Watch Trailer

Norbit (2007) Sinhala Subtitles | වසවරති ගැනියෙක් සමග ජීවත් වන අසරණ මිනිසෙක් [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක්, ඔන්න එහෙනම් තවත් Eddie Murphy ගේ විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. මීට කලින් මම ඔයාලට දුන්නු Eddie Murphy ගේ Daddy Day Care (2003) චිත්‍රපටිය තාම බලපු නැති අය ඒකත් අරන් බලන්න. හොඳයි, අද චිත්‍රපටිය පැත්තට අපි දැන් හැරෙමු. මේ අරන් ඇවිත් තියෙන්නේ 2007 වසරේ නිකුත් වුන Comedy/…

හැමෝටම සුභ දවසක්, ඔන්න එහෙනම් තවත් Eddie Murphy ගේ විනෝදකාමී චිත්‍රපටියක් දෙන්නයි මේ සූදානම. මීට කලින් මම ඔයාලට දුන්නු Eddie Murphy ගේ Daddy Day Care (2003) චිත්‍රපටිය තාම බලපු නැති අය ඒකත් අරන් බලන්න. හොඳයි, අද චිත්‍රපටිය පැත්තට අපි දැන් හැරෙමු. මේ අරන් ඇවිත් තියෙන්නේ 2007 වසරේ නිකුත් වුන Comedy/ Romance ගනයට අයත් වන චිත්‍රපටියක්. DreamWorks Pictures ආයතනයේ නිෂ්පාදයක් වන මෙය Paramount Pictures ලගේ බෙදාහැරීමකි. ඇමරිකානු ඩොලර් මිලියන 60ක් වැනි සුළු පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටිය Box Office ආදායම් වාර්තා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 159.3ක් ඉපයීමට සමත්ව තිබෙනවා. මේ චිත්‍රපටිය ගැන විශේෂයෙන්ම සදහන් කරන්න ඕන එක විශේෂම දෙයක් තියනවා, ඒ තමයි Eddie Murphy මේකේ ප්‍රධානම චරිත දෙකකටයි එක් අතිරේක චරිතයකටයි රංගණයෙන් පණ පොවන්නා වීම. ඒ තමයි,

1. නෝර්බර්ට්ගේ චරිතය.
2. නෝර්බර්ට්ගේ මහත තඩි කළු යක්ස ගැනි රැස්පියුශාගේ චරිතය.
3. අනාථ නිවාසයේ හිමිකරු, වයසක වෝන්ග් මහතාගේ චරිතය.

ඉතින් මේ විදියට චිත්‍රපටියක රංගනයේ යෙදෙනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි. අනික සුපිරිම දක්ෂ නළු නිළියන්ට විතරයි මේ වගේ බැ‍රැරුම් කාර්යයක යෙදෙන්නත් පුළුවන්. Eddie Murphy ඇවිල්ලත් අන්න ඒ වගේම අතිම දක්ෂ නළුවෙක්. ඒ ගැන නම් කිසිම සැකයක් නෑ, මිනිහගේ චිත්‍රපටි බළලා තියන අය ඒ ගැන හොඳටම දන්නවා.

මරු සම්මාන ටිකක් තමයි මේ චිත්‍රපටිය දිනාගෙනත් තියෙන්නේ, ඒ සේරමත් තුන් ආකාරයකට Eddie Murphy අරන් තියෙන්නේ.

Golden Raspberry Awards
——————————————————-
සවුත්තුම නළුවා සම්මානය – නෝර්බර්ට් වශයෙන් සිටිමින්.
සවුත්තුම සහය නළුවා සම්මානය – වෝන්ග් මහතා වශයෙන් සිටිමින්.
සවුත්තුම සහය නිළිය සම්මානය – ‍රැස්පියුශා වශයෙන් සිටිමින්.

(මේ ගෝල්ඩන් රාස්ප්බෙරි සම්මාන කියන්නේ සිනමාත්මක තාවයෙන් අඩු ජයග්‍රහණවලට ගෞරව කරන උපහාසාත්මක සම්මාන උළෙලකටයි)

මම නම් කියන්නේ මේකේ Eddie ට හම්බවෙන්න ඕනේ ඔය මොකක්හරි Oscar Award එකක්වත්, චරිත 3ක්ම අරන් මහන්සි වෙලා කරපු වැඩේට ගෞරවයක් විදියට.

