Watch Trailer

Superman (1978) with Sinhala Subtitles | සුපිරි මිනිසා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හත්වන උපසිරැසිය අරගෙන ආව. මම දන්නවා බොහොමයක් යාළුවන් දැන් බලාවි මේ සුපර්මෑන් චිත්‍රපටය මොකක්ද කියල. මොකද මම දන්නවා ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඇත්තටම මේ චිත්‍රපටය කාටුන් නොවන හතරවන සුපර්මෑන් චිත්‍රපටය වගේම පළමු වර්ණ සුපර්මෑන් චිත්‍රපටය. මිට පෙර Supe…

Superman (1978)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හත්වන උපසිරැසිය අරගෙන ආව. මම දන්නවා බොහොමයක් යාළුවන් දැන් බලාවි මේ සුපර්මෑන් චිත්‍රපටය මොකක්ද කියල. මොකද මම දන්නවා ඔයාල ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නේ නැ. ඇත්තටම මේ චිත්‍රපටය කාටුන් නොවන හතරවන සුපර්මෑන් චිත්‍රපටය වගේම පළමු වර්ණ සුපර්මෑන් චිත්‍රපටය. මිට පෙර Superman 1948, Atom Man vs. Superman (1950) සහ Superman and the Mole Men (1951) ලෙස චිත්‍රපට තුනක් පලවී තිබ්බත් ඒක ඔක්කොම කළු සුදු චිත්‍රපට. ඉතින් DC කොමික් වලට කැමැත්තක් දක්වන ඔයාල ඔක්කොටම මේ චිත්‍රපටය ගොඩක් වැදගත්. මොකද චිත්‍රපටය හතරක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපයට වන මේක එම කාලයේ තියන උපරිම තාක්ෂනය බාවිතයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට වර්තමාන චිත්‍රපට බොහොමයක දක්නට ලැබෙන දුෂ්‍ය ප්‍රයෝග වලට වඩා උසස් දර්ශන මේ චිත්‍රපටයේ දක්නට පුළුවන්. ඒ උනත් පැරණි චිත්‍රපට වල දක්නට තියන කලාත්මක සිනමා ගුණයත් මේ චිත්‍රපටයේ දක්නට තියනවා. Christopher Reeve සුපර්මෑන් ලෙස රඟපෑමෙන් එකතුවෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරන් තියන Action, Adventure, Drama ගණයට අයිති වෙන චිත්‍රපටයක්.

කතාව පටන් ගන්නේ ඇත එපිට ක්‍රිප්ටන් කියන ග්‍රහ ලෝකය විනාශ වෙන්න ලංවෙනකොට එහි සිටින විද්‍යාඥයෙක් එයාගේ දරුවා අභ්‍යවකාශ යානයක දාල පෘතුවියට එවීමත් එක්ක. ඔහු හමුවෙන්නේ ගොවියෙක් ට. එයා ළඟ හැදී වැඩෙන මේ ක්ලාක් කෙන්ට් නමින් හැඳින්වෙන දරුවා ටික ටික එයා සතු සුපිරි බලය හඳුනා ගන්නවා. පස්සේ එයා එක නගරයේ දුෂ්ටයන්ට විරුද්දව සටන් කරනවා. පත්තර කන්තෝරුවක සේවයට යන කෙන්ට් එහි සිටින ලොවිස් ලෙන් කියන තරුණිය සමග ආදරයෙන් බැඳෙනවා. සරලවම කිවුවොත් ඔයාල දැනටමත් දන්නා සුපර් මෑන් චරිත කතාව තමා මේකේ තියෙන්නේ.

