Watch Trailer

Project Silence (2024) Sinhala Subtitles | නිහඬ ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි]

Project Silence (2024) Sinhala Subtitles කොහොමද ළමයි… ඔන්න මම ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.. මුලින්ම පසුගිය වසරේ තිරගත වීමට නියමිතව තිබුන මේ “Project Silence” චිත්‍රපටය නළු නිළියන් සම්බන්ධව ඇති වුන මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් කල් දැම්මා. ඊට පස්සෙ ජූලි මාසයේදී චිත්‍රපටය නව නිකුත් කිරීමේ දිනයක්…

Project Silence (2024) Sinhala Subtitles

කොහොමද ළමයි… ඔන්න මම ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා..

මුලින්ම පසුගිය වසරේ තිරගත වීමට නියමිතව තිබුන මේ “Project Silence” චිත්‍රපටය නළු නිළියන් සම්බන්ධව ඇති වුන මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් කල් දැම්මා. ඊට පස්සෙ ජූලි මාසයේදී චිත්‍රපටය නව නිකුත් කිරීමේ දිනයක් එක්ක තිරගත වුනත් අවාසනාවන්ත විදිහට චිත්‍රපටය Lee Sun-kyun ගේ අවසාන නිර්මාණය වුනා.. ඒක එහෙම වුනේ ඔහුට විරුද්ධව ඇති වුන මත්ද්‍රව්‍ය චෝදනා වලින් පස්සෙ ඔහු දිවි නසාගත්ත නිසයි. ඔහුගේ ඒ මරණයෙන් මාස හතකට පස්සෙ තමයි චිත්‍රපටිය නිකුත් වුනේ.

මේ නිර්මාණයේ අධ්‍යක්ෂණය ” Familyhood ” අධ්‍යක්ෂණය කරපු Kim Tae-gon සිදුකලා වගේම “Parasite” චිත්‍රපටයේ Hong Kyung-pyo ගේ කැමරාකරණය සහ “Along with the Gods” මාලාවේ දෘශ්‍ය ප්‍රයෝග සඳහා ප්‍රසිද්ධ Dexter Studios විසින් මේ “Project Silence” හි දෘශ්‍ය ප්‍රයෝග සිදු කරල තියෙනවා.

චිත්‍රපටයේ දර්ශන රචනය කරල තියෙන්නෙ “Train to Busan” හි Park Joo-seok වගේම, සටන් කලා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Deliver Us from Evil” හි සටන් කලා අධ්‍යක්ෂක වුන Lee Geon-moon සහ “1987: When the Day Comes” හි නිෂ්පාදන නිර්මාණක Han Ah-reum එකතුවෙන්.

ඉතිං අපි දැන් බලමු මේ තරම් දක්ෂ නිර්මාණකරුවන් එකතු වුන මේ කතාව මොකක්ද කියලා…

කතාව පටන් ගන්නේ ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන්. තමන්ගෙ තනතුර රැකගන්න දේශපාලකයො වගේම ඒ සම්බන්ධ නිලධාරී ගන්න තීරණ කොයි වගේද කියල පෙන්නලා පටන් ගන්න මේ කතාව ඊට පස්සෙ ගලාගෙන යන්නෙ සාමාන්‍ය මිනිස්සු වටා. ජනාධිපති මැදුරේ සේවකයෙක් වෙන චා ජන්ග් වොන් තමන්ගෙ දුවව විදේශ ගත කරන්න අරගෙන යන ගමනෙදි අනතුරක් සිද්ද වෙනවා. ඇත්තටම ඒක අනතුරු දෙකක්. එකක් තමයි ස්වභාවිකව ඇති වෙන ඝන මීදුමක් හේතුවෙන් සිද්දවෙන වාහන අනතුර. අනිත් එක වෙන්නෙ කාටත් හොරෙන් රජයෙන් සිදු කරපු ව්‍යාපෘතියක වැරදීමක්. මේ ව්‍යාපෘතියෙන් සිද්ද කරන්නෙ සාමාන්‍ය බල්ලො කෘතිමව කුරිරු කරන එක. ඉතිං අසමත් වුන පරීක්ෂන සාම්පල (කුරිරු බල්ලො) විනාශ කරන්න අරගෙන යන හමුදා වාහනේකුත් මේ අනතුරට මැදි වෙනවා. ඒකෙන් එලියට පනින බල්ලො තමන්ගෙ වාහන හැප්පිලා පාලම උඩ හිර වෙලා ඉන්න මිනිස්සුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ඒ අතරෙදි දැන් පාලමත් කඩන් වැටෙන්නයි යන්නෙ.. ඉතිං පාලම උඩ හිර වෙලා ඉන්න මිනිස්සුට බේරෙන්න පුලුවන් වෙයිද… කරුණාවන්ත ජනාධිපති අපේක්ෂකයා වගේම නිලධාරියා මිනිස්සු බේරගනියිද.. තම තමන්ගෙ අවංකකම් නිර්භීත කම් කොයි තරම් දුරට ආරක්ෂා වෙයිද…. අපි කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

5,229 downloadsDownload Project-Silence-2024.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Project Silence (2024) Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

5,229 downloadsDownload Subtitles36 KB

10 comments

  1. Gagan pabasara

    සුපිරි Dead Man 2024 The Plot 2024 චිත්‍රපට්
    දෙක්ක කරමු

  2. Buddhika laKMal

    ස්තූතියි කනිෂ්කා සිස් මේ කොරියන් මූවි එකට සබ් ගෙනාවට

  3. Anonymous

    Thanks Bro. ... Twisters movie ekata sub demuda

  4. රවින්ද්‍ර

    තෑන්ක්ස් මේ ෆිල්ම් එකට සබ් දුන්නට

  5. Malith samarawickrama

    Thanks sub ekata

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  7. Udara Damith

    එල අක්ක

  8. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  10. Anonymous

    සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය