ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන්…

ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන් ඉතින් කියන්න එපා, මේකා මෙච්චර කල් Gladiator බලලා තිබුනේ නැද්ද කියලා. ඇත්ත තිත්ත වුනත් ඒක කියන්න වෙනවනේ.) එයාගේ චිත්‍රපට හොයහොයා යනකොටයි, මේ අපූරු, සම්මානලාභී චිත්‍රපටයට තාම උපසිරැසියක් හදලා නැති බව දකින්න ලැබුනේ. ඉතින් කොච්චර විභාග තිබුනත්, මේකට උපසිරැසියක් හදන එක නම් මට නොකරම ඉන්න බැරිවුනා. ඉතින් ඒ පිස්සුවේ ප්‍රතිඵල කොහොමද කියලා, අද ඔයාලම බලන්නකෝ. විශේෂයෙන් කියන්න ඕනි, උඩ මාතෘකාව වාසල සහෝදරයගේ පරණ ලිපියේ තිබුණු මාතෘකාවමයි. මට ඊට වඩා හොඳ මාතෘකාවක් ඔළුවට ආවෙම නෑ. වාසල සොහොයුරාට ඒ වෙනුවෙන් මගේ ස්තූතිය.

ජේම්ස් ජේ. බ්‍රැඩොක් නම් ජනප්‍රිය බොක්සින් ක්‍රීඩකයාගේ චරිතාපදානයක් ලෙස නිර්මාණය කළ මේ චිත්‍රපටයේ, ජේම්ස් බ්‍රැඩොක්ගේ චරිතයට පණ පොවන්නේ සම්මානනීය නළු Russell Crowe. මේයි බ්‍රැඩොක් ලෙස Renée Zellweger ද, ජෝ ගෝල්ඩ් ලෙස Paul Giamatti ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ A Beautiful Mind, In the Heart of the Sea වැනි විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Ron Howard. IMDB දර්ශකයේ 8 ක අගයකුත්, Rotten Tomatoes හි 80% ක අගයකුත් ගත් මේ නිර්මාණය, 2005 වසරේදි සිනමාහල්වල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ, චිත්‍රපටය බලලා ප්‍රේක්ෂකයෝ අසතුටු වුනොත් ටිකට් පතේ මුදල් ආපහු දෙන පොරොන්දුව පිටයි. ඉතින් ඔවුන් විශ්වාස තියපු විදියටම ඩොලර් මිලියන 60 ක් යොදවලා නිම කළ මේ චිත්‍රපටය, ඩොලර් මිලියන 108.5 ක් උපයන්න සමත් වුනා. ඒ වගේම 2005 Golden Globe සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස Russell Crowe සහ හොඳම සහාය නළුවා ලෙස Paul Giamatti නිර්දේශ වෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. පහළ තියෙන්නේ, ඒ නිර්දේශ වීම් හා සම්මාන ලැයිස්තුවයි.

Academy Award

Best Supporting Actor (Paul Giamatti) (Nominated)
Best Film Editing (Daniel P. Hanley, Mike Hill) (Nominated)
Best Makeup (David LeRoy Anderson, Lance Anderson) (Nominated)

BAFTA Award

Best Original Screenplay (Cliff Hollingsworth, Akiva Goldsman) (Nominated)

Critics’ Choice Movie Award

Best Actor (Russell Crowe) (Nominated)
Best Supporting Actor (Paul Giamatti) (Won)
Best Director (Ron Howard) (Nominated)
Best Film (Nominated)

Golden Globe Award

Best Actor – Motion Picture Drama (Russell Crowe) (Nominated)
Best Supporting Actor – Motion Picture (Paul Giamatti) (Nominated)

Screen Actors Guild Award

Outstanding Actor – Motion Picture (Russell Crowe) (Nominated)
Outstanding Supporting Actor – Motion Picture (Paul Giamatti) (Won)

