ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අ…

ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අපේ තිසර නියෝ අයියට ස්තුති වන්ත වෙනවා කතාව ගැන කියන්න පටන් ගන්න කලින්.
හරි දැන් එහෙනම් අපි සිනමාපටය දිහාවට හැරෙමු. කතාව මුලින් කියන්න කලින් මම සලරුව ගැන පොඩි හැදින්වීමක් කරන්නම් රුසියානු බසින් සලරුව සඳහා යොදා ඇති නම වන්නේ Poslyetniy bogatyr 2017 කියලා. ටිකක් කියවගන්නත් අමාරුයි වගේ නේද එහෙනම් මෙහෙම කියමු ඉංග්‍රීසි බසින් ඔවුන් යොදා තිබෙන නම විදියට The Last Warrior 2017 කියල කියන්න පුළුවන් අපට. 2017 වසරේ ඔක්තොම්බර් මස ලොවපුරා තිරගත කිරීම අරම්බ කරන ලද මෙම සලරුව සඳහා IMDb දර්ශකයේ 6.6 මනාප සංඛ්‍යාවක් හිමි වි තිබෙනවා. 2017 වසර තුල රුසියානු සිනමා කර්මාන්තයේ සිදුවූ තවත් දැවැන්ත පිම්මක් විදියට සැලකීමට හැකි නිර්මාණයක්. ඒවගේම චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් Dmitriy Dyachenko යන රුසියානු ජාතික අධ්‍යක්ෂක වරයා දායක වන අතර මේ සඳහා රංගනයෙන් Viktor Khorinyak, Mila Sivatskaya, Ekaterina Vilkova යන රංගන ශිල්පින් තම දායකත්වය ලබාදේ. දැනට ලෝකයේ සිනමා කර්මාන්තයෙන් 30% පමණ ප්‍රමාණයක් හිමි Walt Disney සමාගම විසින් මෙය ලොවපුරා බෙදාහැරීම සිදුකරන අතර සහ නිෂ්පාදනයෙන්ද දායකත්වය ලබාදේ. තවත් දෙයක් සුරංගනා කතා කිවුවොත් ඉතින් කාටත් මතක් වෙන්නේ ඉතින් Disney සමාගමනේ.
දැන් එහෙනම් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු. කලින් කිවුවනේ සුරංගනා කතා කිවුවොත් ඉතින් Walt Disney කියල ඉතින් මේ කතාවත් එක්තරා සම්ප්‍රදායික රුසියානු සුරංගනා කතාවක් පාදක කරගෙන තමා දිවයන්නේ Baba Yaga සහ Koschei යන ප්‍රධාන චරිත දෙක අලලා තමා කතාව කියවෙන්නේ. මේ දෙන්න ගැන විස්තර අන්තිමටම කියන්නම්. කතව මෙන්න මෙහෙමයි වෙන්නේ Ivan Naydenov කියන්නේ රුසියාවේ මොස්කවූ නගරයේ ජිවත් වෙන තරුණ කොල්ලෙක් පොඩි පොඩි මැජික් වැඩ කරලා මෙයා රුපවාහිනී වැඩසටහන් වලට පවා ඉදිරිපත් වන කෙනෙක්. හැබැයි කරන්නෙම බොරුව ඒවගේම ආත්මාර්ථ කාමී චරිතයක්. දවසක් මෙයා හම්බෙන්න ආපු කාන්තාවකට මෙයා බොරු මැජික් වැඩක් කරලා බොරුවට සල්ලි අරගන්නවා. හැබයි ඉතින් මෙයට බේරිලා ඉන්න ලැබෙන්නේ නම් නැ ඒ කාන්තාවගේ සැමියාගෙන් මොකද මේ යකා කරන්නේ ඒ කාන්තාවගේ සැමියාට කෙල වෙන වැඩක් නිසා. මෙන්න මෙහෙම මෙයා ඒ සැමියාගේ මැරයන්ගෙන් බේරෙන්න කියල සාප්පු සංකීර්ණයක් පුරාම දුවන අතරේ වතුර වලින් ලිස්සල යන එකක් අස්සට පනිනවා නමුත් මෙයට එලියට එන්න ලැබෙන්නේ Bogatyr ලෝකයෙන්. ඊට කලින් සිදු වීම් මාලාවක් වෙනවා ඒක ඔයාලම බලන්නකෝ. ඉතින් මේ ලෝකටය අවම මෙයට සිද්ද වෙන දේවල් තමයි කතාවේ තියෙන්නේ ඒ අතරම අර මං කලින් සඳහන් කල චරිතත් මෙයට හමුවෙනවා එයාල හම්බුනට පස්සේ මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.
Baba Yaga

