සෑම ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිටුපසම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉන්නව කියල කියනව නෙ. 😉 ඉතිං හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්‍ය වරයෙක් සහ නව නිපැයුම්කරුවකු වන ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන් ඔහු පිටුපසින් ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙදෙනෙකු (ඔහුගේ බිරිඳ වන එලිසබෙත් සහ ඔවුන්ගේ පොදු පෙම්වතිය වන…

සෑම ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිටුපසම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉන්නව කියල කියනව නෙ. 😉 ඉතිං හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්‍ය වරයෙක් සහ නව නිපැයුම්කරුවකු වන ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන් ඔහු පිටුපසින් ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙදෙනෙකු (ඔහුගේ බිරිඳ වන එලිසබෙත් සහ ඔවුන්ගේ පොදු පෙම්වතිය වන ඔලිව් බර්න්) සිටීමට තරම් වාසනාවන්තයි. බොරු අනාවරකය සාර්ථකව නිපදවීම සම්පූර්ණ කරගැනීමට අමතරව, චිත්‍ර කතා සුපිරි වීර වරියන්ගේ චරිත අතර ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ශ්‍රේෂ්ඨතම සුපිරි වීරවරියක් වන සැමගේ ආදරය දිනාගත් “වොන්ඩර් වුමන්” නිර්මාණය කිරීමටද මේ කාන්තාවන් දෙදෙනාගෙන් ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන් හට නොමද සහයක් ලැබුනි. ඉතිං ඒ සහයෝගය මැද විවිධ හැල හැප්පිලි විරුද්ධවීම් අරගල මැද ඔහු හොඳින්ම හඳුනන ඔහු සමඟ ජීවත් වන කාන්තාවන් දෙදෙනා, එලිසබෙත් සහ ඔලිව් ගේ ස්ත්‍රීවාදී අදහස් ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ හැකියාවෙන් දිහා බලාගෙන ඔවුන් දෙදෙනාගේම ගතිලක්ෂණ එක් චරිතයක් තුලට කැටි කරල තමයි ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන් වොන්ඩර් වුමන්ට පණ දුන් මිනිසා වෙන්නේ. ඉතිං මේ අරගෙන ආවෙ අන්න ඒ කතාව.
IMDb වර්ගීකරණයට අනුව චරිතාපදාන සහ නාට්‍ය යන වර්ගීකරණයට ඇතුලත් පැය එකයි මිනිත්තු හතලිස් අටක් පුරාවට දිවෙන මේ සිනමාපටය “Angela Robinson” කියන අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාපටයේ කතා නායකයා ගේ චරිතය (ආචාර්‍ය විලියම් මෝටන් මාස්ටන්) “Luke Evans” විසින් පණ පොවන අතර කතා නායිකාවන් දෙදෙනා වන “එලිසබෙත්” සහ “ඔලිව්” ගේ චරිත පිළිවෙලින් “Rebecca Hall” සහ “Bella Heathcot” විසින් පණපොවයි. 7.1/10 ක IMDb අගයක් දිනාගෙන ඇති මෙම සිනමාපටය විවිධ සම්මාන උළෙලවල් 7ක සම්මාන 7කටත් නිර්දේශ වෙලා තියෙනව.
ඉතිං කියන්න ඕන අශාන් විමුක්ති සහෝදරය තමයි මේක කරන්න කියල හොයල් දුන්නෙ. ඉතිං එයාටත් ස්තූතිවන්ත වෙන ගමන් ඔයාල හැමෝටම මේ ලස්සන සිනමාපටය බලන්න කියල ආරාධනා කරනව. දාල තියන නම දැක්හැකම නම් මේ මොකක්ද යකෝ මේ කියල හිතෙයි. කතාව බලාගෙන යනකොට තේරෙයි සීන් එක… 😀 😀
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
‘ඇය සුන්දරයි, දඟකාරයි, කාරුණිකයි, හරිම අහිංසකයි…
එතකොට ඔයා බුද්ධිමත්, කෘරයි, හාස්‍යජනකයි, නොම්බර ඒකෙ බැල්ලියක්.
ඔය දෙන්නම මාත් එක්ක එකට ඉන්නකොටයි සර්වසම්පුර්ණ ගැහැණියව නිර්මාණය වෙන්නේ ‘
~ චාල්ස් මෝල්ටන් (වොන්ඩර් වුමන් නිර්මාතෘ) ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
6,063 downloadsDownload Professor-Marston-and-the-Wonder-Women-2017.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
Shiromal
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sachintha
Sub ekata thanks sahoo
JayaTHE NEW FOLDER
thanks brooooo ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith Dissanayaka
................බොහොම ස්තුතියි...................
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
raviz
Thank you..........!
TharakaWAS
Thanks
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Suranjan
Thanks machan......jayawewa.......!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
supungamage
okkomath hari ara podu pemwathiya kiyanne mokakda?
AsithaDilruwan
ela ela thanks
චතුෂ තුෂර කුමාර
බාගෙන සෑහෙන දවසක් තියං හිටිය ෆිල්ම් එකක් සබ් එනකල්... බොහොම ස්තූතියි... වැඩෙත් හොඳයි...
SanjulaJeter
ela
Panther
Thanz saho sub akta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraWaruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසරැසියට....
sankhaja
thanks bro
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ජය!malith
Ela ela
Supun Srimal
Thnq bokkah
Supun shanika
Thank you Bokka Sub ekata
Dewadithya
Thanks for Sub!
PahasaraDv
Thankz...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for Sub..
Ela Digatama Sub Demu..
Good Luck..