ඉතින් දැන් කතාව ගැනත් බලමුකෝ. ජේම්ස් ජේ. බ්‍රැඩොක් කියන්නේ බොක්සින් බලන අයට නම් පුරුදු නමක් වෙන්නැති. ඒත් මට නම් ඇත්තටම මේ කතාව අලුත් එකක්. අයිරිෂ් ජාතික දෙමාපිය යුවළකගේ දරුවන් හත්දෙනාගෙන් කෙනෙක් විදියට 1905 දී ඉපදුණු බ්‍රැඩොක්, අවුරුදු 18 ඉඳන් බොක්සින් වල නියැළිලා, වයස අවුරුදු 21 වනවිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා තියෙනවා. ඔහු කිසිම දාක නොකවුට් වුනේ නැති ක්‍රීඩකයෙක් විදියටයි සැලකෙන්නේ. (නොකවුට් කියන්නේ ප්‍රතිවාදියා බිම වැටෙන්න ගැහුවට පස්සේ, විනිසුරු දහයට ගනිනතුරුත් ප්‍රතිවාදියට නැගිටින්න බැරිවුනොත් ඒ ක්‍රීඩකයාට දිනුම ලැබෙන එකටයි.) නමුත් 1928 දි ඔහු පරාද වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ඇමරිකාවේ ලොකු වෙළඳ පරිහානියක් ඇතිවෙනවා. වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ කඩන් වැටෙනවා. මේ කොටස්වලට මුදල් යොදවලා තියෙන නිසා වගේම ව්‍යාපාර අසාර්ථක වෙන නිසා, බ්‍රැඩොක්ට තමන්ගේ දරු පවුලත් අරන් පාරට බහින්න සිද්ධ වෙනවා. කුලී කාමර කෑල්ලක් අරන් පදිංචි වෙන ඔවුන් ජීවත් වෙන්නේ, බ්‍රැඩොක් කුලී වැඩට ගිහින් හම්බ කරන සුළු මුදලෙන්. ඒ වගේම රජයෙන් ලැබෙන සුළු සහනාධාර මුදලත්, ක්‍රිස්තියානු සමාජ සුබසාධන සංවිධානයෙන් ලැබෙන ආහාර සලාකත් ලබාගත්තත්, ළමයි තුන්දෙනෙක් ඉන්න තමන්ගේ පවුල නඩත්තු කරන්න බ්‍රැඩොක්ට ඒවා ප්‍රමාණවත් වෙන්නේ නෑ. මේ අතරෙදියි බ්‍රැඩොක්ගේ දිගු කාලීන මිත්‍රයා වගේම ඔහුගේ බොක්සින් කළමනාකරුවා වෙන ජෝ ගෝල්ඩ්, ඔහුට සටන් කරන්න තරගයක් හොයලා දෙන්නේ. ශූරතා තරගාවලියට යන්න ඉන්න බොක්සින් ක්‍රීඩකයෙක්ට ගහගන්න නිකමට දාන කෙනෙක් විදියට තරගයට යන බ්‍රැඩොක්, පුදුමාකාර විදියට තරගය ජයග්‍රහණය කරනවා. ඒත් කතාව එතනින් ඉවර නෑ. මම දැනටමත් ඕනිවට වඩා කිව්වද කොහෙද. ඒත් චිත්‍රපටයේ ඔය මම කිව්වට වඩා සංවේදිව කතාව තියෙනවා. මම හිතන්නේ ඒකේ තියෙන සංගීතයත්, කතාව රසිකයන්ගේ හිතට කාවද්දන්න ප්‍රධාන හේතුවක් වගේ. ඉතින් ඔබත් තමන්ගේ පවුල වෙනුවෙන් ඕනිම කැපවීමක් කරන කෙනෙක් නම්, බලන්න මේ සින්ඩරෙල්ලා මිනිසා ඔබ වගෙද කියලා. ඔහුට තියෙන ගතිගුණ ඔබටත් තියෙනවද කියලා. මේ චිත්‍රපටය ගත්තට පාඩුවක් නම් වෙන්නේ නැති බව මට සහතික කරන්න පුළුවන්. බොක්සින් වලට කැමති වගේම, සංවේදී හදවතක් තියෙන ඕනිම ප්‍රේක්ෂකයෙක්ට මේ කතාව විවෘතයි. එහෙනම් මම යනවා.

තවත් හොඳ උපසිරැසියක් එක්ක නැවත හමුවෙමු.

ඔයගොල්ලෝ චිත්‍රපටය බලලා ඉවර වුනාට පස්සේ මෙතනින් පහළ විස්තරය බලන්න. නැත්නම් කතාවේ කුතුහලයට ඒක බාධාවක් වෙයි.