Baba Yaga යනු රුසියානු ජනකතා ආශ්‍රයෙන් පැවත එන චරිතයක් වන අතර විකෘති වූ හෝ රුදුරු පෙනුමැති කාන්තාවක් ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ලෙසින් හැඳින්විය හැක. නමුත් ඔබට මෙහි හමුවන චරිතයේ පෙනුමේ යම් ආකාරයක වෙනසක් දක්නට ලැබේ. බාබා යාග වාසය කරන නිවසත් යම් ආකාරය මායකාරියන් වාසය කරන වාසස්තාන වලට වඩා වෙනස් වු එකක් වේ. ඔබ Rise of the Tomb Raider පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කර ඇති අයෙක් නම් ඔබ ඒ නිවස දැක ඇති. එනම් කුකුලෙකුගේ පාද සහිත එහා මෙහා ඇවිදින නිවසක් වේ. රුසියානු ජනප්‍රවාද වලට අනුව බාබා යාගා බොහෝ විට පරිත්යාගශීලී හෝ දුෂ්ටයෙකු ලෙස පෙනී සිටින අතර බොහෝ විට ද්වේෂසහගත අකාරක්ද ගනී. නමුත් සිනමාපටය තුල ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් හමුවේ.
Rise of the Tomb Raider ක්‍රීඩාවේ chicken-legged hut

Koschei

Koschei රුසියානු ජප්‍රවාදයේ හමුවන චරිතයක් වන අතර මයා කාර්ම හේතුවෙන් අමරණීයත්වය ලබා ගත් පුද්ගලයෙක් වේ. ඔහු විසින් තම ආත්මය පලින්ගුවක් තුල සගවා ඇති අතර එය විනාස වන තුරු මොහු අමරණීයත්වය පත්ව සිටි. කිසිම මායා කර්මයකට හෝ අයුධයකට මොහුව මරාදැමීමට හැකියාවක් නොමැත. සලරුවේ නම් බොහොම විහිළු කාර චරිතයක් රග දක්වන අතර මොහුගේ කතාවද සලරුවේ අන්තර් ගත වේ. ඒවගේම මොහුගේ ආශ්චර්යමත් අසිපතක් ගැන සලරුවේ සඳහන් වේ. සියල්ලටම මුලික වන්නේද ඒ අසිපතයි.
මුලින් නම් සඳහන් නොකළ මෙම චිත්‍රපටය තුල හමුවන තවත් චරිත රැසක් පවතී ඒවානම්, Ilya Murometz යනු සලරුවේ සඳහන් වන ඉවාන්ගේ පියා වන අතර, පිලිවෙලින් Dobrynya Nikitich සහ Alyosha Popovich යන ජනප්‍රවාදයේ එන චරිත ඉවන්ගේ පියාගේ බාල සොහොයුරන් වේ.
Bogatyrs (වීරයන්/නයිට්වරු) (1898), Viktor Vasnetsov ගේ ප්‍රසිද්ද සිතුවම. Ilya Muromets මැද, සහ Dobrynya Nikitich වම් පස, සහ Alyosha Popovich දකුණු පස සිටි
Vasilisa the Wise ( ගෙඹි කුමාරිකාව)

Vodyanoy (දිය රකුසා )

