Primate (2026) Sinhala Subtitles මිනිස්සු හුරතලේට සත්තු ඇති කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. ඒ ඉතිහාසය අවුරුදු දස දහස් ගානක් ඈතට යනවා. අපි බහුතරයක් දෙනා හුරතලේට බල්ලන් සහ පූසන් ඇති කරාට, සමහර මිනිස්සු ඊට වඩා වෙනස් සතුන් ඇති කරනවා. හාවන්, ඉබ්බන්, මාළු, කුරුල්ලන්, මීයන් වගේම වානර කුලේ චිම්පන්සියන්. ආයුබෝවන…

Primate (2026) Sinhala Subtitles
මිනිස්සු හුරතලේට සත්තු ඇති කරන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. ඒ ඉතිහාසය අවුරුදු දස දහස් ගානක් ඈතට යනවා. අපි බහුතරයක් දෙනා හුරතලේට බල්ලන් සහ පූසන් ඇති කරාට, සමහර මිනිස්සු ඊට වඩා වෙනස් සතුන් ඇති කරනවා. හාවන්, ඉබ්බන්, මාළු, කුරුල්ලන්, මීයන් වගේම වානර කුලේ චිම්පන්සියන්.
ආයුබෝවන්. එහෙනම් මම අද ඔයාලට අරන් ආවේ මීට දවස් කිහිපයකට කලින් ඒ කියන්නේ 2026 ජනවාරි 9 වෙනිදා තිරගත වීම ආරම්භ උන සහ අදටත් තිරගත වන Primate (2026) චිත්‍රපටය. ඉතින් කියන්න ඕන මේක තමයි මේ අවුරුද්දට අපි ඔයාලට අරන් එන පලවෙනි horror කාණ්ඩයට අයත් චිත්‍රපටය. ඒ වගේම මගේ 75 වෙනි උපසිරැසි නිර්මාණය.
කතාව දුවන්නේ බෙන් කියලා හුරතලයට ඇති කරන චිම්පන්සියෙක් පසුබිම කරගෙන. ඔව්.. ඇත්තටම බෙන් කියන්නේ හුරතල් සතෙක් තමයි. ඒ යම් දෙයක් ඌට වෙන්න කලින්. ඒ දේ මොකක්ද කියන්නේ නම් නැහැ මම. හැබැයි ඒ දේ උනාට පස්සේ බෙන්ගේ හුරතලය මාරක අපලයක් වෙලා මිනිස්සුන්ව මරණ එක නම් හිතා ගන්න බැරි තරම් බිහිසුණුයි. බෙන්ගේ බුද්ධි මට්ටම (විශේෂ පුහුණුවකින් ලද) මේ මිනී මැරුම් කෘර විදිහට කරන්න තවත් උපකාරී වෙනවා.
බෙන් වියරු වැටීමට පෙර සහ පසු


Primate (2026) චිත්‍රපටයේ නළු නිලියන් එච්චර ප්‍රසිද්ධ නොවුනත් එයාල තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. මේ නළු නිලියන් අතරින් ලුසී (Johnny Sequoyah), හනා (Jessica Alexander), කේට් (Victoria Wyant), ඇඩම් (Troy Kotsur) සහ එරින් (Gia Hunter) ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන චිම්පන්සි බෙන්ව සජීවීකරණය කිරීමේ වගකීම Miguel Hernando Torres Umba ඉතාම දක්ෂ විදිහට ඉටු කරලා තියනවා.
Paramount Pictures සමාගම විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Johannes Roberts. චිත්‍රපටය විනාඩි 89 ක් ඒ කියන්නේ පැයකුත් විනාඩි 29 කුත් ධාවනය වෙනවා. වර්තමාන IMDb අගය 6.2 කුත් කුණු තක්කාලි අගය 79% කුත් අරන් තියන නිසා මේක බැලුවට පාඩු නැහැ කියන එක බය නැතුව කියන්න පුළුවන්. ඇත්තටම මම නම් මේක බැලුවේ සිනමා ශාලාවකට ගිහින්.
වැඩි කතා නැතුව ලිපිය ඉවර කරන්න හිතුවා ඒ වෙලාව උපසිරැසිය කොටන්න පාවිචිචි කරන්න පුළුවන් නිසා. එහෙනම් මේක බලලා ඔයාලා හොඳ රසවින්දනයක් ලබයි කියලා මට ලොකු විශ්වාසයක් තියනවා.
අන්තිමට කියන්න තියෙන්නේ…
චිම්පන්සියන් ඇති කරන අය පරිස්සමින් හොඳේ. 😃
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා ලබා දි ඇත.
2,845 downloadsDownload Primate-2025.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Primate (2026) Sinhala Subtitles
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
8 comments
Sanjana Chamod - Admin
අඹකිස්සේ තනි අලියා
ස්තූති සහෝ
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. මේක නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. ජයවේවා!
Buddhika laKMal
ස්තූතියි චාමිකර සහෝ කාලෙකින් සුපිරියකට සබ් අරං ආවට
sarath Geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
රුක්ෂාන් ඛාන් (රුකා)
බොහොම ස්තූතියි සහෝ ෆිලුම එනවත් එක්කම සබ් එක දුන්නාට! ජයවේවා ❤️
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
යුරාන් ධනුක (දනුවා)
ට්‍රේලර් එක බලපු දවසේ ඉඳන්ම එනකන් හිටපු එකක්
වෙඩි වගේ ආව දවසෙම සබ දීලනේ
අනිවා බැලිල්ලක් තමයි
ජයවේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ ටිකේ එක්සෑම්,
වැකේෂන් එකේදි සබත් එක්කම බලනව.
උපසිරැසියට ස්තූතියි අයියෙ.