පෝස්ට් මාස්ටර් යනු 1961 වර්ෂයේ තිරගත කෙරුණු වංග චිත්‍රපටයකි. මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ කෙටිකතාවක් ඇසුරින් සත්‍යජිත් රායි නම් සිනමාකරුවා විසින් නිර්මාණය කෙරුණු මෙම සිනමා නිර්මාණය ඔහුගේ තීන් කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්නයි. පාඨක – විචාරක දෙපිරිසේම අවධානයටත් දෙස් විදෙස් සම්මාන උලෙළවල…

පෝස්ට් මාස්ටර් යනු 1961 වර්ෂයේ තිරගත කෙරුණු වංග චිත්‍රපටයකි. මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ කෙටිකතාවක් ඇසුරින් සත්‍යජිත් රායි නම් සිනමාකරුවා විසින් නිර්මාණය කෙරුණු මෙම සිනමා නිර්මාණය ඔහුගේ තීන් කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්නයි. පාඨක – විචාරක දෙපිරිසේම අවධානයටත් දෙස් විදෙස් සම්මාන උලෙළවල ඇගයීමටත් ලක්ව ඇති මේ සිනමා කෘතිය වර්තමානයේ පවා ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල සිනමාකරණය හදාරන්නන් විසින් පරිශීලනය කරනු ලබන්නකි. වසර පනස් පහකට වඩා පැරණි වුවත් වර්තමානයේ පවා වෙනසකින් තොරව රස විඳිය හැකි අන්දමේ සදාකාලික වටිනාකමක් ගැබ්ව ඇති පෝස්ට් මාස්ටර් චිත්‍රපටය හා බැඳුණු අනෙක් සිනමා කෘතීන් වන්නේ මොනිහාරා සහ සමාප්ති නම් චිත්‍රපට ද්විත්වයයි. උක්ත නිර්මාණ සඳහාද දැනට උපසිරැසි නිර්මාණය කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී ඔබ වෙත ලබාදීමට අපේක්ෂා කරමි.
පිටිසරබද ගම්මානයකට පත්වීම් ලැබ පැමිණෙන තැපැල් ස්ථානාධිපතිවරයකු සහ කුඩා දැරියක වටා නිර්මාණය වී ඇති පෝස්ට් මාස්ටර් චිත්‍රපටය, මනුෂ්‍ය සම්බන්ධතා සංවේදී ඇසකින් දකින්නට ගන්නා ලද අති සාර්ථක උත්සාහයකි. තවත් අතකින් බලන විට ඉන්දීය ගැමි සමාජය වෙලාගත් දරිද්‍රතාවය සහ අසරණභාවය පිළිබඳ ගැඹුරු කතිකාවතක් සිදු කිරීමට සමත් වූ නිර්මාණයකි. මේ දෙවන කාරණාව පිළිබඳ කතිකාවත සත්‍යජිත් රායි සිනමාවේදියාණන්ගේ බහුතරයක් සිනමා කෘතීන් තුළ දක්නට ලැබෙන සුවිශේෂී මානවවාදී ලක්ෂණයකි. මේ නිර්මාණයේදී අපට හමුවන්නේ තම ගම්මානයට නුදුරු රානාඝාට්වලින් එපිට ලෝකය කිසිදා දැක නැති, එසේම මිහිබට සුරදූතයන් වෙතින් සුරපුරය පිළිබඳ තොරතුරු විමසන තරම් ආශාවකින් ගමට පැමිණෙන නිලධාරියකුගෙන් කල්කටාව ගැන විමසන අහිංසක ගම්වැසි ප්‍රජාවකි. මැලේරියාවෙන් වැලකීම සඳහා දිනපතා කුවිනින් පෙති පානය කිරීමට ඔවුන්ට සිදුව ඇත.
