Watch Trailer

Tigers Are Not Afraid (2017) Aka Vuelven Sinhala Subtitles | මෙක්සිකානු මත්ද්‍රව්‍ය අර්බුදයේ අඳුරු පැතිකඩක් [සිංහල උපසිරැසි]

අද ඔන්න අරගෙන ආවේ වෙනත් භාෂාවක ෆිලුමක්. මේක මෙක්සිකන් ෆිලුමක්. Fantasy, Horror, Mystery කියන කාණ්ඩ යට‌තේ වෙනස්ම කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට 7 ක MDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙක්සිකාවේ පවතින මත්ද්‍රව්‍ය අර්බුදය හින්දා ඇත…

අද ඔන්න අරගෙන ආවේ වෙනත් භාෂාවක ෆිලුමක්. මේක මෙක්සිකන් ෆිලුමක්. Fantasy, Horror, Mystery කියන කාණ්ඩ යට‌තේ වෙනස්ම කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට 7 ක MDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙක්සිකාවේ පවතින මත්ද්‍රව්‍ය අර්බුදය හින්දා ඇති වෙලා තියෙන ගැටලු වගේම, ඒ ගැටලු නිසා ළමයින්ට මූණ දෙන්න සිද්ධ වෙන කණගාටුදායක තත්වය මේ චිත්‍රපටයෙන් හොඳින්ම පෙන්නුම් කරලා දෙනවා. දේශපාලකයෝ වගේ රටේ ඉහළ උදවියත් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරෙට සම්බන්ධ වීම හින්දා ගොඩක් අර්බුදකාරී වාතාවරණයක් තමා බිහි වෙලා තියෙන්නේ.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් කතාව ගලා යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් දේශපාලකයෙක්, එයාට උදව් කරන හස්කස් නම් ජාවාරම් කල්ලියක් සහ මේ කල්ලිය නිසා දහසකුත් ප්‍රශ්න වලට මූණ දෙන, කිසියම් අද්භූත බලවේගයක උදව් ලබන එස්‌ට්‍රෙලා, ෂයිනේ, මෝරෝ ඇතුළු ළමයි කට්ටියක් වටා. ළමයි හිටියත් මේ කතාව ළමයින්ට බලන්න නම් සුදුසු එකක් නෙමෙයි. ලිංගික දර්ශන නැති වුනත් ගොඩක් සැහැසි වචන වගේම සංවේදී දර්ශන ඇතුළත් හින්දා පොඩි අයට නම් මේක කොහෙත්ම සුදුසු චිත්‍රපටයක් නෙමෙයි.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එස්‌ට්‍රෙලා කියන පොඩි ගෑනු ළමයගෙ අම්මා අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ තනිවෙන එස්ට්‍රෙලා, ෂයිනේ නායකයා විදිහට ඉන්න ෂයිනේගේ ළමා කල්ලියත් එක්ක එකතු වෙනවා. කාකෝ කියන හස්කස් කල්ලියේ සාමාජිකයගේ ෆෝන් එකයි, පිස්තෝලෙයි ෂයිනේ හොරකම් කරපු හින්දා කාකෝ මේ දෙක ගන්න මේ ෂයිනේ ඇතුළු ළමයි සෙට් එන පස්සෙ පන්නනවා. කාකෝ මේ තරම් ෆෝන් එක පස්සේ එන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකක්ද?, එස්ට්‍රෙලාගේ අම්මට වුනේ මොකක්ද? එස්ට්‍රෙලාට උදව් කරන අද්භූත බලවේගය මොකක්ද?, මේ ළමයි සෙට් එකෙන් කී දෙනෙකුට එයාලගෙ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා. මුල ඉඳන් අගටම කුතුහලේ පිරුණු, ප්‍රේක්ෂකයව ඇද බැඳගන්න සමත් කතාවක්. ඒ වගේම මගේ 50 වෙනි උපසිරැසට සුභ පතපු හැමෝටමත් ගොඩක් ස්තූතියි කියන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත් සඳහා අදාළ වේ.

2,185 downloadsDownload Tigers-Are-Not-Afraid-2017.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,185 downloadsDownload Subtitles63 KB

11 comments

  1. Kavinu

    සබට තුති අයියේ!
    ❤️

  2. sampath

    thanx machan...

  3. Pramod

    Thanks saho

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. indika75

    thanks..

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for sub!

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.