Watch Trailer

Ponmagal Vandhal (2020) Sinhala Subtitles | දේවතාවිය පැමිණ ඇත [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වේවා.. නිරෝගිමත් දවසක් වේවා බයිසිකෝප් සිංහලෙන් අඩවියේ සියලුම සහොදර සහෝදරියන්ට. ඉතින් ටික කාලෙකට පස්සේ ඔයාල හම්බවෙන්න ආවා උපසිරසියක් අරගෙන. ඒකට හේතුව වුනේ පුරුදු විදියට මම ඉංග්‍රිසි චිත්‍රපටයකට සබ් හද හද ඉන්න කොට පසුගිය මැයි 29 වෙනිදා මුදාහැරපු අළුත් දමිල චිත්‍රපටයක් බලන්න හම්බවු…

ආයුබෝවන්, සුබ දවසක් වේවා.. නිරෝගිමත් දවසක් වේවා බයිසිකෝප් සිංහලෙන් අඩවියේ සියලුම සහොදර සහෝදරියන්ට. ඉතින් ටික කාලෙකට පස්සේ ඔයාල හම්බවෙන්න ආවා උපසිරසියක් අරගෙන. ඒකට හේතුව වුනේ පුරුදු විදියට මම ඉංග්‍රිසි චිත්‍රපටයකට සබ් හද හද ඉන්න කොට පසුගිය මැයි 29 වෙනිදා මුදාහැරපු අළුත් දමිල චිත්‍රපටයක් බලන්න හම්බවුනා. සිංහල සබ් එක හොයලා නැතුව, මම චිත්‍රපටය නිකන්ම බැලුවා. හොඳ චිත්‍රපටයක්. ඒක නිසා මං අඩමානෙට මේ චිත්‍රපටයට සිංහල සබ් හදන්න අවසර ඉල්ලපුවම ශාන් විමුක්ති සහෝදරයා ඒකට අනුමැතිය දුන්නා. ඉතින් මේ මං කාලයක් ආසාවෙන් හිටපු එකක්. දමිල චිත්‍රපටයකට සබ් හදන එක. ඒකත් උණු උණුවෙම ආපු චිත්‍රපටයකට. ස්තූතියි විමුක්ති සහෝදරයා..

PonMagal Vandhal (2020) රත්තරන් දෙව් දුව එහෙමත් නැත්නම් දේවතාවිය ආවා. කොවිඩ් 19 නව කොරෝනා වසංගතයත් එක්ක ඉන්දියාවෙන් චිත්‍රපට සිනමාහල් වල ප්‍රදර්ශනය කරන එක නැවැත්තුවා. අපේ රටේත් එහෙමයි. නමුත් ඉන්දියාවේ එයාල පෙලගස්වා තිබූ ඇතැම් චිත්‍රපට සිනමා හල් වලට මුදාහරිනවා වෙනුවට විද්‍යුත් මාධ්‍ය වලින් මුදාහරින්න පියවර ගත්තා. මේ චිත්‍රපටයත් ඒ විදිහට ඇමසන් ප්‍රයිම් වීඩියෝ නැමැත් විද්‍යුත් මාධ්‍ය හරහා මුදා හැරුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුදා හරින්නේ පසුගිය මස එනම් 2020 මැයි 29 වෙනිදා. අපි චිත්‍රපටය ගැන කථා නොකර ඉමු. ඒක ඔයාල ඒ විදිහටම රස විඳින්න. කෙනෙක්ගේ වේදනාවක්, ඒ ගැන අපි අහන ප්‍රවෘත්තියක්.

අපිට නිකන්ම නිකන් ප්‍රවෘත්තියක් විතරයි. ඒත්, අපි කවදාවත් ඒ ප්‍රවෘත්තියේ වේදනාවට පත්වුන කෙනාගේ තැන අපි ඉඳගෙන ඒ වේදනාව කොහොම වෙයිද කියලා කවදාවත් හිතලා බලලා තියනවද. කෙනෙකුට සිද්දවෙන යම් දෙයක් අපිට නිකන්ම නිකන් කතාවක් විතරයි. ඒත් ඒකේ වේදනාව දැනෙන්න නම් අපිටත් කවදා හරි එහෙම දෙයක් වෙන්න ඕනේ.

– අවුරුදු 15කට කලින් තීන්දුවක් දී වසා දාපු නඩුවක්.
– යුක්තිය ඉල්ලා නැවතත් ඒ නඩුවම විමසන එක කාන්තාවක්.
– නීතියේ ඇස් වැහුවේ කවුද.
– ඇත්තම අපරාධකාරයා කවුද.
– ජෝති කවුද… වෙන්බා කවුද…

චිත්‍රපටය බලන්න.. ඒ හැම දේකටම උත්තරය චිත්‍රපටයේ තියනවා. ගොඩක් සංවේදී චිත්‍රපටයක්. ගැහැණු දරුවන් ඉන්න අම්මලා තාත්තලට, සහෝදරියන් ඉන්න සහෝදරයන්ට, ඇයි.. සමාජයේ ඉන්න අපි හැමෝටම මේ චිත්‍රපටයෙන් පාඩමක් උගන්වනවා.