චිත්‍රපටය බලලා ඉවර වුනාට පස්සේ ප්‍රේක්ෂකයින්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි, ඊට පස්සේ බ්‍රැඩොක්ට මොකද වුනේ කියන එක. මොකද එක තැනකදි ජොන්ස්ටන් කියනවා, මැක්ස් බෙයාගෙන් පහර කෑව කෙනෙක් මැරුනේ ඊළඟ සටනෙදියි කියලා. නමුත් විශේෂයෙන් කියන්න ඕනි, බ්‍රැඩොක්ට ඒ වගේ ආබාධයක් නම් වුනේ නෑ. බ්‍රැඩොක් ඊට පස්සේ සටන් දෙකක් කරලා තියෙනවා. පළවෙනි එකේදි ජෝ ලුවිස්ට පරාජය වෙමින් ශූරතාව අහිමි කර ගත්තත්, දෙවනි තරගයෙන් ඔහු 1938 දි ක්ෂේත්‍රයෙන් සමුගන්නේ ජයග්‍රහණයකුත් එක්කයි. ඔහු ක්‍රීඩා කළ බොක්සින් තරග 86 කින් 50 ක්ම ඔහු ඒ වනවිට දිනා තිබුනා. දෙවනි ලෝක යුද්ධයේදි ජෝ ගෝල්ඩ් – තමන්ගේ කළමනාකරුවා – සමඟ යුධ සේවය බැඳෙන බ්‍රැඩොක්, හමුදා භටයින්ට සටන් පුහුණු කරමින් ඉඳලා විශ්‍රාම යන්නේ පළවෙනි ලුතිනන් තනතුරට උසස්වීමෙන් පසුවයි. 1974 දි ඔහු මිය යන විට, ඔහුගේ වයස අවුරුදු 69 ක්.

අනික මැක්ස් බෙයා මේ කතාවෙදි දුෂ්ටයා විදියට පෙන්නුවට, ඇත්තම කතාව නම් ඔහු තමන් අතින් වුනු මරණ ගැන කණගාටු වුන බවයි. 1930 දි ෆ්‍රැන්කි කැම්බෙල් ඔහුගෙන් පහර වැදී සිහි නැතිව සිටි වෙලාවෙදි, මිනිත්තු 30 ක් පමණ පසුවී ගිලන් රථයට එතනට එනකම්ම, ඔහු කැම්බෙල් අසල සිටි බව විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. කැම්බෙල් මිය ගිය බව දැනගත් පසු, මැක්ස් බෙයා හැඬූ බවත් එහි සඳහන්. මැක්ස් බෙයා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ තරග 81 කින් 68 ක් දිනුව ක්‍රීඩකයෙක්. 1959 දි ඔහුගේ වයස අවුරුදු 50 දි ඔහු හෘදයාබාධයකින් මිය යන විට, ඔහු බොක්සින් විනිසුරුවරයෙක් ලෙස සේවය කරමින් හිටියා.

බ්‍රැඩොක් සහ මැක්ස් බෙයාගේ තරග දිනුව ප්‍රමාණය සැසඳුවාම, අන්තිම තරගය දිනන්න බ්‍රැඩොක්ට ලොකු වාසනාවකුත් ලැබිලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අනික ඉතින් කොච්චර ගුටිකෑවත් නැගිටලා ඉන්න තරම් හයියකුත් තිබිලා තියෙනවා. මැක්ස් බෙයාගෙයි, ජිමී බ්‍රැඩොක්ගෙයි සටන ඔයාලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. මම ඒක කිව්වේ, මේ චිත්‍රපටය බැලුවට පස්සේ මට නම් ඇත්තම සිද්ධිය බලන්න ඕනි වුන නිසා. ඉතින් මේ ගැන ඔයාලගේ ප්‍රතිචාරත් කමෙන්ටුවකින් සඳහන් කරන්න මිනිත්තුවක් වැය කරන්න කියලා ඉල්ලා සිටිනවා.

