ඔන්න යාළුවනේ ගිය සතියෙත් උපසිරැසි දෙකක් ගෙනල්ලා මහන්සි නොබලා මේ සතියෙත් මම තව එකක් අරන් ආවා. මේක නම් ඉතිං Animation එකක් තමයි. මේ මගේ දෙවැනි Animated Movie එක. ඉතිං තැනින් තැනින් අඩුපාඩු තියෙන ඉංග්‍රීසි උපසිරැසියක් තමා මේකට හම්බවුනේ. කොහොමහරි සම්පූර්ණෙන්ම වගේ අඩුපාඩු හද හදා තමයි උපසිරැසිය කළේ. ඉතිං…
ඔන්න යාළුවනේ ගිය සතියෙත් උපසිරැසි දෙකක් ගෙනල්ලා මහන්සි නොබලා මේ සතියෙත් මම තව එකක් අරන් ආවා. මේක නම් ඉතිං Animation එකක් තමයි. මේ මගේ දෙවැනි Animated Movie එක. ඉතිං තැනින් තැනින් අඩුපාඩු තියෙන ඉංග්‍රීසි උපසිරැසියක් තමා මේකට හම්බවුනේ. කොහොමහරි සම්පූර්ණෙන්ම වගේ අඩුපාඩු හද හදා තමයි උපසිරැසිය කළේ. ඉතිං වැරැද්දක් එහෙම තිබුනොත් සමාවෙන්න ඕනේ. කොහොමහරි මේ ෆිල්ම් එක ගැන මගේ අදහස තමයි මේක තදටම හිනාවෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක්. අපි ෆිල්ම් එක පැත්තට යමුකෝ.
ඉතින් 2003 ඉඳන් 2015 වෙනකන් තිබුණු Jungle Beat කියන TV Series එක මත තමයි මේ ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ ෆිල්ම් එකේ කතාව නෙවෙයි, ෆිල්ම් එකේ පසුබිම, චරිත වගේ දේවල්. ඉතින් චිත්‍රපටිය ගැන කිවුවොත් මේකට IMDb අගය 5.6 ක් සහ කුණුතක්කාලි වල ප්‍රේක්ෂක අගය 86% ක් ලබාගෙන තියෙනවා.ඉතිං මේකේ ධාවන කාලය පැය 1 යි විනාඩි 28 ක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brent Dawes කියන අධ්‍යක්ෂකවරයා විසින්. මේකේ හඬකැවීම් ශිල්පීන් ගැන කිවුවොත් මේකේ ෆ්නීප්ට හඬකැවීම සිදු කරන්නේ Ed Kear විසින්. ඒ වගේම David Menkin මන්කි විදියටත්, Ina Marie Smith ට්‍රන්ක් විදියටත් මේකට හඬකැවීමෙන් දායක වෙනවා.
අද චුට්ටක් ඉක්මනින් මට ඉවර කරන්න ඕන නිසා මම කෙටියෙන් කතාව කියලා ඉවර කරන්නම්. කැලේ ඉන්නවා වඳුරෙක්. නම මන්කි. හැබැයි නම වැටෙන්නේ පස්සේ, මොකද ෆිල්ම් එක පටන් ගනිද්දී මෙයාලට කතා කරන්න බෑ. ඉතිං ඔන්න හිටිහැටියේම මන්කිට කතා කරන්න පුළුවන් වෙනවා, ඒකත් සුපිරියටම. ඉතිං මෙයා මෙයාගේ යාළු අලියාව මුණගැහෙද්දී,(අලියෙක් කිවුවට කෙනෙරක්) එයාටත් කතා කරන්න පුළුවන් වෙලා. ඉතිං කොහොමහරි මේ කෙනෙරට ඇහෙනවා කවුරුහරි අඬනවා. කොහොමහරි කවුද අඬන්නේ කියලා හොයලා බලද්දී එයාලට හම්බෙනවා. පිටසක්වළ ජීවියෙක්ව. ඒ තමයි ෆ්නීප්. වෙන නම් කියන්න බෑ. වැඩියෙනුත් එක්ක කිවුවද මන්දා. ඉතුරු ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතිං අවසාන වශයෙන් මේක ලබාදුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත්, බයිස්කෝප් ටීම් එකටත් මම ස්තූතිවන්ත වෙනවා. ඉතිං කියන්න තියෙන්නේ කොරෝනා රස්නේ පොඩ්ඩක් අඩු වුනා. හැබැයි සෞඛ්‍ය පිළිවෙත් ලෙසටම පිළිපදින්න. මොකද, රකුසා නිදාගත්තා විනා මියගියේ නැත. අප නිදාගතහොත් ඔහු නැගිටීවි. අප මියයාවි. ඉතින් පරිස්සම් වෙන්න. සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න, ඒක හුඟක් වටිනවා ඈ. ඉතින් අදට මම සමුගන්නවා. ජයෙන් ජයම වේවා !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,325 downloadsDownload Jungle-Beat-The-Movie-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
11 comments
Uvindu
indika75
thanks..
අශාන්
සබට බොහොම ස්තුතියි..තව ඇනිමේශන් ෆිලුම් ටිකක් ගෙන්නකෝ..ජය වේවා..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!nishantha Dias
good work bro. keep it up. well done...
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මල්ලි..
mithnil1986
Thanks lot for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
sub ekata tnx .jaya wewa
හිරාන් ශාරංග
ගොඩක් ස්තුතියි...
ජයවේවා...!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Advertisement
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.