නගරයේ සුවපහසු ජිවන රටාවකට මෙන්ම සියුමැලි ඇවතුම් පැවතුම්වලට හුරු වූ නන්දලාල් නම් තැපැල් ස්ථානාධිපතිවරයා උලහපූර්හි පවතින කඨොර ජීවන රටාව හමුවේ අපහසුතාවට පත් වන ආකාරයත් එහිදී රත්නා නම් මෙහෙකාර දැරිය ඔහුගේ පිහිටට පැමිණෙන ආකාරයත් අපූර්ව ආකාරයෙන් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන ඒමට සිනමාකරුවා සමත් වී ඇත. ස්නානය පිණිස පොකුණ වෙත යන නන්දලාල් සර්ප හැවක් දැක ආපසු හැරී එන්නේ පසුව රත්නා ලවා ලිඳෙන් වතුර අද්දවාගෙන ස්නානය කරයි. කැඩුණු පුටුවක වාඩි වී බිම ඇද වැටී කොන්ද ඇමැට්ටි කර ගනියි. තිත්ත යැයි පවසමින් කුවිනින් පෙති බීම ප්‍රතික්ෂේප කරන දර්ශනය නන්දලාල්ගේ ලාමක සිත ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට ගන්නා ලද සාර්ථක උත්සහයකි.
තම මිදුලට පැමිණෙන උමතු පුද්ගලයකු නිසා නන්දලාල් බියට පත්වන දර්ශනයක් චිත්‍රපටයේ එයි. එහිදී ඉදිරිපත් වන රත්නා විසින් උම්මත්තකයා පළවා හරිනු ලබයි. රත්නා සහ නන්දලාල් යන දෙදෙනාගේ චරිත ලක්ෂණ නිරූපණය කිරීම සඳහා සිනමාකරුවා විසින් තෝරා ගන්නා ලද මෙම දර්ශනය ලාමක මනසක් සහිත, ස්වාධීන ජීවිතයකට හුරු නොවූ නන්දලාල්ගේ චරිතයත් කඨොර පරිසරයක තනිව ජීවත් වීමෙන් සහ අන්‍යයන්ගේ හවුහරණක් නොලැබ තනිව ජීවිතය රැකගැනීමට සිදුවීමෙන් දැඩි වූ මනසක් සහිත රත්නාගේ චරිතයත් ඉතා හොඳින් ප්‍රේක්ෂකයන් හමුවේ විවෘත කරයි.
තමන්ගේ යැයි කිවහැකි කිසිවකුත් නැති රත්නා නන්දලාල් රැක බලා ගන්නේ මවක තම දරුවා රැක බලාගන්නාක් බඳු සෙනෙහසකිනි. කාරුණික තැපැල් ස්ථානාධිපතිවරයාද තම සොහොයුරියකට දක්වන්නාක් බඳු ආදරයක් ඇය වෙත දක්වයි. මේ බැඳීම සංකේතවත් කිරීම සඳහා සිනමාකරුවා යොදාගත් දර්ශන අතර බොහෝ සේ මගේ සිත ඇදගත් දර්ශනයක් වෙයි. එය නම් කුඩා රත්නා කුවිනින් පෙති විකා කන දර්ශනයයි. කුවිනින් යනු වැඩිහිටියකුට පවා සැපිය නොහැකි තරම් අප්‍රසන්න තිත්ත රසකින් යුතු බෙහෙත් වර්ගයකි. රත්නාට ඒවා සපාකන්නට සිදුවන්නේ බෙහෙත් පානය සඳහා නන්දලාල් නම් වැඩිහිටියා පොළඹවා ගනු පිණිස ය. තම දරුවා රවටා බෙහෙත් පොවන මවුවරුන් අප කොපමණවත් දැක ඇතත් මේ සිද්ධියේදී ඇය ඊටත් වඩා දුර ගමන් කරන්නීය. ඇය තුළ නන්දලාල් කෙරෙහි පවතින සෙනෙහස ඉදිරිපත් කිරීමට මීට වඩා උචිත දර්ශනයක් සොයා ගැනීම අපහසු ය.
චිත්‍රපටයේ එන වඩාත්ම සංවේදි අවස්ථාව වන්නේ නන්දලාල් රැකියාවෙන් ඉවත්වී ගම හැර යන අවස්ථාවයි. සංවේදී පුද්ගලයකු වන නන්දලාල්ට දැරිය මුණගැසීම අපහසු වන්නාක් සේම නන්දලාල්ගෙන් වෙන්වීම රත්නාටද දරාගත නොහැකි දෙයකි. පිටව යන නන්දලාල් ඉදිරියට දැරිය හමුවන දර්ශනය අතිශය සංවේදී ය. ඔහුගේ නික්මයාමෙන් පසුව ඇයට බල කරනු ලැබ ඇති පරිදි පරණ පුරුදු ජීවන රටාවට නැවත හුරු වීමට ඇය දරන වෑයම විශිෂ්ට ලෙසත් සංවේදී ලෙසත් ඉදිරිපත් කෙරී ඇත.