එහෙනම් තවත් නිර්මාණයකින් නැවත හමුවෙන තුරු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මෙයට පෙර චමි.දේ.වා. (වාසල) සොයුරා විසින් පළකර තිබූ ලිපිය

“ලෝක බොක්සිං ඉතිහාසයම පීරා බැලුවත් ඔබට හොයාගන්න බැරි වේවි James J. Braddock ගේ ජීවිත කතාව වගේ මිනිසුන් උනන්දු වෙන තවත් කතාවක්…”

දරිද්‍රතාවයේ පතුලටම වැටී සිටියදී තම දරු පවුල ජීවත් කරවීම සඳහා ජීවන අරගලයක යෙදුන බොක්සිං වලල්ලේ වීරයකුගේ කතාව….Cinderella Man…

වෘත්තීමය වශයෙන් බො‍ක්සිං ක්‍රිඩාවේ යෙදෙන Braddock තරඟයක් අතරතුර දී තම දකුණු අත ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉදිරි තරඟ සඳහා සහභාගි වීමට නොහැකි වෙනවා. නමුත් ඔහු ක්‍රීඩා නොකලොත් දරුවන් තිදෙනා හා ආදරණීය බිරිඳ කුසගින්නේ සිටින බව ඔහුට මැවි මැවී පෙනෙන්න ගන්නවා. ඒත් තරඟ කිරීම සඳහා එකදු අවස්තාවක්වත් කිසිවෙකු ලබා දෙන්නේ නෑ. මේ නිසාම නගරයේ කුලීවැඩ සඳහා යන අතර එහිදී දිනකට සේවය සඳහා සීමිත කම්කරුවන් පිරිසක් ගන්නා බැවින් සමහර දිනවල ඔහුට ඒ අවස්තාවත් නොලැබී යනවා.

Braddock ගේ තත්වය තේරුම් ගන්නා ඔහුගේ දිගු කාලීන මිතුරා මෙන්ම කළමණාකරුද වන Toe Gould තවත් එක් අවස්තාවක් සොයාදෙනවා තරඟ කර යම් මුදලක් සොයාගැනීමට. ඔහුගේ ජයග්‍රහනයේ මාවත විවෘත වෙන්නේ එතැනින්….

ගහ මරා ගන්න ඒවගෙන් පිරුන කතාවක් නෙමෙයි… සංවේදීව ජීවිතය ගැනත් කතා කරන මේකත් නොබලා අත්හරින්න එපා…. යම් කෙනෙක් තම පවුල වෙනුවෙන් කරනා කැප කිරීම් වචනෙන් විස්තර කරන්න බෑනේ… ඉතිං ඒ හින්දා වැඩි විස්තර කියන්න ගියේ නෑ ඕන්….

හොලිවුඩයේ සුපිරි නළුවෙකුගේ රංගනයෙන් හැඩඋන මෙය IMDb වල 8.0/10 (61,047) ක් අරගෙන තියනවා. නළුවා කව්ද කිව්වේ නෑනේ තවම… ඒ තමයි Russel Crowe.

කටුක අත්දැකීම් මතින් ජීවිතය ජයගත්තු බොක්සිං වලල්ලේ වීරයකුගේ ජීවිත කතාව බලන්න ඔන්න බාගන්න… ඒ ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න…. වෙලාව තිබුනොත් බලලා ඇවිත් හොඳද කියලත් යන්න… 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ. 

3,790 downloadsDownload Cinderella.Man_.2005.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බොබී

Subtitles

3,790 downloadsDownload Subtitles72 KB

72 comments

  1. ~බිன்ku~

    Another awesome movie! :-)

  2. KoK

    oka maru film ekak mama bala thyenawa ada mama gedara nisa ayi download wen na damma pulu wannam (rock) film set ekath balahan

  3. සෑම්

    මෙන්න ෆිල්ම්.... මමත් දැන්මා බාන්න ඔන්න....

  4. මනියා (මනිෂ කසුන් ගමගේ)

    baami

  5. Indi

    Kathawa nam hodai wage. Mata podi prashnayak tiyanawa. Mata meka baa ganna bahane.Site eka block karala. Mama inne nam UAE wala.Etisalat tamai internet carrier eka. Wena kramayak tiye nam kiyannako.

