ආයුබෝවන් යාළුවනේ ඔන්න කාලෙකට පස්සෙ උපසිරැසක් අරගෙන ආවා අපේ සිංහල උපසිරැස කලාවේ මහගෙදර බයිස්කෝප් අඩවිය වෙනුවෙන්. සමාවෙන්න ඕන ඉතින් උපසිරැසක් කරන්න පරක්කු වුණාට කාර්යය බහුලත්වය නිසා, බාරගෙනත් මාසයක් වගේ කාලයක් ගියා ඉවර කරගන්න. උපසිරැසියක් කරන්න ඉල්ලපු ගමන් අපේ බයිස්කෝප් සහෝදර කණ්ඩායම මට කරන්න කියල අව…

ආයුබෝවන් යාළුවනේ ඔන්න කාලෙකට පස්සෙ උපසිරැසක් අරගෙන ආවා අපේ සිංහල උපසිරැස කලාවේ මහගෙදර බයිස්කෝප් අඩවිය වෙනුවෙන්. සමාවෙන්න ඕන ඉතින් උපසිරැසක් කරන්න පරක්කු වුණාට කාර්යය බහුලත්වය නිසා, බාරගෙනත් මාසයක් වගේ කාලයක් ගියා ඉවර කරගන්න. උපසිරැසියක් කරන්න ඉල්ලපු ගමන් අපේ බයිස්කෝප් සහෝදර කණ්ඩායම මට කරන්න කියල අවස්ථාවක් ලබාදුන්නට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කවුරුත් දන්නවනෙ මම Thriller ගණයේ චිත්‍රපට වලට ප්‍රිය කරන බව. එනිසාම Drama, Thriller ගණයට අයිති 6.8ක IMDb අගයක් අරගෙන තියෙන නවක නළු නිළි යුවලක් රංගන දායකත්වක් දක්වන චිත්‍රපටයක්. 2021 මාර්තු මස 05 වන දින ඉන්දියාවේදි තිරගත කරන ලද මෙම සිනමා සිත්තම පැය 2 කුත් විනාඩි 02ක් පුරා දිවෙන ලස්සන කතාංගයක්. sullu (2019) චිත්‍රපටය ඔයාලට මතක නම්, අන්න ඒ විදියේ අකරතැබ්බයකට මුහුණ දුන්න තවත් කතාවක් තමයි මේ.
අන්බිර්කිනියාල්, අම්මා නැතුව තාත්තා එක්කම පුංචි කාලේ ඉදල හැදිල වැඩුණ කාගෙත් ආදරය දිනාගත්ත සුන්දර ගැහැණු ළමයෙක්. නොයෙකුත් රස්සාවල් වලට ඉල්ලුම් කරල සම්මුඛ සාකච්ඡා වලට ගියත් අවසානෙදි වෙළද සංකීර්ණයක චිකන් හබ් එකක වෙළද සහායිකාවක් විදියට සේවය කරන අතරතුර තරුණයෙකු සමග හාදකමකුත් පවත්වන්න පටන්ගෙන තිබුණා. ඔහොම කාලේ ගෙවීගෙන යන අතරතුර අන්බුගෙ තීරණය වුණේ කැනඩාවට ගිහිල්ලා රස්සාවක් කරල තාත්තා අරගෙන තිබුණ ණය ගෙවල නිදහස් වෙන එක. නමුත් අන්බුගෙ තාත්තට නම් අන්බු කැනඩා යන එක ගැන අබමල් රේණුවකවත් කැ,මැත්තක් තිබුණෙ නෑ . අන්බුගෙ පෙම්වතා වුණ චාල්ස්ටත් හරිහමන් රස්සාවක් තිබුණෙ නෑ. අන්බුගෙ පෙරැත්ත පිට හයිද්‍රාබාද් රස්සාවකට යන්න චාල්ස් කැමැති වුණා. මේ ගැන කියන්න අන්බු හම්බවෙලා විස්තර කතා කරගෙන ආපහු පිටත්වෙන කොට පොලීසියෙන් නතර කරනවා. හෙල්මට් දාගෙන නැති එක ගැන පොලීසියෙන් අවවාද කරත් එතන ඉන්න පොලිස් ඉන්ස්පෙක්ටර් කියපු නෝක්කාඩු කතාවට චාල්ස්ට තරහක් යනවා. ඉන්ස්පෙක්ටර් දෙන්නටම යන්න කියල චාල්ස් ආපහු හැරිල ඇහෙන නොඇහෙන ගානට පොලීසියෙ ඉන්ස්පෙක්ටර්ට බැනගෙන යනවා. අවාසනාවට මේක බයික් එකේ කණ්ණාඩියෙන් ඉන්ස්පෙක්ටර්ට පේනවා. ආපහු චාල්ස්ට එන්න කියල බීල නේද ඉන්නෙ කියල චාල්ස්වයි අන්බුවයි පොලීසියට අරගෙන ගිහිල්ලා අන්බුගෙ තාත්තවත් ගෙන්නලා දෙන්නට හොදටම බනින්න ගන්නවා. මේ සිද්දියෙන් පස්සෙ අන්බුගෙ තාත්තා අන්බු එක්ක කතා කරන්නෙත් නෑ, අන්බු චාල්ස් එක්ක කතා කරන්නෙත් නෑ. දවසක් චාල්ස් ඇවිත් අන්බු එක්ක කතා කරන්න ඕනෙ හබ් එකෙන් එළියට එන්න කිව්වට අන්බු නෑහුණා වගේ වැඩ කරගෙන යනවා. චාල්ස් ආවේ හයිද්‍රාබාද් රස්සාවට යන එක ගැන කියන්න. නමුත් චාල්ස්ට වෙන්නෙ අන්බු එක්ක කතා නොකරම හයිද්‍රාබාද් පිටත් වෙන්න. ඔන්න එදා රෑම තමයි අන්බුට ලොකු අකරතැබ්බයක් වෙන්නෙ.. එහෙනම් මොකද්ද වෙන්නෙ කියල චිත්‍රපටය බලල ඔයාලම හොයාගන්න..
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,504 downloadsDownload Anbirkiniyal-2021.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
17 comments
Malith
oshanda
thanks broo...
Neo
Thanks brother
Keeep it uposhanda
thanks bro
Anonymous
the remake of the Malayalam movie "Helen".
N.A.R.R.Nishshanka
the remake of the Malayalam movie "Helen".
Anonymous
Apow ehnm balala wadak na
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!tharidu16
thanks machi
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Bandu
Thanks Brother
shash
mekeme theligu ekak thynwa. kalin sub daala
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Wow Oshadha is Back.
Digatama sub denna