පසුගිය අප්‍රේල් 23 දින පසුකල සීමාව මේ හදන්නේ දෙගුණයක් කරගන්නයි. අද තමා මගේ සියවැනි උපසිරැසි නිර්මාණය. ඒ වගේම අද දවස මට තව විශේෂිත දවසක්. ඒක අන්තිමටම කියන්නම්. 2012 වසර අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආසාවට කරපු අත්හදා බැලීම අද ශතකයක් වෙලා. 2012 දෙසැම්බර් 29 දින අත්හදා බලන්න මුලින්ම කරපු ඒ ඇනි…
පසුගිය අප්‍රේල් 23 දින පසුකල සීමාව මේ හදන්නේ දෙගුණයක් කරගන්නයි. අද තමා මගේ සියවැනි උපසිරැසි නිර්මාණය. ඒ වගේම අද දවස මට තව විශේෂිත දවසක්. ඒක අන්තිමටම කියන්නම්. 2012 වසර අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආසාවට කරපු අත්හදා බැලීම අද ශතකයක් වෙලා. 2012 දෙසැම්බර් 29 දින අත්හදා බලන්න මුලින්ම කරපු ඒ ඇනිමේෂන් චිත්‍රපට උපසිරස මම කවදාවත් නම් හිතුවේ නැහැ මේ වගේ ඇබ්බැහි වීමක් වේවි කියලා. ඉතින් කොහොම කොහොමහරි දැන් මමත් ඉලක්කම් තුනේ උපසිරැසිකරුවෙක් උනා. පොඩි ආඩම්බරයක් නැතුවා නෙමේ. මොකද අපේ වෙබ්අඩවිය තුල මේ කඩඉම පහු කරන තෙවැනියා වීමට ලැබීම නිසා. මුලින් අපේ රොයිලි අයියා ඒ වගේම දිදුල මලයා මේ කඩඉම පහු කළා. එදා මෙදා ඒ කාල සීමාව අරන් බැලුවොත් අපේ වෙබ් අඩවිය අද සැහෙන්න ලොකු තැනක ඉන්නවා. ඒ අතින් බලනකොට ඇත්තටම සතුටුයි. මේ වගේ නිදි මරාගෙන, නොකා නොබී කාපු කටු වල ප්‍රතිපල තියෙනවා කියලා පේන්න තියෙන කොට. ඒ වගේම ඉදිරි මාස කීපය තුල තවත් ශතක දෙක තුනක් එකපාරටම වාර්තා වෙන්නත් නියමිතයි. මම උපසිරැසි කරනකොට එක්තරා සීමිත පිරිසකට කොටු උන මේ දේ අද මම හිතන්නේ උපසිරැසි නිර්මාණ කරුවන් 200 හෝ ඊටත් අධික පරිසක් අපහා එකතු වෙලා තියෙනවා.
ඒකට හොඳම උදාහරණය තමයි ඇනිමේෂන් වගේ චිත්‍රපට උපසිරැසි නිර්මාණකරුවන්. මුලින් එහෙම ඒවා සිංහලට හැරෙව්වේ දෙතුන් දෙනෙක්. එත් අද වෙනකොට ආසවටවත් උපසිරසක් හදන්න චිත්‍රපටයක් ඉතුරු වෙන්නේ නැහැ 😛 මේ වගේ කරුණු කාරනා නිසා අපි ඒ උන මහන්සිය අපතේ ගිහින් නැහැ සහ අපේ රොයිලි සහෝ , දිදුල මල්ලි වගේ අය පාදාගෙන යන මාර්ගයේ මම විතරක් නෙමේ මට පිටුපසින් තව සිය ගණනක් අපෙත් එක්ක එනවා කියලා දැක්කම ඒ ගැන ලොකු සතුටකුත් තියෙනවා. ඒ හින්ද තමා උසේන් බෝල්ට් වගේ මාසෙන් මාසේ අපේ වාර්තා අපිම අලුත් කරන්නේ. ඒක කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා කරපු දෙයක් නෙමේ. සියගණනකගේ මහන්සිය තුලින් දිනා ගත් ප්‍රතිපලයක්. මේ දක්වා මගෙන් අපේ වෙබ්අඩවිය සඳහා ලැබුන දායකත්වය ගැන කියනවා නම්, චිත්‍රපට උපසිරැසි 42ක් සහ රූපවාහිනී කතාංග 58ක් ඔබ වෙනුවෙන් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ අතරින් කතාංග 39 කින් යුත් “ස්පාටකස්” කතා මාලාව අමතක කරන්න බැහැ. මොකද ඒ හින්දා තමා අපේ යාලුවෝ මාත් එක්ක ගොඩක්ම එකතු උනේ. නොදන්නා මිත්‍රයෝ බොහොමයක් මුහුණුපොත හරහා මගෙත් එක්ක මිත්‍ර උනා. නමින් මතක් නොකලට ඔයාල හැමෝම මට විශේෂයි. මොකද ඔයාලගෙන් ලැබුන ධෛර්ය සහ ශක්තිය තමා අද මේ කඩඉමක් පහු කරන්න සමත් වෙලා තියෙන්නේ.