    Thanks

  6. ෂෙලින්ක - කටාර්

    මම අද ටිකක් කලින් වගේ..
    ඔන්න බාන්න දැම්මා..
    අද රෑ එල ෆිල්ම් එකක් බැලුවහැකි....
    අයි පී මෑන් 2 දානකල් බලාගෙන ඉන්නවා..

  7. හෙළයා

    මචං. මම ඊයේ Keith බාගත්තා. ඒකෙ extract කරන්න file එකක් තිබුනේ නෑනෙ. කොහොමද sub එක්ක බලන්නේ?.
    කවුරැහරි දන්න කෙනෙක් ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න.
    ස්තූතියි

  8. gani01

    එල ෆිල්ම් එකක් වගේ. ඔන්න එහෙනම් බාන්න දැම්මා.
    ස්තුතියි ඔක්කොලටම.

  9. චමීදේවා

    @~බිன்ku~,
    ම්ම්ම්...ඔව්...ඔව්...
    ස්තූතියි බින්කු....

    @KoK,
    ඒක හොඳා...
    ඒක බලලා නෑ.ට්‍රයි කරන්නම්...
    ස්තූතියි...

    @සෑම්,
    ඒකනේ...ස්තූතියි සෑම්...

    @මනියා (මනිෂ කසුන් ගමගේ),
    බලන්නකෝ බාලා...

    @Indi,
    ඉඳින් සහෝ...විසඳුමක් දෙන්නම්...

    @ෂෙලින්ක - කටාර්,
    හොඳා හොඳා කලින්ම ආපු එක...රෑට බලහන්කෝ එහෙනම්...
    ඔය පැත්තේ පුරශ්ණයක් නැද්ද ටොරන්ට් බාන්න... :D

  10. හෙළයා

    @රොකියා

    බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  11. kathu

    තවත් පට්ටම film එකක් තමා... බැලුවෙ නැත්නම් වැඩක් නෑ...

  12. kathu

    Indi - මමත් ඉන්නෙ Dubai වල. Du connection එකක් නම් කිසි අවුලක් නෑ.. But, download, install this softwere & try. Hotspot shield - http://download.cnet.com/1770-20_4-0.html?query=hotspot+shi…
    ඔනෙම block site එකකට යන්න පුලුවන්..

  13. Enri

    දැන් තමා ගෙට ගොඩ වුනේ. ම්ම්ම් බාමුකෝ බලන්න. සංවේදි කතාවක්ලුනේ. කට්ටියට මම ලබන සතියේ එළම ෆිල්ම් එකක් දෙන්නන්කෝ. කට්ටිය සමහරවිට අහලත් ඇති. Earth නම.

  14. රොයිලි

    හ්ම්ම්ම් මොකෝ මේ කමෙන්ට් අඩුවේගෙන ගිහින්.... කොහොමවුනත් ස්තූතියි වාසල සහෝ :)

  15. h

    ෂහ්: නියමයි රජ වාසලයෝ (රජ කිව්වට සැජ්ජ වෙන්න එපා හො‍ඳේ. රජ වැඩක්නෙ කරල තියෙන්නේ :)) මේක මම කීප වතාවක්ම බලපු. මගේ කලෙක්ෂන් එකේ තියෙන මමත් ලියන්න බලාපොරොත්තුව හිටපු එකක්. කවුරු හරි ලිව්වනේ ඉතිං. රසල් ක්‍රෝ කියන විශිෂ්ට නළුවගෙ හොඳම රඟපෑම් වලින් එකක් මේක. බොක්සිං ක්‍රීඩකයෙක්ගෙ ජීවිතේ වුණාට ගහගන්න ඒවට වඩා ජීවිතේ ගැන හිතන්නයි පොළඹවන්නේ. මතකද බ්‍රැඩොක්ගෙ ප්‍රතිවාදියෙක්ට ඔහුගේ බිරිඳ වයින් වලින් දමා ගහන අවස්ථාව. ප්‍රතිවාදියා කියනව 'මෙන්න බලන්න මෙයාගෙ නෝන මෙයා වෙනුවට සටන් කරන්න ඇවිත්' කියල. බ්‍රැඩොක් පොඩ්ඩක් කල්පනා කරල කියනව. 'ඔව්.. දැක්කනෙ එයාගෙ සැර?' කියල.
    ඒක මම කිව්වෙ වෙන දේකට නෙවෙයි. කොයි තරම් අගහිඟකම් මැද වුණත් මේ යුවල තමන්ගෙ දරුවො ටිකත් බලාගෙන හොඳින් පවුල් ජීවිතය ගෙවන විධිය බලන්න. ඒ වගේ චිත්‍රපටි ගොඩක් අඩුයි නේද?

