Watch Trailer

Puerto Ricans In Paris (2015) Sinhala Subtitles | නිව් යෝක් වල හොඳම අය! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ ඔන්න කට්ටිය මටත් හිතුනා හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් බාගෙන යන එකේ සබ් එකක් හදන්න ඔනේ කියලා ඉතින් හිතුව තරම් නම් වැඩේ ලේසි වුන් නෑ හැබැයි කොහොම හරි වැඩේ කරා. අඩු පාඩු නම් ටිකක් ඇති.ඉතින් මම තෝරා ගත්ත ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයත් වන්නේ Action\Comedy කැටගරි එකට.අධ්‍යක්ෂණය කරලා තියෙන…

හෙලෝ යාලුවනේ ඔන්න කට්ටිය මටත් හිතුනා හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් බාගෙන යන එකේ සබ් එකක් හදන්න ඔනේ කියලා ඉතින් හිතුව තරම් නම් වැඩේ ලේසි වුන් නෑ හැබැයි කොහොම හරි වැඩේ කරා. අඩු පාඩු නම් ටිකක් ඇති.ඉතින් මම තෝරා ගත්ත ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයත් වන්නේ Action\Comedy කැටගරි එකට.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ian Edleman කියන අධ්‍යක්ෂකවරයා විසින්.IMDB අගය 5.3 ක් අරන් තියෙනවා.ප්‍රධාන නලුවන් හැටියට Luiz Guzman,Rosario Dawson,Edga Garcia රංගනයෙන් දායක වෙනවා.

ෆිල්ම් එක ගැන කියනවනම් පට්ට ආතල් හාස්‍යජනක රහස් පරීක්ෂක ෆිල්ම් එකක් හැබැයි වැඩිහටියනට වඩාත් සුදුසුයි! කතාව ගැන කෙටියෙන් කිව්වොත් ප්‍රංශයේ තමයි ලෝකේ මිල අධිකම අත්බෑග්,සුවඳවිලවුන්,ඇඳුම්,පාවහන් ආදී විලාසිතා ද්‍රව්‍ය නෂ්පාදනය කරන්නේ ලෝකේ ප්‍රසද්ධම සන්නාම යටතේ (Louis Vuitton,Dior,Chanel වගේ).ඉතින් ඒ් වගේ මිල අධික අත් බෑග් නිපදවන ඒක් අයතනයක් මගින් ඒයාලගේ අලුත්ම අත් බෑග් එක වෙළඳපොළට දාන්න කලින් ඒ බෑග් ඒක හොරකම් වෙනවා, බෑග් ඒක හොරකම් කරපු අය රහස් ලිපියක් මගින් ලොකු කප්පම් මුදලක් ඉල්ලනවා නැත්නම් බෑග් ඒකේ හොර කොපි ගහලා වෙළඳ පොළට දානවා කියලා තර්ජනය කරනවා.ඉතින් මේකෙන් පස්සේ මේ ආයතනය තීරණය කරනවා නිව් යෝක් වල ඉන්න හොඳම පරීක්ෂකවරයෝ දෙන්නෙක්ට බෑග් ඒක හොයන්න වැඩේ බාර දෙන්න.ඉතින් මේ පරීක්ෂකයෝ දෙන්නට බෑග් ඒක හොයාගන්න පුලුවන් වෙයිද,මේ අය හොඳම අයද නැද්ද කියලා දැන ගන්න ඔයාලට ෆිල්ම් ඒක බලන්නම වෙනවා.

ඉතින් අන්තිමට කියන්න ඔනේ මේකේ දෙබස් වල තේරුම් ඒ් ආකාරයෙන්ම සිංහලයට පරිවර්තනය කරන්න ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වුනා ඒක නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ගනන් ගන්න එපා වැඩිය. ඉතින් තවත් මේ වගේම ෆිල්ම් එකකින් සෙට් වෙමු ආපහු. කට්ටියටම මේක බලන්න කියලා ආරාධනා කරනවා! එහෙනම් Au revoir!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,233 downloadsDownload Puerto-Ricans-In-Paris-2015.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RipperJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-09-06
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

RipperJ

Subtitles

2,233 downloadsDownload Subtitles49 KB

14 comments

  1. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා! :)
    පළමු උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය :D

  2. Anonymous

    Thanks brother sub ekta

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කොමඩියක් වගේ...

  4. Pasan

    Sub 1t thx bro.digtm sub krnn.good luck..!!

  5. Udaya Fdo

    Thank you

  6. Anonymous

    thanks

  7. Anonymous

    thanks

  8. sapumal

    thanks

  9. indika75

    පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!

  10. jagath55

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Thisara karunanayaka

    thanks bro sub eakata, niyamai

  13. Dewadithya

    Thanks for sub!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!