Watch Trailer

Prince and Family (2025) Sinhala Subtitles | අලුත ගෙනා මනමාලි [සිංහල උපසිරැසි]

Prince and Family (2025) Sinhala Subtitless ආයුබෝවන් තවත් ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න ඕනෙම චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඒක හොඳ රේටිං එකක් විතරක් නෙමෙයි සැලකිය යුතු ආද…

Prince and Family (2025) Sinhala Subtitless

ආයුබෝවන්  තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න ඕනෙම චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඒක හොඳ රේටිං එකක් විතරක් නෙමෙයි සැලකිය යුතු ආදායමක්ද මේ චිත්‍රපටයට ලැබුන එකෙන් හිතා ගන්න පුළුවන්. මේ කාලෙ පුරාම නව මලයාලි අධ්‍යක්ෂක වරුන් බිහි වෙමින් පවතිනවා. ඔවුන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂනත් සැලකිය යුතු ඉහළ මට්ටමේ වීම සුවිශේෂ කාරණයක්. මේකත් ඒ වගේම නවකයෙක්ගෙ වැඩක්. එයා බින්ටෝ ස්ටීවන්.

දිලීප් සමග රානියා රානා කියන නවක නිළියක් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ඇයගේ රඟපෑම ගැන නම මතක් කරන්නම වෙනවා. ඊට අමතරව ජොනී ඇන්තනි, සිද්දික්, බිංදු පනික්කාර්, ධ්‍යාන් ශ්‍රීණිවසන්, සහ මන්ජු පිල්ලේ සෙසු චරිත වලින් හමු වෙනවා.

කතාව කිව්වොත් ප්‍රින්ස් කියන අවිවාහක තරුණයා දැන් මැදිවියටත් ආසන්නයි. ඔහුගෙ සහෝදරයො දෙන්නත් බැඳලා දරුවොත් ලැබෙමින් පවතින අවධියක ඒ සේරගෙම වගකීම කරට අරන් වැඩ කරනවා. මෝස්තර ශිල්පියෙක් ලෙස බ්‍රයිඩල් සෙන්ටර් එකක් කර ගෙන තමන්ගෙ මව පියා සහෝදරයින්ගෙ පවුල් එකම නිවසක් තුලම නඩත්තු කරන මේ අහිංසකයගෙ කසාදෙ දිගින් දිගටම කල් යනවා. එන එන යෝජනා අනපේක්ෂිත විදිහට වරදිනවා. නිදා ගන්නවත් ඉඩක් නැති තමන්ගෙ කියන ගෙදර හිර වෙලා පුරා වස්තුවක් වෙමින් පවතින තම අනාගත නිවසේ අත්තිවාරම දිහා බලා ගෙන සුසුම් හෙළන ඔහුගේ ජීවිතයට වසන්තය උදා වෙන්න කිට්ටුයි. ඒ කියන්නෙ අන්තිමේ කසාදයක් තීන්දුයි. ඉතිං එයා ගේන මනමාලි කවුද බලන්න.

මේ කතාව සුපුරුදු මලයාලි පවුල් කතාවක් වගේම මන්දගාමීව පටන් ගන්න නිසා මුලින් ටිකක් කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම ලස්සන හාස්‍යජනක වාගේම හැඟීම් බර කතාවක් මවනවා. අද සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. අද විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන සමාජ මාධ්‍ය අවභාවිතය ජන ජීවිත වලට බල පාන්නෙ කෙසේද යන්න සංවේදී ලෙස මෙහි විස්තර කරනවා. මේ සම්බන්ධව ඉදිරි කාලෙ චිත්‍රපටය බලලා සමාජ මාධ්‍ය තුලම කට්ටිය කතා කරයි.

එහෙනම් නව උපසිරැසියක් සමග හමු වෙමු

Prince and Family (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,031 downloadsDownload Prince-And-Family-2025.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Prince and Family (2025) Sinhala Subtitless
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,031 downloadsDownload Subtitles75 KB

3 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතියි අයියා ඉල්ලීම ඉටු කලාට.ජය වේවා. සුපිරි මලයාලමක්.දිලීප් කියන්නෙම වැඩ්ඩෙක් .

  2. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ සබට

  3. Nilanka

    Jai ganesh denna