Tron (1982) Sinhala Subtitles සබ් එකක් අරන් එන්නේ අවුරුදු කීපයකට පස්සේ. සබ කරන එකෙන් අයින් වෙලා හිටියත් සබ් එකක් කරන්න හිතුනේ ටික දවසක ඉඳන්. තුන්වෙනි ට්‍රෝන් ෆිල්ම් එකත් මේ අවුරුද්දේ එන නිසා කලින් ආපු ෆිල්ම් ටිකට සබ් දෙන්න බයිස්කෝප් අපි හිතුවා. මේ ෆිල්ම් ඒකයි දෙවෙනි ඒකයි සබ් කරන්න බාර අරන් හිටියේ අ…

Tron (1982) Sinhala Subtitles
සබ් එකක් අරන් එන්නේ අවුරුදු කීපයකට පස්සේ. සබ කරන එකෙන් අයින් වෙලා හිටියත් සබ් එකක් කරන්න හිතුනේ ටික දවසක ඉඳන්. තුන්වෙනි ට්‍රෝන් ෆිල්ම් එකත් මේ අවුරුද්දේ එන නිසා කලින් ආපු ෆිල්ම් ටිකට සබ් දෙන්න බයිස්කෝප් අපි හිතුවා. මේ ෆිල්ම් ඒකයි දෙවෙනි ඒකයි සබ් කරන්න බාර අරන් හිටියේ අපේ ඔලිවර් සහෝදරයා. ඉතින් එයාට මේ ටිකේ ටිකක් බිසී වෙන්න වෙලා තියෙන නිසා පළවෙනි ෆිල්ම් එකේ සබ් එක මං කරන්නම් කියල බාරගත්තා.
අපි යමු ෆිල්ම් එක පැත්තට
මේක නමින් Tron (1982). හැබැයි ඔයාලා බහුතරයක් බලලා ඇත්තෙ 2010 ආපු Tron: Legecy ෆිල්ම් එක විතරයි වෙන්න ඕනි. සෝෂල් මීඩියා වල සැරිසරද්දී දැක්ක දෙයක් තමයි බහුතරයක් හිතන් ඉන්නේ ටෝන් ලෙගසි තමයි පලවෙනි ෆිල්ම් එක කියලා. බහුතරයක් දන්නේ නැනේ ඒ ෆිල්ම් එක 1982 ආපු ට්‍රෝන් පලවෙනි ෆිල්ම් එකේ සීක්වල් එකක් කියලා.
Steven Lisber තමයි මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ වගේම අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම Walt Disney Productions තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරේ. පහුකාලීනව Walt Disney Studios Motion Pictures බවට පත් උන Buena Vista Distribution තමයි මේ ෆිල්ම් එක බෙදා හැරියේ. Jeff Bridges, Bruce Boxleitner, David Warner, Cindy Morgan, Barnard Hughes ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ.
Kevin Flynn කියන්නේ ඇති දක්ෂ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක්. එයත් එක්ක එන්කොම් සමාගමේ වැඩ කරපු ඩිලින්ජර් කියන කෙනා ෆ්ලින් ගේ ගේම් කිහිපයක් හොරකම් කරලා ෆ්ලින්ගේ ජොබ් එකත් නැති කරලා සමාගමේ ඉහලටම යනවා. ඒ අතරේ එයා මාස්ටර් ප්‍රෝග්‍රෑම් කියන AI එකත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක බල තන්හාවෙන් බලවත් වැඩසටහන් අත්පත් කරගනිමින් ඉන්න ai එකක්. ඩිලින්ජර් ව වට්ටන්න තොරතුරු හොයන ෆ්ලින් ව මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක පරිඝනක ලෝකයකට අරන් යනවා. ඒ ලෝකයෙන් ෆ්ලින් බේරෙන්න උත්සහ කරන ගමන් ට්‍රෝන් කියන වැඩසටගනත් එක්ක එකතු වෙලා මාස්ටර් කන්ට්‍රෝල් එක පරද්දන හැටි තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ.
ට්‍රෝන් ෆිල්ම් වලට කැමති අය මේකත් අරන් බලන්න. හැබැයි ග්‍රැෆික් ගැන වැඩිය හිතන්න යන්න එපා.
ඉතින් අපි මේකේ සීක්වල් එක වෙන ටෝන් ලෙගසි ෆිල්ම් එකටත් ඉක්මනටම සබ අරන් එන්නම්. ඒවගේම ලැස්ති වෙලා ඉන්න 2025 ඔක්තෝබර් 10 වෙනිදා මේ ෆැන්චයිස් එකේ තුන්වෙනි ෆිල්ම් එක වෙන Tron: Ares එනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
692 downloadsDownload Tron-1982-baiscopelk-sinhala-subtitle.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-06-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tron (1982) Sinhala Subtitles
Subtitles by
තිසර නියෝ
Subtitles
5 comments
රුක්ෂාන් ඛාන් (රුකා)
Nisal Tharinda
Nice
Bimsara Yashan (ඔලිව)
කිව්ව විදිහටම දීලානේ ඉක්මනින්ම. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thanks ❤️
Udara Damith
හෙයි හයිඩ්‍රා
Advertisement

කාලෙකින් ඔයාගෙන් උපසිරැසියක් බලන්න හම්බුන්නෑ.. අනිවා බලන්න ඕනි, උපසිරැසියට බොහොම ස්තූති සහෝ. අනිත් ටිකටත් දෙමු ❤️