Watch Trailer

Primal (2019) Sinhala Subtitles | සුදු බළල් සාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. ගිය වසරේ නොවැම්බර් 08 වනදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය නිකොල්ස් කේජ් රඟන Primal. ෆ්‍රෑන්ක් වොල්ෂ් නීතිවිරෝධීව දුර්ලභ වන සතුන් අල්ලා ඉහළ මිල ගණන් වලට වෙන්දේසියේ විකුණන ජාවාරම් කාරයෙකි. වර…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. ගිය වසරේ නොවැම්බර් 08 වනදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය නිකොල්ස් කේජ් රඟන Primal.

ෆ්‍රෑන්ක් වොල්ෂ් නීතිවිරෝධීව දුර්ලභ වන සතුන් අල්ලා ඉහළ මිල ගණන් වලට වෙන්දේසියේ විකුණන ජාවාරම් කාරයෙකි. වරෙක ඔහු විසින් අල්ලාගන්නා සතුන් ගෙනයාම සඳහා නැවකට පටවනවා. ඒ නැවටම ආරක්ෂක අංශ විසින් අල්ලාගත් හිටපු හමුදා සෙබලෙක්වන ලොෆ්ලර් පටවගන්නේ තම මව් රටට ගෙනගොස් ඔහුව අධිකරණය හමුවට කැඳවා දඬුවම් ලබා දීමටයි. ඔහු එක්තරා එක විදිහක වැඩසටහනකට පුහුණු කල මිනිස් අවියකි. වැඩසටහන නිමවීමෙන් පසු අණට කීකරු නොවී මිනිස් ඝාතනයන් සිදුකිරීම මොහුට ඇති බරපතලම චෝදනාවයි. ජාවාරම්කරුවෙක් සහ ඔහුගේ විසකුරු සතුන් සමඟ මේ ඝාතකයාද එකම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගමන් කරද්දී ලොෆ්ලර්ගේ දක්ෂකමින් ඔහු හිරකර ඇති කූඩුවෙන් පැනගන්නට සමත් වෙනවා. පළමුව ඔහු සතුන් හිර කර ඇති කූඩු විවෘත කිරීමත් සමඟ වොල්ෂ්ට සහ නැවේ කාර්යය මණ්ඩලයට සිදුවන්නේ විසකුරු සතුන් සහ භයානක මිනීමරුවෙක්ට මුහුණ දෙන්නයි… එතැන් පටන් දිග හැරෙන්නේ පාවෙන අපායක් බදු නෞකාවේ මිනිසුන්ගේ ඉරණමයි…

ක්‍රියාදාම සුපිරි රංගන ශිල්පියෙක් වන Nicolas Cage මෙහි ෆ්‍රෑන්ක් වොල්ෂ් ලෙස රංගනයෙන් එක්වන අතර ලුතිනන් එලන් ටේලර් ලෙස Famke Janssen රංගනයෙන් එකතු වේ. ඇය වඩාත් ජනප්‍රිය වූයේ ජේන් ලෙස රගපෑ X-Men චිත්‍රපට මාලාවෙනි. මීට අමතරව Kevin Durand ලොෆ්ලර් ලෙසත්, LaMonica Garrett ජෝන් රින්ගර් ලෙසත් සහ, Michael Imperioli පෝල් ෆ්‍රීඩ් ලෙසත් රංගනයෙන් එකතු වේ. නිකොල්ස් කේජ් ගේ මීට පෙර චිත්‍රපට වලදී උසස් තත්වයේ ක්‍රියාදාම පෙනුන අතර මේ චිත්‍රපටයේ ක්‍රියාදාම ජවනිකා එතරම්ම පෙනෙන්නට නැහැ. මේ නිසාම මේ චිත්‍රපටයට වැඩි වශයෙන් විචාරකයින්ගෙන්ම සෘණාත්මක විචාර ලැබී ඇත. ඇතැමෙක් මෙය ජුමන්ජි වැනි යැයි පවසන්නේ යමෙක් ඉතා විනෝදජනක ක්‍රියාදාම හොයනවනම් ඔහු මේ චිත්‍රපටය නිර්දේශ කරන බව පවසමිනි. ක්‍රියාදාම විදිහට හැදින්වුවත් චිත්‍රපටයට ලැබී ඇති විචාර තමයි මේ.

ඒ නිසාමදෝ මන්දා චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 4.9ක් සහ Rotten tomatoes අගය 39% ලැබී ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Nick Powell විසිනි. තිර රචනය Richard Leder න අතර කැමරා අධ්‍යක්ෂණය Vern Nobles විසිනි. විනාඩි 97ක් පුරා දිවෙන Primal, Lionsgate සමාගමේ බෙදාහැරීමකි.

එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් ළඟදීම දවසක තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන මං එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,980 downloadsDownload Primal-2019.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

4,980 downloadsDownload Subtitles46 KB

19 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. indika75

    Thanks..

  3. damith

    thanks bro. jaya wewa

  4. suranuwan

    thanks bro...

  5. Ayesh

    උපසිරසියට ස්තුතියි

  6. Anonymous

    Thanks bro.good luck.....

  7. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

  8. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි ...

  9. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request...

    Clear and Present Danger - 1994

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

    Murder - 1930
    M - 1931

  10. Anonymous

    sub wlt thx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for sub!

  13. A r perera

    ස්තුතිය බ්‍රෝ

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  15. jagath55

    Thanks

  16. nish47

    ස්තූතියි සහෝ

  17. Pramukmili

    Thanx bro........

  18. Anonymous

    Thanks bro

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!