මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ, එමෙන්ම ඉන්දියානු සිනමාව තුළ බිහි වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, වෛද්‍යවරයෙක් සහ දුප්පත් තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසි…

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ, එමෙන්ම ඉන්දියානු සිනමාව තුළ බිහි වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, වෛද්‍යවරයෙක් සහ දුප්පත් තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.
මෙහි ප්‍රධාන චරිත වන්නේ ඩොක්ට වර්මා, කරුණා සහ කුසුම් ය. දෙමවුපියන් අහිමි “කරුණා” නම් තරුණියට රෝහලක රැකියාවක් ලැබේ. එහි සේවය කරන ඉතා කාරුණික වෛද්‍යවරයෙක්වන “වර්මා” සමඟ සහායිකාව ලෙස සේවය කිරීමට කරුණාට අවස්ථාව සැලසේ. එහි දී දෙදෙනා ආදරයෙන් බැඳේ.
ඩොක්ට වර්මාගේ පියා නොමැති නිසා ඔහුගේ අධ්‍යාපනයට උදවුකර ඇත්තේ තම මවගේ සොහොයුරාය. එනිසා යෝජනාවක් මත, මවගේ අධික බලකිරීම නිසා මාමාගේ දියණිය වූ “කුසුම්” සමඟ විවාහවීමට ඔහුට සිදුවේ. සංකර ගති පැවතුම් ඇති ඇය කෙරෙහි ප්‍රියතාවයක් නොමැති ඩොක්ට වර්මා අධික කලකිරීම මත විවාහ දිවිය ගෙනයයි. ආලයෙන් පරාජිත වූ කරුණා වෙනත් රෝහලකට මාරුවීමක් ලබාගනී. ඩොක්ට වර්මාගේ විවාහ දිවිය සාර්ථකවේ ද? කරුණාගේ අනාගත ඉරණම කෙසේ විසඳේ ද? එය නරඹලාම දැනගන්නට ඔයාලාට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති“, “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්” යන පැරණි හින්දි චිත්‍රපට දහය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම යු ටියුබ් එකේ ඇති 657 mb ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 23යි, තත්පර 33 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහතුන්වන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
226 downloadsDownload Dil-Apna-Aur-Preet-Parai-1960.Baiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
18 comments
Kulanjana Maduranga
mala paka
ou me hoda patta parana kalu sudu ewama dann negal yano wede patta newi wala pattaa.....buhahahaha
Vajira Rathnayake
ඔබ මෙවර තෝරාගෙන තිබෙන චිත්‍රපටයත් කාලයක් අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක්. හින්දි තිරයේ කඳුළු බින්දුව ලෙස හැඳින්වෙන මීනා කුමාරිගේ විහිෂ්ට රංගනයක් දැකිය හැකි චිත්‍රපටයක්. ඒ වගේම ජනප්‍රිය ගීත ගණනාවක් තියෙනවා. ඔබගේ උපසිරැසි සමග නැවතත් නරඹනවා අනිවාර්යයෙන්ම
කර්තේලිස්
ෆිල්ම් පෙයාර් නෙවෙයි ෆිල්ම් ෆෙයා.
පෙයාර් pair = ජෝඩුව, කුට්ටම,
ෆෙයා fare = කාලීනව සිදුවන, ගාස්තුව,
වඩාත් නිවැරදිව ලියන්නේ ෆිල්ම්ෆෙයා යන තනි වචනයක් ලෙසයි = Filmfare
Kamal
නිකන් ලැබුන අශ්වයාගේ දත් ගනින්න එපා මහත්තයෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Rakitha Ranathunga
සබට තුති සහෝ....
Udaya Saman
patta withanage aiya.meke ldil apana song eke sinhala eka thama sujatha aththanayakage reu negunaawe song eka.mama godak aasa song ekak.mansale kalinma video eka thibuna dil apana song eka.thanx sahoo.
obama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......praneeth madu
ගොඩක් ස්තුතියි මචන්
ප්‍රේමකුමාර
මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දුන්නාට බොහො ම ස්තූති.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipun gunasekara
niyama sub eka
nipun gunasekara
abiman film ekatat sub dennako විතානගේ ප්‍රියන්ත aiye........ mama oyage sub gaththa pattai............................#"Kabhi Haan Kabhi Naa" - Shahrukh ge hari salmange "love' kiyana film ekata subak ekak denna kohoma hari......
දහරා මුතු අමා
මේකෙ සිංදු ටික නම් හරි ලස්සනයි.
ඒ නිසාම ආයෙ බලන්න හිතෙන චිත්‍රපටියක්.
බොහොම ස්තූතියි උපසිරැසියට.Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි..ජයවේවා..
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……