මේ චිත්‍රපටයේ නම හින්ද මට හිතෙනවා මේ චිත්‍රපටය උපසිරැසිය බාගත කරගත්තේ නැතත් සාමාන්‍ය පිරිසක් මේ පොස්ට් එක විවෘත කරාවි කියල. ඒක හින්ද මම ගොඩක් කල් ඉඳල කියන්න හිතපු දෙයක් ඔයාලට කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මේ වෙබ් අඩවියේ ගොඩක් පැරණි චිත්‍රපට වලට උපසිරසි දෙන උපසිරසි කරුවන්ට ලැබෙන කමෙන්ට් එකක් විදියට එයාල පැරණි උපසිරසි බලන්නේ නැති බවත් එක හින්ද අලුත් ඒවා විතරක් දෙන්න කියන එක හඳුන්වන්න පුළුවන්. ඒත් එයාලට අමතක වෙනවා මේ චිත්‍රපට වලටත් කැමති පිරිස් ඉනන්ව කියල. කොටින්ම උදාහරණයකට ගත්තොත් මම සාමාන්‍යයෙන් සීරියස් චිත්‍රපට බලන්න අකමැතියි. ඒ වගේම කැපිලි කෙටිලි තියන චිත්‍රපට බලන්නේ නැ. කොටින්ම මම Saw කියන චිත්‍රපට මාලාව සහ  Wrong Turn කියන චිත්‍රපට මාලාවේ එකම චිත්‍රපටයක් වත් නරඹා නැ. මොකද මම කැමති නැ ඒ වගේ චිත්‍රපටවලට. එත් මම හිතන්නේ නැ ඒ චිත්‍රපට නරකයි කියල. මොකද මම අකමැති චිත්‍රපට වෙන කෙනෙක් ආසාවෙන් බලන්න පුළුවන්. එක හින්ද මම ඔයාල ඔක්කොටම කියන්නේ ඔයාල අකමැති චිත්‍රපටයක් අපි ලබා දෙනවා නම් ඒක ගන්න එපා. එත් ඒවා හොඳ නැ නැත්නම් ඒවා වැඩක් නැ කියන මතේ ඉන්න එපා.

තව දෙයක් ඔයාල අපෙන් නිතරම අහන ප්‍රශ්නය තමා මේ පරණ හම්පඩ චිත්‍රපට මොකටද දෙන්නේ , මහන්සිය අපාරදේ කවුද ඕව බලන්නේ වගේ දේවල්. එත් මම ඔයාලට කියන්නේ මම ඇතුළු මේ පරණ චිත්‍රපට ඔයාලට දෙන ඔක්කොම උපසිරසි කරුවන් දන්නවා ඇයි එයාල මේ චිත්‍රපට දෙන්නේ කියල. කොටින්ම මම දන්නවා අපි දෙන සමහර උපසිරසි ඇඩ්මින් සහෝදරයෝ වත් බලන්නේ නැ කියල. පුද්ගලිකව මම උපසිරසියක් ලබා දෙන්න ඉල්ලුම් කරනකොටම දන්නවා මේ උපසිරැසිය අලුත් උපසිරසි වගේ ඔයාල බාගත කරගන්නේ නැ කියල කොච්චර චිත්‍රපටය හොඳ උනත්. උදාහරණයක් විදියට මම ඔයාලට දුන්න ස්ටාර් ට්‍රැක් චිත්‍රපට හතම එකතුකරලා ගත්තොත් ලයින්ස් එකොලොස් දාහකට කිට්ටුව තිබ්බ ඒ උපසිරසි හදන්න සති දෙකකට වැඩිය ගියා. එත් නැරබිම් පන්දහසකට පොඩ්ඩක් වැඩියෙන් සහ බාගත කිරීම් ඔක්කොම එකතුව දෙදහස් පන්සියකට මදක් වැඩියෙන් තමා තිබ්බේ. එත් මට එක ගැටළුවක් උනේ නැ. මොකද බාගත කිරීම් සාමාන්‍ය ගත්තොත් සියට පනහකට වඩා තියනවා. එච්චර ප්‍රමාණයක් අලුත් චිත්‍රපටයකට වත් නැ. ඒක හින්ද මම ඇතුළු මම හිතන්නේ සියලු උපසිරසි කරුවන් සතුටුවෙනවා සුළු ප්‍රමාණයක් හෝ උපසිරසි බාගත කර ගත්තත්.

චිත්‍රපටය අලුත් උනත් පරණ උනත් එයට උපසිරසි සකස් කරන්න සියලු උපසිරසි කරුවන් එකසේ මහන්සි වෙනවා. කොටින්ම පැරණි චිත්‍රපට වලට උපසිරසි සපයන්න අලුත් ඒවාට වඩා අමාරුයි මම හිතෙන්නේ. මොකද ඒ ගොඩක් තියෙන්නේ වාචික ඉංග්‍රීසි බාසාවෙන්. ඒ වගේම දෙබස් ගොඩක් දිගයි. ඒ හින්ද ඒවා සිංහලට හරවලා කතා කරන සරල සිංහල බාසාවෙන් වාක්‍ය ටයිප් කරන්න අමතර මහන්සියක් දරන්න වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාල අපි කරන උපසිරසි වලට කමෙන්ට් කරනකොට අපි හොඳට කරලා තියනවා නම් හොඳ කියන්න. වැරදි නම් හෝ සැහීමකට පත්වෙන්න බැරිනම් අපිව විවේචනය කරන්න. බනින්න කිසි ප්‍රශ්නයක් නැ. එත් අපෙන් “මේ චිත්‍රපට මොකටද දෙන්නේ. කවුද ඕව බලන්නේ. ඕව දෙන එකේ තේරුම මොකක්ද” කියන ප්‍රශ්නය අහන්න එපා කියල මම ඉල්ලනවා. මොකද අපි උපසිරැසිය වෙන් කර ගන්නකොටම දන්නවා ඇයි මේ උපසිරැසිය තොර ගන්නේ කියල.