ඒ වගේම ස්තුති කතාව එහෙම ලේසියෙන් අහවර කරන්න බැහැ. සේරටම කලින් මගේ ආදරණිය බිරිඳ සහ පුත්‍රයා දුන්න සහයෝගය එදා ඉඳන් අද දක්වා මේ කඩඉමට ශක්තියක් උනා. හැමදාම වගේ එයාලා මේ මට උපසිරැසි හදන්න ඉඩ දීලා තියෙන්නේ එයාල වෙනුවෙන් මිඩංගු කරන්න තිබ්බ කාලය. ඒ වගේම අපේ වෙබ්අඩවිය තුල ඉන්න මිත්‍රයෝ ටික. නම් වලින් කියනවා නම් වාසල අයියා, විකියා, රොයිලි, සමීර මල්ලි, ආසිරි, දිදුල මල්ලි, දිනිඳු, උදා, විමා, පුබුදු මල්ලි (ඊළඟ ශතකය) මේ පිරිස සෑහෙන්න ලොකු හයියක් උනා වගේම යම් යම් අවස්ථා වල අවශ්‍ය කරන සහය බැහැ නොකිය මේ කවදවත් මුණගැහිලා නැති සහෝදරයෝ ටික පුළුපුළුවන් විදිහට ලබා දුන්නා. උපසිරසිකරණය යන මාතෘකාව සැලකිල්ලට ගත්තොත් සමීර කරුණාරත්න මලයා මට සැහෙන්න උදවු කල කෙනෙක් සමහර අවස්ථා වලදී උපසිරැසි කරගන්න අපහසු අවස්ථා වලදී කියන්න කලින් මම කරන්නම් අයියේ කියලා ඉදිරිපත් වෙන කෙනෙක් තමා සමීර කියන්නේ. ඒ වගේම මම එකතු වෙලා කරපු එකම උපසිරස (පේලි 2500) කරන්න ලැබුනෙත් ඔහුත් එක්ක. ඒ වගේම තමා මගේ උපසිරැසි විශ්ලේෂකයා මට අහු නොවෙන වැරදි කියන්නේ මෙයා තමා. ඔන්න හසෝ අද මෙතන වැරදි අකුරු වැරදියි කියලා දැනුවත් කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි ආසිරි ප්‍රියන්ත. ආසිරිටත් ඒ කරන උදව් වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් කියන්න තියෙන්නේ මේ මිත්‍රකම තමයි අපේ වෙබ්අඩවිය තුල ඇති කොඳුනාරටිය. ඒ වගේම ප්‍රධාන ශක්තියත් ඒකයි. මේ පිරිස පමණක්ම නෙමේ අනෙක් අලුතින් එකතු වූ අයත් එහෙමයි. වෙහෙස මහන්සිය මුදල් ගැන නොතකා යන මේ ගමනේ ප්‍රධාන ශක්තිය තමයි මේ මිත්‍රත්වය කියන බලය. ඒ බලය හැමදාම එහෙම පවතින්න කියලත් ප්‍රර්ථනා කරනවා.
අවසානයේ මේ උපසිරැසි 100 වෙනුවෙන් මාව අගයපු ඔයාලා හැමෝවම ඉතාමත් කෘතවේදී සිතින් මතක් කරනවා. ඔයාලගෙන් ලැබෙන කොමෙන්ට් තමා අපේ හැම කෙනෙක්ටම තවත් උපසිරසක් ගැන බලාපොරොත්තු දල්වගන්න ලැබෙන ඉන්ධනය. ඉතින් ඒ දේ ලබා දෙන්න විනාඩියක් දෙකක් මිඩංගු කළා කියලා පාඩුවක් සිද්ධ වෙනවා කියලා නොහිතා හැමෝටම අදහසක් කියලා ඔවුන්ව ධෛර්යමත් කරන්න කියල අපේ වෙබ්අඩවියට යන එන මිතුරු කැලගෙන් කාරුණිකව ඉල්ලනවා. එහෙම විනාඩියක් දෙකක් ගැන හිතනවා නම් මේ උපසිරසක් ඉවරකරන්න ගෙවන පැය ගණන් දවස් ගණන් ගැන උපසිරැසි නිර්මානකරුවොත් හිතුවොත් බයිස්කෝප් සිංහලෙන් නම් බලනවා බොරු.
