Watch Trailer

Titan: The OceanGate Disaster (2025) Sinhala Subtitles | ටයිටන්: යළි නොපැමිණි ටයිටැනික් ගවේෂකයෝ…  [සිංහල උපසිරැසි]

Titan: The OceanGate Disaster (2025) Sinhala Subtitles හොඳයි මේ පාර මං අරගෙන ආවේ 2025 අලුත්ම වාර්තා වැඩසටහනක්. ඒ තමයි Titan: The OceanGate Disaster (2025). 2023 වසරේ ටයිටැනික් නෞකාවශේෂය නරඹන්න සිදුකළ ගැඹුරු සාගර ගවේෂණයකදී අන්තර් විදාරණය වීමෙන් විනාශ වුණු OceanGate Expeditions සමාගමට අයත් සුප්‍රකට ට…

Titan: The OceanGate Disaster (2025) Sinhala Subtitles හොඳයි මේ පාර මං අරගෙන ආවේ 2025 අලුත්ම වාර්තා වැඩසටහනක්. ඒ තමයි Titan: The OceanGate Disaster (2025). 2023 වසරේ ටයිටැනික් නෞකාවශේෂය නරඹන්න සිදුකළ ගැඹුරු සාගර ගවේෂණයකදී අන්තර් විදාරණය වීමෙන් විනාශ වුණු OceanGate Expeditions සමාගමට අයත් සුප්‍රකට ටයිටන් සබ්මැරීනය එළෙස විනාශ වෙන්නට බලපෑ හේතුන් විග්‍රහ කරන හොඳ සාරගර්භ වාර්තා වැඩසටහනක් මේක. මාක් මොන්රෝ විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ Titan: The OceanGate Disaster (2025) මුල්වරට නිකුත් කෙරුණේ 2025 ජුනි 06 වැනිදා Tribeca සිනමා උළලේදි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් Netflix නාළිකාව ඔස්සේ විකාශය කෙරුණේ 2025 ජුනි 11 වැනිදා. Rotten Tomatoes වෙබ් අඩවියේ Tomatometer 74% ක අගයකුත්, Popcornmeter 65%ක අගයකුත් ගන්නට සමත් වුණු මේ වාර්තා වැඩසටහන ලබාගත් IMDb දර්ශක අගය 6.7/10ක්.  