සීරියස් කතා ඇති. මම ඉතින් Marvel සාමාජිකයෙක්. එත් අපේ DC යාලුවන්ගේ කණ්ඩායමේ මුල්කාලේ චිත්‍රපට කරන අය නැ මම හිතන්නේ. මොකද සමහරවිට එයාල එයාලගේ මුල් කාලේ අමතක කරලා තියන හින්ද මම හිතුවා මේ චිත්‍රපට එකතුව මම දෙනවා කියල. ඔන්න ඉතින් Marvel සහ DC යාළුවො ඔක්කොම එකතුවෙලා Marvel ලොකු අයියා වුල්වරින්ට ජයවේවා කියන ගමන් කිසිදෙයක් නොසඟවන මේ DC සුපිරි වීරයාගේ (යට ඇඳුමත් ඔක්කොටම පෙන්න උඩින් නේ අඳින්නේ .. හෙහ් හෙහ් ) කතාව ඇතුලත් චිත්‍රපටය සිංහල උපසිරසි සහිතව පළමුවරට බලන්න.

මම ඊළඟට දෙන්නේ මේ චිත්‍රපට මාලාවේම දෙවන චිත්‍රපටය. චුට්ටක් විතර ප්‍රමාද වේවි බාසාව අමාරුයි ඒකෙ. ඉතින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

බුදු සරණයි…..!

Superman (1978) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Superman.1978.720.BrRip.264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

557 downloadsDownload Superman.1978.Baiscopelk.com_.rar79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

557 downloadsDownload Subtitles79 KB

52 comments

  1. රයන් ද සිල්වා

    නියමයි අසංක සහෝ,
    සිංහල උපසිරැසියට ස්තූතියි,
    ඊලග කොටසෙන් හමු වෙමු,
    ෴෴ජය වේව෴෴

  2. Lahiru Lakmal

    Thanks for sub...

  3. කවීන් ලහිරු

    අපි දන්නවා සහෝ උපසිරැසියක් හදන්න කොච්චර අමාරුද කියලා
    ඒකයි මම ෆිලුම නොගත්තත් වචනයක් හරි කියලා යන්නේ,
    මම දන්නවා උපසිරැසි කරුවෙකුට ලැබෙන එකම දෙය
    අපි ලබා දෙන Comment එකක් පමනක් බව....

    ගෝඩාක් ස්තූතියි සහෝ ඔයා Marvel රසිකයෙක් උනත් DC ෆිලුමකට
    සබ් දාන්න තෝරා ගත්තට.....
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ #ජය

  4. James DC

    Maath kemathi perani chithrapata walata sub karanna. Mokada ewa hadanna yomu wena kattiya godak adu nisa. Aluth ewata sub karanna ona tharam kattiya inne. Welawak nethi nisa langadi sub ekak denna beri una.

  5. Wgk Chathuranga

    thankzz sahoo sub ekata. jaya wewaa!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    Darkman 1990,The Rocketeer 1991 මේ පැරණි superhero movie
    දෙකටත් පුළුවන් වෙලාවක සබ් දෙන්න
    ජයම වේවා!

  8. ayesh

    thank you

  9. withanage priyantha

    ඔබේ ඉහත අදහස් දැක්වීමට මමත් එකඟ වෙනවා. එමෙන්ම 77 වන උපසිරසියට මාගේ සුබ පැතුම්! මෙයත් අගනා සිනමා නිර්මාණයක්. ස්තුතියි!

  10. Upun Nethupriya

    Thank you for sub

  11. indunil

    jaya wewa kollo...good luck

  12. indunil

    tankkkkkkkkkkkksss kollooo.good luck

  13. sameera

    agree with you bro. super man is a my first super hero.