එහෙනම් කියන්නම් අද මේ ගෙන්න හදන චිත්‍රපටය ගැන. ලඟදි තිරගත උන චිත්‍රපටවලින් IMDb හොඳම 250 ඇතුළු උන චිත්‍රපටයක් තමයි මේ 100 වෙනි නිර්මාණය විදිහට ඔබට ලබා දෙන්නේ. දැනට එම දර්ශකය තුල 8.1 ක අගයක් ලබාගෙන සිටින අතර හොඳම චිත්‍රපට 250 අතර 246 වෙනි ස්ථානය හිමිකරගෙන තියෙනවා. ඒ වගේම අදායම් අතිනුත් මේ වසර තුල සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයක්. ඩොලර් මිලියන 46ක් වය කොට නිෂ්පාදනය වූ මෙම සලරුව නොවැම්බර් 7 වෙනි දින වනවිට ලොව වටා ආදායම ඩොලර් මිලියන 112ක්. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණ දායකත්වය Denis Villeneuve විසින්. රංගනයෙන් එකතු වෙන්නේ අපි කවුරුත් දන්නා වොල්වරින් චරිතයේ හිමිකරු Hugh Jackman, Jake Gyllenhaal, Viola Davis සහ Terrence Howard යන නළු නිළියන්ගෙන්. ඊට අමතරව දැනටමත් සම්මාන දෙකකුත් හිමිකරගෙන අවසානයි. Hollywood Film Award 2013 හිදී හොඳම සහය නළුවට හිමි සම්මානය Jake Gyllenhaal විසින් හිමිකරගත්තා. ඒ වගේම Toronto International Film Festival 2013 හිදී තවත් සම්මානයකට පාත්‍ර උනා.
කතවා දිවෙන්නේ මෙහෙමයි කෙලර් ඩෝවර් කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් ඔහුට කුඩා දියණියක් සහ පුතෙක් සිටිනවා. ඒ වගේම ඔහුගේ මිතුරා ෆ්‍රැන්ක්ලින් බර්ච් ඔහුට දියණියන් දෙදෙනක් සිටිනවා. ඉතින් මෙයාලට තියෙනවා එක උත්සවයක් Thanksgiving කියලා. එදාට මේ හැමෝම එකතු වෙනවා. කෙලර්ගේ හා ෆ්‍රැන්ක්ලින්ගේ කුඩා දියණියන් දෙදෙනා හොඳ මිතුරියෝ. ඉතින් මේ හැමෝම උත්සවය සැමරීමට ෆ්‍රැන්ක්ලින් නිවසේදී එකතු වෙනවා. නත්තලට කිට්ටු නිසා අධික හිම පතනයකුත් මේ පළාතට තියෙනවා. ඉතින් මේ පොඩි ගෑණු ළමයි ඇනා සහ ජෝයි දෙන්නට ඕනේ වෙනවා ඇනාගේ සෙල්ලම් බඩුවක් ගන්න එයාලගේ ගෙදරට යන්න. ඉතින් අවසරය ලැබෙන්නේ අයියා එක්ක යන්න කියලා. එත් මෙයාල දෙන්නා තනියෙන්ම ගෙදරට යනවා. එත් අපහු එන්නේ නම් නැහැ .මේ දෙන්නට උනේ මොකද්ද? කොහෙද එයාලා ගියේ? මේ හැම දෙයක්ම ඩෝවර් සහ බර්ච් දෙමව්පියන්ට ඇති වෙන ප්‍රශ්ණ. එහෙනම් ඔන්න ඔයාලට බාරයි මගේ සියවැනි උපසිරස මේ ගැටළු නිරාකරණය කරගන්න. අර කිව්ව අනිත් විශේෂ කාරණය තමයි අද මගේ උපන් දිනය වීම 😀 හැමදාම වගේ හැමෝටම සුබ දවසක් සහ ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
8,768 downloadsDownload Prisoners-2013-BR.zip256 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
274 comments
vee
sachin kumara liyanage
thanxx sahoo direct link akata
lapcool.info
බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..