කතාව මේකයි,

නෝර්බර්ට්, අහිංසක ගති පැවතුම් ඇති රූප ස්වභාවයෙන් අඩු හිත හොඳ හාදයෙක්. මෙයා බැඳලා ඉන්නේ තඩි විසාල මහත කළු වස ගැනියෙක්වයි, දරුණු මැර අයියලා 3 දෙනෙකුත් ඉන්න. ඒ වගේම මේ නෝර්බර්ට් අනාථ නිවාසයක හැදිලා වැඩිලා ලොකු වෙච්ච අනාථයෙක්. දවසක් නෝර්බර්ට් වේලපහ ගෙදර එන වෙලාවක මෙයාගේ නෝනා ‍රැස්පියුශා කෙට්‍ටු හැඩිදැඩි කොල්ලෙක් එක්ක නිදන කාමරයේ ලිංගිකව හැසිරෙනවා දකිනවා. මේත් එක්කම තමන්ගේ බිරිඳ කෙරෙහි තිබෙන ආදරය නෝර්බර්ට්ට නැතිවෙලාම යනවා, මෙතනදි දෙන්න රණ්ඩු වෙනවා. නමුත් ‍රැස්පියුශා තමන්ගේ බලපුළුවන්කාරකමින් නෝර්බර්ට්ව වහලෙක් වගේ යටත් කරගෙන තමන් යටතෙම තියාගන්නවා. තමන්ගේ බිරිඳ තමන්ට කරපු වංචාව ගැන සිතමින් දුක්වෙමින් නෝර්බර්ට් ඉන්නකොට එකපාරටම මෙයාට මුණ ගැහෙනවා අනාථ නිවාසයේ හිටපු මෙයාගේ බාල කාලේ ආදරවන්තිය කේට්ව. කේට් සිහින් සිරුරක් තියන ලස්සන කෙල්ලෙක්. මේ හමුවීමෙන් පස්සේ දෙන්නා බොහොම හොඳට හාද වෙලා නිතර නිතර කතාබහට එහෙම වැටෙනවා. මේ ගැන නෝර්බර්ට්ගේ බිරිඳ ‍රැස්පියුශා දැනගන්නවත් එක්කම ‍රැස්පියුශා වෙනදටත් වඩා නෝර්බර්ට්ව තලාපෙලා දමමින්, ගමන් සීමා කරමින්, තමන්ගේ මිනිහා ගැන මරුවිකලෙන් ඇහගහාගෙන ඉන්න පටන් ගන්නවා. මේ අතරෙම නෝර්බර්ට් සහ කේට් අතරේ තියන මේ පුංචි හාද කමින් ‍රැස්පියුශගේ අයියලා ටික එයාලගේ කූට සැලසුමක් ක්‍රියාත්මක කරන්න උත්සහද ගන්නවා.

එහෙනම් ‍ෆිල්ම් එක අරගෙන බලන්න, ලස්සනයි. හොඳට හිනා වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ කාන්තාවෝ ඇත්තටම බැඳලා ඉන්න මිනිස්සු මේ ලෝකයේ ඕනේ තරම් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ අසරණ ජීවිත ගැන සිහි කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,359 downloadsDownload Norbit-2007.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

5,359 downloadsDownload Subtitles64 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. MAALNATH

    Thanks ............good luck ...............

    1. Maleesha

      Kantha dla kiynne legend kenek

  3. indika75

    Thanks..

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඔබ විසින් මීට පෙර ලබා දුන් Next Friday 2000 චිත්‍රපටයේ ඊළඟ කොටස විදියට ආපු
    Friday After Next 2002 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද.

  5. Anonymous

    මං හොය හොයා හිටපු උපසිරැසියක්, බොහොම ස්තුතියි සහෝ

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!

  7. Hashan Chamara

    El el tnz

  8. podda

    thanks bro!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kavi

    thanks

  11. kavi

    thankzzzzzz

  12. jagath55

    Thanks

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Asanga Basooriya

    bohoma sthuthi sub ekata..