    @ රොකී - මචෝ ෆිල්ම් දුන්න වගේ නෙවෙයි ඒව බලන්නත් එපැයි කට්ටිය. ඒ නිසා දෙන හැම ෆිල්ම් එක ගැනම එක දිගටම කමෙන්ට් දාන්න අමාරු ඇති නේද?

  16. කෙමා

    ඉහලින්ම අගය කරනව මේ වැඩේ... බලන්න වෙලාව අඩු වුනත් බාගෙන අරන් තියල.. නිදි මරාගෙන බලනව... නියමයි.. ගොඩක් ස්තුතියි හැමෝටම...

  17. Akiyoshi

    russel crowe maru....mekath honda athi...menna banava...ayagema aluth akak thiyenawa..name ROBIN HOOD....thanks.....

  18. Indika Ariyadasa

    Ela ela,Tnx. Baagathata samanyayen maasa ganakin thama balanna wenne. :-)

  19. San J

    ඔන්න කාලෙකින් ආවා කමෙන්ට් එකක් දාන්න... මේ අකුනු ගැහිල්ල නිසා චිත්තරපටියක් වත් බලන්න නැති හැටියක්..මේකවත් හිමින් සැරේ බාන්න ඕනෙ.. තැන්කූ වාසල මචෝ..:)

  20. Ari

    thanx machan.. SUPERB!

  21. Supun

    Russel crowe nam ahanna deyak ne bamoo

    E wagema Robin hood 2010 sinhala sub ekka langqadima denawa neda ?

  22. Indika Ariyadasa

    Kaalekata passe balapu patta film ekak.Thanx for sharing machanla.

  23. Yohan

    meka kiyawanakota mata mathak wenne Million Dollar Baby .... mage No.1 Boxing Movie eka gindara ban balapu nathi kenek innawanum ekath balanna mama hithanawa admin ekath pala karawi kiyala

  24. akiyoshi

    mamath beluwa mln dlr baby....maxxa...thawa akak thiyenawa fighter in the wind kiyala....life story akak Mas oyama kiyana fighter ge....

  25. zaranga

    niyam film eka .thanx machooooooooooooooo

  26. ruchcha

    meka banna bene. menna me link eka enawa. [...]

    1. රොයිලි

      Link Updated...

  27. Sampath & Ishi from uk

    thanka saho.....

  28. Sampath & Ishi from uk

    thanks saho....

  29. Aravinda

    Thanks.....

  30. Kanishka

    supiri film akak brother.... niyama motivation akak.... puluwanam sin sub akath danna balanna,... ona time akaka balanna puluwan akak...... :P

  31. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  32. malik

    kauru hari sahodarayek Cinderella Man eke Sinhala subtitles link ekak danawada.....loku udawwak.

  33. Dulanga

    sinhala sub nahane

  34. Carney

    Download Wenneth nane appa...... sad.............

  35. tharindu gunarathna

    sinhala sub plz

  36. tharindu gunarathna

    sinhala sub????

  37. tharindu gunarathna

    sub plz

  38. kasunthivankasamarasiri

    sub?

  39. kasunthivankasamarasiri

    sub? can't download

  40. udaraudara

    thanks a lot godak kal sub denakam balan hotiya mekata . thank you

  41. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම පරන උනත් මේ වගේ විශිෂ්ට සිනමා සිත්තම් වලට සබ් කරනවට බොහොම ස්තූතියි.....

  42. apposudu

    tnx bro sub ekata

  43. Vihanga sathsara

    thankss bro sub ekata.....
    wasala aiyatath thanksss me wage film ekak thora gaththata

  44. Vihanga sathsara

    thankss bro
    wasala aiyatath thanksss me wage film ekak thora gaththata

  45. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  46. Hashan M. Priyadarshana

    Thank you bro

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. rudra thero

    Good job

  49. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  50. Rocky45

    Thanks bro , godak kalayak balan hitapu film ekak

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.