ඔබට මතක ඇති මං මීට කළිනුත් ටයිටැනික් ඇතුළු නෞකාවශේෂ ගැන සාගර අභ්‍යන්තරයේ සිදුකෙරුණු ගවේෂණ හා බැඳුණු වාර්තා වැඩසටහන් කිහිපයකට සිංහල උපසිරැසි ගන්වා බයිස්කෝප් අඩවියේ පළ කළා. ඉදිරියේදී ද එවැනි හොඳ වාර්තා වැඩසටහන් ඔබට ඉදිරිපත් කිරීමට මං අපේක්ෂා කරනවා. මං ඒ වාර්තා වැඩසටහන් වල නම් පහත සඳහන් කරනවා කැමති කෙනෙකුට ඒවා නරඹන්න.  2023 ජුනි 18 වැනිදා, ඇමරිකානු සංචාරක සහ ගවේෂණ සමාගමක් වන OceanGate විසින් ක්‍රියාත්මක කරන ලද ටයිටන් ගිල්ලුම් යාත්‍රාව, කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා කළ ගවේෂණයකදී අධික පීඩනයට ඔරොත්තු දීමට නොහැකිව අන්තර් විදාරණයට ලක් වුණා. මේ ගිල්ලුම් යාත්‍රාවේ ගමන් කළ OceanGate හි ඇමරිකානු ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්; ප්‍රංශ ගැඹුරු මුහුදේ ගවේෂකයෙකු සහ ටයිටැනික් විශේෂඥයෙකු වන පෝල්-හෙන්රි නාජලේ; බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන හමිෂ් හාඩින්; පාකිස්ථාන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන ෂාසාඩා ඩාවුඩ්; සහ ඩාවුඩ්ගේ පුත් සුලේමන් යන අය එය අන්තර් විදාරණය වීමේදී ක්ෂණිකව මරණයට පත් වුණා. ටයිටන් සහ එහි මව් නෞකාව වන එම්වී පෝලර් ප්‍රින්ස් අතර සන්නිවේදනය එම කිමිදීමෙන් පැය 1 යි මිනිත්තු 33 කට පසු අහිමි වුණා. ඕෂන්ගේට් නිළධාරීන් මේ ගැන බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවේ ඒ යානය නියමිත වේලාවට නැවත මතුපිටට පැමිණීමට අපොහොසත් වූ පසුවයි.  දින හතරක් තිස්සේ ගිල්ලුම් යාත්‍රාව අතුරුදහන් වීමෙන් පසු, දුරස්ථව ක්‍රියාත්මක වන දිය යට වාහනයක් (ROV) මඟින් ටයිටැනික් නෞකාවේ ඇණියෙන් මීටර් 500 (අඩි 1,600) පමණ දුරින් පිහිටි ටයිටන් යාත්‍රාවේ කොටස් අඩංගු සුන්බුන් ක්ෂේත්‍රයක් සොයා ගැනුණා. මෙහි රොබෝ හසුරු හස්තයන් (Robotic Manipulative Arms)මඟින් සුන්බුන් මතුපිටට ගෙන එනු ලැබුවා. යානයේ කාබන් තන්තු (Carbon Fiber) බඳ අධික ජල පීඩනය හමුවේ බිඳී යාමෙන් මෙය සිදුවුණු බවටයි පසුව හෙළි වුණේ. මේ වාර්තා වැඩසටහනෙන් මේ ව්‍යසනයට හේතු වුණු ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයාගේ ක්‍රියාකලාපයන් ගැන විස්තර කෙරෙන්නේ යාත්‍රාව ගැන තාක්ෂණික කරුණු ද ප්‍රේක්ෂකයන් හමුවේ අනාවරණය කරමින්. ගිල්ලුම් යාත්‍රා කර්මාන්තයේ බොහෝ විශේෂඥයින් නෞකාවේ ආරක්ෂාව පිළිබඳව අනතුරු හැඟවීම් පළ කර තිබුණද, රෂ් ඇතුළු ඕෂන්ගේට් විධායකයින් ටයිටන් සඳහා අවශ්‍ය නෛතික සහතික ලබාගෙන නොතිබුණේ, දැඩි ආරක්ෂක ප්‍රොටෝකෝල සහ රෙගුලාසි නවෝත්පාදනයට බාධාවක් බව තර්ක කරමින්. එහෙම නම් අපි මේක සිංහල උපසිරැසි සහිතව බලලා වැඩිදුර කරුණු දැනගනිමු. එසේනම් මේ ඇරයුම යළි නොපැමිණි ටයිටැනික් ගවේෂකයන්ගේ ඉරණම විසඳූ මාරාන්තික ව්‍යසනය ගැන නිමැවුණු මේ අපූරු වාර්තා වැඩසටහන නරඹන්නටයි….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

 

ඔබට තෙරුවන් සරණයි! Titan: The OceanGate Disaster (2025) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,729 downloadsDownload Titan-The-OceanGate-Disaster-2025.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Titan: The OceanGate Disaster (2025) Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,729 downloadsDownload Subtitles67 KB

6 comments

  1. Anonymous

    Thanks, a lot, keep continue upload sub like this goner

  2. Dasun Lakruwan

    ඉතාම වටිනවා අදම බලන්න ඕනි

  3. aruna

    meweni de digatama denna jaya

  4. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ මේ ඩොකියුමන්ට්‍රියට සබ් දුන්නට

  5. Shehan Warnkulasooriya

    ඔබට ස්තූතියි මෙවැනි වටිනා වාර්තා වැඩසටහන් ලබා දෙනවට, ඔබට හැකිනම් හිට්ලර් ගැන, ලෝක යුද්ධයන් පිළිබද වාර්තා වැඩසටහන් ලබා දෙන්න, ඔබට ජය

  6. Anonymous

    තෑන්ක්ස් , මේ ඩොකියුමන්ට්‍රියට සබ් දුන්නට