කොහොමද යාළුවනේ ඔයාලට, ඔයාල හොදින්ද ඉතින්. හැබැයි ඉතින් මම නම් දුකින්. ඒක ලොකු කතාවක් අප්පා. හම්ම්. 🙁 කොහොම හරි මම ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනෙත් නැති හින්ද හිතුව හොද ෆිල්ම් එකකට උපසිරැසි දාන්න. ඔය අස්සෙ මන් දැක්ක අපි කවුරුත් දන්න ධනුෂ්ගේ ෆට්ට ෆිල්ම් එකක් තියෙනවා. මන් මේකට ෆට්ටයි කියල කිව්වේ මේ ෆ…
කොහොමද යාළුවනේ ඔයාලට, ඔයාල හොදින්ද ඉතින්. හැබැයි ඉතින් මම නම් දුකින්. ඒක ලොකු කතාවක් අප්පා. හම්ම්. 🙁 කොහොම හරි මම ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනෙත් නැති හින්ද හිතුව හොද ෆිල්ම් එකකට උපසිරැසි දාන්න. ඔය අස්සෙ මන් දැක්ක අපි කවුරුත් දන්න ධනුෂ්ගේ ෆට්ට ෆිල්ම් එකක් තියෙනවා. මන් මේකට ෆට්ටයි කියල කිව්වේ මේ ෆිල්ම් එකේ IMDB රේටින්ග් එක 8.1 තියෙන නිසයි. දැන් ඉතින් ඔයාලට හිතා ගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොමට ඇත්ද කියල. ලේසියෙන් මේ වගේ රේටින්ග් එකක් සෙට් වෙන් නෑ. සෙට් වෙනව කියන්නෙ ෆිලුමත් එළකිරිම තමා. අන්න ඒ නිසයි මම ඔයාලට මේ ෆිල්ම් එකට සබ් එක දාල ගෙනාවෙ. තව දෙයක් යාළුවනෙ. මේ ෆිල්ම් එකට මේ වෙනකන් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයෙ තිබුනෙ නෑ. ඉතින් මට වුනේ ෆිල්ම් එකට ලයින් හදාගෙන අසා ලිවීමක් කරන්න. අම්මෝ… ඒක මතක් වෙනකොට පිත්තු වගේ අප්පා. 😀 දවස් දෙකක් එක දිගටම කළා. හරි මන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ආ දැන් වෙලාව 12.10 ඔන්න දැන් තමයි සබ් එක ඉවර කරල ඔයාල මේ කියවන ලිපියත් කොටන්නෙ 🙂
“මොකද මේ? තාත්ත ඔයාව කුණු කූඩයකට ගෙනල්ල දැම්ම කියල බලනවද? ඔයාව කොහොමද මම හදන්න ඕනි කියල හිතුවේ. ඒ වුනත් බැරි වුණා. ඔක්කොම නැති වුනා. ජීවතුන් අතර ඉන්න ඕනි රත්තරනේ. ජීවතුන් අතර ඉන්න ඕනි. ඒක තමයි වැදගත්. තාත්ත මැරෙනවා. ඔයා. ඔයා බයවෙන්න එපා රත්තරනේ… කවුරු හරි හොද කෙනෙක් එයි. ඔයාව වඩාගෙන යන්න. ඔයා මට තාත්ත කියල කතා කරනවත් ඇහුවෙ නෑනෙ මන්.” තම දරුවා කුණු කූඩයකට දමා දරුවා දෙස බලමින් කියූ වචන ටිකක්.
කොක්කි කුමාරු කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කොල්ලෙක්. එයා අපි වගේම තමයි ජීවත් වුනේ. කොක්කි කුමාරුගෙ අම්මා එයාට ගොඩක් ආදරෙයි. හැබැයි එයාගෙ තාත්ත මැරයෙක්. හැම දාම එයාගෙ අම්මත් එක්ක රන්ඩු වෙනව. ඔහොම ඉතින් එක දවසක අපේ කුමාරු යාළුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා. එනකොට පොඩ්ඩක් රෑ වෙනව. ෆිල්ම් එක බලල ගෙදරට එනකොට අම්මව මරල. අම්මව මරල තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි එයාගෙ තාත්ත. ඊට පස්සෙ කුමාරු හොටු පෙරාගෙන අඩනව. (අපි වුනත් එහෙමනෙ.. වාසනාවකට අපෙ අම්මල තාත්තලනම් මෙහෙම නෙමෙයි) මිණිය කාටත් හොරෙන් තාත්තගෙ යාළුවොත් එක්ක එකතු වෙලා ගඟකට විසි කරල දානව. අපේ කුමාරු අඩන නිසා තාත්තගෙ යාළුවෙක් තාත්තට මෙහෙම කියනවා.