    thanxxxxxx

  14. mithun

    සහොදරය ඔයගෙ ඔය කිවුව වගෙ මම මෙක ගන්න නෙවෙ ඔපන් කරල බලන්නයි ගියෙ . පස්සෙ ඔයගෙ ලිපිය එක,අකුරක් නෑර කියෙවුව. සහො ඔය ගොඩක් දෙවල් එකෙන් කියල තිබුන. මමත් මුලුන් කොමෙන්ට් දාල තියෙනව ඔයට. ඔය බයිස්කෝප් සයිඩ් එකෙ වෙනසක් කරන්න අපු සුපිරිම උපසිරැසි කරුවෙක් විදියටයි මම දකින්නෙ.. මෙතුවක් අපෙ රස වින්දනය වෙනුවන් දුන්නු චිත්‍රපට වලට බොහොම තුති කිසිම කෙනෙක් නොදෙයි කියල හිතපු චිත්‍රපට ඔය උපසිරැසි ගන්වල ලබාදිල තියෙනව එ සතුට සල්ලිවලට ගන්න බෑ. කියන්න තියෙන්නෙ මෙ කොලිටින් එකෙති ඔක්කොම දෙනව නම් ගොඩක් සතුටු වෙනව කියල ඔබට ජය බ්‍රො

  15. Mayura

    Respect bro !

  16. kavinda

    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක්

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි.

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ.

    සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  17. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  18. Web-බුවා

    අඩෝ එකෙක්වත් පරණ චිත්‍රපටි අවතක්සේරු කරන්න එපා හරිද? :x 60 70 80 දශකවල ආපූ 90%ක් ම ගැම්මක් ඇති ඒවා. ඒත් බලාපල්ලා අද වසරකට hollywood film 1300ක් විතර එනවා. ඒ අතරින් කීයෙන් කීයද බලන්න පුළුවන් ගැම්මක තියෙන්නේ, කීයෙන් කීයටද මේ site එකේ සබ් වැටෙන්නේ, කොටින්ම කිව්වොත් ඒකට හේතුව අද කාලේ හැදෙන බහුතරක් පට්ට ගොන්. ඒවාට සබ් කරනවට වඩා හොඳා ගිහිං කුඹුරක් කොටනවා. :D ඒත් ඉස්සර එහෙම නෑ ලොකු තරඟයක් නෑ. වසරකට හැදෙන්නේ films ටිකයි. ඒ හැදෙන ටික පට්ට ගති. අසංක සහෝ කරන්නේ නියම සුපිරි වැඩක් මේවා වැළලී යන්න නොදී ගොඩ ගන්න එක. අනික සමහරු මේවා හෑල්ලූ කරනවා, මේවාට හිනාවෙනවා. යොදාගෙන තියෙන තාක්ෂණය දිහා බලලා. ඒත් එයාලා අමතක කරනවා අද අපි බලන සුපිරි filmsවල සුපිරි CGI, graphics iMax 3D, real 3D 4k ඒකී මේකී හැම දේකම අඩිතාලම වැටුණේ මේ සාම්ප්‍රදායික filmsවලින් බව. ඒ කාලේ චිත්‍රපටිවලට මේ විදිහට හරි තාක්ෂණික ප්‍රයෝග යොදා නොගෙන තාක්ෂණය ඉස්සරහට ගෙනාවේ නැත්නම් අද බලපු BvS civil war ඔය හැමදේමත් බලන්න වෙන්නේ මෙහෙම තමා. :o ඔබතුමාට,

    ජය!

  19. Gihan Iddamalgoda

    පරණ වුනත් මොකද සුපර් මැන් ඉන්නවා නම.
    අනිත් ඒවටත් ඉක්මනටම සබ් දෙන්න.
    පරණ මේ වගේ සුපිරි ෆිල්ම් හොයලා සබ් දෙනවට බොහොම ස්තුතියි බ්‍රෝ.

  20. Lucky Dhananjaya

    sub ekata than q bro

  21. එල්.සී. දමැල්

    ලිපියෙ කියල තියන කරුණුවලට 100%ක් එකඟයි...
    78 වෙනි සබ් ඒකෙන් හමුවෙමු...

  22. Chandila Jayanaka

    Respect bro.

  23. Udara Damith B/K

    ලිපියනම් දීලා තියෙනවා හොදට වදින්ඩම ...........
    එල
    උපසිරසට ස්තුතියි
    මාත් ඔය කැපිලි කෙටිලි තියෙන ඒවාට එච්චර අස නෑ

  24. mithun

    පුලුවන් නම් බ්‍රො stigmata 1999 horror action film ekatat උපසිරැසි දෙන්න ගොඩක් සතුටු වෙයි great story ekak tama උපසිරැසි නෑ yts ag wala bluray copy thiy

  25. mithun

    මෙකෙ කොලිටින් එකම දෙනකම් පුදුම අසාවකින් ඉන්නේ ඔය පරන චිත්‍රපට පෙමස් කරනව උපසිරැසි දිල ගොඩක් සතුටුයි සහො
    මන් මෙක බනව ඉතුරු ටිකත් පිලිවෙලට දෙන්න . ......

  26. nisii

    Ela ela math asama film ekak. parana ewa thama hoda. thanks bro sub ekata.

