හායි යාලුවනේ, ඔන්න මම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක අලුත් චිත්‍රපටියක්, ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි ආවේ. මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. පට්ටම ෆිල්ම් එකක්. හැම කතාවකටම කලින් අපේ ජෝන් අයියව මතක් කරලා ඉන්න ඕන. එයා තමයි මේක කරමු කියලා මට මුලින්ම අදහස දැම්මේ. පිස්සු පොලිස් චිත්‍රපටියක්…
හායි යාලුවනේ, ඔන්න මම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක අලුත් චිත්‍රපටියක්, ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි ආවේ. මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. පට්ටම ෆිල්ම් එකක්. හැම කතාවකටම කලින් අපේ ජෝන් අයියව මතක් කරලා ඉන්න ඕන. එයා තමයි මේක කරමු කියලා මට මුලින්ම අදහස දැම්මේ. පිස්සු පොලිස් චිත්‍රපටියක් නිසා මම එකෙන්ම මේක බාරගත්තේ මම උපසිරසි ගන්වපු පලවෙනි චිත්‍රපටිය මතකයට නංවන ගමන්. මතකනේ ගබ්බර් සිංග්, මේකත් ඒ වගේ ෆුල් ආතල් චිත්‍රපටියක්, මොකද මේ චිත්‍රපටිය පුරාවටම තෙලුගු සිනමාවේ කොමඩි රජු Brahmannandam ගේ ජෝක් වලින් තමයි දුවන්නේ. එයාගේ නම දැක්කත් හිනා යනවනේ.
චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ රවී තේජා සමගින් හංසිකා මොට්වානි. මම හිතන්නේ මේ දෙන්න එකට රඟපාන පලවෙනි චිත්‍රපටිය තමයි මේක. එයාලට අමතරව Prakash Raj, Ajey, Brahmiji, හා Jogi Brothers මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. කතාව ගැන කියනවනම්…
ජේ වර්ධන් කියන්නේ හොඳ මුහුණ පෙන්නගෙන මහා ජාවාරම් කරන ඇමති කෙනෙක්. එයාගේ සහෝදරයින් දෙන්නා තමයි සියලුම ජාවාරම් පාලනය කරන්නේ. ජේ වර්ධන් එයාලට දෙන්න පුළුවන් හැම උදව්වක්ම රජයෙන් කරනවා. ඒ පළාතේ අවංක පොලිස් නිලධාරීන්ට ඉන්න ඉඩ නෑ. හිටියොත් උරුම වෙන්නේ මරණය තමයි. ඉතින් බල්දෙව් සහායි කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. එයා මේ පළාතේ ACP විදිහට මාරුවීමක් ලබලා එනවා .එත් එයා අවංක පොලිස් නිලධාරියෙක් නොවන බව දැනගන්න හම්බවෙන්නේ මෙයා ඒ පලාතට ආවට පස්සේ තමයි . මොකද මෙයා හැම මැරයෙක්ගෙන්ම මාසෙකට ගානක් පගාව වශයෙන් ඉල්ලන්න ගන්නවා. මෙයා පගාවන් එකතු කරලා මහා අරමුදලක් සකස් කරනවා. ඒ අතරේ මෙයා රහස් මෙහෙයුමක් කරගෙන් යනවා අපි ඒක පැත්තකින් තියමු පොඩ්ඩකට. බල්දේව් සහායිට මේ අතරේ ජේ වර්ධන්ගේ මල්ලි කෙනෙක් එක්ක කේස් එකක් දාගෙන එයාට මැරෙන්න වෙනවා. ඊට පස්සේ එයා විදිහට එයාගේ තැන ගන්න එන්නේ තිරුපති කියන පිස්සු චරිතය. තිරුපති සහ බල්දේව් එක වගේ නිසා වැඩේ ටිකක් අමුතු වෙනවා.
