Watch Trailer

Power Play (2021) Sinhala Subtitles | ජීවමාන සත්‍යය ! [සිංහල උපසිරසි]

“තමුසෙලා මගේ කෙල්ලව මරයි, ඊටපස්සේ මගේ අම්මවයි තාත්තවයි මරයි, හැබැයි “ඇත්ත” මරන්න බෑ කවදාවත්” අදකාලේ මිනිස්සු කොච්චර නම් බොරුවෙන් ජීවත් වෙනවද.ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉතින් සුදු රෙදි ඇදන් දියවන්නාවට ආවඩන අයනේ.මොන වැරැද්ද කොහොම කරත් එයාලා ගානට ඒවා වහගෙන තමන්ගේ සමාජ සේවාව කරගෙන යනවා.ඒ කොහොම කරත් අන්තිම…

“තමුසෙලා මගේ කෙල්ලව මරයි,
ඊටපස්සේ මගේ අම්මවයි තාත්තවයි මරයි,
හැබැයි “ඇත්ත” මරන්න බෑ කවදාවත්”

අදකාලේ මිනිස්සු කොච්චර නම් බොරුවෙන් ජීවත් වෙනවද.ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉතින් සුදු රෙදි ඇදන් දියවන්නාවට ආවඩන අයනේ.මොන වැරැද්ද කොහොම කරත් එයාලා ගානට ඒවා වහගෙන තමන්ගේ සමාජ සේවාව කරගෙන යනවා.ඒ කොහොම කරත් අන්තිමට ඇත්ත එළියට එනවා.(චිත්‍රපටිවල) මේ වගේ ඇත්ත යටගහන්න හදන, මිනිස් ජීවිතේක වටිනාකමක් නොදන්න, තමන් විතරයි ජීවත් වෙන්න ඕන කියලා හිතන දෙස්පාලුවෙක්ගේ මිනීමැරුම් කතන්දරයක් වහන්න තියන උවමනාව සහ බලවත් උදවියගේ වැරදි වහන්න දරන උත්සහයක මේ කිසිම දෙයක් නොදන්න තරුණයෙක් පැටලිලා පැටලුම් ලිහාගන්න දරන උත්සහයක් එක්ක තමයි මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ.

විජෙ කියන චරිතේ වටේ තමයි මේ කතන්දරේ යන්නේ.මෙයා ඒටීඑම් එකෙන් සල්ලිත් අරන් එයාගේ කෙල්ලත් එක්ක පබ් එකකට යනවා. ගෙදරට අහුවෙයි කියන බයට මෙයා බිල් ගෙවන්නේ කෑශ් වලින්. මේ සල්ලි වල හොර නෝට්ටු තියනවා කියලා පබ් එකේ අයිතිකාරයා විජේ එක්ක බහින්බස් වෙනවා. ඔය අතරේ මේ පබ් එකට එනවා පොලීසියෙන්.නිකන් නෙමෙයි පොලිස් ලොක්කෙක්ගෙ පුතෙක් සම්බන්ද කුඩු බිස්නස් එකක් අහුවෙලා ඒක මීඩියා වලින් වහන්න පුළුවන් විදියේ වෙන කේස් එකක් හොය හොය යන පොලීසිය. ඉතින් මේ විජේගෙ සිද්දිය දැක්කම පොලිස්සියටත් හොට නොදා ඉන්න බැරි උනා. කුඩු කේස් එක වහන්න හොර සල්ලි කේස් එකක් දාලා විජේට නඩු දැම්මා. මීඩියාත් සතුටින් ලොක්කොත් සතුටින්. මේ සිද්දිය නිසා විජේට එයාගේ කෙල්ල නැති වෙනවා තාත්තගේ රස්සාව නැති වෙනවා කොල්ලට හැමදේම වගේ නැති වෙනවා.ටික දවසක් යනකොට පොලිසියේ කෙනෙක් කියපු දෙයක් නිසා විජේට හිතෙනවා ඇත්තටම උනේ මොකක්ද කියලා හොයාගෙන යන්න.හොර නෝට්ටු කතන්දරේ හොයාගෙන යනකොට දන්නෙම නැතුව විජේ තවත් නඩුවකට පැටලෙනවා. නිකන් නඩුවක් නෙමෙයි ජනතා නියොජිතයෙක් කරපු මිනීමැරුම් නඩුවකට. ඒත් විජේ වැඩේ අතාරින්නේ නෑ. කොහොමහරි ඇත්ත හොයා ගන්නයි උත්සහා කරන්නේ.මේ හින්දා එයාගේ පවුලේ අයට කෙල්ලගේ ගෙදර අයටත් සෑහෙන කරදර එනවා අර ජනතා නියොජිතයගෙන්.
මේ ෆිල්ම් එකේ ඉන්නේ ජනතා නියොජිතවරියක්. ඒක නිසා තවත් වෙනසක් වෙයි.

මේ අවුරුද්දේ කල එලි බැහැපු මේ තෙලිඟු ෆිල්ම් එක,විජේ කුමාර් කොන්ඩගේ අධ්‍යක්ෂනයෙන්,ශාම්නා කසීම්,රාජ් තරුන්,හේමල් ඉන්ග්ලේ වගේ නළු නිලියන්ගෙන් හැඩවෙනවා. ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති රසික ජනතාවට සහ තෙලිඟු ෆිල්ම් රසිකයන්ට මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි.IMDb 5.9 රේටින්ග් එකක් තියන ෆිල්ම් එකක්.ඉවරවෙනකම්ම කුතුහලෙන් පිරිච්ච ෆිල්ම් එකක්. ඇත්තටම සත්‍ය ජයගන්නවද කියලා බලන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්.හැමෝටම ජය ✌

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

7,999 downloadsDownload Power-Play-2021.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

7,999 downloadsDownload Subtitles44 KB

31 comments

  1. tharidu16

    thanks

  2. kasun

    niyamai
    digtma thriller ewa demu

  3. Anonymous

    Thnx for sub...❤

  4. Anonymous

    Thanks sister
    Keep it up

  5. Deshan

    Thriller එකක් නම් ඉතින් නොබල කෝමෙයි
    ස්තුතියි උපසිරසියට සහෝදරී
    දිගටම මේ වගේ ඒවා දෙමු
    ජය වේවා!!!

  6. Kushan

    Sub akta thnkz

  7. indika75

    thanks..

  8. Sahan

    Thanks for sub
    Shadow(2021) kannada movie ektath sub denna

  9. Anonymous

    Thanks sis

  10. Nilu

    Thanks akki

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. Maxx

      Thanks

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Anonymous

    Thanks jaal

  16. Sheron

    Karnan
    Chasing
    Vakeel saab sub plz....
    Also thnks for this

  17. Gayan

    Thanks sister
    Digtma aluth ewa demu

  18. Anonymous

    මේ ටයිප් එකේ තව දෙන්න

  19. ab

    sub ekata thanx

  20. Thiwanka

    Thank you

  21. Maxx

    Superb

  22. Stoute

    Rang De 2021
    Check 2021
    Karnan 2021

    subttile nhne

    1. Anonymous

      Rang de nm thamath hoda copy ekk awe na..

  23. Anonymous

    Patta filuma

  24. Anonymous

    Thanks for sub sis

  25. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  26. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  27. Kasun Madhushanka

    Thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!