Watch Trailer

The Connection (2014) with Sinhala Subtitles| ප්‍රංශ සම්බන්ධය…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආවා. පහු ගිය දවස් ටිකේ එච්චර වැඩ තිබුනේ නැති නිසා මේ සබ් එක ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනා. ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනාට මේ සබ් එක කරන එක නම් ටිකක් විතර අමාරු උනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක් නේ. අපේ සමීර චතුරංග සහෝදරය තමයි මට මේ චිත්‍රපටිය […]

The Connection (2014)

ඔන්න එහෙනම් මං මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආවා. පහු ගිය දවස් ටිකේ එච්චර වැඩ තිබුනේ නැති නිසා මේ සබ් එක ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනා. ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනාට මේ සබ් එක කරන එක නම් ටිකක් විතර අමාරු උනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක් නේ. අපේ සමීර චතුරංග සහෝදරය තමයි මට මේ චිත්‍රපටිය භාර දුන්නේ. චිත්‍රපටියේ දෙබස් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒ දෙබස් වලට අදාල ඉංග්‍රිසි පරිවර්ථන කෙටියි. ඉතින් ඒවා සිංහලට පරිවර්ථනය කරනකොට පොඩ්ඩක් විතර අමාරු උනා. මොකද ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද කියන එක, එක පාරටම හිතා ගන්න බෑ. ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටියක් නිසා සමහර වචන ප්‍රංශෙට විතරක් ආවේනික ඒවා තිබුනා. ඉතින් ඒ වගෙ තැන් වලට ඒ ප්‍රංශ වචනෙට ආසන්න වශයෙන් සමාන සිංහල වචන භාවිතා කරලා ඇති.

චිත්‍රපටියේ කතාව දෙසට හැරෙන්න කලින් මම කැමති පොඩ්ඩක් මේ චිත්‍රපටිය ගැන කියන්න. මේ චිත්‍රපටිය 1970 ගනන් වල ප්‍රංශයේ සිදු වූ සත්‍ය සිදුවීම පදනම් කරගෙන නිර්මාණය කරන ලද්දක්. 1970 ගනන් වල ප්‍රංශය තමයි මුලු යුරෝපයටමත් , ඉන් පස්සේ ඇමරිකාවටත් හෙරොයින් සැපයුම් කල ප්‍රධානම රට. එකල ප්‍රංශයේ, ඇමරිකාවේ කොච්චර හෙරොයින් තිබුනද කියනව නම් ඕනම පොඩි ළමයෙක්ට උනත් ඉතාමත් සුලු මුදලක් දීලා හෙරොයින් මිලදී ගන්න පුලුවන් කම තිබුනා. මේ නිසා එකල සමාජය කොච්චර පිරිහුනාද කියනව නම් සොරකම් , මිනිමැරුම්, මංකොල්ලකෑම්, ළමා අපචාර, දූෂණ ආදිය අසාමාන්‍ය ලෙස ඉහල මට්ටමක තිබුනේ. මෙම හෙරොයින් සැපයුමට එකල  දීලා තිබුන නම තමයි ලා ෆ්‍රෙන්ච්. ඒකේ සිංහල අදහස ආසන්න වශයෙන් ප්‍රංශ සම්බන්ධය කියන එක. මේ චිත්‍රපටියේ IMDB අගය 7.1යි. චිත්‍රපටිය Action,Crime,Thriller ඝනයට අයිති වෙන්නේ. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නෙ Jean Dujardin, Gilles Lellouche, Céline Sallette වගේ ප්‍රංශ රංගන ශිල්පීන්.චිත්‍රපටිය අධ්‍යෂනය කරලා තියෙන්නෙ Cédric Jimenez විසින්. මම කලින් කිවුව වගේ මේ චිත්‍රපටියට පදනම් වෙන්නේ 70 දශකයේ ප්‍රංශයේ මාර්සේයි නගරය මූලික කරගෙන ක්‍රියාත්මක වූ හෙරොයින් ව්‍යාපාරයට එරෙහිව සටන් වැදුන නීතිගරුක අවංක නිලධාරියෙක්ගේසත්‍ය කතාව. එම නිලධාරියා පියරේ මයිකල් කියලා මහෙස්ත්‍රාත් කෙනෙක්. මේ චිත්‍රපටිය පුරා ගලා යන්නේ , ප්‍රංශ පොලිසියෙ හා ඉහල දේශපාලන අධිකාරියේ නොමද ආශිර්වාදය හා සහය ඇතුව ක්‍රියාත්මක වූ මෙම හෙරොයින් ව්‍යාපාරය නැවැත්වීමට ඔහු ගන්නා උත්සහය ගැන. ඒ අතරතුර ඔහුට විදින්නට සිදු වූ හිරිහැර හා ඔහුගේ පවුල් ජීවිතයේ සිදු වූ වෙනස්වීම් ගැන මේ චිත්‍රපටියේ කතා කරලා තියෙනවා. ඉතාමත්ම යථාර්තවාදී චිත්‍රපටියක්. ඒ වගේම චිත්‍රපටිය තුලට 70 දශකයටම ආවේනික සටන් ජවනිකා සාර්ථක ලෙස ඇතුලත් කරලා තියෙනවා. ඉතාමත් රසවත් චිත්‍රපටියක්.

