Watch Trailer

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න [සිංහල උපසිරසි]

Asvins (2023) Sinhala Subtitles බ්‍රිතාන්‍යයේ පිහිටි නිවෙසක පැරනෝමල්(සම්මත විද්‍යාවෙන් පරිබාහිර) සිද්ධීන් නිරීක්ෂණය කර පටිගත කරන්නට යන කණ්ඩායමක සාමාජිකයින් වසර සිය ගණනක් පැරණි ශාපයකට ලක් වන්න සිදු වෙනවා. ඔවුන්ට මේ ශාපයෙන් ගැලවෙන්න හැකි වේවිද? Asvins (2023) Sinhala Subtitles අස්වින්ස් 2023 වසරේ ජුනි…

Asvins (2023) Sinhala Subtitles

බ්‍රිතාන්‍යයේ පිහිටි නිවෙසක පැරනෝමල්(සම්මත විද්‍යාවෙන් පරිබාහිර) සිද්ධීන් නිරීක්ෂණය කර පටිගත කරන්නට යන කණ්ඩායමක සාමාජිකයින් වසර සිය ගණනක් පැරණි ශාපයකට ලක් වන්න සිදු වෙනවා. ඔවුන්ට මේ ශාපයෙන් ගැලවෙන්න හැකි වේවිද?

Asvins (2023) Sinhala Subtitles

අස්වින්ස් 2023 වසරේ ජුනි මස 23 දා තිරගත වුණ සයිකොලොජිකල් හොරර් චිත්‍රපටයක්. විශේෂයෙන්ම කියන්න ඕන, මේක සාම්ප්‍රදායික දකුණු ඉන්දියානු හොරර් චිත්‍රපටයක් නෙවෙයි. තරුන් තේජා මල්ලාරෙඩ්ඩි විසින් මෙය රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙනවා. තරුන් තේජාගේ Asvins ලෙස මේ නමින්ම කළ කෙටි චිත්‍රපටයක් මෙලෙස වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. මෙහි වසන්ත් රවී, විමලා රමන්, ස්වරස්වතී මෙනන්, උධයා දීප්, මුරලිදරන් යන අය රඟපානවා.

Asvins (2023) Sinhala Subtitles

කවුද මේ අස්වින්ස් නොහොත් අශ්වින්වරු? මේ ගැන ටිකක් කෙටියෙන් දැනගෙන ඉමු. නක්ෂත්‍ර 17හි මුල්ම නක්ෂත්‍රය වන්නේ මේ අස්විනි කුමාරවරුන්. මොවුන් නාසත්‍ය සහ දස්රා නම් නිවුන් කුමාරවරුන් දෙදෙනෙක් වන අතර මොවුන්ට අශ්ව මුහුණු තිබෙනවා. සූර්යයාට දාව සංජනා හට උපන් මොවුන් ඖෂධවේදීන් ද වනවා. ඒ වගේම මේ නිවුන් දෙවිවරු ආර්යූවේදය ද හදාරා තිබෙනවා. යහපත් හිතක් ඇති ඔවුන්ට මිනිසුන් මිය යාමට නොදී රැක ගැනීමේ හැකියාවද සතුයි. ඔවුන් මිනිසුන්ට මෙන්ම දෙවිවරුන්ටද වෙද හෙදකම් කර තිබෙනවා. මේ චිත්‍රපටයේ කතාවේ විදියට අශ්විනි කුමාරවරුන් මිය ගිය නිවුන් දරුවන්ගෙන් කෙනෙකුට නැවත ප්‍රාණය ලබා දී, ඔවුන් සතුව තිබූ බලගතු අශ්ව හිසක් සහ මිනිස් ස්කන්ධයක් සහිත පිළිම දෙකක් දිව්‍යලෝකයෙන් ගෙන්වා බේරාගත් දරුවා හට ලබා දෙනවා.

Asvins (2023) Sinhala Subtitles

වසන්ත් රවී Jailer (2023) චිත්‍රපටයේ අර්ජුන්ගේ චරිතය රංගනයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා. මේ අස්වින්ස් චිත්‍රපටයේත් ඔහුගේ නම අර්ජුන්.  දොස්තර කෙනෙකු වූ වසන්ත් රවී “නම්ම වීඩු වසන්ත් භවන්” සභාපතිගේ පුතාද වනවා. Tharamani (2017) චිත්‍රපටයේ රංගනයෙන් ඔහුට ආනන්ද විකටන් සහ ෆිල්ම් ෆෙයා සම්මාන ලබා ගත්තා. වසන්ත් මේ වෙද්දි Rocky (2021), Asvins, Jailer ලෙස චිත්‍රපට පෙළක සාර්ථකත්වය සමඟින් ඔහුගේ රංගන දිවියේ ඉහළ ස්ථානයක වැජඹී සිටිනවා.

Asvins (2023) Sinhala Subtitles

වසන්ත් රවී ප්‍රධාන චරිත රඟන Weapon සහ Indra නම් චිත්‍රපට දෙකක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. Pon Ondru Kanden නම් චිත්‍රපටියක් මේ අප්‍රේල් මස 14 දා OTT ඔස්සේ විකාශනය වීමට නියමිතයි. එහි වසන්ත් සමඟින් අශෝක් සෙල්වන්, ඓශ්වර්යා ලක්ෂ්මි රඟනවා. ඒත් නිෂ්පාදන ආයතනය එම චිත්‍රපටය සෘජුවම Jio ඔස්සෙ විකාශන කිරීමට තීරණය කළ බව චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් හෝ ඊට සම්බන්ධ වෙනත් පාර්ශවයක් ඒ වන තුරු දැනුවත් කර නොතිබුණු බව සඳහන් කර තිබුණා.

Asvins (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටියට මිශ්‍ර සහ ධණාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා. වර්ථමානයේ මීට ලැබී ඇති Imdb රේටින් අගය 4.8ක්. TOI – 2.5/5ක්, Letterbox – 2.8/5ක් ලෙස අගය කිරීම් ලබාගෙන තිබෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගත්තා.

Asvins (2023) Sinhala Subtitles

එහෙනම් ඉතින් මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

3,999 downloadsDownload Asvins-2023.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles

Subtitles

3,999 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට........
    ජය වේවා......

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.