සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ, ඉන්දියාවෙ දමිළ චිත්‍රපටවල ඉහළින්ම වැඦඹෙන දකුණු ඉන්දීය සුපිරි නළු Vijay රඟන පැරණි චිත්‍රපටයක්. නමින් Pudhiya Geethai. සිංහල අර්ථය වෙන්නෙ ” නව ගීතයක් ” යන්න. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ K.P. Jagan විසින්. සංගීත අධ්‍යක්…

සුභ දවසක් හැමෝමටම. ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ, ඉන්දියාවෙ දමිළ චිත්‍රපටවල ඉහළින්ම වැඦඹෙන දකුණු ඉන්දීය සුපිරි නළු Vijay රඟන පැරණි චිත්‍රපටයක්. නමින් Pudhiya Geethai. සිංහල අර්ථය වෙන්නෙ ” නව ගීතයක් ” යන්න. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ K.P. Jagan විසින්. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja සහ Karthik Raja යන අයියා මලෝ දෙපළ විසින් සිදු කරලා තියෙනවා. 2003 මැයි 08 වනදා තිරගත උනු මේ ෆිලුම Action, Romance ගණයට අයත් වෙනවා. IMDB දර්ශකයේ 4.0 අගයක් ලබා ගැනීමට මේක සමත් වෙලා තියෙනවා. සරාගී ජනප්‍රිය බොලිවුඩ් නිළි Ameesha Patel ද මේකට රංඟනයෙන් දායක වෙනවා. විශේෂත්වය වන්නෙ මේ චිත්‍රපටය තමා Ameesha Patel මෙතෙක් රඟපෑ ප්‍රථම හා අවසාන දමිළ චිත්‍රපටය වන්නෙ ( ඉදිරියේදි රඟපාවිද කියලා නම් දන්නෙ නැතෝ ). Vijay සහ Ameesha Patel, යන අයට අමතරව Meera Jasmine, Kalabhavan Mani, Karunas, Kalairani යන අයත් මේකට රංඟනයෙන් දායක වෙනවා. පසු කාලයේදි මෙම චිත්‍රපටය Ek Dumdaar The Powerful ලෙස හින්දි භාෂාවෙන් හඬකවනවා.
කතාව ගැන කියනව නම්, සාරදී ( Vijay ) උපන් මොහොතෙදි ඔහුගේ පියා විසින් ඔහු රැකියාව කරපු ගමේ ප්‍රසිද්ධ ජ්‍යොතීර්වේදියකු ලවා තම පුතුගේ කේන්දරය බලවනවා. එහිදී එම ජ්‍යොතිෂවේදියාට පේනවා දෛවය විසින් මෙම කුඩා දරුවාගේ ජීවන ගමනට වයස අවුරුදු 27 දී තිත තබන බව. ඒ වගේම ඔහුට පේනවා මේ දරුවා වයසින් වැඩෙත්ම බුද්ධිමත්, නිහතමානී, ලෝකයාට ආදර්ශමත්, දක්ෂ දරුවෙකු වෙන බව. නමුත් ජ්‍යොතිෂවේදියා විසින් ඔහුගේ පුතා වයස අවුරුදු 27 දී මැරෙන බව පියාගෙන් වසන් කරනවා. මේක තමා අතීත කතාව.
වර්තමානයේදී විවිධ හැලහැප්පිම් සහ සුන්දර අත්දැකීම් සමගින් සාරදී තම ජීවිතය ගෙවනවා. එක පැත්තකින් සාරදීගෙ හොඳම යෙහෙළියක් වන සුජී ( Meera Jasmine) විසින් සාරදීට රහසින් පෙම් කරනවා. අනිත් පැත්තෙන් සාරදීගෙ තව යෙහෙළියක් වන ජෝ (Ameesha Patel) විසින් සාරදීට ප්‍රසිද්ධියේම පෙම් කරනවා. හැබැයි සාරදී නම් හාංකවසියක්වත් මේ ගැන දන්නෙ නෑ.ඒ අතර වාරයේ ප්‍රදේශයේ සිටින බලවත් මැරයෙකු සමඟත් සාරදීට හැප්පෙන්න වෙනවා. මේ විදියට පෙම් ජවනිකා සහ සටන් ජවනිකා මැද සාරදීගෙ ජීවිතය ගෙවී යනවා.ඔය විදියට ගලාගෙන යන සාරදීගෙ ජීවිතයට අවසානයේදි කුමක් සිදු වෙයිද ? සාරදීට තමන්ගෙ දෛවයට අභියෝග කරන්න පුලුවන් වේවිද ? වයස අවුරුදු 27 දී සාරදී මැරෙයිද නැද්ද ? සාරදීගෙ ප්‍රේම ජීවිතයට අවසානයේදී කුමක් වෙවිද ? මේවට උත්තර හොයා ගන්න නම් ඔයාලට අනිවාර්යෙන් මේ චිත්‍රපටය බලන්න වෙනවා.එහෙනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා.තවත් මේ වගේ ලස්සන ෆිලුමකින් හම්බවෙමු. මේ ෆිලුමෙ තියෙන ආදර්ශමත් දෙබස් කිහිපයක් උපටා දක්වලම මේ ලිපිය අවසන් කරන්න හිතුනා. ~~~ ජය වේවා ~~~
” ඒකි මාව අසරණ කරා බං ” – ” ඒකට මැරෙන්න යනවද ? “
” ජීවිතය උඹට ඒ තරම්ම පහත් දෙයක් උනාද ? මෝඩයා ! “
” මේ පණ තියෙන නිසා තමයි, උඹ මනෝ මම සාරදී “
” ඒක ගියොත් අපි නිකම්ම මළ කඳක් විතරයි “
” මේ ජීවිතේ කම්මැලී, ජීවත් වෙන්න ආසාවක් නෑ කියලා කියන්න තරම්
අපි අවුරුදු 1000ක් 2000ක් ජීවත් වෙන්නෙ නෑ “
” ලැබිලා තියෙන මේ ජීවිතේ, ආදරෙන්, සතුටෙන් ඉඳලම යමු ”
” ඊළඟ අලුත් අවුරුද්ද සමරන්න, අපි ජීවත් වෙයිද නැද්ද කියන්න කවුද දන්නෙ ? “
” ඇයට ආදරය කරන එක නවත්තලා, මැයට ආදරය කරන එක නවත්තලා… “
” මුලින්ම ඔයාට ආදරය කරන්න. ඔයාගෙ ජීවිතේට ආදරය කරන්න ”
” ඔයා හොඳ තත්වෙකට ඇවිල්ලා පෙන්නන්න “
” එතකොට ඇය දුක් වෙයි. අයියෝ මම මනෝව නැති කරගත්තනේ කියලා”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.
2,142 downloadsDownload Pudhiya-Geethai-2003.zip134 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/AdhithyaGimhana1-e1474943224759.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ආධිත්‍ය ගිම්හාන
Subtitles
11 comments
Adithya Gimhana
thisal
ela bn tnxx
Wgk Chathuranga
thankzz sahoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sammika
wow. i dont know about the movie. but your post is really nice.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami
Thanks. Force 2 ekata sub dennakol
malith
Ela ela
indunil
Thanks Vijey ගේ Udhaya(2003) film එක දෙන්නකෝ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.