yasas
loweth na niyamayi saho suba pathum
isuru
wish u all the best
shehan
bohoma pin aiye oya karana me sewayata...e wageema oyage danuma thawa thawath diyunu weeeeeeeeeeeeeeeeeeeeeewaaaa
tharanga
100 වනි උපසිරස වෙනුවෙන් ණුසුම් සුබ පැතුම් !!!!!
anura
ජයවේවා! cngrtzzzz 100 :)
f_live
උණුසුම් සුභ පැතුම් සහෝ :D
was
මගේ උණුසුම් සුබ පැතුම්… :D :D “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට
Asa
Onnna !st ekatama banna dammoo
kalinga
100 වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
geeth
thnxzzz saho jaya wewa!!!!
akila
all the best bro
hh
1oota suba pathum hadawathinma sahota
lahiru
jaya wewa machan supiri baiscope set akama subs patta
quick
thanks
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
100 වනි උපසිරස වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් !!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
pubudu
gr8 machan niyamai hode
jana
maru hasantha saho 100 ta magenuth suba pathum
eranga
සුභ පැතුම්!!!
rusuru | රුසිරු
ජය වේවා Hasantha :) සහෝට
wow
wow,,,maru :D
RAVI
ela kiri ...thankazzzz aiyaa...
:Dසමීර චතුරංග
නියමයි හසන්ත අයියා..ගොඩක් සතුටුයි ඔයත් ශතකය ගැහුව එකට..මේ 100ට තව 1000ක් දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...තව එකක් කියන්නම ඕනේ,ඔයාගේ සබ් අරගෙන ෆිල්ම් බලලා තමයි මමත් මේ සයිට් එකට පුංචිම හරි දායකත්වයක් දෙන්න ඕනේ කියලා හිතුනේ...ඒ කියන්නේ ඇත්තටම මම බයිස්කෝප් එකට එකතු වෙන්න හේතුව ඔයා..ඒකට ස්තුතියි කියන්නත් ඕනේ..සුබ ගමන් හසන්ත අයියා... :)
lasidu
බොහොම පින්
Chathuranga D
patta...elakiri....wish you all the best...!!!
ගම්‍බට්‍ටා
niyamai aiye........... digatama karamu........ jaya wewaa.......
නලින්
පළමුවෙන් කියන්න ඔනේ හසන්ත අයියා කරපු මුල්ම ඇනිමේෂන් එකේ ඉදන්ම හුගක් සබ් අරන් බලපු කෙනෙක් විදිහට.. මගේ පැතුම නම් - අයියා මේ කරගෙන ආපු දේ ඉදිරියටත් නොනවත්වාම කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඔනේ කියලයි.
ඉතිං මේ ගෙනාපු හිට් එකටත් බෙහෝම ස්තුතියි කියන ගමන් වගේම සුභ උපන් දිනයකුත් වේවා කියලා ජය පතනවා!
ජයෙන් ජයම වේවා!
Rashmika
සුභ පැතුම් සහෝ මෙතෙක් දුර ආපු ගමනට..දිගටම නිර්මාණ වලට සිංහල අරැත් එක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනා!!!
madusanka
hasanth aiya api wenuwen loku deyak kara..atthatama godaaa..k sathutuyi me dekapu deta..oyata godaaa,,l pin me gamana api wenuwen awata. godaaa..l sathutuyi api samotama. atthatama oya godak mahansi wenna athi me gamana ennata. atthatama matath asa hithenawa sub danna patan ganna..oyata ape subu pethum ekathu karanawa. jaya wewa!!!
Asiri D
Happy BirthDay hasantha aiyye..& Congratzz 100 sub..
wishvanath
මුලින්ම සුභ උපන්දිනයකටත්,
100 වෙනි කඩඉමටත්,සුභ පතනවා
දිගටම උපසිරසි දෙන්න ශක්තිය ලැබේවාmudiya / මුදියා
ඇති යාන්තං අපේ හසන්ත සොහොයුරාට සුභ පතන්න ටිකක් කලින් එන්න පුළුවන් වෙලා.
ගොඩාක් හදවතට දැනෙන ලිපියක් හසන්ත සහෝ.
ගොඩාක් දේවල් කියන්නෙ නැති වුනත් හදවතින්ම සුභ පතනව ඔයාගෙ 100 වෙනි කඩඉමට.
ඔයාගෙ කාලය අපි වෙනුවෙන් කැප කරද්දි ඒ දේවල් වෙනුවෙන් සහයෝගය දුන්න ඔබගේ බිරිඳටත් පොඩි පුතුටත් ඔබටත් අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනව.තව තවත් සිංහල සබ් අරගෙන අපි හමුවෙන්න එන්න කියල ආදරයෙන් ඉල්ලනව.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!mudiya / මුදියා
අයියෝ එකක් අමතක වුනානෙ.