රකුසෙකු ලෙස හන්දිනුවත් ජනප්‍රවාදයේ පවසන ආකරයට මුළුමනින් නිරුවස්ත්‍ර වයසක ගෙම්බෙකු ගේ ආකාරයට මුහුණක් සහිත පිරිමි පුද්ගලයෙක් වේ. මුළු ශරීරයම ඇල්ගී වලින් වැසුණු, මාළුවෙකු ආකාරයට වරල් ඇත.
ඔන්න එහෙනම් බොහොම කෙටියෙන් විස්තරයක් ගෙනාවා. හිතනවා මේ ටික ඇති වෙයි කියල. තව වැඩි දුරටත් සොයන කෙනෙකුට අන්තර්ජාලයෙන් වැඩි දුර තොරතුරු ලබාගන්න පුළුවන්. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මේ දවස් වල වැඩිපුර උපසිරසි වල ගුණාත් මක බව කතා කරන්න අරගෙන, ඉතින් කියන්න තියෙන්නේ ඒ කතා කරන ඔස්තර්ලට මේ චිත්‍රපටය බලනවානම් ඉංග්‍රීසි උපසිරස 3ක් 4ක් වත් අරගෙන දදා බලන්න කියල තමයි. මොකද ඒ ඔස්තර්ලට අනුවනම් ඉංග්‍රීසි උපසිරසිනේ සුපිරි. මොකද මෙම සලරුවට අන්තර්ජාලයේ තියෙන ඉංග්‍රීසි උපසිරසවල් එකිනෙකට ටිකක් වෙනස්. බොහො ඒවල රුසියානු වදන් ඒ ආකාරයෙන්ම තියෙනවා. එහෙනම් සලරුව ඔයාලට බාරයි. අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනේ. මොකද කලින් කියපු හේතුව නිසා. උපරිමයටම තේරුම් ගන්න උපසිරස හදන්න උත්සහ කළා. එහෙනම් ගිහින් එන්නම් නැවත අලුත් සල්රුවකින් හමුවෙමු……..
ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL / BR පිටපත සඳහා අදාළ වේ.
10,770 downloadsDownload Posledniy-bogatyr-AKA-The-Last-Warrior-2017-update.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
57 comments
Minethra
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.....!
tharindulakshanbaiscope2020
plz mata theren na film eka khomada downlod karaganne kiyala danna kenek kiyanawada
pradeep hashan
sub ekata thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sisila ft Dilshan
සබට ස්තුතියි
C.R.Jayalath
තෑන්ක්ස් සබ් එකට
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
samathandi
thaks
M.W. Dilhani
ඔයා ගුණාත්මක භාවය ගැන මොනවද කියලා තියෙනවා නේද? ඔය කියන්නේ මං කැප්ටන් මාවල් එකට දාපු කමෙන්ට් එක ගැනද දන්නෙ නෑ. ඒකෙ නම් මම කීවේ චිත්‍රපට පිටපතෙ ගුණාත්මක බව ගැන මිස උපසිරැසි වල ගුණාත්මක බව ගැන නෙවෙයි. මං කලිනුත් කියලා තියෙනවා කැමරා පිටපත් වලට උපසිරැසි දෙන්න එපා කියලා. එහෙම නැතුව බයිස්කෝප් උපසිරැසි වල ගුණාත්මක බව ගැන නම් කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ.
malithmadhushan45
No no මෙක fb එකේ page එකක පලවුන post ekak sambandayen dannawa athine සිනමාවේදීන්ගේ page eka anna eke
Sahan isuru
Ado madhuwa good luck brother
Vihanga sathsara
thanksss machi sub ekata
Pradeep Pasqual
Thanks for the sub...!!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
nish47
thanks bro
Rumesh dhanushka
Thanks Brother
reshan amila
thank you bro...
Mr yasho
kata hari kiyanna puluwanda HDTS,bluray,WEBM,DVDrip,HDrip kiyana ewagw wenasa saha e monawada kiyala.plssss.sub walata thanxx
malithmadhushan45
quality eke wenasak thiyenne hondama bluray
Soori
Pls read this document...http s:// en.wikipedia. org/ wiki/ Pirated_movie_release_types
Mr yasho
godak thanxx
Tharaka
THANKS................
Bandarajbandara
ස්තුතියි ජයවේවා
D.Chamara
bohoma sthuthi sahoooo jaya
TMK
thanks
dinusha
Thanx bro
Mr yasho
sub walata.godak thanxxxxx.pls meka yapum manasikathwaya kiyala hithathanna epa.ogollo dan torrent link denne nane.dan ogollo dila thiyena www.baiscopedownloads.com kiyana link eken fillms download karanna baaa.pls give me a easy solution.
mdhushan999999
anea ben ten omnivers seson valata sub dennako
tharindulakshanbaiscope2020
plz mata theren na film eka khomada downlod karaganne kiyala danna kenek kiyanawadaa
malithmadhushan45
baiscopedownloads.com
DjNasarani
1337x web syte eka use krnna eken torrent eka download krn u torrent downloder eken baganna...!
Sajithlakshan
thanks ...............
samathandi
Thanks
Rumesh dhanushka
Thanks all
AsithaDilruwan
ela saho thanks
Rukshan37
ela ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sublove
bohoma sthuthi me sub eka apita aragena awata
MAALnath
Thanks ....................good luck .....................
eranda weerasinghe
thankz. jayawewa
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Wasanthapere
thank you bro
charith500
thanks bro
Dewadithya
Thanks for Sub!
1997avishka
Thanks bro
Asanke
Thanks for sub
Thilee
Tnx bro
Mahesh Rajapaksha
Thanks for sub...
Rumesh Asanka
thanks bro
Sanjeewa2010
Thnxxxxxxxx
mindika
Thanks !!!!!!!!!!!!!!
sanjeewakbg
thanks bro..
AD GAYAN
Thanx brooo
nilanka
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/the-last-warrior-aka-Posledniy-bogatyr-2017.jpg)
සබ් එකට තෑන්ක්ස් අයියේ