පරිස්සමට හඳන්න ඕනේ, රැකබලාගන්න ඕනේ ගැහැණු ළමයි විතරද…
ඇයි පිරිමි ළමයින්ට හොඳ නරක කියා දෙන්න එපාද..
මේ වෙන්බාගේ කතාව විතරක් නෙවෙයි,
මේ ආසිෆාගේ කතාව විතරක් නෙවෙයි,
මේ හාසිනීගේ කතාව විතරක් නෙවෙයි,
මේ නන්දනීගේ කතාව විතරක් නෙවෙයි,
ඇයි ඔයාල අපි දන්න සේයා සදෙව්මි… යාපනයේ විද්‍යා…
මේ තියෙන්නේ ඔයාගෙත් මගේත් දියණියගේ කතාවයි..
ඔයාගේ අක්කගේ නංගිගේ කතාවයි..

සූර්යා නිෂ්පාදනය කරපු, ලක්ෂ්මී සරවනකුමාර් සහ ජේ.ජේ.ෆෙඩ්රික් තිර රචනය කල පොන්මගල් වන්දාල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජේ.ජේ.ෆෙඩ්රික් විසිනුයි. රාම්ජී කැමරාකරණයෙන්ද, රෑබන් සංස්කරනයෙන්ද දායක වූ මේ චිත්‍රපටයේ සංගීතය ගෝවින්ද් වසන්ත විසිනි.රංගනයෙන් ජෝතිකා, පාක්‍යරාජ්, පාර්තිබන්, ත්‍යාගරාජන් පාණ්ඩිරාජන්, විනෝදනී, ප්‍රතාප්, ජීවා රවී ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වේ. මෙහි පසුබිම් කටහඬ සූර්යා විසිනි.2019 ජූලි මස ජෝතිකාගේ මීළඟ චිත්‍රපටය පොන්මගල් වන්දාල් ලෙස නිල නිවේදනයක් කලේය. 2D එන්ටර්ටේන්මන්ට් යටතේ සූර්යා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කලේය. 2019 ජූලි මස රූගත කිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය නොවැම්බර් මස වන විට සියලු රූගත කිරීම් අවසන් විය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් පස් දෙනෙක් රංගනයෙන් දායක වී ඇත. එනම්, පාක්‍යරාජ් (පෙත්සම් පෙතුරාජ්), පාර්තිබන් (නීතිඥ රාජරතිනම්), පාණ්ඩියරාජන් (කර්පූරම්/ විනිසුරුගේ යහළුවා), ප්‍රතාප් පොතන් (විනිසුරුවරයා) සහ ත්‍යාගරාජන් (වරධරාජන්)ය. චිත්‍රපටය නිකුත් වනවාත් සමගම චිත්‍රපටයේ IMDb දර්ශකය 7.1 ලෙස නංවන්නට මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.මේ වන විට පොන්මගල් වන්දාල් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබා ඇත.චිත්‍රපටය ගැන සහ ඒ හා සම්බන්ධ වන සිද්දි ගණනාවක් පිටු ගණන් ලියන්න පුළුවන්. මං ඒ කිසි දෙයක් ලිපියට සම්බන්ධ කර නොගන්නේ චිත්‍රපටයේ රසය, හරය ඔයාල අත් විඳින්න ඕනේ නිසා. ඔයාල හැමෝම මේ චිත්‍රපටය බලන්න කියලා මං ආරාධනා කරනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙත් දවසක මේ වගේ ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් මම ඔයාල හම්බවෙන්න එන්නම්.මගේ පළවෙනි දමිල චිත්‍රපට සිංහල උපසිරසියේ හොඳ නරක ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා.මං ගිහින් එන්නම්..

ඔයාල හැමෝටම නිදුක් නිරෝගී ආරක්ෂිත සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

12,548 downloadsDownload Ponmagal-Vandhal-2020.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

12,548 downloadsDownload Subtitles80 KB

18 comments

  1. oshanda

    බොහොම ස්තූතියි සහෝ ..ඔන්න මම මුලින්ම බාගත්තා....

  2. Kavinu

    සබට තුති!
    ❤️

  3. Chandima Prasad

    Thanks..

  4. mithnil1986

    Thanks Bro...Jaya

  5. indika75

    thanks..

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. isuru srinath sjs

    ස්තුතියි උපසිරැසියට !

  8. Nelson

    Good work friend, Thanks for the sub!

  9. Anonymous

    අර්ථවත් ෆිලුමක්
    ජය වේවා

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chandima Prasad

    Sub ekata thanks..film ekath supiri..

    1. Lasantharathnasirirox

      බොහෝම ස්තුතියි රොෂාන් සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට..ජයවේවා !!

  12. ThariduSagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. Isuru

    ස්තූති

  15. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  16. Anonymous

    machan CD ekak ekak aragaththe second part eka play wenne ne

  17. Ravi

    බොහොමත්ම ස්තූතියි සහෝදරයා... ඔබේ උත්සාහය අගය කරනවා.. :)