Watch Trailer

You Were Never Really Here (2017) Sinhala Subtitles | නොදකින ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

අපේ කතා නායකයා එහෙනම් නැත්නම් ජෝ, විශ්‍රාමික සොල්දාදුවෙක් වගේම FBI නියෝජිතයෙක්, නමුත් ඔහු සිය රැකියාවන් තුල දී දුටු දේ නිසාවෙන් අධික මානසික ආතතියකින් (PTSD) පෙලෙන පුද්ගලයෙක්. මොහු රැකියාව හැටියට කරන්නේ අතුරුදහන් වුන ගැහැණු දරුවන් සොයා දීම, සොයා ගන්නා එකෙන් නතර වෙන කෙනෙක් නෙමෙයි මොහු, ඔහු ඒ ගැහැණු ද…

අපේ කතා නායකයා එහෙනම් නැත්නම් ජෝ, විශ්‍රාමික සොල්දාදුවෙක් වගේම FBI නියෝජිතයෙක්, නමුත් ඔහු සිය රැකියාවන් තුල දී දුටු දේ නිසාවෙන් අධික මානසික ආතතියකින් (PTSD) පෙලෙන පුද්ගලයෙක්. මොහු රැකියාව හැටියට කරන්නේ අතුරුදහන් වුන ගැහැණු දරුවන් සොයා දීම, සොයා ගන්නා එකෙන් නතර වෙන කෙනෙක් නෙමෙයි මොහු, ඔහු ඒ ගැහැණු දරුවන් පැහැරගෙන ගියවුන් හා අයුතු ලෙස කෙලසුවන්ට දඬුවම් ලබා දෙන්නෙක්. තමුන්ගේ මවත් සමඟ දුක්කිත ජිවිතයක් ගත කරනා ජෝ, රැකියාවේ දී අතිශය කුරිරු තැනැත්තෙක් කිවහැකි. ඔහුගේ ප්‍රියතම ආයුධය වෙන්නේ මිටිය… ඉතින් හිතාගන්නට හැකි වේවි නෙව…

එක්තරා විදිහකට සාමකාමී මේ ජිවිතයට කණකොකා හඬන්නේ ඔහුට භාරවන කටයුත්තක් නිසාවෙන්. ඔහුට සෙනෙට් සභිකයෙක් තමුන්ගේ ගෙදරින් පැන ගිය, දැන් ළමා ගණිකා වහල් සේවයේ නියුතු තමුන්ගේ දුවණිය එම ගණිකා නිවසින් මුදවාගෙන නැවතත් තමුන් වෙත ගෙනත් දීම තමයි ඔහුට කරන්නට තියෙන්නේ. ඔහු සාර්ථක ලෙස මේ කුඩා දැරිවිය බේරා ගන්නවා, නමුත් ඒ තමයි ඔහු සාර්ථක වෙන අවාසනාව ගෙනෙන සිදුවීම් දාමයක උදාව. නැවතත් ඇයව, ඇයගේ පියාට භාර දෙන්න සුදානම් කරගත් තැනට යාමට සුදානම් වෙනකොට ඔහුට දැනගන්නට ලැබෙනවා ඇයගේ පියාව ඝාතනය කර ඇති බව, ඒ එකක්ම දොරට තට්ටු කරනා හඬකින් පියවි සිහිය ලබනා ඔහු දකින්නේ පොලිස් වෙඩි පහරකින් තමුන් ඉදිරියේ මරු වැලද ගන්නා හෝටල් සේවකයෙක්… දැන් පොලිසිය සම්බන්ධයි…. ඔවුන් ඔහු ආදරය කරන සියලු දෙනා පසුපසම යනු ඇති… ඔහුට මේ ඝාතන දාමය කොතනකින් නතර කර ගැනීමට හැකි වේවි ද? අර දැරිවියගේ ඉරණම කොහොම වේවි ද? මෙහි අවසානය සතුටු දායක එකක් වේවි ද? ඇයි ඔහු මෙවැනි රැකියාවක් තෝරා ගත්තේ ? ඒ එක්කම මේ කුඩා දැරියගේ පියාගේ පැත්තෙන් තවත් අඳුරු කතාවක් දිගහැරෙනවා නමුත් පොඩි ඉගි ටිකක් විතරයි ඒ ගැන බලා දෙන්නේ බලන්න, ඔබට එය තේරුම්ගත හැකි වේවිද කියල…. සියල්ල දැකගත හැකි මේ කතාව බැලුවොත්.

2017 Cannes සිනමා උළෙලේ දී දොරට වැඩුන මේ නිර්මාණය අවසාන වීමත් එකක්ම ප්‍රේක්ෂකාගාරය මිනිත්තු 7 ක් පුරාවට තමුන්ගේ අසුන්වලින් නැගිට මේ සිනමා නිර්මාණයට තමුන්ගේ ආචාරය පුද කරන්නට වග බලා ගත්තා විතරක් නෙමෙයි, මෙහි අධ්‍යක්ෂණය හා තිර රචනය සිදුකල Lynne Ramsay එම සිනමා උළෙලේ හොඳම පිටපතට හිමි සම්මානය ලබා දෙන්නත්, මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරනා Joaquin Phoenix හට එම සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන බලා දෙන්නටත් කාරුණික වුනා. ඉතින් එහෙම විශිෂ්ඨ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන්ට දැනගන්නට හැකි වෙන්නේ 2018 අප්‍රේල් 6 වැනිදායින් පසු, ඉතින් මේ ඒ සඳහා ඔබේ වාරයයි…