ඒත් මේ හැමදෙයක් අතරේම එකිනෙකට සම්භන්ධ සිද්දි සහ අමුතු අමුතු ගේම් යනවා. තිරුපති ආවට පස්සේ ඉතින් ආතල්ම තමයි. මේ හැමදෙයක්ම අතරේ ලස්සන ආදර කතාවකුත් යනවා. ඒ නිරුපමා එක්ක. ඒක කිව්වොත් කුතුහලය අඩු වෙනවා.මේ හැමදෙයක්ම බලාගෙන්න ඔයාලට බයිස්කෝප් එක බලන්න සිද්ධ වෙනවා. බල්දේව්ගේ රහස් මෙහෙයුම මොකද්ද? තිරුපති බල්දේව්ගේ මෙහෙයුම සම්පුර්ණ කරාවිද? තිරුපති ජේ වර්ධන්ලාව අවුල් කරන්නේ කොහොමද? කියන හැමදේටම පිළිතුරු දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්න පුළුවන් වේවි. මම ඉතින් කතා ලියන්න දන්නේ නම් නෑ ලියලා තියෙන විදිහ හොඳයි කියලා හිතනවා ඉතින් යන්න කලින් අපේ බයිස්කෝප් සාමාජිකයින් හැමෝමත් මතක් කරන අතර යන්න කලින් කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලත් කියන ගමන් තවත් ලස්සන චිත්‍රපටිය සමගින් හමුවනතුරු. ජය වේවා…!
697 MB (HD) කොපිය මෙතනින් බාගන්න
22CD38D1824889C8FDA7894CB1202526EC7758872.91 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
7420C9DCB2FD02A330ACA1ADA3DB0CC13CAAB980
7,235 downloadsDownload Power-2014-baiscopelk.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
39 comments
එල්.සී. දමැල්
madhawa
thank u
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!පොඩි මෑන්
Thanks Macho............... :P :D :)
D.Chamara
thanks sahooo niyamai...
Udara
Thank u so much brothers!
Shan
thanks for the sub...........
නලින්
ස්තුතියි තාරක.
ජය වේවා!
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
pata ahhhhh...telugu 1k ne.aniwa banawa..thanks THARAKA saho..sub ekata.saho thawa telugu film tikak bassamu ne.jaya wewa......
තරුෂ දිනුජය
Thank Q mchn.
DNTDS
උපසිරැසියට බොහොම ස්තුතියි යාලුවා....
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!amila-kandy
ගොඩක් ස්තුති සබ් වලට බඉස්කොප් එකෙ සියලු දෙනාටම. සමහර වෙලාවට ස්තුති කරලා ක්මෙන්ට් එකක් දන්න බැරිවෙනව. එකට සොරි..
සබ් දෙන ඔක්කොටම ජය වෙවා :DSuranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!nelson
Thank you brother
indika
thn Q :)
දසන් බුද්ධික
ඔන්න ගත්ත සහෝ...... ජයවේවා.....
සබට තුති.....hara
thanks dude
Sisi
thnkx mahn....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anil sandauwan
all of thax
gayan lakmal
plyz help me sub wada karnne na kmp eke ai
sanath
thanks macan sub ekata
Tharindu Dhananjaya
Anegan Tamil film eka danna ko?
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Micky
පට්ට
උපසිරැසියට ස්තුතියි
Govindudu Andari Vaadele (2014) සිංහල සබ් 1කත් ඉක්මනටම දෙන්න සහෝ
ඔබට ජය!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසුරු ජයම්පත්
උපසිරසි වලට බොහොම පිං. තව ඒවා හදන්න ශක්තිය ලැබේවා!
shanuka
marui patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
Kasun
thanx macho sub ekata..ela film ekak wage..denma banawa.
SHASITH SANDARUWAN
සුපිරි වැඩක් තාරක සහෝ... දිගටම දෙමු...
hashan
mekanam mara hoda wadak....
Anonymous Person
මම නම් සයිට් එකට අළුත්.
සයිට් එක ගැන නම් කියලා වැඩක් නෑ. පට්ටයි... :D
බොහොම ස්තූතියි කොල්ලෝ සබ් එකට...Buddhika
thanks for Power (2014) & Govindudu Andarivadele (2014) subs
Kasun_sk
Thanks saho...
Tharaka Lahiru
tnq
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසට තුති….
ජය….!