විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. 🙂 IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animatio…

විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. 🙂 IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animation එකකට නොලැබෙන ප්‍රමාණයේ ඉහළ අගයක් ලැබෙන්න තරම් මේ ෆිල්ම් එක සුපිරිම සුපිරි කිව්වොත් වැරද්දක් නෑ. ඒ වගේම ලෝකයේ 77 වෙනි තැනට හොඳම ෆිල්ම් එක විදිහටත් තේරිලා තියෙනව. තවත් මේ ෆිල්ම් එකට ජයග්‍රහණ 11 ක් සහ තවත් 5 ට යෝජනා වෙලා තියෙනව. නිෂ්පාදනය කරලා තියෙන්නේ ජපානයේ. මිනිත්තු 134 පුරා දිවෙන මේ බයිස්කෝප් එක මේ තරම් ඉහළ ප්‍රතිචාර ලැබිල තියෙන්නේ මොකද කියල ඔයාලට කියන්න ඕන නැනේ.
මෙන්න මේකයි කතාව. එක්තරා දෙවියන් වාසස්ථානයක් කර ගත්තා. ඇත්තම කියනව නම් දෙවියෝ කියන්නේ සත්ව ස්වරුපයෙන් ඉන්න දෙවියන් මූලික යැදීම් තමයි මේ ගමේ මිනිස්සු කරේ. ඉස්සරම ගස්, ගල්, ඉර, හඳ වගේ දේවල් වලටත් දේවත්වයෙන් සලකල තියෙනවනේ. මේ ගමේ ඉන්නවා අශිටකා කියල බොහොම දක්ෂ කුමාරයෙක්. දවසක් නාගෝ කියන දෙවි කෙනෙක් මේ අයගේ ගමට පහර දෙනවා. ගම විනාශ වෙන හින්දා කලින් කියපු කුමාරයා නාගෝ කයන දෙවි කෙනාගෙන් මේ ගම බේර ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේදී අශිටකා අතින් නාගෝ ව මැරෙනවා. ඒ උණත් නාගෝ නිකන්ම මැරෙන්නේ නෑ. කුමාරයව ශාපයකට ලක් කරලා තමයි මැරෙන්නේ. ඒ ශාපෙත් එසේ මෙසේ එකක් නෙවෙයි. මොකද්ද ශාපේ කියල කතාව බලනකොට ඔයාලට දැන ගන්න පුළුවන්. ඉතින් අශිටකාට සිද්ධ වෙනවා මේ ශාපයෙන් බේරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොමද කියල ඒ ගමේ ඉන්න මන්තරකාරියක් වගේ කෙනෙක්ගෙන් දැන ගන්නවා. අන්තිමේදී අශිටකා ඒ ශාපයෙන් මිදෙන්න ඕන නිසා ඒ සදහා පිටත් වෙනවා. ඒ යනකොට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද කියන්නේ නම් නෑ. මේ කුමාරයට හිතාගන්නවත් බැරි තරමේ ශක්තියක් තියෙන්නේ. මාර වැඩ්ඩේක් කිව්වත් වැරද්දක් නෑ. ඊ තලෙන් විද්දම අත පය ගැලවිලාම යනවා. තව තව ඒ වගේ වැඩ කෑලි බලා ගන්න පුළුවන්.
එතකොට ඇයි මෙයාලගේ ගමට දෙවියා පහර දෙන්නේ? කොහොමද ශාපයෙන් මිදෙන්නේ? ශාපයෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ ගමනේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද? අවසාන වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව ඒක හුස්මට බලන්න පුළුවන් ස්ටොරියක්. ෆිල්ම් බලන අපේ අයට මේ වගේ හොඳ නිර්මාණයක් මග ඇරුණොත් අපරාදෙනේ.
4,567 downloadsDownload Princess.Mononoke.1997.baiscopelk.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජිත හෂාන් අමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජිත අමරතුංග
Subtitles
57 comments
udara
හෂාන්
ow ow.maga arunoth aparadene.
ccnp
Thanks
හෂාන්
welcome
rusuru | රුසිරු
පට්ටම තමා දිගටම සබ් දෙන්න
හෂාන්
අනිවා.බොහොම ස්තුතියි!
eranga
pattama thama saho :D
හෂාන්
Thanks!
vee
maxxa maxxxa
හෂාන්
Thnks
isuru
aniwa banwa
හෂාන්
aran balanna.thnks
f_live
බොහොම තුති සහෝ
හෂාන්
බොහොම ස්තුතියි අදහසට.
driftkingdj
ela.... aniwa balanawa
හෂාන්
Ow Ow balanna.
Nisal lakshan
animation maru bn animation gogak aduwen labune dan nam tikak labenawa maru digatama demu
හෂාන්
ඔව බං.සමහරු බලන්න කැමති නැති වුනාට අරං බලනකොට තමයි ගතිය.
හර්ෂ ලහිරු
එලකිරි සුපිරි පාරක් වගේ
ජයවේවා සහො :Dහෂාන්
පට්ට.බලලම කියන්න කොහොමද කියල.
Black
ela ela
හෂාන්
ස්තුතියි!
sssss
thank u sub walata.bt sub file 1 wada nane
හෂාන්
අනිවා වැඩ.මොකද්ද අව්ල.
shani
thanks.
kalin baluwa.
lassana kathawakහෂාන්
ඔව්.ගතියක් තියනවා කතාවේ.වෙනස්ම එකක් නිසා.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........හෂාන්
බොහොම ස්තුතියි අදහසට.
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....හෂාන්
ජය වේවා!
Chathura Madusanka
ඇනිමේශන්ම තමයි බස්සන්නේ නෑ?එල එල..ඔන්න එහෙන ඒකත් බලන්නම්කෝ.තෑන්ක්ස් වේව.
හෂාන්
දැන් ටිකක් බහිනවා නේ ඇනිමේෂන්.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි, සුපිරි එකක්නේ,ජයවේවා.
හෂාන්
බොහොම ස්තුතියි.
හෂාන්
ජය වේවා!
හෂාන්
භෝම ස්තුතියි අදහසට.
නලින්
ස්තුතියි සජිත සහෝ
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. හිතුවෙ නෑ මේක මෙච්චරම පට්ට එකක් කියලා. මෙන්න බානවා. ජය෴෴ :P :P
හෂාන්
බොහොම ස්තුතියි !
dev
bohoma stuti saho... .
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
sssss
sub file 1 extract wenne nane..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
pamuditha
thank U
මෙවට හරි sub හොයා ගන්න නෑනේ ද?
>(^_^)<janith
onna bewa menna baluwa
balala awith thama comment daanne
saba nan aya kiyala wadak naaa PATTA
thawa animation tikak denna yoda bala yoda shakthiya labewaaa
jaya wewaNaween
උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!
kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.Asitha
elama thanks
ඉෂාන් මදුෂ
මේ වගේ සුපිරි anime එකකට සබ් දුන්නට පිං සහෝ
මා දැනට දැනට නරබා ඇති සුපිරිම වලින් ෆිල්ම් එකක්
පුලවන් වෙලාවක නැවතත් මේ වගේ සුපිරි anime වලට සබ් දෙන්න
ඔබට ජයKavishka Vikum
thnx
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි...
Sasanka
Thanks for the sub
Anonymous
download karanna link eka open wenne na.
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට...
Hansika Priyangi
File eka damage wela.apahu dannko
Ravindu Heshan - Admin
Fix kala Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

loke hodama akak nobala kohomada patta