IMDB මීටරයේ 7.4 ක්, රෝටන් ටෝමාටෝ දර්ශකයට අනුව 88% වගේ ඉහල අගයක් ලබාගෙන ඇති, Drama, Mystery, Thriller කාණ්ඩයන් නියෝජනය කරනා, පැය 1 කුත් මිනිත්තු 30 කාලයක් පුරා මිනිස් සිත හා සියල්ල නැති වූ මිනිසෙකු කොතරම් දුරක් යනු ඇති දැයි හඬනගා පවසන මේ සිනමා නිර්මාණය ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

63 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thawath supiri broo thawa niyama film ekak. Thank sub ekata..

  2. sathira529

    මේ මූවි එක ගැන පත්තරේ ආටිකල් එකක් තිබ්බා..ඒක දැකපු වෙලාවෙත් හිතුවා බයිස්කෝප් එකෙන් මේකට සබ් කරොත් නම් එල කියලා..මොකෝ ඒ ආටිකල් එකත් මේ සමීරගෙ ආටිකල් එක වගේම තමයි..කියෙව්වම බලන්නම තමයි හිතුනෙ..කොහොම හරි මට හිතුන දේ මේ ඒ විදියටම වෙලා තියෙන්නෙ..ගොඩක් තෑන්ක්ස් සමීර සහෝ මේකට සබ් දුන්නට..බ්ලූ රේ එක ආවම අනිවා අප්ඩේට් කරන්න කියලත් ඉල්ලනවා..එතකම් කොහොමහරි ඉවසන් ඉන්නවා..ජය වේවා!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Isuru Dilshan

    Download kranna ba sub eka

  5. Hinniyaka

    සුපිරි බොහොම ස්තුති සහෝ

  6. jagath55

    Thanks

  7. malith

    Ela ela

  8. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  9. Bandaramudiyansi

    ___✨ඔබ කරනා සෙවයට බොහොම ස්තුතියි✨✨ ___
    හිතාගන්න බැ සතුටුයි බොහොම.. ,Mkvcage ටොරෙන්ට් අඩවියේ මෙ මුවි එක අද උදේ දැක්කෙ.. එ
    ටිකට සබ් එකත් දිල. පුද්ගලිකවම චිත්‍රපට බැලිල්ල බොහොම වැඩි උනා,අස හිතුන මෙ මල්ලි හින්ද... රැල්ලට නැති ලස්සන චිත්‍රපට තොරල දෙන එක ඔබ තුල පිහිටල තියෙන දෙයක් . ස්තුතියි . හැකිනම්
    mkvcage ප්‍රින්ට් වලට උපසිරැසි කරන්න. අද උදේ අප්ලොඩ් කල කොරියන් චිත්‍රපටය තරමක් හොයාගන්න අපහසු උනා . එක දැම් තම web පිටපතක් බයිස්කෝප්ඩ්ව්න්ලොර්ඩින් ඔයාලෙ අඩවියෙන් සෙව් කරගත්තෙ.. mkvcage , ytsඑවල හොද මුවි තිබුනොත් එවටත් දෙන්න .... ❤ ❤ ❤
    ______~~God bls you______

  10. gihan perera

    Well done bro...thank you so much...keep continue it...god bless you....

  11. Arrow T

    Thank you so much

  12. Helayek

    කොල්ලෝ...සුපිරියි බං..කොමද බං උබැ ඔහොම සබ් දෙන්නෙ...පට්ට කොල්ලෙක් බන් උඹනම්..සාමන්‍යෙන් මම දුවන්නෙ හිංදි තෙලිගු පස්සෙන්...ඒත්..බයිස්කෝප් නිසා දැං හොලිවුඩේටත් බැහැලා ඉන්නෙ..තැන්කියු පුතී...ජයම වේවා

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

  14. Lakshan

    thnx sahoo

  15. raviz

    Thank you.........!

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. AsithaDilruwan

    ela ela thanks

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  21. THE NEW FOLDER

    thanks broo.....

  22. Udara Damith Dissanayaka

    ...............බොහොම ස්තුතියි..................

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ..
    ජයෙන් ජය.

  25. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  26. HARSHANA9211

    thanks............

  27. hasitha86

    බොහොම ස්තුතියි....!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. madushangamage

    thankes bro

  30. udara152

    ko bn sab eka pennane nane

  31. udara152

    sab eka naaaaaaa

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  33. prabasha

    ස්තූතියි

  34. Sajithlakshan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  36. Nishshanka Ruwan

    ස්තුතියි :)

  37. dimal

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~

  38. Rumesh Asanka

    Thanks Bro

  39. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Thusitha Sampath

    Thanks....

  41. Pramukmili

    thanxx bro..

  42. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  43. Damith Priyankara

    බොහොම ස්තුතියි !!!

  44. rashoma

    sub eka download karannan bane

  45. Chathusanka

    Upasirasiyata jaya..

  46. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………..ජය වේවා……….!!!!!!!!!!!!!!!!!

  47. Jaime Lannister

    thnx brother.....

  48. MAALnath

    Thanks................good luck ................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  49. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  50. Sachith Perera

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.