සේකරූ, කොල්ල තාම අඩනව. හොද නෑ සේකරූ. අම්මත් එක්කම හැදුනු කොල්ලෙක්. හෙට එළියට ගිහින් ඔයා තමයි මැරුවෙ කියල කිසිම පැකලීමක් නැතුව කියයි. දැනටමත් අපි කොයි වෙලේද අහුවෙන්නෙ කියල බලාගෙන ඉන්නේ. “කුමාර්ගේ තාත්ත මෙසේ ප්‍රශ්නයක් අසයි- මට මොනාද කරන්න කියන්නෙ?” “නැවත යහළුව උත්තර දෙමින්- මම මුකුත් කියන්නෙ නෑ අප්පා. ඒ වුනත් ඔයා හොදට හිතල බලන්න.. ඔයාට දැනටමත් පොරටූර් වල තවත් පවුලක් ඉන්නවනෙ. මොකෝ? මම කියන එක තේරෙනවද? ඔයාගෙ හොදට තමයි කියන්නෙ. තේරුම් ගන්න. කොල්ලව් එළියට යවන්න එපා. හරිද? (මේ සියල්ල දොර පිටු පසට වී ඔවුනට හොරෙන් කුමාරු අසාගෙන සිටී).
දැන් ඔයාලට තේරෙනවනෙ. අම්මව මැරුව කියල කුමාරු එළියෙ කට්ටියට කියයි කියල තාත්ත හදන්නෙ කුමාරුව මරන්න. ඒ වුනත් එයා මේ කතා කරන හැම දෙයක්ම අහගෙන ඉන්නෙ. ඔහොම්ම මෙයා උදේ නැගිටල බලනකොට තාත්ත නිදි පැදුරෙ නෑ. එයා දැන් දන්නව තාත්ත එයාව මරන්න යන්නෙ කියල. ඒ අස්සෙන් තාත්තගෙ පිහියත් බිමට වැටෙනව. කුමාරු ඉක්මනට නැගිටල දොර අරින්න හැදුවත් අරින්න බෑ. ඇයි ඒ තරම් මිනිහ බය වෙලා. බය වැඩි කමට මිනිහට ඇගේම මුත්‍රා පිටවෙනව. 😀 තාත්ත පිහියත් අරගෙන එන ගමන්ම කුමාරූ දොර ඇරගෙන එළියට පැනල දුවනව.
