Watch Trailer

Pride and Glory (2008)

හ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න. මෙහෙමයි. මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක. කතාව නම් කියන්න යන්නේ නෑ මම. ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්. පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව. මේ ගැන හොයන්න…

හ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න. මෙහෙමයි. මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක. කතාව නම් කියන්න යන්නේ නෑ මම. ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්. පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව. මේ ගැන හොයන්න එක් නිලධාරියෙක්ට බාර වෙනව (අපිට නම් පෙන්නනව මුල ඉදලම කවුද මේ අපරාධකාරය කියල. ඒ නිසා මේක අභිරහස් කතාවක් කියන්න නම් බෑ) කොහොම උනත් මේ නිළධාරියා අපරාධකාරය අල්ලන එක තමයි ප්‍රධාන සිද්දිය. මේ කතාවෙ ප්‍රධාන චරිත සියල්ලම වගේ නෑකම් වලින් බැදිල තියන නිසා කතාව ඒ අතින් නම් සංකීර්ණයි. මොකද තීරණයක් ගන්නකොට නෑකම ගැනත් හිතන්න වෙනව මේ නිලධාරියාට. විශිෂ්ට ෆිල්ම් එකක් කියන්න නම් බෑ. ඒ උනාට බැලුවට කමක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ (මට නම් චුට්ටක් කම්මැලි හිතුනත් එක්ක! ඇත්තටම මටත් හිතා ගන්න අමාරුයි එහෙම කියන එක හරිද කියල). ඔයාලම කල්පනා කරල බලන්න.

8 comments

  1. පොතේ ගුරා

    @නලින්! ඔවු මචං..එඩි ගේ රගපෑම ගති නිසා එයාගේ ෆිල්ම් ඔක්කොම බලන්න ආස හිතෙනව

    @චින්තක..2004 එකක් නේද?හ‍්රි අමාරුවෙන් RS ලින්ක්ස් හොයාගෙන බෑව..බලල දාන්නම් පෝස්ට් එකක්..බොහොම ස්තුතියි කොමෙන්ට් එකට..

    @කේෂාන්!ඉදල හිටල ෆිල්ම් එකක් බලන එක මනසටත් හොදයි..තෑන්ක්ස් මචන්..

  2. කේෂාන්

    මම නම් වැඩිය films බලන කෙනෙක් නම් නෙමෙයි ඒත් දැන්නම් films බලන්න ටිකක් ආස හිතුන මොකද ළගදි හොද films ටිකක් බලන්න ලැබුන ඇත්තටම කිව්වොත් මුලින්ම බලන්න උනේ යාළුවන්ගෙ බල කිරිමට කොහොමහරි මට films ගැන විස්තර ඔබෙන් දැන ගන්න පුළුවන් දිගටම කරගෙන යන්න එළ...එළ...

  3. චින්තක

    මම ආසයි Don't Move චිත්‍රපටය ගැනත් ලිපියක් දානව නම්. වෙනස් මගක් ගත් චිත්‍රපටයක්!

  4. නලින් (Boman)

    හප්පා. එඩ් නෝටන්ගෙ චිත්‍රපටයක් මට මිස් උනේ කොහොමද? අදම බෑවෙන්න දාන්න ඕනෙ. තෑන්ක්ස් මචන් විස්තරේට. මෙයාගෙ Fight club,American History X සහ Primal fear මරු චිත්‍රපට තුන.

  5. uda

    හ්ම්හ්, අමුතු කතාවක්. මානව සම්බන්ධතා ඇසුරින් නිර්මාණය වෙන ඒවට මාත් හරිම කැනතියි. මොකද අපිට කවදාවත් පැනල යන්න බැරි දෙයක්නෙ ඒක.....

    මේකනම් බලල නෑ වගේ. බලලම ඉන්න වෙනවා අදහසක් ගන්න. මොකද කියල තිඑන හැටි දැක්කම සංකීර්ණ බව පේනවා! B)

  6. sachi

    sinhala sub mewata den nedda????

  7. Rajtha74

    thnx.
    Front Cover (2015) th dannako .