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා...!
sudhara
NIYAMAII RATING HODA FILM APITA OANEHHHHHHHHHHHHHHHHHB :d :dd
Sachith lakshan
ane ayye puluwannam oya kawru hari war horse movie eka dennako
namika
පළමුවෙන්ම හසන්ත අයියාට "සුභ උපන් දිනයක්" ප්‍රාර්ථනා කරනවා!
සිය වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් එක් කරනවා. වසරකට ආසන්න කාලයක් ඇතුලත
උපසිරසි 100ක් එක් කරන්න ලැබීම ඇත්තටම ලොකු ජයග්‍රහණයක්!
මම බලපු තරම් බයිස්කෝප් වලින් වැඩි ප්‍රමාණයක්, හසන්ත අයියාගේ උපසිරසි කියලා මට මතකයි... හැබැයි අද පොඩි පසු තැවීමක් දැනෙන්නෙ බලපු තරමට අදහස් පළකරන්න බැරි වීම ගැනයි. ඒ ගැන සමාව අයදිනවා. කොහොම උනත් මේක පට්ට කට්ටක් කියලා නම් දන්නවා. අපි වෙනුවෙන් ඒ කට්ට කාගෙන කාලය මහන්සිය වැය කරන එකට බොහොම පිං.. ඒ වාගේම මේ ලබාදුන් උපසිරසියටත් බොහෝම ස්තූතියි!
නැවත නැවතත් හසන්ත අයියාව දකින්න ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!sajith
බයිස්කෝප් එකට ජයෙන් ජය.
vernie
ජයවේවා "හසී"
amila migara
all the best
wappula
thank you hasantha malli.. subama suba upan dinayak wewa.
chandima
100 වනි උපසිරස වෙනුවෙන් ණුසුම් සුබ පැතුම් !!!!!
ඔබට සුභ උපන්දිනක් වේවා...!
වාසල
100 උපසිරැසියට උණුසුම් සුභ පැතුම් හසන්ත සහෝ...!
ඒ වගේම සුභ උපන්දිනයක් වේවා...!
dimuth
100 sub ekata hada piri unusum suba pathum patahanawa....idiriyatama yanna sakthiya labewa... e wagema suba upan dinayak kiyalath pathanawa...jayen jaya..
Krish
Niyamai Hasantha aiye... meka digatama karagena yanna....
oyata suba upandinayak wagema jayen jaya...hk_rabbit
thanks a lot brother
have a nice dayKalinga Wickramasooriya
Subha upandinayak machan........ Wish u all the best.......
Nishantha Dharmaratne
100 වනි උපසිරස වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් !!!!!
kasun viraj
උණුසුම් සුභ පැතුම් සහෝ :D
කැලුම් රණවක
සියළු සිතුම් පැතුම් ඉටුවන සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම
හසන්ත අයියෙ..
ඔන්න එහෙනම් ශතකය සම්පූර්ණ කරලා විශේෂ දවසකම.. :)
ඇත්තටම ඉතින් මාත් හසන්ත අයියගෙ රසිකයෙක්..
ඒ කිසිම අඩුපාඩුවක් නැතිව ලබාදෙන ඔයාගෙ උපසිරැසිය නිසා..
ඔයාගෙ උපසිරැසි ඇත්තමට උපසිරැසියක් නිර්මාණය කරන කෙනෙක්ට ආදර්ශයක්.
කොහොමද උපසිරැසියක් ලබාදෙන්න ඕනි කියන එක ගැන..
ඉතින් දිගින් දිගටම ඒ වගේ ගුණාත්මකව උපසිරැසි ලබාදෙන්න
හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!චතුරංග සුරාජ් පෙරේරා
නියමයි හසන්ත අයියේ 100 කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි මාත් උපසිරැස දෙකක් පරිවර්තනය කරා කොච්චර මහන්සි වෙන්න ඕනේද කියල මම දන්නව ඉතින් 100 වැනි උපසිරසට සුභපතන ගමන්ම සුභම සුභ උපන්දිනයක් වේවා කියලත් සියලුම කටයුතුසාර්ථක වේවා කියලත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව. :)
ජයවේවා !!!
jshn
hppyyy bdy machnn thanxxxxx for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Prisoners (2013) with Sinhala Subtitles | ජීවිතයත් බැඳීම් වලින් බැඳුන සිපිරිගෙයක්ද?(100) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/prisoners-555x250.jpg)


maxxa 100 ta suba pathum! 1-000 kma demu