Watch Trailer

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය… දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසි…

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය…

දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය වෙනවා. එ වගේම මේ පොතේ චරිත සහ කතාව ආශ්‍රයෙන් වෙනස් ආකාරයේ චිත්‍රපටිත් නිපදවුනා. 2009 අවුරුද්දෙ තිරගත වුනු Anurag Kashyap විසින් අධ්‍යක්ශනය කරපු Dev.D කියන්නෙත් දේව්දාස් පොතෙන් උපුටා ගැනුනු නව පරම්පරාවේ චිත්‍රපටියක්.

කතාව ප්‍රධාන වශයෙන් චරිත තුනකට බෙදන්න පුලුවන්,

පාරෝ – චරිත නිරූපනය Mahi Gill. පංජාබයේ ජීවත් වන පහල මධ්‍යම පාන්තික තරුන කෙල්ලෙක්. ඒ වගේම ව්‍යාපාරික පවුලක තරුනයෙයෙක් වන දේව් ගේ ළමා වියේ මිතුරියක් සහ ඔහුට ආදරය කරන්නියක් වගේම දේව් ගේ විවිධ අවශ්‍යතා සපුරන්නියක්.

චන්දා/ලෙනී – චරිත නිරූපනය Kalki Koechlin. චන්ද්‍රමුකීගේ අලුත් වර්ශන් එකක්. පාසල් යන යුවතියක්. තම් පෙම්වතා සමග සිටිනා වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ පැතිර යාම නිසා ඇගේ පියා සිය දිවි හානි කර ගන්නා අතර, ඇය නිවසින් පැන ගොස් ගනිකා වෘත්තියේ යෙදෙනවා. ඒ වගේම ඒ ස්තානයේ වැඩිම මුදලක් අය කරන්නියක් බවටද පත් වෙනවා.

දේව් – චරිත නිරූපනය Abhay Deol. ඉහල පැලැන්තියෙ ව්‍යාපාරික පවුලක පුතෙක්. ළමා වියේදිම ලන්ඩනයට යවනවා ඉගෙනීම සඳහා. පාරෝ ගේ ආදරය අහිමි වීමෙන් මත්පැනට ඇබ්බැහි වන දේව් අවසානයේ චන්දා සමග ආදරයෙන් බැඳෙනවා.

ඉතින් අනිත් දේව්දාස් චිත්‍රපටිවලට වැඩිය ගොඩක් වෙනස් විදිහකට තමයි මේ කතාව යන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන රැසක් දිනා gගන්න අමත් වුනා.

හොඳම සංගීතය වෙනුවෙන් අමිත් ත්‍රිවේදි හට ජාතික සම්මානයද, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ හොඳම සහය රංගනය වෙනුවෙන් Kalki Koechlin ද, හොඳම නිලියට හිමි විචාරක සම්මානය Mahi Gill ද, හොඳම කලා අධ්‍යක්ශනය, හොඳම නර්තනය, ඇතුලු සම්මාන දිනා ගන්නවා.

එහෙනම් ආයෙ තව චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Zoniczz සොහොයුරාගේ ලිපිය…

ඔන්න එහෙනම් මමත් බයිස්කෝප් එකක් ගැන ලියන්න හිතුවා…හින්දි ෆිල්ම් එකක් උනත් මමනම් ආසවෙන් බලපු කතාවක්..ඒත් මේ කතාවට අකමැති අයත් ඉන්න පුලුවන්..අපිට කතාව අවසන් වෙනකන් තේරුම් ගන්න ටිකක් අමාරුයි..මේ කතාවෙන් අපිට අද කාලෙ ආදරේ ගැන හොද අවබෝධයක් ලබාගන්න පුලුවන් කියලයි මගෙනම් අදහස..
කෙල්ලො නිසා කොල්ලන්ට වෙන අබැද්දි වගේම,කොල්ලො නිසා කෙල්ලන්ට වෙන වැඩත් මෙමගින් හොදින් නිරූපනය වෙනවා..ඒවගේම අදරය කරද්දි අතිවෙන බාධා වගේම මත්ද්‍රව්‍ය ගණිකාවෘති වගේ පහත් දේවලට යොමු වෙන්නත් ආදරේ ගොඩක් බලපාන බව, එවගේම ආදරේ කරද්දි විස්වාසය ගොඩාක් වැදගත් බව…ෆිල්ම් එක බැලුවම අපිට වැටහෙනවා…
මගෙ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න ආසා හිතුනනම් බාගන්න කියල තමා කියන්න තියෙන්නෙ..හබැයි මමනම් හිතන්නෙ ආදරේ කරන අය අනිවා බලන්න ඔනා කතවක් තමා Dev.D කියන්නෙ..

සැ:යු! ඒ වගේම නවක නලු නිළි යුවලක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය IMDB වල 8.5/10 ක් ලබාගෙන තියෙනව..ඇත්තටම ඒක බොහොම ඉහළ අගයක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.

3,683 downloadsDownload Dev.D-2009.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,683 downloadsDownload Subtitles36 KB

23 comments

  1. zoniczz

    අහ්...මට කියන්න අමතක උනා..ඒ වගෙම මේ ෆිල්ම් එක Devdas ෆිල්ම් එකටත් පොඩි නෑදෑ කමක් තියෙනව....ප්‍රධාන චරිත දෙකේ නම් දෙක පවා ෆිල්ම් දෙකේම එකයි (Dev,Paro)..ඒ උනත් Devdas වලට වඩා මේ ෆිල්ම් එක වෙනස්..

  2. පොතේ ගුරා

    මේක අලුත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අය බලල නෑ වගේ..මමත් අද තමයි බාන්න දැම්මෙ.. හික්z...

  3. zoniczz

    @පොතේගුරා.. ඔව් මට මතක හැටියට මෙක අවුට් උනෙ පෙබරවාරි මාසෙ...බලලම කියමුකො බලන්න...මම හිතනව අල්ලලා යයි කියල.. :D

  4. Uraj Deemantha

    බලමු බලමු කාලෙකින් හින්දි film එකක් බැලුවෙත් නෑ......!! :D

  5. Gayan Sutherland

    mata nam direwwe naha sirawatama kalekata kalin maam baluwe apahu balamuko mea kattya kiyana hinda

  6. nelantha herath

    niyama film eka. dl karala balanawa

  7. Nilanka

    hoda film ekak Thanks saho...

  8. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  9. Naween

    විස්තරේට බොහොම තුති.ඔබට ජය...!

  10. Udam

    subtitle nene me film eke??????????

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  13. Suranjan

    Thank you jayawewa.....!

  14. ශසිත් සඳරුවන්

    හෑ... දවස් තුනට සබ් තුනයි.. :P
    නියමයි ආ ..
    දිගටම සබ් දෙමු...
    ඔබට ජය!

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..

  17. හසිත මධුෂාන්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..

  18. Yushan Malith

    Thanky for the sub

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. isuru udayanga

    Download වෙන්නෙ නැත්තෙ ඇයි.මේ page ඒකේදි විතරයි එහෙම

  21. pasindu sri

    thank u

  22. maikee

    Thankyou

  23. Eranda Malith 2.0

    Thanks mcn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.