තැපැල් ස්ථානාධිපතිගේ චරිතය නිරූපනය කරන අනිල් චැටර්ජි නම් ප්‍රවීණ නළුවා ගැමි සමාජය නුහුරු සුවපහසු ජීවිතයකට හුරු වූ නාගරිකයකුගේ චරිතය මැනැවින් නිරූපනය කරන බව කිව හැකිය. රත්නාගේ චරිතය නිරූපනය කරන ‘චන්දනා බැනර්ජි’ නම් දැරියගේ රංගනය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඇය කුඩා දැරියකගෙන් දැකිය නොහැකි තරම් අසාමාන්‍ය රංග ප්‍රතිභාවක් පෙන්නුම් කරන බැවිණි. තිර කාලය අර්ථවත් ලෙස ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් නිර්මාණකරුවන්ට ප්‍රශංසා කළ යුතු ය.
මම මේ චිත්‍රපටය සඳහා උපසිරැසි නිර්මාණය කරන ලද්දේ යූ ටියුබ් පිටපතකට නොවන බැව් පළමුවෙන් පැවසිය යුතු ය. නමුත් පසුව කරන ලද පරික්ෂාවේදී එම උපසිරැසි Postmaster (1961) – Satyajit Ray යන නමින් ඇති යූ ටියුබ් පිටපත සඳහාද ඉතාමත්ම හොඳින් ගැලපුණ බැව් නිරීක්ෂණය කළෙමි.
මෙබඳු විශිෂ්ට නිර්මාණයක් අප වෙත තිලිණ කිරීම සම්බන්ධයෙන් සත්‍යජිත් රායි සිනමාවේදියාණන්ට පළමු ස්තූතිය හිමි විය යුතු ය. එසේම මගේ අටවන නිර්මාණය ලෙස මෙම උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටද මගේ විශේෂ ස්තූතිය පිරිනමමි. මා සමග එක්ව මේ චිත්‍රපටය රස විඳින ලෙස ඔබ සැමට ආරාධනා කරමින් නවතිමි.
Due to copyright issues, we do not provide any torrent links.
Satyajit Ray – Postmaster 1961 (549.8 Mb)
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
276 downloadsDownload Postmaster-1961.Baiscopelk.com_.rar11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
14 comments
Tharaka
නුවන් මානගේ
elama
Wajira Buddhika
මේකේ ලින්ක් එක දෙන්න...සහෝ.........
Vajira Rathnayake
ඔයාගේ ඊමේල් ලිපිනය දෙන්න
Wajira Buddhika
අසංක ප්‍රදීප් රණතුංග
මේ වෙලාවේ බයිස්කෝප් මුල් පිටුවේ තියන චිත්‍රපට විස්සෙන් චිත්‍රපට 12 අලුත් ඒවා. එතකොට අනිත් 8 තමා පරණ ඒවා. මට පෙන්නන්න කවුරු හරි බයිස්කෝප් අඩවියේ දාන්න ඕන අලුත් චිත්‍රපට විතරයි කියල තියන තැනක්. චිත්‍රපට කියන්නේ චිත්‍රපට අලුත් පරණ කියන බේදයක් නැ. මොකද ඇත්ත කියනවා නම්, ඔක්කොම රඟපෑම්. ඒ උනත් අපේ හිතට කැමති අකමැති කියල චිත්‍රපට වෙන් කරන් බලනවා. ඒකට අයිතිය තියනවා. ඒත් තමා බලන චිත්‍රපට වර්ගය තමා ඔක්කොම බලන්න ඕන කියන මතය වැරදියි. ඇත්තටම කනගාටුයි අලුත් චිත්‍රපට විතරක් බලන අය ගැන. මොකද එයාල දන්නේ නැ එයාලට මග හැරෙන්නේ මොනවද කියල. ඒ උනත් ඒක එයාලගේ කැමැත්ත නේ. ඒත් එයාල මතක තියා ගන්න ඕන පැරණි චිත්‍රපටත් කැමති අය ඉන්නවා කියල.
