුෂාර
ඒක නං ඇත්ත. :-)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයZucker Bug
mama hithuwe na mekata sub tiyei kiyala download karala thama sub baluwe welawata thibba. bohoma sthuthi :-)
දීප්ත තුෂාර
ස්තූතියි! :-)
එමිල් ශාමේන්
නියමයි සහෝ මම මේක අනිවා බලනවා
සමීර චතුරංග
ඔන්න අද තමයි බලන්නේ...
සමීර චතුරංග
එලස්
අසිත
බොහොම පින්.
ජය වේවා!!S.K.Ruchiranga
thz macho sub ekata
Supun Madhusanka (Bunny)
Thanks saho..... Jayen jaya..... Puluwan nam me film series eke kalin apu films 3tath sub denna.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Ravindu
Thanks a lot for the sub
P.K
superb...thank you saho..
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි... බාගෙන තිබුණෙ... එක පාරක් බැලුවා... ආයෙත් බලමු... පට්ටයි...