ඉතින් පොඩි වයසෙදිම දෙමාපියන්ගෙන් වෙන් වෙන කුමාරු කන්න බොන්න කිසිම දෙයක් නැතුව පාරෙ අනාථයෙක් වගේ ජීවත් වෙනව. බඩගින්න නිවා ගන්නත් ඕනි නිසා කරන්න කිසිම දෙයක් නැතුව කුමාරු හිගා කනව. ඔහොම ඉන්නකොට ඒ පැත්තෙ කල්ලියක් ඉන්නව. එයාල හරි දරුනුයි. කුඩු, ගන්ජා වගේ දේවල් තමයි විකුනන්නේ. අන්බු කියන්නෙ ඒ කල්ලියෙ නායකය. ඔහොම ටික දවසක් යනකොට කවුරු හරි පොලීසියට ඔත්තුවක් දෙනව අන්බුගෙ කල්ලියෙ කුඩු වගේ දේවල් විකුනන අයව අත් අඩන්ගුවට ගන්න කියල. පොලීසියෙන් පැනල එයාලව අත් අඩන්ගුවට ගන්නකොට වැරදිලා අපේ කුමාරුත් පොලීසියට අහු වෙනව. මිනිහ බැගෑ පත් වෙනව. ඒ වුනත් වැඩැක් නෑ. කොහොම හරි පොලීසියෙන් හොදටම තඩි බානව. පොලීසියෙන් නිදහස් වෙලා කුමාරුත් එයාලත් එක්කම යනව. කොහොම හරි කුමාරු ඒ කල්ලියට එකතු වෙනව. එයා ඊට පස්සෙ ගොඩක් වෙනස් වෙනව. හරි. දැන් ඔයාල බලනව ඇති මන් අර උඩින් කියපු මුල්ම කතාව මොකද්ද කියල. ඒකත් මේ කතාවෙ කොටසක් තමයි. ස්කෝලෙ යන කොල්ලෙක් විදියට හිටපු කුමාරු කොහොමද තාත්තා කෙනෙක් වුනේ? කල්ලියට එකතු වුනු කුමාරුට මොනාද සිද්ද වුනේ? ඇයි කුමාරු අර වගේ දෙයක් කළේ? කුමාරු ළමයව ඇයි කුණු කූඩයකට දැම්මේ? අම්මට මොකද වුනේ (ළමයගෙ ඈ) ? ළමයෙක් කුණු කූඩෙකට දාල යන්න තරමු ඇති වුනු දරුනු ප්‍රශ්නය මොකද්ද? ඔය හැම දේකටම පිළිතුරු ටික දැන ගන්න ඕනි නම් මේ ෆිල්ම් එක බලන්ඩ ඈ. එහෙනම් මන් ගියා ඈ…
ආ තව දෙයක්. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ K.Selvaraghavan ඒ වගේම ෆිල්ම් එක ගැන වැඩි තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් මෙතනින් ඒක දැන ගන්න.. එහෙනම් මන් ගියා.. ආයෙත් මේ වගේ ෆිල්ම් එකකින් හමු වෙමු. බයිස්කොප් ඔබටත් මටත් ජයම වේවා! ගියෝ…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.
13,093 downloadsDownload Pudhu-Pettai-2006.updated.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Imesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
24 comments
Kalum Gunasekara
තිසල්
ලෞබ නම් සුපිරිම එකෙක් තමයි ආසම නලුවෙක් ගෙ එකක් ගෙනල්ලා මෙක මැක්සා තැන්ක්ස් අනිවා බනවා 1.4gb එකම බානවා :D
තිසල්
*උබ
Kulanjana Maduranga
niayamai…parana unath supiri filumak ne...ela ahhhhh..thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
විමා
සබට තුති
ධනුෂ් නම් ඉතින් ආයේ මොනාදSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි රාජ් සහෝ
වෙල්කම් බැක්
සුපිරි ෆිලුමක්
කට්ටක් කාලා, උපසිරැසිය ගෙනාවට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!නිරෝෂ්
ස්තුතියි ස්නේක් රාජ්.ජය වේවා !
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Sanjaya
සුභපැතුම් සහෝ.
ජයවේවා……
බුදු සරණයි.. !!!Lahiru
niyamai bro
Shehan Madhusanka
thanks for sub
damithra
supiri well done
Dhanush
Adoooo Thanks machann !! Saheena kaalayak meeke Subs hoya hoya hityee..
antimedi balana eka atarala damma..
Adoo Godaak Pib mchann !!! Bohoma Isthutiy !!
Digatama Subs denna..
Jaya Wewa !!Dilusha Nuwan
එලස් තෑන්ක්ස් සබට!
sanath indika
thx brooo
Ruwan Rasanga
Thanks Bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Anonymous
Thanks bro
bro
Lasantharathnasirirox
ස්තුතියි සහෝ සිංහල සභට.....!
Eranda Malith 2.0
Thanks mcn
Malith Samarawickrama
Danush genam supiriyak tamai.Thanks saho sub ekata.
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pudhu Pettai (2006) with Sinhala Subtitles | වැරදි සමාජයකින් ඉදිරියටම ආ මැරවරයා.. කොක්කි කුමාරූ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Pudhupettai-2006.jpg)

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. කතාව සෑහෙන් ඔයා කියලා වගේ.