මගේ පළමු උපසිරැසි නිර්මාණය අගයලා අදහස් පලකරපු සියලු දෙනාට ස්තූති වෙන්න ඕන. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු.

The Connection (2014) on IMDb

 

 

953 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න

9d839abcf202d80d6935f66d1a51ddfcd8e81f8b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

823 downloadsDownload The.Connection.2014.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

823 downloadsDownload Subtitles46 KB

15 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. Pubudu

    නියමයි සහෝ!

  3. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzz

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි වැඩක්
    කාපූ කට්ටට ගොඩාක් ස්තූතියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  5. Thisal Lakpura

    නියම එකක් ට්හැන්ක්ස් මචන් එල

  6. Kulanjana Maduranga

    niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Global

    Niyami Bro..Thanks..!

  8. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  10. podda

    වීඩියෝව ලොකු වැඩී නේ

    කථාව හොදයි වගේ පේනවා
    ගන්න තමා කේස් එක
    500 මේගා බයිට් වගේ පොඩි ටොරන්ට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ?

    ජය වේවා !

  11. කල්හාර වික්‍රමසිංහ

    මේ දාල තියෙන පිටපතට වඩා අඩු මෙගා බයිට් ගානක් තියෙන පිටපත් නෑ සහෝ.. මේ පිටපත තමයි දැනට හොයා ගන්න තියෙන අඩුම පිටපත. මේ චිත්‍රපටිය ප්‍රංශ එකක් නිසා චිත්‍රපටිය විවිධ විඩියෝ ප්‍රමාන වලින් පිටපත් නිර්මාණය වෙලා නෑ.... තාම. ඉදිරියට මෙගාබයිට් ගාන අඩු පිටපතක් අපි හොයා ගත්තොත් මේ ටොරෙන්ට් එක යාවත්කාලීන කරන්නම්. ජය වේවා...

    1. podda

      ප්‍රංශ පිල්ම් මාර පාර මොකද
      ඒ භාෂාවෙ අමුතුම ලස්සනක් තියේ තේරැන් නැතත් අහන් ඉන්න ආසයි
      අනික හොද තේරැමක් තියෙන පිල්ම් රිලිස් කරන නිසා

      තව ලස්සන ප්‍රංශ පිල්ම් ටිකකට සබ් දාල
      ලස්සන උපසිරැසි නිර්මාණය කරන්න හැකි වේවා යි පාර්ථනා කරමි !

    2. podda

      bienvenue chez les ch'tis = Welcome to the Sticks

      Laurent Tirard ගේ
      moliere
      the story of my life movie

      මේවත් try කරනවද ?

  12. podda

    පංශ ඒකක් නිසා ඔන්න අද බෑවා

    තැන්කුයි සබ් නිර්මානයට !

    ජය !!!

  13. Prasad Kandamulla

    අපි හොයන්නෙත් මේ වගේ වෙනස්..ෆිල්ම්, තමා...
    ''සබ්'' එකට ගොඩක් ස්තුතියි'' සහෝ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.