  27. Rumesh Nilantha Jayaweera.

    kata 4k thiyana collection ekak =return of the living dead 1985 imdb 7.2 ===Return of the Living Dead Part II 1988 imdb 5.8 ===Return of the Living Dead 3 1993 imdb 5.9====Return of the Living Dead: Necropolis 2005 3.2 == puluwan nam sub karanna hithala balanna godak populer una series ekak.. budu saranai

    1. Rumesh Nilantha Jayaweera.

      ෴෴බොCමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴ mama ara kalin kiuwa film dekata sub denna. mama pahalin comment karapu return of the living dead sub nodunnath kamak na .eke tikak kapili ketili thiyanawa samahara wta oya balanna akamathi wargaye Film set ekakda dan na nee...........

    2. අසංක ප්‍රදීප් රණතුංග

      මම බලන්න අකමැති උනත් උපසිරැසිය වෙනුවෙන් දෙපාරක් විතර බලන්න වෙන එක ඉතින් ගැටළුවක් නැනේ සහෝ. ඔයාල ඔක්කොම දෙන සියලුම නම් මම ඇත්තටම සටහන් කර ගන්නවා. මොකද මගේ එකම අභිලාශය බයිස්කෝප් එකේ හොයන ඕනෑම චිත්‍රපටයක් තියන තැනක් බවට පත් කිරීම. ඉතින් මම මේ ටිකත් සටහන් කර ගන්නම්. වෙන කෙනෙක් අරන් නැත්නම් ඉදිරි කාලයේ උපසිරැසිය ලැබේවි.

      මට කමෙන්ට් කරන යාලුවන් කවුරු හෝ කුමක් හෝ චිත්‍රපටයක නමක් කිවුවද ඒක මම සටහන් කර ගන්නවා කියල මේ ගමන්ම කියනන් කැමතියි.

      සියල්ලන්ටම ස්තුතියි. බුදු සරණයි

    3. Rumesh Nilantha Jayaweera.

      thanks bro ෴෴ අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴

  28. NOYEL

    mama asai dear parana film walata good work dear.....

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. අසංක රණතුංග

    පට්ට ෆිල්ම් එක මචං. බොහොම ස්තුතියි

  31. Vajira Rathnayake

    උපසිරැසියට සුබ පැතුම්. මම අනිවාර්යයෙන්ම නරඹනවා. ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  32. Heshara

    Supiri aiye supiri. සබ් එකටත් වඩා ඔයාගෙ වදන. දැන් ඉන්න ගොඩක් අය හිතන් ඉන්නෙ අලුතෙන් එන එව්ව තමා films කියලා. ඔයවගේම පරණ films වල සබ් දිගටම දෙන්න අයියේ.......thanx bro

  33. Deex

    parana ewama denna.
    oyala keepadenek ekathuwelahari.
    nathnan parana ewa balannawen nane apita.
    godak sthuthi digatama karagenayanna.
    salenna epa......................................
    api innawa oyath ekka........................

  34. Chamara

    Film ekak aluth, parana kiyala eke rasaya nathi wenne naha. Kawru hari hithanawanam ehema wenawa kiyala e kenage rasa widime durwalathawayak.

  35. shehan

    asawen balanna hoyap[u film ekak.

  36. Rasitha

    Thank you..............!!!!!!!!!!!!!!!!!!!!!

  37. Nimal

    Thanks bro

  38. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  39. ශලිනි මල්ෂා

    ඔයාගේ ලිපිය මැද කතාවේ හම්පඩ චිත්‍රපටි කියලා කොමික් අයින් කරපු 2019-6-14 අද වෙනකල් සුපර් මෑන් බලලා නැති කෙනෙක් මම. ස්තූතියි!! ඔයාගේ ලිපිය නිසාමයි බලන්න පටන් ගන්නේ අද ඉඳන් ... ටැංකුයි ආ..

  40. navindu nimantha

    supiri. Jaya wewaa

  41. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) Old is goldනෙ ;)
    ජය වේවා.!

  42. Omesh

    Tnx bro

  43. Anonymous

    patta
    mama dan ewata wada parana ewa balanne
    parana film walatath sub one

  44. lahriu

    bro oyage sub nam patta. maara selection ekak thiyenne. ane sub dena eka nawattanna epa bro

  45. Anonymous

    Thank you bro

  46. Nimantha

    Thank you bro

  47. Denis Perera

    ඕක extended version එකද නැත්නන් normal එකද...මොකද extended version එක 3 hours

  48. Arawinda Sunimal

    thanks you...........

  49. Thisara Prabhath Senarathne

    Thanks bro ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.