ඉතිං යාළුවනේ වැලන්ටයින් දවසේ ඒකටම හරියන නමක් තියෙන චිත්‍රපටියක් මගේ දෙවනි උපසිරසි නිර්මාණය විදියට තෝරගත්තා. ඒ තමා Steve Miner ගේ 14 වන වගේම දැනට (2018 පෙබරවාරි 14) අවසන් අධ්‍යක්ෂණය වෙන Private Valentine: Blonde & Dangerous (2008) කියන චිත්‍රපටිය. Chris Bender ඇතුළු නිෂ්පාදක මණ්ඩලයේ 14 දෙනෙකුගෙ ඩොලර…

ඉතිං යාළුවනේ වැලන්ටයින් දවසේ ඒකටම හරියන නමක් තියෙන චිත්‍රපටියක් මගේ දෙවනි උපසිරසි නිර්මාණය විදියට තෝරගත්තා. ඒ තමා Steve Miner ගේ 14 වන වගේම දැනට (2018 පෙබරවාරි 14) අවසන් අධ්‍යක්ෂණය වෙන Private Valentine: Blonde & Dangerous (2008) කියන චිත්‍රපටිය. Chris Bender ඇතුළු නිෂ්පාදක මණ්ඩලයේ 14 දෙනෙකුගෙ ඩොලර් මිලියන 30ක වියදමින් නිෂ්පාදනය වෙලා තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මෙගන් වැලන්ටයින් ගෙ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක් වන Jessica Simpson. මේ චිත්‍රපටියේ IMDb අගය 4.3/10 ක් තමා තියෙන්නේ, මේක USA වල Private Valentine: Blonde & Dangerous විදියට තිරගත උනාට මේකෙ මුල් නම “Major Movie Star” මේ චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2008 නොවැම්බර් 7 ඒ බල්ගේරියාවෙදි. විනාඩි 98ක් එහෙමත් නැත්තම් පැය එකයි විනාඩි තිස් අටක් දිවෙන මේ චිත්‍රපටිය රටවල් 11ක තිරගත වෙලා තියෙනවා.
ඒ තොරතුරු කොහොම උනත් අපිට වැදගත් වෙන්නේ කතාව ලස්සනයිද, මොකක්ද වෙන්නෙ වගේ දේවල්නෙ නේද, 😊 මෙහෙමයි, මෙගන් කියන බොහොම සැපවත් ජීවිතයක් ගත කරන නිළියගේ ජීවිතය ගෙවෙන විදියෙන් තමා චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. ඒක බලනකොට තේරෙයි ඒ ජීවිතේ කොච්චර විනෝදයිද වගේම කටුකයිද කියලා. කොච්චර සල්ලි තිබ්බත් සතුටින් ඉන්න පුළුවන්ද කියලත් මේ චිත්‍රපටිය බැලුවම තේරෙයි කියලා හිතනවා.
මෙගන් කියන්නෙ බොහොම ජනප්‍රිය නිළියක්, ඉතිං ඒ ජනප්‍රියත්වයත් එක්කම මඩ ගහන අය, එහෙමත් නැත්තම් හතුරොත් ඇති වෙනවා. ඒ වගේම මෙගන්ට ඉන්නවා පෙම්වතෙක්, එයාගෙ නම ඩෙරික් ඒ ගැන නම් මම වැඩිය මුකුත් කියන්න යන්නෑ ඒ පෙම් කතාවට වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්. තව එතකොට එයාට ඉන්නවා සෑහෙන අවංක 😊 මස්සිනෙක්, කොහොමහරි මෙගන්ට කොච්චර සල්ලි තිබුණත්, ආදරය ලැබුණත් ඒ ඔක්කොම එක රැයෙන් අවසන් වෙනවා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද, ඒ වගේම ඩෙරික්, ඒ කියන්නෙ මෙගෙන්ගෙ පෙම්වතාවත් එයාට නැති වෙනවා. ඒ කොහොමද කියලා නම් චිත්‍රපටිය බලලම දැනගන්න ඕන.
කොහොමහරි මෙගන් අහම්බෙන් වගේ හමුදාවට බැඳෙනවා, ඊට පස්සෙ තමා ඉතිං හොඳම හරිය තියෙන්නේ, එහේදි මෙගන්ට එකේක විදියෙ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම එයාට මුලදි තනියම කොන්වෙලා වගේ ඉන්න උනත් පස්සෙ නියම යාළුවෝ සෙට් එකකුත් සෙට් වෙනවා. යාළුවෝ විතරක් නෙමෙයි එහෙත් මෙගන්ට විරුද්ධ එහෙම නැත්තම් ගේමටම ඉන්න අයත් හම්බෙනවා. ඔහොම කාලෙය ගතවෙන කොට අහම්බෙන් හමුදාවට බැඳුන මෙගන්ට අහම්බෙන් තව විශේෂ කෙනෙක් හම්බෙනවා. මම මුළු කතාවම ඔයාලට මෙතනදි කිව්වම ඔයාලා බලන්නෙ මොකක්ද නේද, එහෙනම් මම නවතිනවා. මම හිතනවා ඔයාලා මේ චිත්‍රපටිය හොඳට රසවිඳියි කියලා.
මේ චිත්‍රපටිය මටත් යාළුවෙක්ගෙන් ලැබුන එකක්, “අමායා” ඔයාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. සමාවෙන්න යාළුවනේ Torrent download කරගන්න පුළුවන් විදියක් හෙව්වට කිසිම Site එකක් නම් හම්බුනේ නෑ. ඒ නිසා මම මේ film එක Direct download කරගන්න පුළුවන් ලින්ක් එක බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකට දෙන්නම්. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා අදාළ වේ.
1,407 downloadsDownload Private-Valentine-Blonde-Dangerous-2008.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/wohan-chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වොහාන් චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වොහාන් චාමර
Subtitles
20 comments
Hashan sampath
Thisal
thanks
Wohan Chamara
Welcome...
Panther
Thanz brother
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hard Rock
thank bro. link aka koheda tiyenne. comment akata danna
Wohan Chamara
Baiscope downloads කියන Site එකෙන් download කරගන්න පුළුවන් සහෝ.
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි වොහාන් සහෝ.
ජයෙන් ජය.KasunRe
බොහොම ස්තූතියි සහෝ......
itamilapc
sabata thanks jaya weva machan( Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan)
Wohan Chamara
Ok සහෝ බලන්නම්.
Yushan Malith
Thanky for the sub
isu kevin
අඩො පටිට බං මරැ තව මෙම සුපිරිම කතා තියෙ සබි නැති එවටත් කරහං මචන්
Wohan Chamara
ඔව් සහෝ. අළුත් ඒවා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ... මම පුළුවන් විදියට හිස්තැන් පුරවනවා...
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks
Kanchaka
Thanks. very much.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elaa broooooooo