මේ පහල තියන අසභ්‍ය නමින් කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එක ගැන එච්චර හිතන්න එපා වජිර සහෝ. එයාගේ බාසාව අනුවම එයාගේ බුද්ධි මට්ටම හිතා ගන්න පුළුවන්. ඔයාගේ මේ උපසිරැසිය උණු කැවුම් වගේ බාගත නොවුනත් සැලකිය යුතු පිරිසක් බලාවි. ඉතින් " බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නේ නැ" කියන කියමන සිහි තබා ගන්න.
උපසිරසියට ස්තුතියි. බුදු සරණයි
අසංක ප්‍රදීප් රණතුංග
Arrival of a Train (1895) කියන ඉංග්‍රීසි තේරුම තියන L'Arrivée d'un train en gare de La Ciotat ප්‍රංස චිත්‍රපටය තමා ලෝකේ පලවෙනි චිත්‍රපටය. ධාවන කාලය මිනිත්තු එකයි. දුම්රිය ස්ථානයකට දුම්රිය පැමිණීම තමා පෙන්නුම් කරන්නේ. IMDb අගය 7.4 අරන් තියනවා.
මෙන්න යු ටියුබ් පිටපත
https://www.youtube.com/watch?v=M920yuiqtjYමෙන්න වැඩි විස්තර තියන විකිපීඩියා පිටුව
https://en.wikipedia.org/wiki/L%27Arriv%C3%A9e_d%27un_train…මෙන්න IMDB පිටුව
http://www.imdb.com/title/tt0000012/උපසිරසියක් කරන්න දෙබස් නැ සහෝ. ඒත් ඔයාගේ ඉල්ලීමට අනුව ඔන්න බලන්න. ඔයාගේ කමෙන්ට් එකට දෙන්න තියන සුදුසුම පිළිතුර මෙයයි. වජිර සහෝදරයා පිළිතුර දිය යුතු උනත් මම පිළිතුර දුන්නේ මමත් පැරණි චිත්‍රපට ප්‍රියකරන හින්ද.
අසංක ප්‍රදීප් රණතුංග
ලෝකේ අලුත්වෙන්න ඕන, ඒත් පරණ දේ අමතක කරලා නෙවි, බුද්ධිය විතරක් නෙවි ගණන්සාත්තරෙත් බැ වගේ. 20 න් 12 ක්. නැතුව 12 න් 8 නෙවි. හෙහ් හෙහ්. සහෝ අවුලට කිවුවා නෙවි. පොදු වෙබ් අවවියක් උනොත් සියලු දෙනාගේ කැමැත්ත පිළිගන්න ඕන. ඒකයි මේ ..
Kulanjana Maduranga
niayamai…thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
ගොඩක් ස්තුතියි මචන්
ප්‍රේමකුමාර
බොහොම ස්තූති මෙම උපසිරැසි ලබා දුන්නාට. ඔබගේ ලිපිවලින් ද උපසිරැසිවලින් ද අපි නොමඳ ආස්වාදයක් ලබන්නෙමු. ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කරන මෙබඳු කලාකෘතීන් හෑල්ලු කරන කලා විහීනයන්ගේ තප්පුලෑම්වලින් ඔබ වන් ධීමතෙකු සිත් තැවුල් ගණිතියි සිතීමට කරුණු නැති. ලෝකෝපකාරයේ එන පද්‍යයක කිවූ පරිදි "නුවණැ'තියෝ සසල නොවෙත් - කෙතරම් දුක සැප වුවත් - ගැසුවත් තද මේඝ පවන් - නිසලව සිටිනා සලමෙන්"
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Withanage Priyantha Dayakeerthi
වජිර සොයුර,
ඔබගේ මෙම ලිපිය අනුවත්, ඔබ මීට පෙර උපසිරසි ලබාදුන් ඒවා අනුවත් මෙයත් අගනා සිනමාපටයක් බව සිතාගන්නට පුළුවන්. ඩවුන්ලෝඩ්කර නරඹා තවත් අදහසක් එක් කරන්නම්. මෙම අගනා මෙහෙය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියාද ප්‍රාර්ථනා කරන්නෙමි, ස්තුතියි!nimal dissanayake
වජ්‍රයක් වන ෆිල්ම් එකක්!
ඇත්තටම මනුෂ්‍යත්වය පිළිඹිබු වන ෆිල්ම්ස්
අමරණීයයි.
වජිර,
ඔබෙ මෙහෙයත් අමිලයි, ඉහළයි!
තුති.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!