Premalu (2024) Sinhala Subtitles සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම…
Premalu (2024) Sinhala Subtitles
සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම මලයාලි රසිකයෙක් මේක ගැන දන්නවා. ලංකාවෙ මලයාලි උන්මාදය වැඩි උනේ ප්‍රේමම් මගින් නම් මෙන්න ඒ නමම පොඩ්ඩ්ක් තෙළිඟු ආරකට යොදල අළුත් එකක් ගෙනත් තියෙනවා ඒ උන්මාදය දෙගුණ තෙගුණ කරන්න. මේක තව තව යාළුවන්ට හඳුන්වල දෙන්න ඔවුන් ආදරයෙන් මලයාලි සිනමාව වැළඳ ගන්නව සිකුරුයි.
මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න මම්මුටිගෙ බ්‍රහ්මයුගම්, ඔස්ලර්, ටොවිනෝගෙ අන්වේශිපින්,මෝහන්ලාල්ගෙ වාලිබන් සහ දැන් කප් එක ගහපු මංජුමෙල් බෝයිස් වගේ සුපර් හිට් ෆිල්ම් අස්සෙ ඉහත කිව්ව සම්ප්‍රදායක රාමුව තුල තියෙන ලව් කතාවකට ගේමක් ගහන්න පුළුවන්ද? බැරි කමක් නෑ ඒක වටහා ගන්න පුළුවන් මේක බැලුවම. මේ වෙනකොට මංජුමෙල් බෝයිස් වලට පමණක් දෙවෙනි වෙලා රුපියල් කෝටි 136ක ආදායමක් සහිතව කේරළය පමණක් නොවේ ආන්ද්‍රා තමිල්නාඩු ප්‍රාන්ත වලත් දැඩි ලෙස ජනප්‍රිය වෙමින් තිර ගත වෙන්න නම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න බෑ. ඉහත චිත්‍ර පට බොහොමයල් ත්‍රිලර්, හොරර් ඝණයට වැටෙන කොට මේ රොමැන්ටික් කොමඩිය කෙලින්ම කතා කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාවට.මේ පරම්පරාවෙ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළක් වන නස්ලන් සහ මමිතා බයිජු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක. නස්ලන්ගෙ සුපුරුදු සගයා මැතිව් තෝමස් වෙනුවට සංගීත් ප්‍රතාප් කියන යොවුන් නළුවා තමයි මේකෙ නස්ලන්ගෙ යාළුවා. මැතිව්ත් අපූරු චරිතයකට පෙනී සිටිනවා.මේකෙ ඉන්න අපූරු දුෂ්ඨයාගෙ චරිතයත් ශ්‍යාම් මෝහන් විසින් ලස්සනට රඟපානවා.
Premalu (2024) Sinhala Subtitlesමෙවැනිම නව පරම්පරාවෙ රොමෑන්ටික් කොමඩි හිට් එකක් උන තන්නීර් මාතන් දිනංගල්, සුපර් ශාරන්‍යා අධ්‍යක්ෂක ගිරිෂ් ඒ. ඩී තමයි මේකෙ අධ්‍යක්ෂක. නිශ්පාදකයින් නම් එසේ මෙසේ අය නෙමෙයි. ෆහාද් ෆසිල්, ඩිලිෂ් පොතාන්,ශ්‍යාම් පූෂ්කරන් තුන් දෙනා හිතන්නවත් නැතිව ඇති කෝටි 3ක් බජට් එකකින් මලයාලි ඉතිහාසෙ දැනට හතර වෙනි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය හදන්න මේ වගේ තරුණ නළු පිරිසක් එක්ක. මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.
කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.
ඉතින් එහෙම නම් අළුත් අවුරුදු සමයේ තවත් උණුසුම් උපසිරැසි කීපයකින් හමු වෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
77,739 downloadsDownload Premalu-2024.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Premalu (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Akhila Bhargavan
- #Althaf Salim
- #BANDULA K
- #George Wincent
- #Girish A.D.
- #Mamitha Baiju
- #Mathew Thomas
- #Meenakshi Raveendran
- #Naslen
- #Premalu
- #Premalu (2024)
- #Premalu (2024) Sinhala Sub
- #Premalu (2024) Sinhala Subtitles
- #Sangeeth Prathap
- #Shameer Khan
- #Shyam Mohan
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
27 comments
හසිත් කෞශාන්
Netflix පිස්සා
යෝ යෝ BK.... thanks bro, බන්දුල සහෝදරයා... maharani 2023 එකටත් සුබ කරන්න පුළුවන් ද
Keshara Pradeep
මම තමයි එක..thanks for the sub
Kasun Widusha
බොහොම ස්තූතියි උපසිරසට, ජය වේවා ❤️
Das
Gindara
Buddhika Lakmal
තෑන්ක්ස් බන්දුල සහෝ සබට....
ගින්දර වගේ සබ් එකදිගටම දෙනවට පිං හොදේ.....රුවිශාන්
පට්ටයි ආ.
සබ් එක නියමෙටම තිබුනා.
බලල ඇවිල්ල මේ කමෙන්ට් එකක් දාන්නේ.
මහන්සිය වෙනුවෙන් බොහොම ස්තුතියි බන්දුල සහෝදරයා.
දිගටම අපට මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එන්න!Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Tharu jay
Thank you
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Madusha
ෆ්ල්ම් එකටම මැච් වෙන සබ් එකක්..................... මරු ආ
Anonymous
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Anonymous
THANKS SAHO MEKATA SUB DUNNATA. JAYA VEVA...
Anonymous
Thank you
Banuka
Good movie
Dineth
Good job
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි බන්දුල සහෝ
Anonymous
video eka download kare kohenda?
Anonymous
Niyamaiii
viraj
thanks................
Anonymous
Thank you
Anonymous
thank you.good work
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තුතියි සබ් එකට